මේකෙන් පස්සේ ජේ ආර් ජයවර්ධන ජානාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ ඊලග අදියරය පටන් ගන්න තීරණය කරනවා 1977දී.මේකෙන් කොත්මලේ,වික්ටෝරියා,මාදුරු ඔය,රන්දෙණිගල වේලි හදන්න සැලසුම් කරනවා.මේ සම්පූර්ණ වික්ටෝරියා ව්‍යාපාරය හදලා ඉවර කරන්න ඒ කාලේ හැටියට ලංකාවේ ආර්ථික ශක්තිය එක්ක රජයට අවම අවුරුදු 30ක් විතර යනවා කියලා ගණන් බලනවා.මොකද මේ කාලේ ලංකාවේ සංවර්ධනය වෙන රටක්.කොච්චද කියනවා නම් අඩුම ගානේ TV එක්කවත් නෑ.ඕනේ නම් එක ගමකට රේඩියෝ දෙකක් තුනක් තියෙන්න ඇති.ඒ තිබුනත් කරන්ට් එක නෑ.කාර් බැටරි වලට පින්සිද්ද වෙන්න ඒ කලේ මිනිස්සු රේඩියෝ ඇහුවේ.මේන්න මේ වගේ තත්වෙක කොහොමත් ලංකා ආණ්ඩුවට මේ වැඩේට තනියෙන් අත ගහන්න තියා හිතන්නවත් බෑ.මේ නිසා ඒ කලේ ජනාධිපතිතුමා වෙලා ඉදපු ජේ ආර් ජයවර්ධන,ඒ වගේම ඉඩම් සංවර්ධන මහවැලි සංවර්ධන,විදුලි බල අමාත්‍ය ගාමිණි දිසානායක,වෙළද හා නාවික කටයුතු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි කියන අයගේ ප්‍රධානත්වයෙන් එංගලන්තයෙන් අධාර අරගෙන මේ වික්ටෝරියා ව්‍යාපාරයට අත ගහනවා.
වික්ටෝරියා වේල්ලෙන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ කිහිපයක් තියනවා.
1.අපේ රට කෘෂිකාර්මික රටක් නිසා කෘෂිකාර්මික කටයුතු වලට ඕන කරන ජලය ගබඩා කරන්න
2.ජල විදුලය නිෂ්පාදනය කරන්න.
3.වේල්ලට ඉහළ ප්‍රදේශ වල ජල පරිබෝජනය
4.මිරිදිය ධීවර කර්මාන්තය
5.වාර්ෂිකව ඇති වෙන මහා ගංවතුර තත්ව පාලනය
