දිව්‍ය ලෝක වල විස්තරේ ඔන්න ගෙනාවා

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තුසිතය
    තුසිතයෝ වැසියෝ සැමවිටම සතුටින් කල් ගෙවති. තුසිත හෙවත් සන්තුසිත දෙව්ලොවට එම නම ලැබෙනුයේ එලෙසිනි. තුසිතයේ වැසියන් සතුටින් සිවිනුයේ මතු මෛත්‍රී නමින් බුදුවන මෛත්‍රි බෝසතුන් එහි වැඩ සිවින බැවිනි.තුසිතය තුල ඇති ධාර්මික පරිසරය නිසා බොහෝ බොදුනුවෝ මරණින් මතු තුසිත දෙවි ලොව ඉපදිමට රිසිව පින් කරනු ලැබේ. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 4000 කි. එහි එක් දිනක් මිනිස් වර්ෂ 400 කි. එබැවින් තුසිතයේ වැසියන්ට වර්ෂ 57 කෝටි 60 ලක්ෂයක් පරමායුෂ විඳිය හැක. සිදුහත් බෝසත්හු මෙලොව පහල වීමට පෙර තුසිත දෙව් ලොවෙහි ශ්වේත කේතු නම් දිව්‍ය පුත්‍රව සිටියේය. මෙහි අධිපතියා සන්තුසිත දිව්‍ය රාජයා ය. ඔහු හැම අතින්ම අනෙක් දෙවිවරුන්ට වඩා උසස් වන දෙවියෙකි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය පතා මනුලොව ඉපදිමට පෙර සිවියේ තුසිත දිව්‍ය ලෝකයේය. සාමාන්‍යයෙන් සකෘදාගාමි ඵලයට පැමිණි පුද්ගලයෝ තුසිත දිව්‍ය ලෝකයේ ඉපදෙති. අනාථපිණ්ඩිත සිටුතුමාද මරණින් පසු දැනට දෙවියෙක්ව ඉපිද සිවින්නේද තුසිත දිව්‍ය ලෝකයේය.

    නිර්මාණරතිය
    මෙය සුවිශේෂි දෙව්ලොවකි. මෙහි වැසියන්ට තමන් වෙනුවෙන් සැපසම්පත් නිර්මාණය කල හැකිය. එබැවින් එහිදි විදිය හැකි සම්පත් වල සීමාවක් නැත.මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 8000කි. මිනිස් වර්ෂ 800ක් එහි එක් දිනයකි. ඒ අනුව එහි පරමායුෂ මිනිස් ලොව අනුව වර්ෂ 230 කෝටි 40 ලක්ෂයකි. “මනාප කායික” නම් වු දේව විශේෂයක් නිර්මාණ රතියේ සිට බුදුන් දැක්මට පැමිණි බව ධර්මයෙහි සඳහන්ය. මෙහි සිටින දෙවිවරුන් මනාපාදොවා නමින් හඳුන්වනු ලැබේ. ඒ ඔවුන්ට කැමති ආකාරයට සැප සම්පත් මවාගෙන සැප විඳිමට හැනි නිසාය. සැප සම්පත් පමණක් නොව තමාට කැමති රූපයද මවා ගැනිමේ හැකියාව ඔවුන්ට ඇත. මෙහි අධිපතියා වැඩි ප්‍රසිද්ධියන් නැති සුනිම්මිත නම් දිව්‍ය රාජයාය.


    චතුර්මහාරාජිකය
    මෙහි රජවරු 4ක් පාලන කටයුතු භාරව සිටි. දිව්‍ය වර්ෂ වලින් වසර 500 ආයුෂ මෙහි ඇත. මෙහි එක දිනක් මිනිස් ලොව අවුරුදු 50කට සමානය. ඒ අනුව චතුර්මහාරාජිකයේ උපන් අයෙකුගේ පරමායුෂ මිනිස් ලොව වර්ෂ වලින් වර්ෂ අනු එක් ලක්ෂයකි. මෙහි නියම අධිපතියා ශක්‍රයාය. එහෙත් කාමාවචර දෙවිවරු 4ක් මඟින් පාලනය කරන නිසා මෙම දිව්‍ය ලෝකය මේ නමින් හැඳින්වේ. සතරවරම් දෙවිවරුන් නමින් හැඳින්වෙන්නේ මොවුන්ය. පුර්ව දිසාවට අධිපති ධනරට්ඨ ,දක්ෂිණ දිශාවජ අධිපති විරුළ්හක, පශ්චිම දිශාවට අධිපති විරූපක්ඛ, සහ උතුරු දිශාවට අධිපති කුවේර මේ සතර දෙනාය. මෙම සතර දෙනා මනුලොව දෙස බලා මිනිසුන්ගේ කුසල් අකුසල් සොයා බලා රන්පත්වල ලියා ශක්‍රයා ප්‍රධාන දේව සභාවට ඉදිරිපත් කරනු ලබන බව කියැවේ.



