Vegetable farm karana ayagen advices ona. Mata 1 acre land 1k thyenava aparade

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    Guys mage 1 acre land 1k thiyenava.
    Coconut witarai thiyenne

    Mata uwamanavak thiyenava eken hoda use 1k ganda vegetables vage hadala.
    Business 1k novunath ape pavichchiyata vasa visa nathi vegetables tikak labenavane

    Me gana experience thiyena aya poddak help karanda.
    Me wade patan ganne kohomnada??
    Kohyenda vegetable farming gana advicers ganne?
    Kohenda plants ganne?
    Dandona pohora gana danaganne kohimada??

    Please advice guys
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉස්සර වෙලාම වැට ගහල , බැකෝ කරල ලෙවල් එකට අරගෙන, පේන්න නැති වෙන්න පොල් අතු හරි මොනා හරි ගහල, වගා ලිදක් කපපන්.
    ඊලගට පොඩි මඩුවක් ගහපන්, මෝටරයක් ගනින්, බට ලයින් දාපන්.
    ඊලගට පරන පොල් හස් ගලෝපන්, අලුත් පැල ගොවිජන එකෙන් හරි ලුනුවිල පොල් පර්යේසයෙන් හරි ගෙනෙන්.

    ඊලගට් දාපන් මද්යකාලීන් බෝගයක් ඉඩමෙන් 1/3ක් වගෙ
    එක්කො බුලත් - කුරුනෙගල, ගම්පහ පැති වල වවන එකෙක් ගෙන් ගන්ඩ පුලුවන්, පැලෙ 10-12 වෙනව. පෝර වෙනම තියනව
    එක්කො වැනිල, ගම්මිරිස්, තේ වගේ එකක් - ඒව ගැන නන් වැඩිය දන්නෙ නෑ

    ඊලගට් දාපන් කෙටි බෝගයක් ඉතුරු ඉඩමෙන් 1/3ක් වගෙ
    එක්කො ඉගුරු, කහ - පාත්ති හදල, කොහුබත් පුරෝල අල කෑලි හිට්යවන්න තියෙන්නෙ, අමුතු පෝර නන් ඕනෙ නෑ අලුත් ඉඩම් වල, 2-3 පාරක් අස්වැන්න ගන්න පුලුවන්.
    එක්කො අන්නසි - ඒව ගැන නන් වැඩිය දන්නෙ නෑ
    එක්කො ගස්ලබු - ඇට පෑකට් තියනව ගන්න, අඩි 2*2 වලවල් කපල දාන්ඩ තියෙන්නෙ

    ඉතුරු ටිකේ දාපන් මයියොක්කා කෑලි ටිකක්, මිරිස්, බන්ඩක්ක, තක්කලි එකී මෙකී නොකී හැම එකම.

    අපේ ඉඩන් වලට කරන ඒව මම කිවෙ, ගොවිජන එකෙන් උපදෙස් දෙනව, එක්ස්පොට් කරන ඒව නන් බලන්නත් එනව.

    වවන්නෝ හිගන්නෝ කියල ඉන්න තියෙන්නෙ ශැපේ
     
    Ado thanks mchn. Uba me field ekeda inne? Ubema land 1kaka karanavada? Thawa monhari thyenavbanam inbox ekata dandada?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ado thanks mchn. Uba me field ekeda inne? Ubema land 1kaka karanavada? Thawa monhari thyenavbanam inbox ekata dandada?

    අනේ බන් මම කී බොර්ඩ් එහෙකට කොටන රස්සාව කරන්නේ. :baffled:

    අපේ තාත්ත තමයි ගොයිරාල. :yes:
    පොල්, බුලත්, ඉගුරු, කහ, ගස්ලබු වගේ දේවල් ගැන ඕනෙ එකක් අහපන්. මන් අහල කියන්නන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    අනේ බන් මම කී බොර්ඩ් එහෙකට කොටන රස්සාව කරන්නේ. :baffled:

    අපේ තාත්ත තමයි ගොයිරාල. :yes:
    පොල්, බුලත්, ඉගුරු, කහ, ගස්ලබු වගේ දේවල් ගැන ඕනෙ එකක් අහපන්. මන් අහල කියන්නන්.
    ඔයා කලින් දාපු comment එක නිසයි මෙහෙම අහන්නේ .
    දුර පළාතකින් අක්කරයක් වගේ අරගෙන
    අපිම වගා කරොත් ලාබයක් ගන්න බැරිද .
    අතර මැදියෝ විතරද ඇත්තටම ලාබ ලබන්නේ .
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයා කලින් දාපු comment එක නිසයි මෙහෙම අහන්නේ .
    දුර පළාතකින් අක්කරයක් වගේ අරගෙන
    අපිම වගා කරොත් ලාබයක් ගන්න බැරිද .
    අතර මැදියෝ විතරද ඇත්තටම ලාබ ලබන්නේ .
    පුලුවන්.

    වැඩේ කියන්නෙ උබට ලාබයක් එන්නත් පුලුවන් , වගා පාලු වෙන්නත් පුලුවන්.
    වගා හරි ගියොත් උබට සල්ලි, අතර මැදිඅයට කොහොමත් සල්ලි. උගෙ ලාබෙත් උබට ගන්න අමාරුයි.

    උබට පොල් වවල කෙලින්ම කොලබ ගෙනල්ල 100ට දෙන්න බෑනෙ. උබ මොනා වැව්වත් නිශ්පාදනෙ බෙදාහරින එකාට ගාන යනව.
    තක්කලි කිලෝ 200ක් අරගෙන උබට පාර අයිනෙ ඉන්න බෑනෙ යන වාහන වලට විකුනන්න, දෙන්න වෙන්නෙ පොලේ තක්කලි බිස්නස් කරන එකාට.

    අපි ඉස්සර පොල් කෙලින්ම කොලබ ගෙනල්ල දෙන්න හැදුව, තොට ලග තමා පොල් කෙරුවාව යන්නෙ. කරන්න බෑ කප්පන් ගෙවන්නෙ නැතුව.
    ලොරි වලට ගහනව. හැබැයි අතරමදි එවුන්ට අවුලක් නෑ.

    උබ පුලුවන් නන් කීල්ස් හරි ටුවරිසම් පැති වල හොටෙල් ටිකක් හරි අල්ලගෙන කෙලින්ම දෙනව නන් ඔන්න හරි. ඒක ඉතින් සුලු පරිමානෙන් කරන්න පුලුව්න් වැඩක් නෙවෙයි. ඔය සැලඩ්, බිම්මල් වගෙ කරන එවුන් ඕනෙ තරන් ඉන්නව එහෙම.

    නිශ්පාදනෙ කෙලින්ම කන එකාගෙ අතට යවන්න විදියක් හදගන්න පුලුවන් නන් ඔන්න ගොඩ, ඔක්කොම ලාබෙ උබට.

    වවන එක ලාබයි මචන්, මොන වැව්වත් ලාබයි,
    උබෙ ලාබෙන් කොටසක් කොහෙවත් ඉන්න එකෙක්ට යනව , එච්චරයි.

    උබ හෙන කට්ටක් කාල රුපියල් 20 ක් හොයනව, අනිකා නිකම්ම වගේ ඉදන් රුපියල් 30-40ක් හොයනව.
    ඕක තමා වෙන්නෙ වවන එවුන්ට :LOL: