දොස්තර දෙවිවරු - අපිට වැඩි පඩි එපා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    මාධ්‍ය නිවේදනයයි

    රාජ්‍ය සේවය තුළ ඇතිවෙමින් පවතින හදිසි වැඩ වර්ජන කිරීමේ ප්‍රවණතාව

    දේශයක් වශයෙන් covid-19 වසංගත නිසා අප රට පත් වී ඇති අවාසනාවන්ත තත්ත්වය අප රට තුළ පවත්නා ඉලක්කගත නොවූ හා අවිධිමත් වූ මහජන මුදල් කළමනාකරණය මත තවත් සංකූල භාවයට පත්වී ඇති බව අපට වැටහී ඇත.

    දැනටමත් ක්‍රියාත්මක වන වෘත්තීය ක්‍රියාමාර්ග වලින් මෙම තත්වය මනාවට පැහැදිලි වේ. වෘත්තීය සමිති වලට තම සාමාජිකයන්ගේ ඉල්ලීම් මත වෘත්තීය ක්‍රියාමාර්ග වලට සහභාගි වීමට ඇති අයිතිය අප පිළිගන්නා අතර අප සිතන්නේ මෙහිදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වලට සාධක වූ මූලික හේතූන් සොයා බැලීම ඉතාම වැදගත් බවයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි රාජ්‍ය සේවකයන්ගේ ඇති විශ්වාසය ඉතා දැඩි ලෙස බිඳී යාමක් සිදු වූ නිසා බවයි. රජය යම් කොටස්වලට නිසි අධ්‍යයනයකින් තොරව යම්කිසි වරප්‍රසාද ලබා දීම මෙම විශ්වාසය බිඳී යාමට ප්‍රබල හේතුවකි.

    අපට පෙනෙන ආකාරයට මෙම වරප්‍රසාද ලබා දීමේදී වැදගත් වී ඇත්තේ එම වෘත්තිය සංගමයට රජය සමග ඇති බැඳීම සහ එම සංගමය මගින් රජයට බල කිරීමට ඇති හැකියාව විනා එම ඉල්ලීම් කොතරම් සාධාරණද යන්න බව නොවේ.

    මෙහිදී ඉතා වැදගත් වන්නේ මෙම ඉල්ලීම් දිනා ගැනීම සඳහා ඔවුන් විසින් ඇපයට තබනු ලබන්නේ දැනටමත් කොවිඩ් වසංගත නිසා ඉතා දරුණු ලෙස ආර්ථික අහේනියට ලක් වී ඇති සමාජයේ ඉතාම අසරණ මෙන්ම දුප්පත් ජනතාව වීමයි.

    රජයේ සේවකයින් ලෙස අපට තවමත් අපගේ වැටුප කිසිම අඩුවක් නැතුව ලැබෙන බව අප විසින් පිළිගත යුතු අතර අප අයත් සමාජ ස්ථරය මෙම Covid අර්බුදය නිසා ආර්ථික වශයෙන් ලැබුවා වූ හානිය අන් සමාජ ස්ථරයන් ලබා ඇති හානියට වඩා ඉතා අඩු බව ද අප පිළිගත යුතුය. මෙහිදී රාජ්‍ය සේවකයන් වශයෙන් අපට අනිකුත් රැකියාවල නියුතු අයට වඩා යම්කිසි වාසිදායක තත්වයන් තිබු බවද අප පිළිගත යුතුය. අවශ්‍යතාව අනුව ගෙදර සිට වැඩ කිරීමේ හැකියාව එසේත් නැත්නම් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීම සහ වෙනත් එවැනි දේ අපට ලබා දුන් බවද අප පිළිගත යුතුය. සමහර අවස්ථාවලදී අපට අවශ්‍ය කෑම බීම සහ නිවසට අවශ්‍ය මූලික ද්‍රව්‍ය අප සේවා ස්ථානවලට ප්‍රවාහනය කර අපට ඒවා මිලදී ගැනීමට පහසුකම් ද සලසා තිබුණ බවද අප දනිමු.අනික් අතට පෞද්ගලික අංශයේ සේවකයින් බොහොමයකට ඔවුන්ගේ වැටුප් අඩු කිරීම්, කපාහැරීම් සහ බෝනස් දීමනා අඩුකිරීම් සහ සේවයෙන් ඉවත් කිරීම් පවා සිදු වුණු අවස්ථා බොහෝ තිබුණු බවද අප පිළිගත යුතුය. එසේම ස්වයං රැකියා කරන්නන්, කුඩා ව්‍යාපාරිකයින් සහ දවසේ වැටුපට වැඩ කරන කම්කරුවන් ඉතාම දැඩි අපහසුතාවයන්ට ලක් වුණු බව අප අමතක නොකළ යුතුය. රටට බත සපයන ගොවියා පවා ඉතා අපහසු තත්වයට පත් වූයේ ඔවුන්ගේ භාණ්ඩ බෙදාහැරීමේ නිසි පිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බැවිනි.එම නිසා අපගේ අයිතිවාසිකම් ගැන සටන් කරන අතරම අපගේ යුතුකම් ඉටු කිරීම පිළිබඳව ද අප විසින් අවධාරණය කළ යුතුය.

    මේ අවස්ථාවේදී අප විසින් යෝජනා කරන්නේ හැකි ඉක්මනින් මෙම ගැටළු සමනය කිරීමේ විසදුමක් ලඛාදී රට තවදුරටත් ව්‍යාකූල තත්වයකට පත් නොකළ යුතු බවය.

