Microsoft 💓 Linux

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    iu


    ඊයේ දිනයේ ආරම්භ වූ Microsoft Build 2021 event එක අතරතුරදී Windows 10 මත සෘජුවම Linux GUI Apps run කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන ලබන බව Microsoft සමාගම නිවේදනය කර සිටියා.

    මේ දක්වා Windows 10 මත Windows Subsystem fro Linux, එහෙමත් නැතිනම් WSL හරහා Linux distro එකක්, command line එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබුණු අතර, දැන් එයින් තවත් පියවරක් ඔබ්බට ගොස් GUI apps run කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා.

    මූලිකව මෙය පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කළ Windows 10 Preview build එක සමඟින් පරීක්ෂා කිරීමට කටයුතු කළ අතර, ඊයේ දිනයේ ආරම්භ වූ Build event එක අතරතුරදී මෙය සියළුදෙනා හට භාවිතා කළ හැකි ලෙස නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා.

    මේ අනුව විශේෂයෙන්ම apps develop කරනු ලබන developer වරුන් හට තමන්ගේ Apps වෙනත් Linux environment එකක් මත test කරගැනීමට මෙන්ම, වෙනත් ඕනෑම Linux distro එකක් සඳහා වන application එකක් Windows 10 ඹත සිටම ධාවනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

    What is Windows Subsystem for Linux

    ​

    පසුගිය වසර ගණනාව පුරාවටම මේ සඳහා වෙනත් පරිගණකයක් හෝ virtual machine එකක් භාවිතා කිරීමට සිදු වූ නමුත් මේ පහසුකම හරහා Windows 10 මෙහෙයුම් පද්ධතිය මතම එහි පරිශීලකයින් රඳවා තබාගැනීමට Microsoft සමාගම සමත් වන බව අනුමාන කළ හැකි වෙනවා.

    For More Details :

    - https://news.softpedia.com/news/linux-gui-apps-officially-launch-on-windows-10-533013.shtml
    - https://www.bleepingcomputer.com/ne...ws-10-insiders-can-now-can-run-linux-gui-apps

    Copied Article
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන්වත් ලිනක්ස් බූට්ලෝඩර් එකට කෙළවගන්නෙ නැතුව වින්ඩෝස් ගහන්න පුලුවන් වෙයිදහ්??
    ලිනක්ස් බූට් ලෝඩරේට කෙලවුනොත් bcdedit tool එකකින් ගොඩ දාගන්න පුලුවන්නෙ
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මේකේ මොකක් හරි යටි අරමුණක් තියෙනවා. මම දැක්ක Microsoft එකෙන් Linux කේතය අරගෙන OS එකක් වැඩි දියුණු කරනවා කියලා. මුන් දන්නවා දැන් මිනිස්සු ගොඩක් Linux වලට interesting කියලා.මුන් මේ Developers ලව නවගන්න ගහන ගේම් එකක් මම හිතන්නේ.
     
    Last edited:

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,682
    113
    68
    Albuquerque, New Mexico
    මයික්‍රොසොෆ්ට් එකෙත් පලවෙනි OS එක යුනික්ස් එකක්, එත් ඒ කාලේ ඒ යුනික්ස් OS එක රන් කරන්න පුළුවන් වුනේ ඒ කාලේ සුපර් කම්පියුටර් වලට විතරයි, ඉතින් අලුතෙන් හැදීගෙන එන මාකට් එක එහෙම අඩු බලයක් සහිත කම්පියුටර් නිසා ඔවුන් වෙනත් ඔපරේටින් සිස්ටම් එකක් හදාගෙන දියුණු කරන්න පටන් ගත්තා, එක තමයි වින්ඩෝස් වුනේ.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,771
    200,084
    113
    Colombo, Sri Lanka
    මේකේ මොකක් හරි යටි අරමුණක් තියෙනවා. මම දැක්ක Microsoft එකෙන් Linux කේතය අරගෙන OS එකක් වැඩි දියුණු කරනවා කියලා. මුන් දන්නවා දැන් මිනිස්සු ගොඩක් Linux වලට interesting කියලා.මුන් මේ Developers ලව නවගන්න ගහන ගේම් එකක් මම හිතන්නේ.
    ඇත්තටම මමත් මේ කතාවට එකගයි. දැන් ඉස්සර වගේ නෙවෙයි Linux OS එක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට වැඩි දියුණු වෙලා තියෙන්නේ. අනික ඕන තරම් online support ගන්න පුළුවන්. මේකට කිසිම මුදලක් වයවෙන්නෙත් නෑ. ගෙදර , පොඩි ඔෆිස් එකකට විශේෂ දැනුමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් Linux distros දැන් ඕන තරඟ තියෙනවා. මේක බිල් මාමගේ මොකක් හරි යටි කූට්ටු වැඩක් ......:yes: