කිරියනි ලාබෙට හනිමූන් යමුද ? ???

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93

    ලාබෙට හනිමූන් යමුද ? අඩුම ගානට හොදම ?


    උතුරු වියට්නාමයේ විස්තර ගැන කතා කරපු කොටස් හතරකින් පස්සේ මේ පටන් ගන්න හදන්නේ වියට්නාමය ගැන අරන් එන පස්වෙනි කොටස. උතුරු වියට්නාමය ගැන කතාකරපු කලින් කොටස් බලලා නැත්නම් එලකිරියේ ලින්ක් තියෙනවා ඒවත් බලලම එන්න..අද අපි කතා කරන්නේ හනිමූන් යන අයට ගොඩක්ම වැදගත් වෙන මධ්‍යම වියට්නාමය ගැන.



    පලවෙනි කොටසෙදි කීවා වගේම අපි වියට්නාමය කුඩා කොටස් හතරකට වෙන් කරගත්තා හදුනා ගැනීමේ පහසුවට.ඒකෙන් කොටස් දෙකක්ම උතුරු කොටසට සම්භන්ධ ඒවා.අද කතා කරන මධ්‍යම ඇරුනම දකුණු කොටස තවමත් කතා කරන්න ඉතුරු වෙලා තියෙනවා.

    මොකක්ද මේ මධ්‍යම වියට්නාමය ? *******


    වියට්නාමය කියන්නේ සිතියමේ ආකාරයට භූගෝලීයව ගත්තම දිග තීරුවක් වගේ තියෙන රටක්.ඉතින් මේ දිග තීරුවේ මැද සිහින් කොටසට තමා මධ්‍යම වියට්නාමයට අයත් වෙන්නේ.දකුණෙන් මුහුද වගේම වම් පැත්තේන් මායිම් වෙන්නේ කාම්බෝජියාවට.රටේ මැද ප්‍රදේශය ටිකක් කදුකර භූවිශමතා ලක්ශණ තමයි පෙන්නුම් කරන්නේ.ඒ නිසා ගොඩක්ම හනිමූන් යන අයට වගේම ත්‍රාසජනක වැඩ කරන්න කැමති අයටත් මධ්‍යම වියට්නාමය සුදුසුම තැනක් වේවි..

    5ddb90fec2521.jpeg


    මධ්‍යම වියට්නාමයට ගොඩබැසීම ****​


    අපි මධ්‍යම කොටසට ගමන් කරනවා නම් Hannoi වලට යන්න අවශ්ය වෙන්නේ නැ..ඒ නිසා ඔයා තෝරගන්න ඕනේ Airport එක වෙන්නේ Da Nang.නවාතැන් කැම බීම සහ ප්‍රවාහන පහසුකම් කලින් විදියම තමයි.රටේ මැද කොටසේ කරන්න පුලුවන් දේවල් ටිකක් සහ බලන්න තියෙන තැන් ටික ඊලගට බලමු.

    1.Phong Nha Caves ( Phong Nha ගුහා ස0කීර්ණය) **


    Phong Nha කියන්නේ මධ්‍යම වියට්නාමයේ ගොඩම ප්‍රසිද්ධ තැනක්.ඒකට හේතුව තමයි ලෝකයේ විශාලතම ස්වාභාවික ගුහාව ඇතුලුව ගුහා ස0කීර්ණ රාශියකින් හැදිලා තියෙන භූගත ගුහා පොකුරක් මේ ප්‍රදේශයේ දකින්න පුලුවන්. ත්‍රාසජනක ක්‍රියාකාරකම් කරන්න ගුහා නරඹන්න ගවේශණය කරන්න කැමති අය අනිවාර්‍යයෙන්ම යන්න ඕනේ තැනක් තමයි Phong Nha. කියලා කියන්නේ.මේ වීඩියෝ දර්ශන බලපුවම තේරෙනවා මේක කොච්චර ලස්සන තැනක්ද කියලා.මේ ගුහා සම්භන්ධව තවත් රසවත් කතාවක් තියෙනවා.මේ ගුහා ස0කීර්ණය කිලෝමීටර් 9 කට වඩා දිගයි.ඒ වගේම මීටර් 150ත් 200ත් අතර පොළව මතුටිට සිටට දිවෙනවා.මේ ගුහා ස0කීර්ණය අතරින් අඩි 14000කට ආසන්න දිගකින් යුක්ත භූගත ගගකුත් ගලා බහිනවා. කොටින්ම කීවොත් මේ ගුහා ගවේශනය කරන ගොඩක් Tours දින 5ක් 6ක් දක්වා දික් වෙන්න පුලුවන්.ඒ කියන්නේ රැයවල් 4ක් පහක් පොළව ඇතුලේම ගතකරන්න පුලුවන් හිරු එලියක් දකින්නේම නැතුව. ඒක වෙනමම අද්දැකීමක්.

    SBL9_Son Doong Cave1.jpg


    2.Golden Bridge - Da nang ****


    මැලේසියාවේ Langkawi Sky Bridge එක වගේම එකක් Da nang වලත් තියෙනවා.ගිහින් බලන්න වටින තැනක්.ෆොටොස් ගන්න ආසා කෙනෙක් නම් යන්නම ඕනේ තැනක්.

    5f117f20d4028.jpg


    3.HUE නගරය


    1945 වනතුරුම වියට්නාමයේ අගනුවර විදියට සැලකුනේ මේ නගරය.ඒ නිසාම ඇමරිකානු වියට්නාම යුද්ධයේදි යුධමය වශයෙන් වැදගත් සටන් කීපයක්ම මේ නගරය ආශ්‍රිතව ඇති වුනා කියලා අතීත සාධක වලින් පෙනෙන්න තියෙනවා. ඒ වගේම මේ නගරය අදටම පෞරාණික වටිනාකමක් ගන්න ගොඩනැගිලි සහ නගරය මැදින් ගලාගෙන යන සුන්දර ගගකින් සමන්විතයි.

