යාළුවාගේ ක්‍රශ් එක හින්දා කාපු කට්ට

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    විභාගෙ ඉවර වෙලා ගෙදර නිසා කරන්ඩ විශේෂ වැඩකුත් නැති නිසා මේකෙ ලියන්ඩ හිතුනා විභාගේ දවස් ටිකේ වුන සිද්දියක්.😂


    1 කොටස

    මේ පාර A/L තර්ඩ් ශයි හින්දා පෞද්ගලික අයදුම් කරුවෙක් විදිහට තමා a/l exam එකට දැම්මෙ.
    හා හා පුරා කියලා පටන්ගන්න දවසෙම හවස අපිට.🤓

    1.30ට එක්සෑම් පටන් ගන්නවා.1ට හෝල් එකට ගිහින් ඉදගත්තා.🥺

    කියන්න සන්තෝසයි මිත්‍රවරුණි විභාග ශාලාවෙ කොල්ලෙක් අහලකවත් නැත.
    ඉන්න කෙල්ලො හෝ ගාලා පොත් පෙරලනවා.
    වට පිට බලවුවෙ නෑ කෙලින්ම ඉස්සරහා බලන් හිටියෙ.උන් දිහා බලනව කියලා හිතනවනෙ නැත්තන්.

    (මට එහා පැත්තේ හිටපු කෙල්ල ලියන වෙලාවේ දෙතුන් පාරක් මන් ඉන්න පැත්ත බැලුවා.මන් හිතුවෙ මන් දිහ බලනව වෙනඩ ඇති කියල.මන් ඩොන්ට් කෙයාර් ගානට හිටියා.පස්සෙ දන්නෙ එකී බලලා තියෙන්නෙ මන් එකිගෙන් කොපි කරනවද කියලා😂🤣)

    ඊට පස්සෙ කෙමිස්ට්‍රි දවසේ මැත්ස් කරන කොල්ලෙක් කොහොමහරි යාන්තන් සෙට් වුණා.
    හරි දැන් අඩුම ගනේ කතා කරන්ඩ හරි එකෙක් ඉන්නවනේ අර ගල් ගිල්ල වගෙ ඉන්න කෙල්ලො වෙනුවට කියලා හිත හදාගත්තා.

    හම්මෝ දැන් තමා හොදම සිද්දිය.😇

    මූ ටික වෙලාව්කින් කියනවා අඩේ කෙල්ලෙක් ඉන්නවා.මට ඒ දවස් වල (2017 විතර ) කෝර්ස් එකකින් සෙට් වෙච්ච එකක්. ඒකිත් එක්සෑම් ලියන්න ඇවිත් ඉන්නවා කියලා.🥰

    එකිගෙ හැඩ රුව කිඋවට මට මීටර් නෑ කවුද කියලා.ඔක්කොම අනික් 70-80ම කෙල්ලොනෙ.අනික උට විශේෂ උනාට මට අදාල නෑනේ.

    හරි ඔහොම ඒවට කලින් උදව් කරලා පළපුරුද්ද තියනවා.

    මම කිවුවා ඉතින් කෝකද කියලා පෙන්නපන් කියලා.

    විභාගේ ඉවර වෙලා යද්දි එකිව පෙන්නුවා.
    කියන්න සන්තොසයි මිත්‍රවරුණි ඒකි අල්ලපු ගමේ.
    මෝඩකම කියන්නෙ මිත්‍ර වරුණි පෙන්නපු ගමන් මට ඒකි අල්ලපු ගමේ කියලා කියවුනා.🤪

    හරි මූ දැන් අනිවා අපේ ගෙදර එනවා.මට මූ එක්ක එකිගෙ ගෙවල් පෙන්නන්න එක්කන් යන්ඩ වෙනවා.

    ඔහොමම ඉතින් පිලිවලට බයෝ, පිසික්ස්, කෙම, ජෙනරල් ටෙස්ට් එක ඉවර වුනාම අපිට ඉතින් එක්සෑම් ඉවරයි වගේ තමා.

    කඩ්ඩ විතරයී ඉතුරු.

