මේක ගැන ටිකක් හෙව්ව. බලාගෙන යනකොට පොඩි අවුල් ටිකක් තියනවමෙන්න මේ repo එකේ තියන විදියට මේකෙන්, ඕනිම ප්‍රෝග්‍රෑම් එකක් trustedinstaller user group එකෙන් රන් කරන්න පුලුවන්.
trustedinstaller කියන්නෙ system user group එකටත් උඩින් තියන එකක්නේ. එතකොට ඒකෙන් රන් වෙන ප්‍රෝග්‍රෑම් එකට වයිරස් ගාඩ් එක අයින්ම කරලා දාන එක මහ ලොකු ගේමක් නෙමේ නේද?
දන්න අය කියන්න බලන්න. @charith84 @HAneo @hasithayad @shenic88 @Ragna_SL
රැන්සම් වෙයා එකකට මේක embed වෙලා තිබ්බොත් වැඩක් නෑනේ ගාඩ් දැම්ම කියලා![]()
https://www.tenforums.com/tutorials...rs-controlled-folder-access-windows-10-a.html
මේකෙ තියන විදියට group policy වලින් protected folders අයින් කරන්න පුලුවන්. ඒ කියන්නෙ registry එක edit කරලත් ඕක කරන්න පුලුවන්. admin permission විතරයි ඕනෙ. හැබැයි default folders අයින් කරන්න බෑ කියල තියනව. ඒත් වෙන antivirus එකක් install කරනකොට defender එක on/off කරන්න පුලුවන් කියන්නෙ ransomware එකකටත් ඔය වැඩේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
මෙතන තියන registry files දෙකෙන් ransomware protection එක on/off කරන්න පුලුවන්. එතනම ඉවරයි

https://files2.majorgeeks.com/e9bb6...er Exploit Guard Controlled Folder Access.zip
තව පොඩි script එකකින් පුලුවන් වෙලා තියනවා oledb components වලින් ransomware protection එක දාපු folder එකක් ඇතුලේ තියන office documents වෙනස් කරන්න.

http://www.securitybydefault.com/2018/01/microsoft-anti-ransomware-bypass-not.html
සමහරවිට මේවා මේ වෙනකොට හදලත් ඇති.

මට හිතෙන්නෙ හොඳම වැඩේ නොදන්න හැම එකටම sandbox පාවිච්චි කරන එක.