Breaking News: ඩොලර් නැතිව කුස්සියේ බඩු වරායේ ගොඩ ගැසෙයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඩොලර් හිඟය හේතුවෙන් ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,000 ක් පමණ වරායේ හිරවී ඇතැයි ආනයනකරුවෝ පවසති.

    එම කන්ටේනර්වලින් වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කළ හාල්මැස්සන් කරවල, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු ආදි අඩංගු ඒවා බවත් ඇතැම් කන්ටේනර්වල ඇති ආහාර ද්‍රව්‍ය විනාශ වීමේ අවදානමක් ද ඇති බවත් වාර්තා වේ.

    ප්‍රධාන පෙළේ ආනයනකරුවෙකුගෙන් මේ පිළිබඳව අද (9) පස්වරුවේ කළ විමසුමකදී පැවසුවේ ඩොලර් හිඟය හේතුවෙන් කන්ටේනර් නිදහස් කරගැනීම මන්දගාමී වීම නිසා කන්ටේනර් ගොඩගැසී ඇති බවත් කන්ටේනර් නිදහස් කරගන්නා සංඛ්‍යාවට වඩා නව කන්ටේනර් එකතු වීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත්ය.

    වාණිජ බැංකුවලින් මීට පෙර පැවැති ආකාරයට සාමාන්‍ය පරිදි ඩොලර් නිකුත් කළේ නම් මෙවැනි තත්වයකට පත්නොවී දිනපතා කන්ටේනර් නිදහස් කරගන්නා බවත් ඩොලර් හිඟය සියලුම ආනයනරුවන් ප්‍රශ්න බවට පත්ව ඇති බවත් ප්‍රධාන පෙළේ ආනයනකරුවෝ කියති.


    Lankadeepa
     

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    oya godak business karana un tamange labe ganama hitala mona hari kunu godak mehata patawala kiyak hari hoya ganna hadana aun aka atakata lankawa wayaparika krame hatiyata godak un oya wayapara walin ath wanawanum hodai.mokada sampradaikawama mankolla kanna purudu wacca wayaparika prajawak lankawa inna
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    C
    සමහර company නම් dollar හොයා ගන්නවා මෙහෙ උන්ට සල්ලි දීලා.. කොහොම කරනවා ද දන්නේ නෑ.. කෝටි ගණන්... 🤔
    Crypto ehema use wenwa athi bn
     
    • Sad
    Reactions: koj500

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    රට වටේම මුහුද තියාගෙන හාල්මැස්සෝ පිටරටින් ගෙන්නනවා කියන්නේ මොන සාපයක්ද බං.
    Singapore wage wen na yan ne raten serama kama ... gini ganan :lol:
     
    • Like
    Reactions: Any.key

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    ඩොලර් එකට බොරු මිලක් දුන්නම ඩොලර් තියෙන එව්න් ඩොලර් හන්ගනවා තමයි 🤣🤣හාවො නෙමෙනෙ උන් ...


    100% ආන්ඩුවේ වැරැද්ද
     

    Sen-lu

    Well-known member
  • රට වටේම මුහුද තියාගෙන හාල්මැස්සෝ පිටරටින් ගෙන්නනවා කියන්නේ මොන සාපයක්ද බං.
    ඔය රස්සා කරන්න මිනිස්සු කැමතිත් නෑනෙ.