    කිවුවා වගේම පොදු පරීක්ශනේ දවසෙ හවස මූ කෝල් එකක් දෙනවා "අඩෝ මම උබලගෙ ගෙදර එනවා.උබ එක්සෑම් එක ලියලා එන ගමන් අහවල් ගරාජ් එක ගාව බැහැපන්.මන් එතන වීල් එක හදනවා.එහෙම්ම උබලගෙ ගෙදර යමන් කියලා."


    ගොනා හැරෙද්දිම මම දැනගත්තා පොල් පැලෙ කන්ඩ තමා කියලා.😂

    මු එන්නේ අපෙ ගෙදර ඇවිත් මිත්‍රත්වය වඩා වර්ධනය කරගන්ඩ නෙවේනේ.අර කෙල්ල බලන්ඩ යන්නනෙ.

    හරි කොහොමහරි කමක් නෑ මන් අම්මට කෝල කරලා කිවුවා.යාළුවෙක් එනවා උටත් එක්ක දවල් කෑම හදන්ඩ කියලා. ඒකත් හරි.

    වෙලාව 11.30ට ඇති.මම බස් එකේ ඇවිත් අදාල ගැරිජ් එක ලග බැස්සා.
    මූ එහෙමම යන්න පුළුවන් කිවුවට ගලවපු වීල් එක තාම හයි කරලා නෑ.😤
    (karburator එකයි ස්ටාර්ට් මොටර් එකයි )

    හෙට කඩ්ඩත් තියනවා. පාස්ට් පේපර් එකක්වත් බලන්නත් ඕන නිකන් හරි. වෙලා ගියාට අවුලක් නෑ කියලා හිටියා. 1 විතර වෙනකොට කොහොමහරි හයි කරගත්තා.

    ඔය වැඩ ටිකට බිල රු.5000ක් ගානක්.
    මට තේරුනා මූව අන්දලා තමා කියලා.
    (මොටරෙට 1500 කියමුකො..ඉතුරුවා ඔක්කොම වැඩ කුලිද? )

    මන් මුට ඕක කිඋවට මූත් කියනවා අවුලක් නෑ බන් ගාන හරි කියලා.

    දෙපාරක් තුන් පාරක් කිඋවම ඉතින් උබට අවුලක් නැත්තන් මට මොකෝ කියලා මම පැත්තකට වෙලා හිටියා මම.😎

    හරි බාස්ගෙ ටෙස්ට් රන් එකෙන් පස්සෙ දැන් අපි ගෙදර එන්ඩ යන්නෙ.

    එලියට දාලා ගියෙ මීටර් 2-3යි.

    වීල් එක නැවතුනා.ස්ටාර්ට් වෙන්නෙ නෑ ගැහුවට.

    ආපහු බාස් ආයියා ඇවිත් ප්ලග් එක ගලවලා කලිසමේ පිහලා ගැහුවා.😂

    ඒත වදින්නෙ නෑ.( මේක මුට ගෙදරින් ක්ලාස් යන්ඩ එන්ඩ අරන් දුන්න වීල් එකක්. ළොක්ඩවුන් කාලේ ගෙදරම තිබිලා තියෙන්නෙ. ස්ටාර්ට් කරලවත් නැතුව )

    බාස් අයියා කියනවා දැන් ඕක ගෙදර නිකන් තිබ්බ හින්දා මල්ලි ඔහොම.පැද්දම හරි යයි කියලා.හරි සෑහෙන පරිශ්‍රමයකින් පස්සෙ ස්ටාර්ට් වුනා.

    ඊලගට නියමිතව ඇත්තෙ තෙල් ගහන්ඩ.කෙලින්ම ගියා සෙඩ් එකට.

    පෙට්‍රල් නැත.

    මූ මගෙන් අහනවා වීල් එක නවතීද කියලා.