    තාවතිංසය
    තාවතාංසය හෙවත් තව තිසා දෙවිලොව පිහිටා ඇත්තේ චාතුර්මහාරාජිකයට එපටිනි. එහි ආයුෂ දිව්‍ය වර්ෂ 1000 කි. ඒ අනුව තව්තිසාවෙහි පරමායුෂ අවුරුදු තුන් කෝටි හැට ලක්ෂයකි.මෙය චතුර්මහාරාජිකයට උඩින් පිහිටියේය. ශක්‍රයා මෙහි අධිපති ධුරය දරනු ලබයි. ශක්‍රයාට දෙදොව් ලොවට අධිපති යැයි කියන්නේ ලෝක දෙකටම අධිපති නිසාය. තව්තිසා නමින්ද හදුන්වනු ලබයි. බුදුරජාණන් වහන්සේට වඩාත් සම්බන්ධතාවක් තිබෙන්නේ මෙම දිව්‍ය ලෝකයටය. උන්වහන්සේගේ මව්තුමිය වු මහාමායා දේවිය මරණින් පසු දිව්‍යාංගනාවක්ව සිටින්නේ මෙම දිව්‍ය ලෝකයේය.එමනිසා මව්තුමියට ධර්මය දේශනා කිරිමට උන්වහන්සේට වැඩම කිරිමට සිදු වුයේ තව්තිසා දිව්‍ය ලෝකයටය. එසේම නන්ද තෙරුන්ට ජනපද කල්‍යාණියට වඩා රූමත් දෙවඟනන් සිටින බව පෙන්විමට ඔහුව රැගෙන ගියේද මෙම දිව්‍ය ලෝකයටය.






    යාමය
    යාමය ඇත්තේ තව්තිසාවට එපටිනි. යාමයෙහි වැසියෝ දිව්‍ය වර්ෂ 2000 පරමායුෂ විඳිති. එහි එක් දිනක් මිනිස් ලොව වසර 200ක් වන අතර ඒ අනුව මනුෂ්‍ය වර්ෂ දාහතර කෝටි හතලිස් ලක්ෂයක් ජිවත්විමට යාමයෙහි වැසියන්ට හැකිය. යම රජු සිටිනුයේ යාමයෙහි බව සමහරු සිතති. තවත් සමහරු කියන පරිදි යාම රජු යනු චතුර්මහාරාජිකයේ සිටින වෛශ්‍රණ නම් පාලකයාය. එනමුත් අපායෙහි වෙනම රජ කෙනෙක් සිටින බව දේව දුතයෙහි එන කරුණු වලින් පැහැදිලි වේ.



    පරනිර්මිත වසවර්තිය

    අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය.මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය.එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නැත. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 16000කි. මිනිස් වර්ෂ 1600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදිමට මෙහි වැසියන්ට හැකිය. මෙහි අධිපතියා වසවර්ති දිව්‍ය පුත්‍රයා ය. නමුත් ඔහු අපි හැමෝම අකමැති අපව බියගන්වන වසවර්ති මාරයා නොවේ. මෙහි දෙවිවරුන්ට නිම්මානරති දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට මෙන් තමා කැමති කැමති සැප සම්පත් මවාගත නොහැකි අතර ඔවුන් විඳින්නේ අනුන් මවා දුන් සැප සම්පත්ය.
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    වයිෆුත් එක්කද? තනියම ද? :confused::sorry:
    වයිෆ් එක්ක යන එකක් නෑ බන්.වෙන වෙන දිව්‍යාංගනාවො එක්ක මූට නටන්න වෙන්නෑනෙ.මාට්ටු වුනොත් චුත කරවයි එහෙනුත්... :lol: :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,933
    113
    එකමත් එක රටක
    ඕවට යන්නේ බෞද්ධ අය විතරද මචන් ?
    ඔය ඉන්න දෙයියෝ නම් බෞද්ධ ආගමත් එක්ක සම්බන්ද තියන අය වගේ.

    එහි එක් දිනක් මිනිස් වර්ෂ 400 කි.
    මිනිස් වර්ෂ 800ක් එහි එක් දිනයකි

    @hodakolla දිව්‍යලෝකේ දිනයක් කියලා අර්ථ දක්වන්නේ මොකද්ද ?
    මෙහෙ නම් ඉර පායලා බැහැල යනවා දවසක් ඇතුලත. ලෝකේ වටයක් කැරකෙනවා. එහෙ මොනවා උනාමද දිනයක් පටන් ගන්නේ ඉවර වෙන්නේ ?
    ------ Post added on Aug 28, 2021 at 6:35 PM
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕවට යන්නේ බෞද්ධ අය විතරද මචන් ?
    ඔය ඉන්න දෙයියෝ නම් බෞද්ධ ආගමත් එක්ක සම්බන්ද තියන අය වගේ.


    දන්න විදියට දෙයක් කියන්නම් මචං.දිව්‍ය තලයන්හි උප්පත්තිය ලබන්න බෞද්ධ ම වෙන්න ඕන නෑ.කුසල මූලික චේතනාවකින් යම් කර්මයක් කලොත් ඒක තමන්ගෙ හිත සුව පිණිස පවතිනව කියලයි ධර්මයේ සඳහන් වෙන්නෙ.කර්මය හා කර්මඵල විස්වාසයෙන් දෙන දානය හෝ කුසල කර්මය මහත්ඵලයි මහානිසංසයි කියලයි කියවෙන්නෙ.

    @hodakolla දිව්‍යලෝකේ දිනයක් කියලා අර්ථ දක්වන්නේ මොකද්ද ?
    මෙහෙ නම් ඉර පායලා බැහැල යනවා දවසක් ඇතුලත. ලෝකේ වටයක් කැරකෙනවා. එහෙ මොනවා උනාමද දිනයක් පටන් ගන්නේ ඉවර වෙන්නේ ?
    ------ Post added on Aug 28, 2021 at 6:35 PM
    ඒක ගැන හරියටම කියන්න අදහසක් නෑ.එතන කාලයන් පෙන්වීම සඳහා ඒ විදියට මිනුමක් භාවිතා කරන්න ඇති කියල හිතෙනව.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මූට මේ බන සයිට් එකක් හම්බෙලා අපිට තියන වදයක් .තනියන දිව්‍ය ලෝකෙ යන්නෙ නැතුව.
    ඌට එහෙ ගියොත් තනියෙන් ඉන්න වෙයි කියල වෙන්ටැ අපිවත් අරන් යන්න හදන්නෙ... :lol: