බොහෝදුරට 30ට කිට්ටු ගානක් ගනියි. මම කළිනුත් කිව්ව වගේ මේ වෙලාවෙ ඡන්දයක් ආවොත් අසීමිත විදියට SJB දිනනව. මොකද අර තරම් විශාල රැල්ලක් ගෝඨට 2019 තියෙද්දිත් සජිත් ලක්ෂ 55ක් ඡන්ද ගත්ත. ඒ ඡන්දෙදි යූ ඇන් පී එක කලකිරුණු එදා ඉඳල උන්ට ඡන්දෙ දීපු ගොඩක් අය ඡන්දෙ දීමෙන් වැළකී හිටිය. එහෙම වෙලත් තමයි 55ක් ඌට ගියේ අනිත් පැත්තෙන් රනිල් කැඩිල ඉද්දිත්. තව යූ ඇන් පී එකේ ඡන්ද ගොඩක් ගැලවිලා ගෝඨටත් වැටුන. අර ඔක්කොම මේ වෙලාවෙ ඡන්දයක් තිබ්බොත් සජිත්ට යනව. ඒකයි මම හිතන්නෙ අසීමිත බලයක් ඌට යයි මේ වෙලාවෙ ඡන්දයක් තිබ්බොත්.
එතකොට ගෝඨ ගැන කතා කරොත් ලංකාවෙ මහින්ද යුද්දෙ ඉවර කරපු එකට ගරු කරල සෑහෙන ලොකු බයියො බේස් එකක් ඉන්නව. උන් ටික මොනව කරත් මහින්දගෙ පැත්තට දෙනව. ඒ අතරෙ තරුණ ඡන්ද ඇතුලුව ගොඩක් ලොකු පාවෙන ඡන්ද වල ප්රගතියක් තියෙනව 2014න් පස්සෙ වගේ ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ නිසා මට හිතෙන විදියට පාවෙන ඡන්ද 2019දි ලක්ෂ 20-25ත් අතර වගේ ගානක් තියෙන්න ඇති. දැන් මේ අරගල එක්ක ඒව වැඩි වෙලා ඇති. ඒ පාවෙන ඡන්ද ටික ගැලවිලා ගියොත් ලක්ෂ 40ට අඩු ගානක් ගෝඨ ගනියි(මේ වෙන්න පුලුවන් අඩුම විදිය, ඇත්තටම මේක හිතාගන්න බෑ මේ තරුණ කැරැල්ලත් එක්ක සමහර විට ලක්ෂ 50ක් ගන්න බැරිත් නෑ කොහෙත්වම උපකල්පනය කරන්න බැරි දෙයක් මට නම්), අනිත් ටික සජිත්ට යයි ඒ වගේම සැළකියයුතු ප්රමාණයක් ජෙප්පොන්ට යයි.
දැන් ජේ.වී.පී එක ගැන කතා කරොත්, ලංකාවෙ මහින්දට යුද්ධෙ ඉවර කරපු නිසා ඡන්දෙ දෙන සෙට් එකක් ඉන්නව, UNP කියන්නෙ ගොඩක් ස්ටේබල් පක්ෂයක් නිසා උන්ට කොහොමත් ඡන්දෙ දෙන බේස් එකක් ඉන්නව, ඒ වගේ 88/89 කල වල අඳුර මතක නිසා ජෙප්පොන්ට කවදාවත් ඡන්දෙ නොදෙන ලොකු බේස් එකකුත් ඉන්නව. උන් ටික නැති වෙන්න තව ජෙනරේෂන් එකක් එළියට එන්න වෙයි. මට හිතෙන විදියට ජ.වි.පෙ ආණ්ඩුවක් එන්න නම් සජිත්ට ආණ්ඩුවක් ගිහිල්ල ඒක හොඳටම පිරිහිලා ආයිත් ඉලෙක්ෂන් එකක් එන්න ඕන. අන්න එතකොට ආයිත් රාජපක්ෂල මොනව හරි කපටි වැඩක් කරල මිනිස්සු ඇන්දුවෙ නැතොත් ලොකු චාන්ස් එකක් තියේවි ජෙප්පොන්ට.
මේකට කතා කරන කෙනෙක් පොයින්ට් එකට කතා කරන්න පාට කණ්නාඩි අයින් කරල.