    වීල් එකට තෙල් ගහලා පදින උබ දන්නෙ නැත්තම් මම කොහොමද දන්නෙ කියලා අහන්ඩ හිතුනත් එහෙම ඇහුවෙ නෑ.අලුත් යාළුවෙක්නේ තාම.😂

    හරි අවුලක් නෑ.අපෙ ගෙවල් වලට යන පාරේ කඩවල් වල බෝතල කරන ලද ඇතැම්විට ලාබුතෙල්ද මිශ්‍ර තෙල් අනිවා තියනවා.😎
    මූට එහෙමවත් අරන් දෙනවා කියල හිතලා ගෙවල් වලට හැරෙන තැන හන්දියෙ කඩේකින් ඔන්න තෙල් බෝතල් දෙකක් දාලා දුන්නා.

    ආපහු වීල් එක ස්ටර්ට් වෙන්නෙ නැත.දෙනෝදාහක් බලන් ඉන්න හන්දිය මැද තනියම වීල් එකක් තල්ලු කරා.අදුරන ගමේ කෙල්ලො ඇන්ටිලා..

    (මම ගෙදර සුවච කීකරු විදියට ඉදලා ගමේ හිත දිනගෙන පාඩුවෙ ගෙදෙට්ට වෙලා හිටිය කොල්ලෙක් )

    හරි දැන් ඒ පොශ් ගතිය දියවෙලා යන්වා වගේ දැනෙනවා.හරි අවුලක් නෑ කොල්ලොනේ..ගමේනේ කියලා හිත හදා ගත්තා.😂😝

    ඊලග කොටස ලියන ගමන්.දිග වැඩිනම් සහ ගුණ දොස් දාන් යන්ඩ.




    2 කොටස

    2 කොටස මෙතනින් >> Click here

    3 කොටස

    3 කොටස මෙතනින් >> Click here
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    ක්‍රෂ් එක නෙවෙයි වීල් එකනෙ කට්ට දීලා තියෙන්නෙ 😂 එල එල දිගටම දාපන් කතාව
     
    • Like
    Reactions: Calcula and Deviyo

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    කො ්ඔයි කස් එකක්
    වීල් එකක් කතා කරයි සීන් එකක්නේ උඹ දොඩොලා තියෙන්නේ
     
    • Like
    • Haha
    Reactions: Deviyo and Calcula

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අන්තිම වෙනකොටවත් අතට ගන්න පුළුවන් විදියට ලියපන්. මිට්ටෝ දැන්මම කුපිත වෙලා ඉන්නේ හම්පඩ ත්‍රීවිල් එකක් ගැන කියලා :ROFLMAO: :ROFLMAO:
    ඔබතුමා කෙන්යා නේද
     
    • Like
    Reactions: Calcula

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    2 කොටස

    පෙට්‍රලුත් ගහන් 3 විතර වෙද්දි කොහොමහරි අපෙ ගෙදර ආවා.

    කොහොමහරි දවල්ට කාලා ගියා අපේ ගෙවල් ගාව තියන ඩෑම් එකක් බලන්ඩ.:-)

    බලලා ඇවිත් මූත් එක්කම කඩ්ඩ පේපර් ටිකක් බලන්ඩ තමා ප්ලෑන් එක තිබ්බෙ.

    ඩෑම් එකේ ඉද්දි ඔන්න මුන්ගෙ ගෙදරින් කෝල් ආව "ගියපු තැනින් වරෙන් කියලා"😂

    මූ ගෙදරට කියලා නෙවේ ඇවිත් තියෙන්නෙ.

    මුටත් යන්ඩ හදිස්සි නිසා මූව කොහොමහරි යවලා කලින් දවස් ටිකෙ නිදිමරලා මහන්සි නිසා කාමරේට වෙලා පොඩි ඇලට් එකක් දාන් හිටියා.

    කොහොමහරි පොඩි නින්දක් ගියා.
    හවස 6.30ට වගෙ කෝල් එකක් ආව.උස්සපු ගමන් ආය කට් උනා.
    නින්දෙම හින්දා ෆෝන් එක පැත්තකට දාලා නිදාගත්තා. o_O

    විනාඩි 5ක් ගියේ නෑ.මල්ලි ඇවිත් කිවුවා "අයියා, අර ගියපු යාළුවා ආපහු ඇවිත් කියලා."

    එහෙම නැගිටලා එලියට ගිහින් බලනකොට මෙන්න මූ වීල් එකත් එක්කම මිදුලෙ.

