😟😞😠 කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා මාට්ටු 😠😞😟

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    %E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F-%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD-%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA-696x364.webp



    දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

    ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇත

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ කලනි යසින්තා මාපලගම නැමැති දෙදරු මවක් වන බවද පොලිසිය පවසයි.

    මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක සිටින බවත් පොලිසිය පවසයි.

    මෙම කාන්තාව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිටි බවත් සැප්තැම්බර් මස (15) වන දින රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහුද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

    මළ සිරුර රෝහලට රැගෙන යෑමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත.

    ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බවත් පොලිසිය පවසයි.

    මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

    එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ලබා ගත් නියෝග මත පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය එම්.එම් සම්පත් සේනතුංග මහතා ලබා දුන් පරීක්ෂණ වාර්තාවේ සඳහන් වී ඇත්තේ මරණය නාසය සහ මුඛය තද වන ආකාරයෙන් සිර කිරීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය මත මෙම මරණය සිදුව ඇති බවයි

    ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

    ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.




    Source: lankadeepa.lk



    නොදකින් මෙහෙමත් කාලකණ්ණි:angry::angry::angry:🤮
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    කරපු වැඩේ පට්ට වැරදියි තමයි.. ඒත් ඒකෙන් එලියට එන කතාව තේරුණාද?

    කොවිඩ් මරණ පශ්චාත් මරණ පරීක්‍ෂණ වලට යොමු වෙන්නෙ නෑ නෙ.. PCR එකක් කරා, positive නම් ආණ්ඩුව ගානෙම පුච්චලත් දෙනව.. වැඩේ සදාකාලිකව ම යට යනවා.. ලංකාවෙ උන් මහ ජරා වගේම පට්ට tactical ජාතියක් :oops:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කොරෝනා වලින් ගේම ගහන්න බලන්නෙ දැන් කට්ටිය පීසීආර් පොසිටිවු උන ගමන් පුච්චනව ආයෙ සාක්සි මොකුත් නෑ

    ow anika husma hira unama mareddi hithanawa corona nisa wenna aththe kiyala :(
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    omg.
    thawa oya wage karapu un athi neda bn :(


    post mortem eke kisima aulak nathuwa report eka thibunoth hodai podi hari loop hole ekak thibunoth athi. methana covid kiyana loop hole eka thiyenawane

    hoda minihek waradi naha kiyala oppu karanna amarui evidence hariyata nathinam kisima hole ekak nathuwa hariyatama oppu karanna ona niwaradikaru kiyala. eth weradikaruwek nidahas wenna podi loop hole ekak hoyagena ethanin ringana eka lesi.
     
    Last edited: