ජාන විශ්ලේෂණය හරහා හෙළි වුණු අපගේ යටගියාව

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113

    ජාන විශ්ලේෂණය හරහා හෙළි වුණු අපගේ යටගියාව​


    ඉතා ඈත අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ඥාති සම්බන්ධතාවයන්ට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. අපි එකිනෙකා අතර වූ ඥාති සබඳතාව කොයි ආකාරද? අනිකුත් ජන වර්ගයන්ට අපි කොතරම් ඥාතිකම් දරනවාද? ශ්‍රී ලාංකිකයන් සැබැවින්ම එකම පවුලකට අයත් සාමාජිකයන්ද? මෙකී නොකී ප්‍රශ්න රාශියක් ඔබටත් නැගී තිබෙනවා විය හැක. මෙවන් වූ ප්‍රශ්න රැසකට විද්‍යාත්මක පිළිතුරක් ලබා දෙමින් කොළඹ විශ්ව විද්‍යාලය සහ ජීන්ටෙක් ආයතනය සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල Nature ප්‍රකාශනයක් වන Scientific Reports යටතේ ප්‍රකාශයට පත් වී ඇත.
    මෙම පරීක්ෂණයේ මූලික අරමුණ වී තිබෙන්නේ X – වර්ණදේහ මූලික කර ගත් ඩී එන් ඒ ඇඟිලි සලකුණු ක්‍රමවේදය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත්, ඒ ඔස්සේ ලාංකිකයන් අතර වූ ඥාති සම්බන්ධතාව පිළිබඳව අධ්‍යනය කිරීමත්ය. කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සත්ව විද්‍යා සහ පාරිසරික විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය ගයනි ගල්හේන මහත්මියත්, කොළඹ ජීන්ටෙක් ආයතනයේ නන්දික පෙරේරා මහතාත්, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා දෙපර්තමේන්තුවේ මහාචාර්ය ගයා රණවක මහත්මියත් මෙම පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් වේ.

    %E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%9A%E0%B7%82%E0%B6%AB-%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8.png

    පිංතූරය 01 – පර්යේෂණ කණ්ඩායම.

    මෙම විද්‍යාඥයින් කණ්ඩායම මීට පෙර ශ්‍රී ලාංකිකයින් සඳහා X – වර්ණදේහ මූලික කර ගත් ඩී එන් ඒ ඇඟිලි සලකුණු පරීක්ෂණයක් නිර්මාණය කිරීමට සමත් වූ අතර, ඒ මගින් පවතින ඩී එන් ඒ ඇඟිලි සලකුණු ක්‍රමවේදය හරහා සංකීර්ණ ඥති සබඳතා අධ්‍යනයේ දී මතුවන ගැටළු මග හරවා ගත හැක. මෙම X – වර්ණදේහ මූලික කර ගත් ඩී එන් ඒ ඇඟිලි සලකුණු ක්‍රමවේදය වඩාත්ම වාසිදායක වන්නේ අවම වශයෙන් එක් කාන්තාවක් හෝ සම්බන්ධ ඥාති සබඳතා නිර්ණය කිරීම් සඳහා ය. ඒ අනුව මෙම නව අධ්‍යනයේ අරමුණ වන්නේ නව ඩී එන් ඒ ඇඟිලි සලකුණු ක්‍රමවේදය ලංකාවේ ස්ථාපිත කිරීමට අවශ්‍ය මූලික ජාන දත්ත සංචිතයක් සකස් කිරීමය. එම දත්ත සංචිතයක ජාතීන් අතර ඇති ප්‍රවේණි සබඳතාවයන්ට අනුරූප විය යුතු අතර ඒ සඳහා ඔවුන් අතර ඇති ඥාති සබඳතාවයේ ස්වභාවය නිර්ණය කිරීම අවශ්‍ය ය.
    ශ්‍රී ලාංකික ජන වර්ගයන් අතර වූ සංකීර්ණ ජන විකාශන ඉතිහාසය හේතුකොට ගෙන මෙම ජන වර්ග අතර වූ ජානමය සබඳතාව දේශීය සහ විදේශීය මට්ටමින් අපැහැදිලි තත්වයක පවතී. ශ්‍රී ලංකාව සමුද්‍රීය සේද මාවත මධ්‍යයේ පිහිටි සුවිශේෂී සන්ධිස්ථානයක් බැවින් ඉතා ඈත අතීතයේ පටන් විවිධ විදේශිකයන් හට නැවතුම්පලක් බවට පත්වී තිබුණි. වර්තමාන ශ්‍රී ලංකාවේ වාසය කරනා ජනගහනයෙන් වැඩි කොටසක් මෙලෙස විදේශිකයන් ගෙන් පැවත එන අතර ඉන් සියයට 99.5 ක ප්‍රතිශතයක් සිංහල, ශ්‍රී ලාංකික ද්‍රවිඩ, මුස්ලිම් සහ ඉන්දීය ද්‍රවිඩ යන ජනවර්ග හතරින් සමන්විතය. මෙම ජනවර්ග හතර අතර වූ ජානමය සබඳතාව අධ්‍යනය සඳහා X – වර්ණදේහයේ පිහිටි ජාන සලකුණු 16 ක් මෙම පරීක්ෂණයේ දී භාවිත කර ඇත. එදා මෙදා තුර ශ්‍රී ලාංකිකයන් සඳහා සිදු කල විශාලතම ජාන අධ්‍යනය වන මෙම පර්යේෂණය, ඥාති සබඳතාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් 838ක ගේ ජාන දත්ත මත පදනම් වී ඇත.