    මේ සඳහා අප විසින් යෝජනා කරන්නේ

    1. හදිසි තීරණ මත යම්කිසි වෘත්තිය සංගමයක සාමාජිකයන්ගේ පඩි වැඩි කිරීමට ගත් තීරණ සහ ඉදිරියේ දී එසේ කරන බවට දුන් පොරොන්දු වහාම ඉවත් කළ යුතු අතර මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලුම අංශ සමග විධිමත් සාකච්ඡාවක් සිදුකර ඉන්පසුව පමණක් එම තීරණ ක්‍රියාත්මක කළ යුතු බවය.
    2. විවිධ වැටුප් ස්තර වල රැකියාවේ නියුතු රජයේ සේවකයින්ගේ වැටුප් තල සහ ඔවුන්ගේ ශ්‍රේණි මට්ටම් නැවත සංශෝධනයකට ලක්විය යුතු නම් මෙය ඉතාමත් විද්‍යාත්මක, සාධාරණ සහ විනිවිදභාවයෙන් ඒ සඳහා පත් කර ඇති වැටුප් කොමිසම සහ අනිකුත් අදාළ බලධාරීන් විසින් කළ යුතු බවත් එයින් පසුව පමණක් සාධාරණ ස්ථිර විසඳුමක් කරා ළඟා විය යුතු බවත්ය.
    රජය විසින් එවන් විසඳුමකට නොයා මෙවැනි වූ අත්තනෝමතික ක්‍රියා පටිපාටියකට අවතීර්ණ වුවහොත්, රජය මෙන්ම රටද දැනට පත්වී ඇති ඉතාමත් අර්බුදකාරී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බව අපි ඉතා දැඩි ලෙස අවධාරණය කර සිටිමු.

    විශේෂඥ වෛද්‍ය R. ඥාණසේකරම්
    ලේකම්
    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ලංකාවේ තියෙන ගුණාත්මකම වෘතිය සමිතියක් තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය.
    පාදෙණිය වගේ වැද්දෝ නැති නිසා උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් මේක කරගෙන යන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030

    Permit tikama keeyal watinawada neda?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    channel karanakota 1 ledata Rs 3000 gannakota, dawasata laksha 5 pannala hoyanakota, gov padi wadi unath danenne naha thama..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මෙහෙම අය ඉන්න එකත් හොදයි.. නැත්නම් එකක වැඩිකලා අනික අවුල්.....
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චෑනල් ගාස්තුව රුපියල් 100 ක් අඩු කරන්න කියමු.. ආණ්ඩුවට හරියට බදු ගෙවන්න කියමු.. එකක්වත් බෑරි නම් අඩුම ගානේ චෑනලින් වලට පෑය භාගයකට වඩා පරක්කු නොවී එන්න කියමු,, ස්තූතියි.. නිකන් ආණ්ඩුවට පුප නොදී ඉන්න
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    ලංකාවේ තියෙන ගුණාත්මකම වෘතිය සමිතියක් තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය.
    පාදෙණිය වගේ වැද්දෝ නැති නිසා උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් මේක කරගෙන යන්නේ
    ehemada bn...විශේෂඥ වෛද්‍යවරු mokatada bn padi illanne ..un private practice karana ekane karanne.dan minissu government hospital walata yan na ..kuli karaya pawa yanne channel centre walata ...gon katha nokia idin....
     
    • Like
    Reactions: shenat and Ashan052

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Ane hutto Nurse lata arala tiyenne, :rofl:

    //හදිසි තීරණ මත යම්කිසි වෘත්තිය සංගමයක සාමාජිකයන්ගේ පඩි වැඩි කිරීමට ගත් තීරණ සහ ඉදිරියේ දී එසේ කරන බවට දුන් පොරොන්දු වහාම ඉවත් කළ යුතු අතර මෙය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ සියලුම අංශ සමග විධිමත් සාකච්ඡාවක් සිදුකර ඉන්පසුව පමණක් එම තීරණ ක්‍රියාත්මක කළ යුතු බවය
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    ehemada bn...විශේෂඥ වෛද්‍යවරු mokatada bn padi illanne ..un private practice karana ekane karanne.dan minissu government hospital walata yan na ..kuli karaya pawa yanne channel centre walata ...gon katha nokia idin....
    උබට සිංහල කියවන්න පුළුවන් කියල හිතෙනවා එත් මම ලියල තියෙන දේ තේරුම්ගන්න බෑ නේද
    මම කොහෙද චැනල් කිරිල්ල ගැන ලියල තියෙන්නේ
    ඕක තමයි ලංකාවේ මිනිසුන්ගේ IQ ලෙවල් එක ගොඩක් අඩුයි කියන්නේ
    ලංකාවේ මිනිසුන්ගේ IQ ලෙවල්එකට වඩා ඉන්දුනීසියාවේ ඔරනොටන්ලගේ IQ level එක වැඩියිලු

    මම කියපු දේ තව පැහැදිලිව කියනවනම්

    // ලංකාවේ තියෙන ගුණාත්මකම වෘතිය සමිතියක් තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය.//
    මේ සංගමය වෘතිය ගරුත්වය ආරක්ෂාකරන නියම වෘතියමය තත්වයේ අය ඉන්න සංගමයක්

    //පාදෙණිය වගේ වැද්දෝ නැති නිසා උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් මේක කරගෙන යන්නේ//
    පාදෙනියලා GOMA උනාට මාකට් කරන්නේ කැද දම්මික පැනිය වගේ මිත්‍යා දේවල්
    උන්ට ඔයිට වැඩ හොදයි ලංකා ශාන්තිකර්ම කරුවන්ගේ සංගමය කියල එකක් අටෝගත්තනම්