Pissu hedena Chinese Technology ??????

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    balannako Chineselage weda.????? Eyala Eeye minssu thun denek eyalage ISS ekata yewwua. peya 3kn wage ekata dok wela wedakarannath patan gathhthane.Amercan kaarayo oya wedeta dawas 2k wthara gannawa. space ekata ghlla peya 6k withara nidagena indala thamai ISS ekata yanneth :)) hebetama, Mokkakda me Chinese lage diunuwe rahasa?????
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    චීනෙ කොමියුනිස්ට් පැත්තට මන් කැමති නැහැ .
    උන් ණය දීලා රටවල් අල්ල ගන්න එකටත් විරුද්ධයි .

    එත් චීනෙ හොඳ පැත්තක් තමා උන්ගෙ තාක්ෂණයෙ දියුණුව.

    රහසක් වෙන්න දෙයක් නැහැ.
    අතීතෙ ඉඳන්ම චීනෙ කියන්නෙ තාක්ෂණය සොයාගැනීම් අතින් උඩින් හිටිය රාජ්‍යක් .


    අමතක කරන්න එපා කඩදාසිය ,මාලිමාව, වෙඩි බෙහෙත් සහ මුද්‍රණ තාක්ෂණය චීන්නුන්ගෙ බව .

    ඒ වගෙම රොකට් තාක්ෂනයට ඔනි කරන මූලධර්ම මුලින් හොයාගත්තෙත් චීන්නු .
    පෙරදිග සේද මාර්ගය වගෙ එකි නොකි ගොඩක් දේවල් චීනෙ ලොකෙට දායාද කරා .
    ඉතා ඉපැරණි ශ්‍රේෂ්ඨ ජාතියක් .

    ඒත් යුරොපෙ සිද්ධ වෙච්ච පුනරුදයෙන් පසුව ඇති උන කර්මාන්ත විප්ලවය එක්ක ශක්තිමත් රටවල් යුරොපෙන් බිහිවීමත් එක්ක ඒ ශක්තිමත් බව එක්ක හැප්පෙන්න චීනාට බැරි උනා.
    ඒ නිසා කාලයක් පසුබෑම් වලට ලක් උනා.
    ඒත් උන් ආයෙත් නැගී ඉන්නවා ලොකෙ ඇතුලෙ .
    ඒක අළුත් දෙයක් නෙමෙ .

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    චීනාගෙ පට්ට මොළ..සුද්දො පදිරි චීන්නුන්ට..දැන් ඒකනේ වෙන වෙන හේතු හොයල චීනෙ වට්ටන්න හදන්නෙ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    චීනෙ කොමියුනිස්ට් පැත්තට මන් කැමති නැහැ .
    උන් ණය දීලා රටවල් අල්ල ගන්න එකටත් විරුද්ධයි .

    එත් චීනෙ හොඳ පැත්තක් තමා උන්ගෙ තාක්ෂණයෙ දියුණුව.

    රහසක් වෙන්න දෙයක් නැහැ.
    අතීතෙ ඉඳන්ම චීනෙ කියන්නෙ තාක්ෂණය සොයාගැනීම් අතින් උඩින් හිටිය රාජ්‍යක් .


    අමතක කරන්න එපා කඩදාසිය ,මාලිමාව, වෙඩි බෙහෙත් සහ මුද්‍රණ තාක්ෂණය චීන්නුන්ගෙ බව .

    ඒ වගෙම රොකට් තාක්ෂනයට ඔනි කරන මූලධර්ම මුලින් හොයාගත්තෙත් චීන්නු .
    පෙරදිග සේද මාර්ගය වගෙ එකි නොකි ගොඩක් දේවල් චීනෙ ලොකෙට දායාද කරා .
    ඉතා ඉපැරණි ශ්‍රේෂ්ඨ ජාතියක් .

    ඒත් යුරොපෙ සිද්ධ වෙච්ච පුනරුදයෙන් පසුව ඇති උන කර්මාන්ත විප්ලවය එක්ක ශක්තිමත් රටවල් යුරොපෙන් බිහිවීමත් එක්ක ඒ ශක්තිමත් බව එක්ක හැප්පෙන්න චීනාට බැරි උනා.
    ඒ නිසා කාලයක් පසුබෑම් වලට ලක් උනා.
    ඒත් උන් ආයෙත් නැගී ඉන්නවා ලොකෙ ඇතුලෙ .
    ඒක අළුත් දෙයක් නෙමෙ .
    අපේ උන් දැන් ලෝකෙන්ම 1 කිය කිය රට පටවන තේ කොළත් චීනෙන් තමා මුලින්ම හොයා ගත්තෙ..
     
