ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් ප්‍රියන්ත
සැකකරු, දැරියව කොල්ලුපිටිය යුනිටි ප්ලාසා එක අසලදී මෝටර් රථයට නංවා ගන්නා විට ඇය දරුවෙක් බව පෙනී නැහැ. සැකකරු දැරිය රැගෙන ගිය අවානා රිසෝට් හෝටලයේ කෝපි අවන්හලේ කොපි බොනකොට ඔහුට මේ ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. පසුව ලිංගික කටයුතු සඳහා කාමරයක් වෙන් කරවාගෙන, එම කාමරයට යනතුරු සැකකරුට තමන් සමග ඉන්නේ දරුවෙක් කියා පෙනුනේ නැහැ. නමුත් දැරිය කාමරය තුළ දී ඇඳුම් ඉවත් කළ පසු තමයි ඔහුට දැනිලා තිබෙන්නේ මේ ඉන්නේ ළමයෙක් කියලා. සැකකරු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යරයෙක්. සැකකරු දරන තනතුරු අනුව ඔහුගේ වගකීම 100%ක්ම පැහැර හැර තිබෙනවා. රජයේ සේවකයකු ලෙස ඔහුගේ වගකීම පැහැර හැර තිබෙනවා.