රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    රශියා ගහන්න පටන් ගත්ත නේද ???
    අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්..

    1645569880967.png


    කියෙව් වලට ගහනවා ෆුල් ස්කේල්...

    -------------------------------------------------------------------------------------------------------------------------------------------------
    04:44 GMT යූඑන් චීෆ්: මනුශ්‍ය්ත්වයේ නාමයෙන් වහාම පහරදීම නවත්තන්න...එහෙම නැති උනොත් යුරෝපයගේ මහා යුද්ධය ඇරඹේවි..

    04:52 GMT රශියන් ඇම්බැසඩර් ටු යූඑන්: යුක්‍රේන් ජනයා සමග අමනාපයක් නැත... කියෙව් වල ජුන්ටාව එලවා දැමීමට රශියාව කටයුතු කරනු ඇත...

    05:01 GMT බයි-ඩං යුක්‍රේන නායක සමග හදිසි සාකච්චා..

    05:02 GMT රශියානු ආරක්ශක අමාත්‍යංශය-කියෙව් සහ කර්කොව් වල අධිතාක්ෂණික ආයුධ ගබඩා ,මිලිටරි ඉන්ෆ්‍රස්ක්ච ඉලක්ක කරමින් ප්‍රහාර දේ..-

    05:07 GMT ඊයූ චීෆ්: පව් යුක්‍රේන් අහිංසක මිනිස්සු,ළමයි,මහල්ලො...ගැහිල්ල අසාධාරණයි...රශියාවට වගකියන්න වෙයි මේකට

    05:09 GMT BBC: කියෙව් වලට කෲස් මිසයිල ප්‍රහාර කර්කොව් දෙසට රශියානු හමුදා පැමිණේ..


    05:12GMT යුක්‍රේන් අහ්‍යන්තර කටයුතු අමාත්‍යංශය: යුක්‍රේන් මිලිටරි හේඩ්ක්වාටර්ස් ,මිසයිල් කමාන්ඩ් සෙන්ටර්ස් වලට ගුවන් ප්‍රහාර...
    රශියන් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි : අපි ගහන්නේ නෑ සිවිල් අයට... ජුන්ටාවේ ටාගට් වලට විතරයි ගහන්නේ..

    05:12GMT යුක්‍රේන් ලොක්කා.: අපේ මිලිටරි බේස් වලට ගහනවෝ...


    1645574878623.png

    05:27 GMT බයි-ඩං : හව්සට G7 සමුලුවක් හදිසියෙ කැදවීමක්...හදිසි සාකච්චවක් අද හවසට..යුක්‍රේනය වෙනුවෙන් පෙනි හිටිනවා.... ඔහොම හිටපන් අපි තව සැන්ශන් ටිකක් දානවා...

    05:32 GMT යුක්‍රේනය: බෙලරුස්ව් පැත්තෙනුත් ගහගෙන එනවා...

    05:37 GMT යුක්‍රේනය:උතුරෙන් නැගෙනහිරින් දොන්බාස් යන තුන් පැත්තෙන්ම පහර දෙනවා....


    1645574764131.png

    05:37 GMT යුක්‍රේන් හමුදාව: රශියානු මිසයිල් ප්‍රහාර Boryspil airport near Kyiv and several other airports ගුවන් කදවරූ වලට

    1645572495078.png


    05:48 GMT මේ වෙලාවේ ගැහිල්ල මෙහෙමයි... පෙරමුණු කිහිපයකින්



    05:48 GMT විදෙස් ඇමති: හෙයි ජාත්‍ය්න්තර ප්‍රජාව මොනවහරි කරන්න..සැන්ශන් දාන්න ඉක්මණට


    05:59 GMT ගහනව දොන් බාස්,, නැගෙනහිර,බෙලරුස් සයිඩ්3න් ම..පොඩියට නෙවේ සැරට...


    1645573376340.png

    06:03 GMT කියෙව් හැරදා යන ජනයාගෙන් හයිවේ බ්ලොක්...

