චීන කොවිඩ් එන්නත් තොගය භාරගැනීමට ජනපති ගුවන්තොටුපොළට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🙏🙏🙏👍🇨🇳🇱🇰

    1617175033-Covid_Vaccine_HE_L.jpg


    චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා තොගය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොස් තිබේ.

    චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31) පෙරවරු 11.28ට ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

    එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන්තොටුපොළේ දී අද දහවල් නිල වශයෙන් භාරගනු ලැබීය.
    චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුණු එම එන්නත් තොගය භාරගැනිමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන හා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.

    මෙරටට ගෙන්වන ලද “සිනොෆාම්“ එන්නත් තොගය පළමු අදියර යටතේ මෙරට වෙසෙන චීන ජාතිකයින් සඳහා දිවයිනේ ස්ථාන 04කදී ලබාදීමේ කටයුතු සිදුකිරිම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    ඒ අනුව කොළඹ, මහනුවර, පුත්තලම හා හම්බන්තොට යන ස්ථානයන්හි දී චීන ජාතිකයින්ට එන්නත් ලබා දීමට නියමිතය.







     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    chinese ewunta denna genawa sinhaloyonta newy
    උන්ට මුලින් දෙන්නෙ හේතුවක් අැතුව..නැත්නම් ලංකාවෙ ඵකෙක් හරි මළොත් ඒකටත් අාණ්ඩුව තමා පලි..දැන් චීන්නුන්ටම විදල පෙන්නනව බඩු හොඳද නැද්ද කියලා..
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,883
    113
    canada
    මුලින්ම දෙන්නේ චීන ජාතිකයින්ට. ලංකාවේ මිනිසුන්ට දෙන්නේ ලංකාවේ ඕව සම්බන්දයෙන් ක්‍රියාකරන ආයතනයෙන් අනුමත උනොත් විතරයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    China ewunta dena eka ganna janadipathi yanne ay?
    අපේ පැත්තෙ නන් පොල් වත්තෙ අයිතිකාරය වත්ත බලාගන්න එකාට තමා වැඩ කරන උන්ට බේත් ගන්න සල්ලි දෙන්නෙ. කොළඹත් එහෙමද දන්නෙ නෑ
     
    • Haha
    Reactions: fdk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    🤭 🤭 🤭

    මේවට මොකද බං කලේ

    ලංකාවේ චීන්නු ලක්ෂ 6ක් ඉන්නවද