ගග අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා.... මුව ගොලු වූවා....
ගග අද්දර පෙම් කැදවූ රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රර්ථනා සිහිනේ
පිබිදුනි ආෂා ගිනිසිලු සේමා...
මල්සර දුනුවර ලැමැද හොවාලා
ඉරනම් පවස නිවා
සන්සුන් වූ තරමින්
නොසැලෙනවද බාලේ බැදි රන්දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුශාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේකා අප සැලෙන හදින් දුටුවා
ගග ඉද්දරවී තෙපුල් පවන් අතරේ
වන පුෂ්පිත මුව සුපුල් සිනා විසිරේ
මා හද රහසේ බිදුනා පහසේ
ගග දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ
ගග දියසුලි මැද උනුසුම් සුව ගැවසේ
ඔබේ රුව චායා
සැගවෙ පායා..
මල්සර දුනුවර ලැමැද හොවාලා
ඉරනම් පවස නිවා
සන්සුන් වූ තරමින්
නොසැලෙනවද බාලේ බැදි රන්දම්
ඔබ හා ආයේ ආයේ
පෑහී තුශාර සුසුම් හුවා
චමත්කාරයේ රන් රේකා
අප සැලෙන හදින් දුටුවා
පිබිදුනි ආෂා ගිනිසිලු සේමා
පිබිදුනි ආෂා ගිනිසිලු සේමා
