Windows 11 first insider preview Released - Build 22000.51

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Update කරා තාම නම් case එකක් නැ. මල්ලී ගෙ ලැප් එකට දැම්මේ :P

    අලුත් control center එකක් තියෙන්නේ. Windows store එක නම් තාම පරණ එකමයි. Right click menu එක අලුත් එකක් දීලා තියෙනව win 11 වලට ගැලපෙන්න. ඕනෙ නම් එතැනින්ම more option ගියාම පරණ menu එක එනවා. ඒක හැබැයි 11 වල design එකට ගැලපෙන්නේ නැ වගේ.

    File explorer එකෙත් design එක අලුත් කරලා. Dumb down කරලා වගේ හැබැයි. පරණ එකේ වගේ tab වල function ඔක්කොම නැ.(තියෙනව ද දන්නේ නැ මට හොයාගන්න බැරි උනා)

    Action center එක එහෙම දැන් mobile එකක වගේ look එකක් තියෙන්නේ.

    Performance නම් ලොකුවට වෙනසක් දැනුනේ නැ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    QMEZoXM.png


    Hmm
     

    isuru cs

    Active member
  • May 6, 2012
    286
    246
    43
    LK
    machan... මේකේ ISO ෆයිල් එක හදාගන්නේ කොහොමද??
    1. https://uupdump.net/ යන වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න.

    2. ඉන් පසු Quick options යටතේ ඇති Latest Dev Channel build කොටසේ දකුණු පසට වන්නට ඇති නිල් පැහැති x64 බොත්තම click කරන්න.

    3. දැන් Server response යටතේ ඇති Cumulative Update for Windows 11 (10.0.22000.51) යන්න උඩ click කරන්න.

    4. ඔබ කැමති භාෂාව තෝරා ඉන්පසු නිල් පැහැති ‘Next’ බොත්තම click කරන්න.

    5. දැන් ඔබගේ පරිගණකයේ ඇති Windows 10 edition එකට පමණක් tick කර නිල් පැහැති ‘Next’ බොත්තම click කරන්න.

    6. මීළගට Download method එක ලෙස ‘Download and convert to ISO’ option එක ලබා දී Conversion options යටතේ ඇති සැකසුම් ඒ ආකරයෙන්ම වෙනසක් නොකර Create download package යන නිල් පැහැති බොත්තම click කරන්න.

    7. අවසානයේ ඔබගේ පරිගණකයට package එක භාගත වීම ආරම්භ වනු ඇත. මෙය Zip file එකක් වන අතර භාගත වීමෙන් අනතුරුව එය extract කර ඒ තුළ ඇති uup_download_windows.cmd නැමති file එක double-click කරන්න. මෙම script එක run වීමට බොහෝ විට admin permission අවශ්‍ය වනු ඇත. ඉන් පසුව මෙම script එක මගින් අවශ්‍ය සියලුම files භාගත කරගෙන ISO file එක නිර්මාණය කර දෙනු ඇත. ඔබට තිබෙන්නෙ එම ISO එක bootable USB drive එකක් මාර්ගයෙන් ඔබගේ පරිගණකයෙ ස්ථාපනය කර ගැනීම පමණයි.