    වීල් එක දැක්කම තරු පේනවා.ඇයි යකෝ අද දවසට මේක නැවතුන වාරයක් පාසා,ස්ටාර්ට් කරපු වාරයක් පාසා, තල්ලු කරා.ආය පාරක් මේ මගුල තල්ලු කරන්ඩ එපැයි.😂

    (නිකන් නතර උනාම වගෙ එක තල්ලුවෙන් ස්ටාර්ට් වෙන්නෙ නෑ.කිලොමිටරයක් විතර තල්ලු කර කර දුවන්ඩ ඕන )

    ( නිදි මරපු එකේ මහන්සියයි, උදේ ඉදන් තල්ලු කරපු මහන්සියටයි නින්ද ගියා සනීපෙට.හම්මො ඒනින්දනම් මාර සනීපයි ඈ ):(

    "මොන මගුලට ****🤬 ආය මේ මගුලත් අරන් මේ රැ වෙන්ඩ ඔන්න මෙන්න තියලා ආවෙ' කියලා අහන්ඩ හිතුනත් ගෙදරට ආපු මනුස්සයෙක්ට එහෙම කතා කරන්ඩ හොද නැති හින්දත්, මගේ සුවච කීකරු චරිතෙට හානි වෙන නිසාත් ඒක හිතේම තියා ගත්තා"😂


    මේ දවස් වල කරන්ට් එකත් යන හින්දා ලයිටුත් නෑ ඒ වෙලාවේ.😶

    අඩ අදුරේ ආපහු වීල් එක තල්ලු කරා ආපහු.ගෙවල් ගාව ඉදන් සැහෙන දුරකින් ආය ස්ටර්ට් වුනා.


    එහෙමම මාත් වීල් එකට නැගලා මන් ඇහැවා ආය මොකෝ බන් කේස් එක කියලා.

    මු ගෙදර ගියාට පස්සෙ ගෙදරින් බැනලා 5000ක් දීලත් හදන් ආවෙ නැද්ද කියලා.ඇත්තනෙ

    මූ ඒ හින්දා මල පැනලා ආපහු ගැරිජ් එකට ගිහින්.ඒකරලා ආපහු හදලා ටෙස්ට් රන් එකක් යන්ඩ කිවුවම මූ ආය අපේ ගෙදර ඇවිත්.😂

    ගැරිජ් එක ගාව ඉදන් අපේ ගෙදරට 7-10 KM විතර ඇති.

    "ඉතින් යකෝ ටෙස්ට් රන් එකක් යන්ඩ කිවුවම එච්චර දුර යන්නෙ නෑ.කැඩුනත් බාස් එක්කන් යන්න පුලුවන් තරම් පොඩි දුරක් විතරයි යකෝ ටෙස්ට් රන් එක කියන එක යන්නෙ" කියලා කියපන් කියපන් කියලා හිත කිවුවට මම එහෙමත් කිවුවෙ නෑ.😂

    හරි..මුට දැන් තව පාරක් එන්ඩ තව හේතුවකුත් තිබ්බා.

    ඇයි ඉස්සරලා ආවට ක්‍රශ් එකේ ගෙවල් පෙන්නන්න මට බැරි වුනානේ.

    හරි දැන් යන්නෙ එහෙමම ඒකිගේ ගෙවල් පෙන්නලා එන්ඩ.

    මට නිකමට හිතුනා මූ එතන ගිහින් නවත්ත ගත්තොත් අනාතයිනේද කියලා.😫

    මොකද ඒකි,උන්ගේ ගෙදර මිනිසු මාව අදුරනවා.නිකමටවත් දැක්කොත් හෙන අවුල්.

    මොකද ඒකි උනත් හීනෙකින්වත් හිතන්නෙ නෑ මම මේ වගේ ගොන් වැඩකට එයි කියලා. මොකද මන් එහෙම කෙල්ලොන්ගෙ පස්සෙන් යන්නෙ නැති හින්දා.🤭

    ඒහින්දා කලින්ම කිවුවා අඩේ නවත්ත ගන්ඩනම් එපා.හරි යමන් කියලා.