    • Like
    Reactions: BruceWayne92

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,949
    4,511
    113
    චීනාගෙ පට්ට මොළ..සුද්දො පදිරි චීන්නුන්ට..දැන් ඒකනේ වෙන වෙන හේතු හොයල චීනෙ වට්ටන්න හදන්නෙ..
    foolish thinking....mate. you need a lot more than technology to become a world respected country.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන්ට සල්ලි තියෙනවා, R ඇන්ඩ් D වලට ඇති වෙන්න සල්ලි තියෙනවා, නීති වලින් වලක්වන්නෙත් බලපෑම් වෙන්නෙත් නෑ, ආණ්ඩුවේ තීරණය ප්‍රශ්ණ කරන්නෙත් නෑ කවුරුවත්, ඉතින් උන් ට මොනවද කරන්න බැරි.

    සෝවියට්දේශය - මීර් , ඇමෙරිකාව ස්කයි- ලැබ් මීට කලින් රටක් තනියම කරන ලද ස්පේස් ස්ටේෂන්, ඒ දෙය චීන්නුත් තනියම කළා, මෙහෙම දෙයක් නොකලොත් තමා පුදුම වෙන්න ඕන.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,113
    53,080
    113
    Colombo
    උන් මුල් කාලෙ හැමදේම කොපි කලාට දැන් උන් පට්ට ක්‍රියේටිව්.හෙල යක්ක පුත්තුත් පුදුම වෙනව කොන්ඩෙ බඳින චීන්නු දිහා බලල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    පිලොසොපි පැත්තෙන් පොඩි අදහසක් කියන්නන් ඕක ගැන.

    චීන ව්ස්වාස කරන්නෙ මෑන් පවර් එක
    පෙරදිග අපේ වගේ රටවල් විශ්වාස කරන්නෙ තින්කින් පවර් එක
    බටහිර රටවල් විශ්වාස කරන්නෙ මිකැනිකල් පවර් එක.

    ඔය තුන බේස් කරගෙන තමා ඔය කොටස් තුනේ ශිෂ්ඨාචාර හැදුනෙ. දැන් ඔය තුනෙන් දෙකක් එකට එකතු වෙලා තියෙනව චීනට. මෑන් පවර් + මිකැනිකල් පවර්. බටහිරයන්ට මෑන් පවර් අඩු උනත් උන් මිකැනිකල් පවර් එකයි තින්කින් පවර් එකයි කම්බයින් කරගෙන තියෙනව.

    අපි වගේ රටවල් තින්කින් පවර් එක යූස් කරනව කිව්වට රැවටෙන එකයි රවටන එකයි තමා ඒකෙන් කරන්නෙ.

    දියුණු රටවල බේස් එකේ ඔය තුනෙන් එකක් තියෙනව අපි ගොඩක් වෙලාවට ඔය හැම එකේම මික්ස් එකක් කරන්නෙ. ඒකෙන් අපිට යුනික්නස් එකක් නෑ. බේස් එකක් නෑ. අපි කතා කරන 2500 මෙව්ව එක හදල තියෙන්නෙ තින්කින් පවර් එක වැඩියෙන් යූස් කරල. දැන් ඒක නෑ හැදිච්ච ටික විතරයි තියෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,131
    1
    12,992
    113
    Gotham City
    අපේ උන් දැන් ලෝකෙන්ම 1 කිය කිය රට පටවන තේ කොළත් චීනෙන් තමා මුලින්ම හොයා ගත්තෙ..
    ඔව් ඒ වගෙම මුදල් නොට්ටු ප්‍රථමයෙන් පාවිච්චි කරෙත් චීන්නු ,
    ඒ වගෙම ඔය ස්ටැන්ඩර්ඩයිස් ටෙස්ට්ස් එහෙම චීනෙන් තමා මුලින්ම හදලා තියෙන්නෙ චයිනීස් ආමි එකට සොල්දාදුවො බන්ද ගන්න එහෙම දේවල් වලට .
    ෆුට්බොල් වලට කන්සෙප්ට් එකත් චීන්නුන්ගෙන් තමා ඇවිත් තියෙන්නෙ.
    තව එකී නොකි මෙකි ගොඩක් දේවල් චීන්නු ලොකෙට දායාද කරා .


    උන්ට සල්ලි තියෙනවා, R ඇන්ඩ් D වලට ඇති වෙන්න සල්ලි තියෙනවා, නීති වලින් වලක්වන්නෙත් බලපෑම් වෙන්නෙත් නෑ, ආණ්ඩුවේ තීරණය ප්‍රශ්ණ කරන්නෙත් නෑ කවුරුවත්, ඉතින් උන් ට මොනවද කරන්න බැරි.

