අඩු පොලි ණය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    My fellow Lankans & Kiriyans

    ආණ්ඩුව දෙන සහන වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අය ගන්න (ආණ්ඩුව විවේචනය කරත් රට වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් කරන්න {රටේ ඉදන්} තමන්ට යමක් කරගන්නවා කියන්නේ රටේ උන්නතියට පොඩි හරි තල්ලුවක්)

    නිවාස හා දේපළ ණය සහන:

    සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන:

    කොවිඞ් වසංගතය නිසා බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප‍්‍රාග්ධන ණය:

    තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම් :

    දේශීය කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම, කිරී ගොවීන් දිරිගැන්වීම සඳහා ණය :

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :




    අයවැය යෝජනා අටක් ඊයේ සිටම කි‍්‍රයාත්මකයි
    fShare

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    2021ayawaya135
    2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැුසක් අයවැය සම්මත වූ ඊයේ (10 දා* දින සිටම වහාම ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවත් ඒ සඳහා රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා ඇතුළත් බවත් මුදල් අමාත්‍යාංශය කියයි.

    ඒ අනුව මුදල් අමාත්‍යාංශය පවසන පරිදි අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති අයවැය යෝජනා මෙසේ ය.

    නිවාස හා දේපළ ණය සහන:

    රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු හරහා ලබා දෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය 7% ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව, දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවාස හා දේපළ ණය සඳහා රජයේ සේවකයන්ගෙන් අය කරනු ලබන පොලී ප‍්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7% දක්වාත් අඩු කෙරේ.

    ඒ අනුව, දළ වශයෙන් රු. මිලියන 2ක නිවාස හා දේපළ ණයක් ලබා ගත් රාජ්‍ය සේවකයෙක් සඳහා සාමාන්‍යයෙන් මාසකට උපරිම වශයෙන් රු. 2500/- ක වාසියක් හිමි වේ. ඒ අනුව, වාර්ෂික ඉතිරිය රු. 30,000 කි. අයවැය මඟින් සෘජු වැටුප් වැඩිවීමක් ලබා නොදුන්න ද මෙමගින් රාජ්‍ය සේවකයෙකුට උපරිම වශයෙන් මාසයකට රු. 2,500 ක වැටුප් වැඩිවීමක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ කියයි.

    සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන:

    රජයේ සේවකයන්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සූර්යබල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් සියයට 4 ක් වැනි අඩු පොලී අනුපාතයක් යටතේ 2021.01.01 දින සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ද තම ව්‍යාපාරික ස්ථානයන්හි වහලය මත සූර්යබල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබාගත හැක. එමඟින්, රජයේ සේවකයෙකු, රු. 750,000 ක ණය මුදලක් අවුරුදු 10 කින් ගෙවී යන පරිදි ලබා ගෙන, 2021 අයවැය මඟින් යෝජනා කර ඇති පරිදි තම නිවසේ කිලෝවොට් 5 ක සූර්යබල උත්පාදන කට්ටලයක් සවිකළහොත් එම ණය මුදලේ මාසික වාරිකය පියවීමෙන් පසු පළමු අවුරුදු 7 තුළ මසකට රු. 3,000 ක පමණ අමතර ආදායමක් ලබා ගත හැකිවේ. මෙම ණය යෝජනා ක‍්‍රමය තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10 ක් හරහා ක‍්‍රියාත්මක කෙරේ.

    පිරිවෙන් වල ඉගෙනුම ලබන භික්ෂු හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබාදීම:

    ග‍්‍රාමීය සිසු ප‍්‍රජාව අධ්‍යාපන කටයුතු වෙත යොමුවීම දිරිමත් කිරීමේ අරමුණින් දුෂ්කර, අති දුෂ්කර හා හුදෙකලා පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පාවහන් තිළිණපත් ලබාදීමේ කර්තව්‍යය තව දුරටත් පුළුල් කරමින් අති දුෂ්කර, දුෂ්කර හා හුදෙකලා ප‍්‍රදේශවල පිහිටි පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේට, සීල මාතාවන්ට සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් ලබා දීමට කටයුතු කෙරේ.

