71 සිරිමාවෝට විරුද්ධව කරපු විප්ලවය කිසි තේරුමක් නැහැ... 77 ජේර් ඡන්දයෙන් පරද්දලා පෙන්නුවා කිසි ගින්නක් නැතිව...
88/89 පොඩි පොඩි හේතු තිබ්බත්... විප්ලව කරලා පාරට බහින්න ඕනි නැහැ කියලයි මට හිතෙන්නේ...
චේ ෆිදෙල් වගේ අය විප්ලව කලේ ඇත්තම ඒකාධිපතියන්ට විරුද්ධව.. ඊට සාපේක්ෂව මෙහෙ හිටපු අයට විරුද්ධ විප්ලව කරන එක තේරුමක් නෑ..
ඒ කාලේ trend එකට communist උනාට 80s වලින් පස්සේ capitalism has won the game.
ඒ කාලවල් වලට වඩා බලයක් MR ලොක්කට තිබ්බා, එහෙම තිබ්බ මනුස්සයව ලස්සනට 2015 ගෙදර යැව්වානම් ආයෙත් මොකටද මිනී මරාගන්නේ..
එහෙම බලයට ආපු එවුන් පිස්සු කෙලියම ඡන්දකින් ඒ පරදුනු කට්ටියම ආයෙත් බලයට ආවේ ලස්සනට...
මම නම් පුද්ගලිකව Communist ආණ්ඩුවක් එනවට කැමැති නෑ හැබැයි පාර්ලිමේන්තුවේ එන ආණ්ඩුවට විරුද්ධව කතා කරන්න පුලුවන් ජෙප්පෝ සෙට් එකක් ඉන්න ඕනි කිය්ලා විශ්වාස කරනවා
ෆිදෙල් ,චෙගුවෙරලා ගේම ඉල්ලුවෙ ඇමරිකන් ගැති ඒකාධිපතියෙක්ට එරහිව .
ගොඩාක් රටවල් වල ඒකාධිපතීන්ට එරහිව තමා කොමියුනිස්ට් රෙවලූෂන්ස් උනෙ.
අපෙ ඒකාධිපතීන් හිටියෙ නැහැ කවමදාකවත්.
ජනතා ඡන්දෙන් තමා නායකයා තෙරුණෙත් ,පැරදුනෙත්.
ඔව් හොර ඡන්ද දැම්මා ,රජයෙ දෙපල අවභාවිත වුණා වගෙ දෙවල් වෙන්න ඇති.ඒත් ඒකාධිපතියො අපෙ රටෙ හිටියෙ නැහැ .
අනික අපෙ රටෙ මුල්පුටුවෙ හිටිය නායකයො කාවවත් සමූල ඝාතනය කරන්න ගියෙ නැහැ නේ වෙන රටවල් වල ඒකාධිපති පාලකයො වගෙ .
ඉතිං ජෙවිපි කට්ටියට තිබ්බෙ කුලය ගැන හීනමානෙ.
රටෙ පාලක පැලැන්තියෙ බොහො තැන් වල හිටියෙ කුලය ඉහලයි යැයි සම්මත අය .
ඉතිං මෙ කුල හීන මානය තමා ජෙවිපී විප්ලවයෙ මූල බීජය .
මිනිස්සු ආණ්ඩු මාරු කරාට ඡන්දෙන් නායකයො ගැන කලකිරුනාට
නායකයාට කුමක් හෝ ගෞරවයක් ඇති වෙන දෙයක් මිනිස්සු තුළ තිබ්බා.
එක්කො කුලය ,එක්කො ඉංග්‍රිසි කතා කිරීම ,එක්කො ජාතිකත්වය වගෙ දේවල් .
මැතිණිව ඡන්දෙන් පැරැද්දුවත් මැතිණි රත්වත්තෙ කෙනෙක් ,බණ්ඩාරනායක ශ්‍රිමතාණන්ගෙ බිරිඳ කියන දේ මිනිස්සුන්ගෙ හිතෙ තිබුණ.
ජේ ආර් කොච්චර නොමනා තීරණ ගත්තත් ජේ ආර් ඉංග්‍රිසි කතා කරන විදිය ගැන මිනිස්සු උදම් ඇනුවා සහ ජේ ආර් කියන්නෙත් ඉහල පැලැන්තියෙ ,රොයල් කොලිජියට ගිය උගතෙක් කියන දේ මිනිස්සුන්ට හිතෙ තිබුණා .
මිනිස්සු එව්වා වර්ණනා කරා .
අන්න ඔය වගෙ කාරණා නිසා අපෙ රටෙ දේශපාලකයන් ඡන්දෙන් පැරදුනත් මිනිස්සුන්ගෙ හිත් ගත්ත චරිත උනා .
ඉතිං ජෙවීපී විප්ලව එතනින්ම අසාර්ථකයි .