අති ගවුරවාර්ත පී එච් බග්‍ය
ගරු භාන්ඩාගරික
එච් කේ ඇසොසියේශන් පයිවට් ලිමිටඩ්
ගරු උදෙශකතුමාගෙ පරිහරනය සදහා බාන්ඩ ලබාගැනීම සම්බන්දවයි
ගරු බාන්ඩාගාරික තුමයි,
එච් කේ ඇසොසියේශන් පයිවට් ලිමිටඩ් ආයතනයේ, මා හට පැවරී ඇති, අති දුශ්කර
කාර්‍යන් ඉටු කිරීම සදහා, ලබා දෙන දීමනාවට අමතරව පහත අයිතම ද අනුමත කරන
ලෙස කාරුනිකව මෙයින් ඉල්ලමි.
01. ගරු උදෙශකතුමාගෙ පරිහරනය සදහා කුඩයක්
02. පොඩි පින් චාජරයක්
03. ෆො ස්ට්‍රෝක්, මොබිල් ඇන්ජිම් ඔයිල් කෑන් 2ක්
04. බයිසිකල් සෝදන දියර බෝතල් 1ක්.
ස්තූතියි.
සෝලො රයිඩර් ( බී ඇස් සී, එම් ඇස් සී, ඇල් ඇල් බී )
ජෙශ්ට උපදේසක
@PHBhagya
උක්ත කරුන හා සබැදේ
මහත්මයාගේ ලිපියෙ අඩංගු කරුණු පිලිබඳ මම සලකා බැලුව.
නමුත් මෙහි යම් අඩුපාඩු කීපයක් තිබෙනව.
මේ භාණ්ඩ සඳහා චෙක්පත නිකුත් කිරීමට ඉහත ලිපිය පමනක් කිසි සේත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ....
මේ සඳහා,
ඉහත භාණ්ඩ ලැයිස්තුව, ජේශ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් නිරීක්ශණය කල යුතුයි.
එහිදී ඔවුන් විසින් උක්ත භාණ්ඩයන්, උපදේශක කාර්යය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩයන්ද යන වග සලකා බලා, අනුමැතිය ලබාදිය යුතුයි...
ඉහත භාණ්ඩ ලැයිස්තුව සඳහා අවම වශයෙන් ලියාපදිංචි ආයතන පහකින් මිළ ගණන් කැඳවීමක් අවශ්‍ය වෙනවා.
එයින් තෝරාගත් එක් මිළ ලැයිස්තුවක් ඉහත ලිපිය සමග අමුණා සභාපති, ලේඛම් මහත්වරුන්ගේ අනුමැතිය ලබාගත යුතුයි.
සභාපති හා ලේඛම් වරුන්ගේ නිල මුද්‍රාව සහිත ලිපියකින් අනුමැතිය ලැබුණු පසු, ප්‍රතිපාදන වෙන්කල හැකි වන නමුත්,
ඒ සඳහා කිසිවකුගේ විරුද්ධත්වයක් නැති වග සපත වන තෙක්, සති දෙකක කාලයක් දින යෙදූ චෙක් පතක් ඔබ හට පැවරීමේ බලය මා හට පවතී....
ස්තූතියි....
මීට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
හවසට බෝතලේකුයි, රෝස් කුකුලෙකුයි අරං ආවනං ඒක පැහැදිලි කරල දෙන්න පුලුවන්....