    06:07 GMT යුක්‍රේන් ලොක්කා ජාතිය අමතනවා...: Dear Ukrainian citizens මාශල් ලෝ ඇක්ටිව් කලා .මම බයි-ඩන් ටත් කත කලා පුල් සප්1 දෙනවා කිවා.. රට්ටුනි පැනික් වෙන්න එපා.අපි ගහමු.ගහලා දිනමු.එකතු වන්න...

    06:09 GMT රශියන් විදෙස් ඇමති : ඔව්... ෆුල් ස්කේල් එකෙන් ගහනව අපි යුක්‍රේනයට... යස්

    06:14 GMT කියෙව් අහස රතු තැබිලි...ගහනවා දිගටමා..තාම ම්කුත් වාර්ථා නෑ කැශුවල්ටීස් ගැන...දැවැන්ත පිපිරුම් මාලාවක් කියෙව්

    1645574716760.png

    06:16 GMT පුටින්ගේ යක්ශ ටැංකි ටික බෙලරුස් බෝඩරෙ පාස ක්‍රගෙන එනව.. 110 සැතපුම් කියෙව් වලට...

    06:16 GMT රශියන් ඩිෆෙන්ස්: යුක්‍රේන් එයා එයාබේස් වලට ගැහුවා...
    යුක්‍රේන් :ප්ලේන් කීපයක් බිම දැම්මා අපි..

    1645574933677.png

    06:27 GMT කියෙව් හිර වෙලා පාරවල් ඔක්කොම..පැනික් වෙලා

    06:29 GMTලෝක රටවල් පහරදීම හෙලා දකී...(සාරාංශය: වෙස්ට්: හිටපන් දෙන්නම් උඹට රශියා
    චයිනා..සමහර ආසයිආනු රටවල්ල්: ගහගන්න එපා සාමයෙන් යමු)

    06:30 GMT Sarah Rainsford බීබීසී මාධ්‍යවේදී කියෙව් නුවර සිට:මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ...රට්ටු කොඩි අරන් එලි බෙහැලා..හැමෝම බලන් ඉදියේ මේ වෙලාව එනකන්,ඒත් කවුරුවත් හිතුවෙ නෑ මේක වෙයි කියලා...


    1645575917525.png

    යුක්‍රේන් අය අන්ඩග්‍රවුන්ඩ් ටිකක්., තව ටිකක් පිටවෙනව කියෙව් වලින්... අවසන් හමුවීමද ? කියෙව්

    06:44 GMT ව්ලැදිමියර් පුටින් : ඔව්... සම්පූර්ණ ආක්‍රමණය සිදු කරනවා..ඔෆීශියලි යස්

    06:45 GMTනැගෙනහිර යුක්‍රේනයේ ක්‍රමටෝස් නගරයේ දැවැන්ත පිපිරුම්....යුක්‍රේන් මිලිටරි බේස් වලට දරුණු ප්‍රහාර... ආරම්බයේදීම යුක්‍රේනය දුර්වල කිරීම අරමුණයි...

    06:45 GMT යුක්‍රේන් මිලිටරි: බය වෙන්න එපා රට්ටුනි, රශියන් ප්ලේන් පහකුයි හෙලිකොට්ට උර කිපෙකුයි බිම දැම්ම.. විශ්වාසේ තියගන්න අපේ ඩිෆෙන්ස් සිස්ටම්1 ගැන.. අපේ මිලිටරි1 ගැන විශ්වසේ තියාගන්න..

    07:04 GMT රට්ටු : ෆෝන් වලට සිගන්ල් නෑ, ඒටිම් වැඩ නෑ,, තෙල් ගහන්න පෝලිම... මොකක් කරන්නද හිතාගන්න බෑ...

    1645577422298.png

    බයි-ඩං 101


    07:10 GMT යුරෝපානු සහ යූකේ විශේෂ සාකච්චා වලා.. බොරිස් ලොක්කා : රශියාව දැනටම තෝරල තියනවා සාක්ච්චා වෙනුවට බ්ලඩ්ශෙඩ් ගමනක්.. අපිත් අතාරින්නේ නෑ ඒකට රියැක්ට් කරන්න අපි රේඩි...
    (යුරෝපය දැඩි විරුද්ධත්වය පල කරයි... වහාම සාකච්ච කැදවේ.. බොරිස් ලොක්ක තමා සැරටම ගේම ඉල්ලන්නේ මේ වෙලාවේ... )

    07:13 GMT රශියානු ඩිෆෙන්ස් මිනිස්ටර් : යුක්‍රේන ගුවන් ආරක්ශණ පද්ධතිය සම්පූර්ණයෙන්ම බිද දැම්මා...
    යුක්‍රේන් කිසිම බෝඩරේක ලොකු කරදරය්ක් උනේ නෑ අපෙ හමුදා මේ එනවා ඉස්සරහට

    07:13 GMT : 7ක් මැරිලා යුක්‍රේන්.19ක් මිසින්... තවමත් හරි තොරතුරු ලෑබී නෑ මේ දක්වා කැශුවල්ටීස් ගැන

    1645578878912.png

    07:35 GMT රශියා: අසොව් මුහුදේ නාවුක ගමන් නවතා දමයි..නැවත් දැනුම් දෙනතුරු වසා දමයි

    07:35 GMT ඊයූ ශීෆ්: මේ පූටින් ගොයියා ආයෙම යුරෝපට යුද්ධෙ ගෙනල්ලා.. පුලුවන් උපරිම සැංශන් දානවා රශියාව මොඩනයිස් වෙන1 නතර කරන්න.."bringing war back to Europe"
    යුක්‍රේනයට තම රට ආරක්ශා කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම කිරීමට යූකේ සුදානම්..
    සහ රශියානු ඉතිහාසයේ ලොකුම සැන්ක්ශන්1ක දැමීමට යුරෝපය සුදානම්


    07:35 GMT බීබීසී ඩිප්ලොමැට්ස් කොරෙස්පොන්ඩන්ට් කියෙව් : දකුණු යුක්‍රේනයේ ක්‍රිමියා වලින්ද රශියන් හමුදා ඇතුල් වේ.. හැම පැත්තෙන්ම ගහනවා හිටු කියලා... උතුරෙන් දැවැන්ත ප්‍රහාර එල්ලකර ඇත, එමගඉන් යුක්‍රේන් ඩිෆෙන්ස්1 දුර්වල කරලා තියනවා..මිලිටරි වාහන, ආටිලරි එවන්න තියන ඔක්කොම පුටින් හතර වටෙන් පෝලිමට එවනවා...උතුරු දෙසින් කියෙව් වලට ගහපු ගැහිල්ල සක්සස් වගේ කියලා කියන්න පුලුවන්...

    -------------------------------------------------------------------------------------------------
    Live Updates : https://www.aljazeera.com/news/2022...-of-emergency-amid-fears-of-invasion-liveblog



    පාට් 2 - දෙවෙනි කොටස - දිගටම අප්ඩේට් දානවා.-- බලන්න කැමති අය...

     
    Last edited:

    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa

    Oil prices surge to $100 a barrel as tensions escalate​

    Oil prices jumped above $100 for the first time in more than seven years as President Putin announced a "military operation" in eastern Ukraine.
    News also caused Asian stock markets to trade lower by 2 to 3%. Markets have been taking a battering over the last few days as tensions escalated - prices hit $98 a few days ago when Mr Putin tore up a peace deal and ordered troops into two rebel-held eastern regions.
    The BBC's Asia business correspondent Mariko Oi says investors have been fleeing to what they consider safe-haven assets. Gold prices are at the highest level in over a year while the US dollar and the Japanese yen are also strengthening.

    Source: https://www.bbc.com/news/live/world-europe-60454795