    නිදහසේ ඇවිදින්න යුධ ස්මාරක නරඹන්න හොද කැම කන්න නිදහසේ ඉන්න පුලුවන් නගරයක් විදියට මේ නගරය හදුන්වන්න පුලුවන්.පරණ පන්සල් සහ ගොඩනැගිලි රාශියක් තියෙනවා.හරියට අනුරාධපුර පොළොන්නරුවේ නටඹුන් බලන්න ගියා වගේ තමයි

    Hue-Vietnam-1200x675.jpg


    4. Hoi An නගරය ****


    වියට්නාම තරුණ තරුණියන් අතරේ තමන්ගේ හනිමූන් එකට යන්න ගොඩක්ම ප්‍රසිද්ධ නගරයක් තමයි මේ නගරය,.ඒ වගේම හැම මාසෙම 21 වෙනිදට මේ නගරයේ ලන්තැරුම් උස්සවයක් තියෙනවා.හරියට අපේ වෙසක් වගේ.ඒක ඒක් පාටින් පාට කරපු වෙසක් කූඩු වලට සමාන ඒවා ගග දිගේ පා කරලා අරින එක මේ නගරයේ නගර වැසියන්ගේ සිරිතක්.යනවා නම් 21 මෙහෙ ඉන්න බලන් යන්න.නිදහසේ ඉන්න පුලුවන් නගරයක් විදියට මේ නගරය හදුන්වන්න පුලුවන්

    ඒවගේම ඇදුම් නිර්මාණයටත් මේ නගරය ගොඩක් ප්‍රසිද්ධයි.පාරේ ඇවිදන් යන ගමන් ඇදුම් මසන ආයතනයකට ගොඩවෙන ඔයාට ලෝකේ තියෙන ඕනෙම විලාසිතාවක ෆොටෝ එකක් විතරක් පෙන්නලා පැය කීපයක් ඇතුලත උසස් ප්‍රමිතියෙන් යුතු ඇදුමක් මහගන්න පුලුවන් කියලා තමයි කියන්නේ. ඒ වගේම මිලත් ඉතාම සාධාරණ ගානක් කියලා තමා කියවෙන්නේ.

    හිතේ තියෙන ඇදුම පැය කීපයකින් මහගන්න ගැණු ළමයෙක් නම් යන්නම ඕනේ තැන තමයී මේ Hoi An නගරය.

    157759134.jpg


    5. Nha Trang නගරය ****


    වෙරළ නගරයක්. වෙරළට ආසා කරන කෙනෙක්ට අපූරු නගරයයි වෙයි.කැම බීම සුන්දර වෙරළ තීර එක්ක Party Town එකක් කීවොත් නිවැරදි. රුසියානු ජාතිකයන් විශාල වශයෙන් මේ නගරයට එන්න පුරුදු වෙලා තියෙනවා එයාලගේ සීත කාලයට.ඒ නිසාම මෙහෙ ඉන්න අයත් රුසියානු භාශාව කතා කරනවා දකින්න පුලුවන්.

    ප්‍රධාන වශයෙන් මධ්‍යම වියට්නාමයේ කරන්න තියෙන්නේ මේ ටික.සාමාන්‍යයෙන් මේ ටිකට දවස් 4 සිට 6ක් අතර කාලයක් ගතවෙන්න ඉඩ තියෙනවා.

    travel-nha-trang.jpg


    මධ්‍යම වියට්නාමයෙන් පස්සේ අපිට ඊලගට කතා කරන්න තියෙන්නේ දකුණු වියට්නාමය ගැන.ඊටපස්සේ වියට්නාමයේ ඉදුම් හිටුම් කැම බීම සහ දැනගන්න ඕනේ මූලිකම දේවල් ටික සහ ප්‍රවාහනය ගැන කතා කරමු.

    ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක.

    ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න.

    👉 👉 👉 වැඩිදුර විස්තර බලන්න මෙතන ඔබන්න
    මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා.

    මේච්චර දුර කියෙව්වට ස්තුතියි !!
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      704.6 KB · Views: 98
    • luxury-resort-in-Vietnam.jpg
      luxury-resort-in-Vietnam.jpg
      70.2 KB · Views: 105

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    "ela ela tfs mchn"
    "watina thread ekak"
    "bookmark karagatta"
    "bohoma sthutiyi"
    "mewage thread digatama danna"
    "keep it up brother :yes:"

    a few moments later...

    hutaa thaama mta kellek nene :dull:
    Ehenam kello innawa sahenna :yes:

    ලාබෙට කෙල්ලෙක් ගන්න නැතිවෙයිද භොඛ්ඛහ් :dull:
    Hammata Vietnam wala nathi kello koheda :yes::love:
    ------ Post added on Jul 22, 2021 at 1:03 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,312
    13,208
    113
    33
    ෆින්ලන්ඩ්
    @Geshi95 ඔයා ඔය උඩ දාල ඉන්න අය එක්ක යන්න කලින්, අපි දෙන්න pre හනිමන් එකක් යමු ලංකාවේ පොඩි කමරේකට.

    ඔය නොදන්න රටවල් වල, නොදන්නා වැඩ කරන්න කලින්, විස්වාස වන්ත කෙනෙක් එක්ක පොඩ්ඩක් practice වෙලා යන එක හොදයි නේ.
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land