ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ගල් ගග - බිග් ස්ටෝන් රිවර් 😱😱😱😱 (Big Stone River) - Your Choice Way
    ගගවල් වල මොනාද ගලන්නෙ😒වතුර නෙ.ඒ මෙ කියන්න යන්නෙ අමුතුම දෙයක්☝😱

    රුසියාවේ Taganay කදු පාමුල තියන බිග් ස්ටෝන් රිවර් ( Big Stone River) කියන ගගේ ජලය වෙනුවට ගලාගෙන යන්නේ විශාල පාෂාණ.😱😱😁

    කිලෝමීටර් 6 ක පමණ දුරක් දක්වා ගලා බසින මේ ගගේ සාමාන්‍ය පළල මීටර් 200 විතර වෙනවා.සමහර තැන්වල එය මීටර් 700 දක්වාත් පළල් වෙනවා.

    මේ යෝධ ගල් ගග ඇතිවෙලා තියෙන්නේ මීට අවුරුදු 10,000 විතර කලින් කියල තමයි හොයාගෙන තියෙන්නේ.

    ඒ කාලේ Taganay කදුවැටියේ මීටර් 4,800 උසක් දක්වාම වැහිලා තිබිලා තියෙන්නේ ග්ලැසියර් වලින්.

    ග්ලැසියර්වල තියෙන අයිස් වල බරට Taganay කදු වැටියේ තියන පාෂාණ කුඩා කොටස් වලට කැඩිලා විසිරිලා තියෙනවා.

    පස්සේ කාලෙක අයිස් දියවෙලා ගියාම මේ පාෂාණ ඔක්කොම එක තැනකට එකතු වෙලා තමයි මේ මහ පුදුම ගංගාව නිර්මාණය වෙලා තියෙන්නේ.

    මෙවැනි සංචාරක ස්ථාන ගැන දිනපතා දැනගැනීමට අපගේ wishmitha lokaya app එක google play එකෙන්ද අදම install කරගන්න

    Original Article Click Here