    සෝවියට්දේශය - මීර් , ඇමෙරිකාව ස්කයි- ලැබ් මීට කලින් රටක් තනියම කරන ලද ස්පේස් ස්ටේෂන්, ඒ දෙය චීන්නුත් තනියම කළා, මෙහෙම දෙයක් නොකලොත් තමා පුදුම වෙන්න ඕන.
    මෙහෙම දේකුත් තියෙනවා කොමියුනිස්ට් ආර්ථික ක්‍රමේ ෆේල් උනාට කොමියුනිස්ට් ආණ්ඩුවලට ලැබෙන බලය එක්ක සමහරක් දේවල් හොඳට කරන්න පුළුවන් කම ලැබෙනවා .


    සීතල යුද්ධ කාලෙත් ස්පේස් රේස් එකෙදි සොවියට් යුනියන් එක ඇමරිකාවට වඩා සැහෙන්න උඩින් හිටියෙ.
    ඇමරිකාව උඩින් හිටිය එකම තැන හඳ ගමන විතරයි .
    ඒකත් සොවියට් යුනියන් එකෙ ස්පේස් ප්‍රොග්‍රැම් එකෙ නියමුවා වෙච්ච සර්ගි කොරොයලෙව් මරණයට පත්වෙච්ච නිසා .
    නැත්තම් රුස්කියො හඳත් අල්ලනවා.

    ඔය ස්පේස් ස්ටේෂන්ස් උනත් සෝවියට් උන් තමා මුලින්ම හැදුවෙ සහ වැඩිම ස්පේස් ස්ටේෂන්ස් ටික හදලා තියෙන්නෙත් සෝවියට් යුනියන් එකට.
    ඇමරිකාවට තියෙන්නෙ ස්කයිලැබ් එක විතරයි .

    ඉතිං එදා සෝවියට් යුනියන් එක තිබ්බ තැනට අද චීනා එනවා .
    ------ Post added on Jun 19, 2021 at 2:00 PM
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    දැන් ගොඩක් ආසියානු රටවල් ඉතා ඉක්මනින් දියුණු වෙනවා.අපි දිනෙන් දින වලපල්ලට යනවා.මීට දශක 3-5කට කලින් විතර ලෝක ආර්ථිකයෙන් 2/3 තිබ්බේ බටහිර රටවල් වල රැදිලා.දැන් ඒගොල්ලොන්ට දැන් තියෙන්නේ 1/3 වඩා අඩු ගානක් (සමස්තයෙන් 30%).චීනය තමා ඉස්සරහට ලෝකයේ ආර්ථික පැවත්ම වෙන්නේ.කාගෙවත් technology මත රැදෙන්න උවමනා නෑ දැන්.

    රට ඇතුලේ වෙනම සමාජ මාදය ජාලා පවත්වගෙන ‍යනවා.ඒකෙන් වෙන්නේ මිනිස්සුන්ගේ දත්ත සොරා ගන්න වෙන්නේ නෑ.දැනට ලෝකයේ වැඩියෙන්ම මිනිස්සුන්ගේ පුද්ගලික දත්ත එකතු කරන්නේ google සමාගමෙන්. ඒවාට වෙන දේවල් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.ඉන්දියාවත් දැන් චීනය අනුගමනය කරලා රට ඇතුලේ වෙනම සමාජ මාදය ජාලා ආරම්භ කරන්න පටන් අරන් දියෙනවා.
    ඉදිරියට ලෝක ආර්ථිකය රැදින්නේ චීනය,ඉන්දුනීසියාව,ඉන්දියාව වගේ රටවල් වල තමා. ඉන්දියාවට චීනයේ තක්ශනයට කිට්ටු කරන්නවත් වෙන්නේ නෑ.චීනයට තමන්ටම කියලා දැන් සුපිරි යුද තාක්ශනයක් තියෙනවා.චීනය ආර්ථික බලවතා උනා කියන්නේ යුද වියදම් සදහා 300% වියදම් වැඩි කරන්න පුළුවන් වෙන එක.(fact-ආර්තික බලවතා වෙන්න පුළුවන් උනාට ලෝක බලවතා වෙන්න චීනයට ගොඩක් කල් යයි)

    මාසෙකට කලින් ඇමරිකාවයි,යුරෝපයේ රටවලුයි චීනයට ආර්ථික සම්බාධක දාන්න කියලා කිව්වා wto එකට (මතක විදියට ඕක).ඒකේ ප්‍රධානියා එතකොට කිව්වේ චීනය සම්බාධක දැමීමෙන් සියලුම රටවල් වලට බලපෑම් එල්ල වෙනවා කියලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා.චීන ආර්ථිකය නැති උවහොත් ලෝක ආර්ථිකයට 25%-45% අතර රිජු බලපෑමකුත් 60%-80% අතර වක්‍ර බලපෑමකුත් වෙනවා කිව්වා.පේනවානේ චීනෙට ලෝකේට දැම්මම කරන්න පුළුවන් බලපෑම.