ඇන්ඩ්රොයිඩ් වල/ලිනක්ස් වල ෆයිල්ස් හයිඩ් කරන්නෙ ඔහොම නමේ මුලට තිතක් තියලා,
ඔය හිඩ්න් ෆයිල් තමයි පේන්නෙ, ඔය යූස් කරන ෆයිල් එක්ස්ප්ලෝරර් ඇප් එකේ show hidden files ඔප්ශන් එක ඕෆ් කරන්න පුලුවන් නම් කරන්න
ඔය ෆයිල් වලින් ප්රශ්නයක් වෙන්නෙ නැහැ, ඇත්තටම ඕවයෙ OS එක වැඩ කරද්දි හැදෙන ඩේට, සමහර ඇප් වලින් හැදෙන ඩේට එහෙම තියනවා, ඕව සේරම ඩිලීට් කරන්න එපා ඇප් වල තියන ඩේට එහෙම නැති වෙලා යන්න පුලුවන්, OS එක Unstable වෙන්නත් පුලුවන්.