    X-STR.png

    පින්තූරය 02 – පර්යේෂණය සඳහා භාවිත කරන ලද X – වර්ණදේහයේ ජාන සලකුණු 16

    මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල වලට අනූව ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය ද්‍රවිඩ ජන වර්ගය සුළු එහෙත් සංඛ්‍යානමය වශයෙන් සැලකිය යුතු ලෙස මුස්ලිම් හා සිංහල ජන වර්ගයන්ගෙන් වෙනස් වෙයි. එනමුත් සිංහල, ශ්‍රී ලාංකික ද්‍රවිඩ සහ මුස්ලිම් ජන වර්ගයන් අතර විශාල වූ සම්මිශ්‍රනයක් දක්නට ලැබේ. පහත රූපසටහනේ දක්වා ඇති ආකාරයට සිංහල සහ මුස්ලිම් ජන වර්ගයන් අතර වූ ජානමය සබැඳියාව, සිංහල සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජන වර්ගයන් අතර වූ සබැඳියාවට වඩා සමීපතාවයක් දරයි. මෙම ප්‍රතිඵල, ඉහත සඳහන් ජන වර්ග හතරෙහි විකාශය පිළිබඳව ඉතිහාස ගත වාර්තාවන් වලට එකඟ බව ද මෙම පරීක්ෂණය සිදු කල විද්‍යාඥයන් තවදුරටත් සඳහන් කරයි.

    UPGMA.png

    පින්තූරය 03 – X – වර්ණදේහය පාදක වූ ඩී එන් ඒ ඇඟිලි සලකුණු අධ්‍යනයට අනුව ශ්‍රී ලාංකික ප්‍රධාන ජන වර්ග හතර අතර ඇති ඥාති සබැඳියාව.

    ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන්ගේ විකාශය ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වල වූ ද්‍රවිඩ ජනයා ශ්‍රී ලංකාවට පැමිණීමත්, සිංහලයන් සහ ඔවුන් අතර විවාහ බන්ධනයන් ඇතිවීමත් හරහා සිදුවූ බවට ඉතිහාසය මෙන්ම මෙම පරීක්ෂණයේ දත්ත ද සාක්ෂි සපයයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වාසය කරන ඉන්දීය ද්‍රවිඩ ජනයාගේ මූලාරම්භය, එතරම් පැරණි නොවූ, තරමක් මෑත අතීතයේ යටත් විජිත සමය දක්වා පමණක් දිව යන්නකි. යටත් විජිත සමයේ වතු කම්කරුවන් ලෙස ලංකාවට රැගෙන ආ ඔවුන් සිංහල ජනයා සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජනයා සමග සම්මිශ්‍රණය සිදු වී ඇත්තේ ඉතාමත් සුළු වශයෙනි.
    ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ සම්භවය සිදු වන්නේ වෙළදාම් කටයුතු සඳහා ශ්‍රි ලංකාවට පැමිණි මුස්ලිම් පුරුෂයන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ සිංහල සහ ශ්‍රී ලාංකික ද්‍රවිඩ කන්තාවන් විවාහ පත් කර ගැනීම සමගයි. එබැවින් මෙම පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට X වර්ණදේහ විශ්ලේෂණයෙන් හෙළි වූ මුස්ලිම් ජනයා තුළ ඇති සිංහල ජාන සම්භවය පුදුමයට කරුණක් නොවේ. තවද මෙම පර්යේෂණය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාගේ සම්භවය පිළිබඳ වූ මතභේදයට සාර්ථක විද්‍යාත්මක පිළිතුරක් සපයයි. බහුතරයේ මතයට අනුව ඔවුන් ශ්‍රී ලංකාවට අතීතයේ සංක්‍රමණය වූ ආරාබි වෙළෙදුන්ගේ නියෝජනයකි. නමුත් ඇතැම් ඉතිහාසඥයින්ට අනුව ඔවුන් ඉස්ලාමීය භක්තියන් වූ ඉන්දියානුවන් පිරිසකගෙන් සම්භවය වී ඇත. කෙසේ නමුත්, මෙම නව අධ්‍යනයෙන් ලබා ගත් තොරතුරු වලින් තහවරු වන්නාවූ, ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයා සතු ඉන්දීය සම්භවය, ඉහත සඳහන් දෙවන මතවාදයට පක්ෂව කරුණු සපයයි.
    මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල තව දුරටත් පුළුල් කිරීමේ අභිප්‍රායෙන් මෙම විද්‍යාඥයින් පිරිස ශ්‍රී ලංකාවේ මෙම ජන වර්ග හතරෙහි ජානමය සම්බන්ධතා අනෙකුත් මහද්වීපයන් වල වූ ජන වර්ග 14ක් සමග සසඳා බලා ඇත. එයින් ලද ප්‍රතිඵල වලට අනූව ශ්‍රී ලාංකිකයන්, යුරෝපීයයන් හා දකුණු ආසියාතිකයන් අතර ඉතා කිට්ටු ඥාති සබඳතාවයක් ඇති අතර එය ඔවුන් අග්නිදිග ආසියාතිකයන් සහ අප්‍රිකානුවන් වෙත දක්වන ඥාතීත්වයට වඩා ඉතා සමීප සබඳතාවයකි. නමුත් ඉන්දීය ද්‍රවිඩ ජනයා අනිකුත් ශ්‍රී ලාංකීය ජාතිකයන් ට වඩා ඔවුන්ට තරමක් දුරස්ථභාවයක් පෙන්නුම් කරයි.
    පර්යේෂකයන් පැහැදිලි කරන පරිදි මෙම සොයා ගැනීම අතීත යුරේෂියානු ජන සංක්‍රමණය පිළිබඳ වූ මතයන් හා මනාව ගැලපේ. ඉතිහාසඥයන්ට අනුව සිංහලයන්, ක්‍රිස්තු පූර්ව තුන්වන සහස්‍රයේ කළු මුහුද හා කැස්පියන් මුහුද ආශ්‍රිතව යුරෝපය හා දකුණු ආසියාව දෙසට සංක්‍රමණය වූ යුරේසියානු මහද්වීපිකයන් කොටසක් වූ ඉන්දු ආර්යයන්ගෙන් පැවත එනු ලබයි. මේ අනුව වර්තමාන යුරෝපීයයන් හා දකුණු ආසියාතිකයන් අතර හඳුනාගන්නා ලද මෙම සමීප ප්‍රවේණි සබඳතාවය, ඔවුන්ගේ ලෝකඩ යුගයේ පොදු පූර්වජයන් විද්‍යාමාන කරයි. එනමුත් ද්‍රවිඩ ජනයා පැවත එන්නේ ඉන්දියාවේ ජීවත් වූ ස්වදේශීය මුතුන්මිත්තන්ගෙනි. ආදී පූර්වජයන් වෙනස් වුවත් ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් වසර දෙදහස් ගණනක් තිස්සේ සිංහලයන් හා පැවැත්වූ විවාහ සබඳතා නිසා ඔවුන් හා ශ්‍රී ලාංකීය ද්‍රවිඩ ජාතිකයන් අතර සිංහල ජාතිකයන් හා ඉන්දීය ද්‍රවිඩ ජාතිකයන් අතර දක්නට නොලැබෙන පොදු ප්‍රවේණිය පසුබිමක් දක්නට ඇත
    මෙම හේතුව නිසාවෙන් ඉන්දීය ද්‍රවිඩ ජන වර්ගයේ X – වර්ණදේහය පාදක වූ ඥාති සබඳතා නිර්ණය සඳහා ඔවුන්ටම ආවේණික වූ ජාන දත්ත සංචිතයක් යොදා ගැනීම සුදුසු බව මෙම පරීක්ෂණ කණ්ඩායම අවධාරණය කරයි. නමුත් සිංහල, ශ්‍රී ලාංකික ද්‍රවිඩ සහ මුස්ලිම් යන ජන වර්ග සඳහා පොදු ජාන දත්ත සංචිතයක් භාවිත කල හැකි බව ඔවුන්ගේ අදහසයි.
    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සිදු කරන ලද මෙම X – වර්ණදේහ මූලික කරගත් ශ්‍රී ලංකාවේ ජන වර්ග අතර වූ ජන විකාශන ඉතිහාසය පිළිබඳ අධ්‍යනය අණුක අධිකරණ විෂය ක්ෂේත්‍රයේ නවමු මාවතක් ශ්‍රී ලාංකිකයන් සඳහා විවර කරනු ලබයි. මෙවන් වූ නවතම පරීක්ෂණයන් සිදු කරමින් විද්‍යා ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කරන්නාවූ විද්‍යාඥයන් අප රට තුළිනුත් බිහි වීම පිළිබඳව ශ්‍රී ලාංකිකයන් ලෙස අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි.