    ඔන්න පලවෙනි පාර කෙල්ලගෙ ගෙවල් ඉස්සරහින් පාරෙ උඩ පැත්තට ගියා.

    ගෙදර කවුරුත් පේන්න නැත.දොරවල්ද වසා ඇත.
    ම්ම් ඒකත් මට හොදයි.නැත්තන් අනිවා මුගේ අරමුණ ගේ තියන තැන දැන ගැනීම විතරක් වෙන්ඩ බෑ. මුණ පෙන්නන්ඩත් යටිහිතෙ කොනක හෝ ආසවක් අනිවා තියනවනේ.එහෙම වුනොත් ආය වීල් එක නැවතුනොත්.😨

    අපි නොදන්න ලව්.😂


    දැන් ගේ පාස් කර මද දුරක් ගොස් නැවත හරවා පැමිනිමේ උත්කර්ශවත් මොහොත.🤭

    ආයෙත් පහලට ගේ දිහා බලන් එද්දි කෙල්ල උඩ තට්ටුවේ ටවල් එකක් වනනවා.

    මම දැක්කෙ නෑ.මූ දැකලා.

    කිවුවා වගේම මූ වීල් එක ගේ පාස් වෙනවත් එක්කම නතර කරගත්තා.😤

    ( හිතලමද දන්නේ නැත )

    දැන් මුට වඩා මගෙ හදවත ගැහෙනවා.

    මොකද කෙල්ල යාන්තමට සීන් එක දන්නවා.
    නිකමට හරි අපිව දැක්කොත් ඒකි බලන්න ආවෙ කියලා මාට්ටු.

    අනික නිකමට හරි ඒකි ගෙදර අයට කිවුවොත් එයාලා මාව අදුරනවා.

    ( කෙල්ලගෙ තාත්තා මගේ සර් කෙනෙක් )


    දැන් ගේ පාස් වෙනකොටම තියෙන්නෙ කන්දක්.

    තැනිතලාවෙ තල්ලු කරලා ස්ටර්ට් කරන්ඩ බැරි එක කන්දෙ කොහොම තල්ලු කරලා ස්ටාර්ට් කරන්ඩද.😫

    මගෙ අරමුන කොහොමහරි වීල් එක අරුන්ගෙ ගෙදර ලගින් හැකිතාක් දුරකට රැගෙන යාම.

    මූ කෙලින්ම නොකිවුවට මුට ඕන අරකිට මූන පෙන්නන්න.

    මම මේ දෙලෝ රත් වෙලා ඉද්දි මූ මගුලක් කතා කරනවා.:growl:

    තරහටත් එක්ක මුට තරහ නොපෙන්නා තල්ලු කරා වීල් එක කන්දෙ තනියම ටිකක්.

    එතකොට මූත් ඇවිත් තල්ලු කරා.😂

    දැන් සෑහෙන දුරට කලුවරයි.ඒ වුනාට යන එන මිනිසු යාන්තමට පේනවා.

    දෙන්නටම තල්ලු කරන්න පුලුවන් කන්දෙන් 1/3 විතරයි.

    ඇගට පන නැත තල්ලු කරලම.අර මැරතන් දුවනොකොට එන ෆීලින් එක.


    ( පොර 6*4 පොරක් උනාට වැක්සින් එකේ 3වෙනි ඩෝස් එක ගහලා උදේ ඉදන් පන තිබ්බෙ නෑ කොහොමත් )

    යාන්තමට බයික් එක්ක කොල්ලෙක් ආවා.මම පොරව නවත්තන් උදව්වක් ඉල්ලගෙන යාන්තන් 3න් දෙනා එක්කම වීල් එක කන්ද උඩට දා ගත්තා.


    ( මූ මේ අනන්ගයා උනාට හදිස්සියට වටේ ඉන්න මනුස්සයෙකුට කියලා උදව්වක් ඉල්ලගන්ඩ කතා කරන්නෙ නෑ. කමක් නෑ ඒකත් මන්ම කරනවා. කෙල්ලෙක් බලන්ඩ ආවට මොකද ගෙදරටම වෙලා හැදුන සමාජ ආශ්‍රයක් නැතුවැති කියලා හිත හදා ගත්තා )


    හරි දැන් ආය අර කෙල්ලගෙ ගෙදරය කොහොමවත් පේන්නෙ නෑ.