    කොවිඞ් වසංගතය නිසා බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාරක ප‍්‍රාග්ධන ණය:

    2020 පෙබරවාරි මස අගභාගයේ සිට ශීඝ‍්‍රයෙන් පැතිරී යන කොරෝනා වෛරසය - 19 (කොවිඞ් - 19* නිසා ගෝලීය හා දේශීය ආර්ථික පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වීම හේතුවෙන් ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සැලකෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් බිඳ වැටුණු අතර එම ව්‍යාපාර නැවත නගාසිටුවීම සඳහා රජය ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලදී. ඒ අනුව, අයවැය මඟින් යෝජනා කළ පරිදි බිඳ වැටුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය කාරක ප‍්‍රාග්ධන ණය ලබාදීමට ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් එනම් රු. මිලියන 18,600 ක් පමණ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු වෙත ලබා දී ඇත. තෝරාගත් ප‍්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් හරහා මෙම ණය ලබා දීමට සැලසුම් කර ඇත.

    කොවිඞ් - 19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග‍්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීමට පියවර:

    රජයේ සේවකයන්ට අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය මගින් ලබාදෙන ප‍්‍රතිලාභ කිසිදු අතිරේක අයකිරීමකින් තොරව තවදුරටත් පුළුල් කරමින් රජයේ සේවකයකු ‘කොවිඞ් - 19’ වසංගතයට මුහුණ දී ජීවිතය අහිමිවුවහොත් එම මරණ සඳහා අග‍්‍රහාර රක්ෂණ අරමුදලින් රු. 700,000ක උපරිම රක්ෂණ ආවරණයක් ලබාදීමටත් අසනීපව බෙහෙත් ගැනීම සඳහා කොවිඞ් රෝගය සඳහා ප‍්‍රතිකාර කරනු ලබන රෝහලක නතරවීමට සිදුවුවහොත් ඒ සඳහා ද දිනකට රු. 3000 ක් බැගින් දින 10 ක් සඳහා උපරිම රක්ෂණ වන්දි හිමිවනු ඇත.

    තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම් :

    දේශීය නිෂ්පාදන කෙරෙහි යොමු වූ ශක්තිමත් ව්‍යාපාරික ප‍්‍රජාවක් බිහිකිරීම රටේ අනාගත අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, තරුණ තරුණියන්ට ව්‍යාපාරයක නිරත වීමට ඇති ඉඩ ප‍්‍රස්ථා පුළුල් කරමින් ‘තුරුණු දිරිය’ ණය යෝජනා ක‍්‍රමය මෙම අයවැය මඟින් හඳුන්වා දෙන ලදී. එමඟින් වෘත්තීය පුහුණුව අවසන් කර නව ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකයන්ට මූලික ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 4% ක සහන පොලී අනුපාතයක් යටතේ රු. 500,000 ක් දක්වා ණය ලබා දෙයි. බැංකු විසින් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ණය ලබාදීමේදී ඉල්ලා සිටින ඇප සුරැුකුම් තැබීමකින් තොරව ව්‍යවසායකයා විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යාපාර යෝජනාවේ ශක්‍යතාවය මත පදනම්ව මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබා දෙන බැවින් ව්‍යවසායකත්ව හැකියාව ඇති තරුණ තරුණයන්ට මෙය මහඟු අවස්ථාවකි. මෙම ණය යෝජනා ක‍්‍රමය ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක‍්‍රියාත්මක වේ.

    දේශීය කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම, කිරී ගොවීන් දිරිගැන්වීම සඳහා ණය :

    දේශීය දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම හා දියර කිරි පරිභෝජනය වැඩිකිරීම තුළින් කිරිපිටි ආනයනය සඳහා වසරකට වැය කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 300ක් පමණ වන විදේශ විනිමය ඉතිරි කර ගැනීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් දිරිගැන්වීම සඳහා ‘කිරි ශක්ති’ ණය යෝජනා ක‍්‍රමය මෙවර අයවැය යෝජනාවක් ලෙස ක‍්‍රියාත්මක කෙරේ. එමඟින් උපරිම රු. ලක්ෂ 10 ක් දක්වා සහනදායී ණය කොන්දේසි යටතේ කිරි ගොවීන්ට ගවයින් මිලදී ගැනීමට, අභිජනනය, ගවගාල් ඉදිකිරීම්, උපකරණ මිලදී ගැනීම් ආදී කටයුතු සඳහා ලබාගත හැක. මෙම ණය යෝජනා ක‍්‍රමය ද ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ක‍්‍රියාත්මක වේ.

    රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් :

    මෑත කාලීනව, ග‍්‍රාමීය ප‍්‍රදේශවල තරුණ තරුණියන් රැුකී රක්ෂා වල නිරත වීම සඳහා අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශ වෙත ඇදී ඒමේ වැඩි ප‍්‍රවනතාවක් දක්නට ලැබේ. මෙසේ දිනපතා අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශ වෙත පැමිණීමට සිදු වීම නිසා විශාල වශයෙන් කාලය අපතේ යෑමක් සිදුවන අතර අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල අධික වාහන තදබදයක් ද ඇතිවේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැුකියාවක නිරතවී මාසික වේතනයක් උපයන මධ්‍ය මට්ටමේ ආදායම්ලාභීන්ට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල ඉදිකෙරෙන නිවාස යෝජනා ක‍්‍රමවලින් නිවසක් මිලදී ගැනීමේ අවස්ථාව 2021 අයවැය මඟින් උදා කර දී ඇත. මේ යටතේ, රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා රු. ලක්ෂ 100 ක උපරිම ණය මුදලක් 6.25% ක පොලී අනුපාතයක් යටතේ වසර 25 කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැක. මෙම ණය යෝජනා ක‍්‍රමය 2021 ජනවාරි 01 වෙනි දා සිට ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


    https://divaina.com/daily/index.php/puwath-2/51650-2020-12-10-15-41-25


    ඔය උඩ ඒවා අගයන්න කුහක වෙන්න එපා නමුත් පහත ඒවා හෙලා දකින්නත් පැකිලෙන්න එපා එතකොටයි රට දිනන මාවතට එන්නේ


    සීනි කිලෝවක් ආනයනය සඳහා තිබූ රුපියල් 50 බද්ද ශත 25 දක්වා අඩු කිරීම තුළින් රජයට මාස දෙකක් ඇතුළත රුපියල් බිලියන 10ක පමණ බද්දක් අහිමිව ඇතැයි මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා (ජාජබ) පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා* පැවසීය.

    මෙලෙස බදු අඩු කිරීම තුළින් ජනතාවට රුපියල් 85 ක් වැනි පාලන මිලට සීනි මිලදී ගැනීමට නොහැකි වූවා සේම රජයට විශාල බදු මුදලක්ද අහිමි වූ බව කී හෙතෙම මෙම බදු අඩු කිරීම තුළ ජාවාරම්කාර කුප‍්‍රකට කණ්ඩායමක් මහා භාණ්ඩාගාරයට යායුතු විශාල ධනයක් හොර පාරවල් ඔස්සේ තම නිවෙස් වෙත හරවා ගෙන ඇතැයිද සඳහන් කළේය.

    සීනි බදු අඩු කිරීමේ යෝජනාව ජනාධිපතිවරයා වෙත කර ඇත්තේ වියත් මගට සම්බන්ධ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු බවත්, එහිදී ඇමැතිවරුන් අමාත්‍යාංශ උසස් නිලධාරීන් රූකඩ බවට පත්වූ බවත් මුදල් අමාත්‍යාංශයේ අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී මන්තී‍්‍රවරයා කීය.

    මේ වන විට තව තවත් සීනි තොග ශත 25 බද්දට මෙරටට රැුගෙන එමින් තිබෙන බවත්, කහ, වාහන, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ ගණනාවක්ම ආනයනය නවතා ඇති මේ මොහොතේ සීනිවල පමණක් බදු විශාල වශයෙන් අඩු කර මෙරටට ගෙන්වන්නේ කාගේ වුවමනාවටදැයි ආණ්ඩුව වහාම පැහැදිලි කළ යුතු බවත් එය මහා පරිමාණ

    ගනුදෙනුවක් බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

    මෙරටට වසර 30 කින් සීනි තොග සහිත නැවක් නොපැමිණියද පසුගිය නොවැම්බර් 02 වැනිදා මෙටි‍්‍රක් ටොන් 26,000 ක් සහිත සීනි නැවක් ගෙන්වූ පුද්ගලික ව්‍යාපාරිකයා මේ වන විට තවත් සීනි මෙටි‍්‍රන් ටොන් 37,000 ක් ගෙන්වා ඇති අතර ලබන 12 දා තවත් සීනි මෙටි‍්‍රක් ටොන් 22,500 ක් ගෙන්වන බවත් මේ වන විට තවත් සීනි තොග මෙටි‍්‍රක් ටොන් 13,500 ක් ඉන්දියාවෙන් නැවකට පටවන අතර ආසන්න වශයෙන් මේ වන විට ශත 25 බද්දට ඔහු සීනි මෙටි‍්‍රක් ටොන් 73,000 ක් ගෙන්වා ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    https://divaina.com/daily/index.php/puwath-2/51643-2020-12-10-15-41-20
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙරටට වසර 30 කින් සීනි තොග සහිත නැවක් නොපැමිණියද පසුගිය නොවැම්බර් 02 වැනිදා මෙටි‍්‍රක් ටොන් 26,000 ක් සහිත සීනි නැවක් ගෙන්වූ පුද්ගලික ව්‍යාපාරිකයා මේ වන විට තවත් සීනි මෙටි‍්‍රන් ටොන් 37,000 ක් ගෙන්වා ඇති අතර ලබන 12 දා තවත් සීනි මෙටි‍්‍රක් ටොන් 22,500 ක් ගෙන්වන බවත් මේ වන විට තවත් සීනි තොග මෙටි‍්‍රක් ටොන් 13,500 ක් ඉන්දියාවෙන් නැවකට පටවන අතර ආසන්න වශයෙන් මේ වන විට ශත 25 බද්දට ඔහු සීනි මෙටි‍්‍රක් ටොන් 73,000 ක් ගෙන්වා ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.


    https://divaina.com/daily/index.php/puwath-2/51643-2020-12-10-15-41-20

    Mokakda meke teruma. Etakota api machchara kal kawe lankawe hadapu seeni witarada?
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ow ban
    pahugiya dawas wala bayyo form wela nikam aluthin seeni haduwa wage dammata, gidatama seeni haduwa lankawe

    ලංකාවේ මිනිස්සු හරි පුදුම මිනිස්සු

    හොදට හොදත් වැරැද්දට වැරැද්දත් කියන්න හරිම අකමැති ජාතියක්

    කලකදී කට්ටියක් විවේචනය කරනවා කට්ටියක් හැංගෙනවා තව කාලෙකදී ඔකේ පැත්ත මාරු වෙනවා

    then 2015 now 2020
     
    • Like
    Reactions: Sri_Sampath

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ow ban
    pahugiya dawas wala bayyo form wela nikam aluthin seeni haduwa wage dammata, gidatama seeni haduwa lankawe
    Itin ban Jeppo ehemat e dawas wala kiwe seeni ehema genawa kiyala nemei da? Awurudu 30 tama seeni genella ne kiyana eka nam wishawas karanna be. Lankawe sugar factory wahala tibuna neh kaalayak

    Me link eka balannako
    https://en.wikipedia.org/wiki/Sugar_production_in_Sri_Lanka

    Sugar imports to Sri Lanka kiyala search karama AKD ge boruwa mattu wage.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,734
    12,761
    113
    Mokakda meke teruma. Etakota api machchara kal kawe lankawe hadapu seeni witarada?
    මෙරටට වසර 30 කින් සීනි තොග සහිත නැවක් නොපැමිණියද ? :lol:

    එහෙනම් නැවෙන් නෙවෙයි වෙන්න ඇති ගෙනාවේ මීට කලින්

    නැත්තම් නැව් වලින් කෙලිම්ම සිල්ලරට විකුණුවද දන්නේ නෑ වරායේ තියාගෙන

    කාටද බන් මුන් කියන එව්වා තේරෙන්නේ

    මම හිතුවේ ඇත්ත කියලා

    හැබැයි , කට්ටිය හිතන් හිටියේ ලංකාවේ සීනි හදන්න පටන් ගත්තේ 2019 කියල මම කිවේ ඊට කලින් ඉදලම හදනවා කියලා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙරටට වසර 30 කින් සීනි තොග සහිත නැවක් නොපැමිණියද ? :lol:

    එහෙනම් නැවෙන් නෙවෙයි වෙන්න ඇති ගෙනාවේ මීට කලින්

    නැත්තම් නැව් වලින් කෙලිම්ම සිල්ලරට විකුණුවද දන්නේ නෑ වරායේ තියාගෙන

    කාටද බන් මුන් කියන එව්වා තේරෙන්නේ

    මම හිතුවේ ඇත්ත කියලා

    හැබැයි , කට්ටිය හිතන් හිටියේ ලංකාවේ සීනි හදන්න පටන් ගත්තේ 2019 කියල මම කිවේ ඊට කලින් ඉදලම හදනවා කියලා

    Ow ow, seeni hadanawa eka hari. Mama issara isurupaya kittuwa kadekata gihin Pelawatta Milk powder genakota Rathu seeni local eka genawa. Eeta passe seeni hadanna patan gatta kiwama mamat holman.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පොලී ප‍්‍රතිශතය පළමු රු. ලක්ෂ 5 සඳහා 3% දක්වාත් රු. ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 7%

    5 - 10 athara kiyada?......