    Reference:
    Perera, N., Galhena, G., & Ranawaka, G. (2021). X-chromosomal STR based genetic polymorphisms and demographic history of Sri Lankan ethnicities and their relationship with global populations. Scientific Reports 2021 11:1, 11(1), 1–12. https://doi.org/10.1038/s41598-021-92314-9

    Title Image:
    https://commons.wikimedia.org/wiki/File:Lanka_moors.jpg#filelinks
    https://lankapura.com/2009/06/sinhalese-women-at-work-ceylon/
    https://www.wallpaperup.com/427811/..._pattern_abstraction_genetic_psychedelic.html

    Content Images Courtesy: Dr. Gayani Galhena
    Written By: E. A. Nimesha Madhushani Edirisinghe
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපි යක්ඛ ද සිංහ ද? එකක් කරලා කියපල්ලා.. සිංහලේ.. මකලා යක්ඛලේ කරලා වීල් වල ගහගන්න එපැයි. 🤪😜🤪😜
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,576
    22,275
    113
    Gotland
    අපි යක්ඛ ද සිංහ ද? එකක් කරලා කියපල්ලා.. සිංහලේ.. මකලා යක්ඛලේ කරලා වීල් වල ගහගන්න එපැයි. 🤪😜🤪😜

    යක්ක හෝ සිංහ ඔය දෙකම නෙවි
    අපිත් ඉන්දියන් බංගලි වගේම තවත් දකුණු ආසියානු ජනකොට්ටශ්‍යක් පමණි
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,830
    113
    ඉතින් එදා ඉදන්ම පිළිගත්ත දේ සිංහල කියන්නේ උතුරු ඉන්දියානු ආර්‍ය්‍ය කියන එන්නේ. ශ්‍රී ලංකා දෙමළ කියන්නේ දෙමල ආක්‍රමණ වලට අහු වෙලා දෙමල අනු මිනිස්සු. ගොඩක් වෙලාවට ලංකාව ඇතුලට ඇවිත් තමිල්නාඩු දෙමළු පදිංචි වුනේ නැහැ. මොකද උන් කුලී හේවායෝ විතරයි. අනිත් දකුණු ඉන්දියන් කට්ටිය තමා ලංකාවේ දෙමල එක්ක සම්බන්ධතා තියෙන්නේ. මුස්ලිම් දෙමළ ම තමා.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,227
    113
    මෑතකදී uk වලින් ඇවිල්ල වැල්ලේ පදිංචි වෙච්ච සෙට් එකගේ නම් වෙනස් ඇති නේද ඕක