    ඒ සතුටම ඇති මට.😐

    තවත් කේස් එක ඉවර නැත.

    දැන් රැ වෙලා. වීල් එක ස්ටාර්ට් වෙන්නෙත් නෑ කොහොමටවත්.

    ගෙදර මිනිසු බලනවා ඇති මන් කොහෙද ගියෙ කියලා

    (කොහෙ ගියත් ගෙදෙට්ට කියලා යන්නෙ ෆ්‍රෙන්.ස්වාධීන නෑ තාම )😝


    හිතුවට වඩා ලියන්න ගියාම දික් වෙනවා.අවුල්ක් නෑ වෙලාවක් තියනවනම් කියවන්ඩ.

    3 කොටස පස්සෙ ලියන්නම්.
     
    Last edited:
    • Love
    Reactions: Hyaenidae

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    ක්‍රෂ් එක නෙවෙයි වීල් එකනෙ කට්ට දීලා තියෙන්නෙ 😂 එල එල දිගටම දාපන් කතාව

    කො ්ඔයි කස් එකක්
    වීල් එකක් කතා කරයි සීන් එකක්නේ උඹ දොඩොලා තියෙන්නේ

    මුලින් වීල් එක පස්සෙ තමා ක්‍රශ් එක එන්ට(ර්) වෙන්නෙ😂
    කතා රසය නෑනේ ඔහේ කියවන් යනවා..
    🤔
    කරන්ඩ දෙයක් නෑ..පළවෙනි කතාවනේ.

    ඊළග කෑල්ල තවත් රසවත් කියලා හිතන් කියවන්ඩ තමා වෙන්නෙ😂
    ටුපැක් කිව්වෙ උබ ගැනද
    නෑ මන් හිතන්නෙ🤔
    kathawa dandaaaa
    2 ක කොටස දැම්මා :-)
    Liyana huththak eka para liypn ubath nikn


    Sujeewa wage

    කොහෙද කරන්ට් එක යනවනේ.තව පොඩ්ඩෙන් ඔක්කොම මුල ඉදන් ලියන්ඩ වෙනවා.වෙලාවල බැක්ප් එකක් තිබ්බා.😂

    තනි පිටුවෙන් ලියන්ඩ බැලුවෙ. ලියද්දි සීන් එක දික් වෙනවා.කෙටි කරොත් කෑලි හැලෙනවා.:-)

    අන්තිම වෙනකොටවත් අතට ගන්න පුළුවන් විදියට ලියපන්. මිට්ටෝ දැන්මම කුපිත වෙලා ඉන්නේ හම්පඩ ත්‍රීවිල් එකක් ගැන කියලා :ROFLMAO: :ROFLMAO:
    ඒකනෙ වැඩක් නෑ කියලා. හැබැයි මේක ඉවසීම පුරුදුකරන්ඩත් එක්ක කතාව වෙන පැත්තකට හරවලා. අතර මැදින් වැඩක් නැත්තන් නිදියගනින් වගේ කියලා ඉවරකරොත් මොකද? 🤔 😂
    කතාවෙ ඉතුරු ටික තාම වෙලා නැල්ලු
    උනාම කියයි
    එක දිගට සින්හල ටයිප් කරන්ඩ බෑ:(

    wala kathawakata enter wenna maru start eka
    අවුලකුත් නෑ තමා හැබැයි.😂

    Nude scenes, sex scenes ehema include karapan kathawata. Kollo gahana ewa epa ah.
    එහෙම දැම්මනම් තවත් රසවත් තමා..පස්සෙ පොඩ්ඩක් හිතලා බලන්ඩ ඕන

    කෝ යකෝ ඉතුරු ටික.. 😠

    දැම්මා:-)
    ------ Post added on Feb 23, 2022 at 7:45 PM
     
    • Like
    Reactions: sakuntha1996