ඔය කියන හැරී කුමාරයෙගෙ ආදරේ බලා ගන්න තිබ්බ, අපිට වගේ මාසෙට තිස් හතලිස් දාහක පඩියක් ලැබිල, ඒකෙන් රු.130ට හාල් අරන්, රු.500ට මුං ඇට 500ක් අරන්, රු.60ට පාන් ගෙඩියක් අරන්... බ්ලා බ්ලා බ්ලා තව අටෝරාසියක් අරන්, ඒ අස්සෙ උණක්, කැස්සක් හැදිල දොස්තරයට රු 1000කුයි ෆාමසියට රු2000කුයි පූජා කරන ජාතියෙ ජීවිතයක් තිබ්බනං....
අපිත් සොච්චං පඩියක් අරන්, ඉතුරු රුපියලටත් කොන්දොස්තරත් එක්ක ගේම ඉල්ලලා ඒ රුපියලත් එකතු කරන ජාතියෙ එවුන්.... එහෙම අපිත් තාමත් ගෑණිව බලාගෙන දරුවන්ට සලකගෙන තව හත්මුතු පරම්පරාවකටම සලකගෙන ඉන්නව කියන්නේ කිසිවක් බලාපොරොත්තු නොවීම අනිකාව රකින ජීවිතයක් තමයි ගෙවන්නේ.