ගෘහස්ත “ගෑස් බෝම්බය“ පළමු බිල්ල ගනී

dasuneranda

Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    ගෘහස්ත “ගෑස් බෝම්බය“ පළමු බිල්ල ගනී… ප්‍රතිකාර ලබමින් සිටි වැලිකන්දේ තරුණිය මිය යයි!
    අනතුර වුනේ අලුත් ගෑස් සිලින්ඩරයකින්... පරීක්ෂණයක් දෙන්න... මියගිය තරුණියගේ පියා බලධාරීන්ගෙන් ඉල්ලයි!
    නොවැම්බර් 26, 2021
    මනම්පිටිය නිමල් ජයරත්න – Lankasara
    පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානය නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති විවාහක තරුණියක් ඊයේ (25) සවස මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
    මෙම අවාසනාවන්ත අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
    මේ මස දහතුන් වැනිදා ඇය නිවසේ මුළුතැන් ගෙයි තිබූ ගෑස් උදුන දැල්වීම්ට යෑමේදී ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
    ඒ වන විට නිවසේ වෙනත් කිසිවකුත් නොසිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගෑස් ලිපෙන් මුළුතැන්ගෙයි පුරා නැඟුණු ගිනි නිවා ඇයව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
    මේ සම්බන්ධ නිවසියන් වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර අද දින අවසන් කටයුතු කිරීමට පවුලේ ඥාතීන්ට දේහය භාරදුන් බවත් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක අප කළ විමසීමකදී සඳහන් කළේය.
    මියගිය තරුණියගේ පියා වන දිඹුලාගල පැළලටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51 වියැති බී.ජී. ජයසූරිය සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත මරණය සිදු වූ බවයි.
    මේ පිළිබඳ අදාල බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළේය. ගෑස් සිලින්ඩරය පුපුරා මිය ගිය අයේෂා කුමුදුනි තරුණියගේ අවසන් කටයුතු 26 වෙනිදා පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.
    Credit : Sudesh. Karunathilake

    1637919804681.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අපේ ගෙදර පිපුරුවොත් නම් මම තමයි මැරෙන්නෙ. ගෑස් ටැන්කිය තියෙන්නෙ මන් නිදාගන්න තැන බිත්තිය අයිනෙ එහා පැත්තෙ. :growl: :growl: :growl:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපේ ගෙදර පිපුරුවොත් නම් මම තමයි මැරෙන්නෙ. ගෑස් ටැන්කිය තියෙන්නෙ මන් නිදාගන්න තැන බිත්තිය අයිනෙ එහා පැත්තෙ. :growl: :growl: :growl:
    DOON gaala pipuruwama uba paththarekata riwa wage podiwela idi
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    අපේ ගෙදර පිපුරුවොත් නම් මම තමයි මැරෙන්නෙ. ගෑස් ටැන්කිය තියෙන්නෙ මන් නිදාගන්න තැන බිත්තිය අයිනෙ එහා පැත්තෙ. :growl: :growl: :growl:
    Gass leek wena nisalu neh godakma gini gena pichchenne,janel ,dorawal ehema arala gass eka paththu karanna..