Suzuki බංකොලොත් ???

Elvis68

Active member
  • Jun 1, 2021
    47
    210
    33
    8hv1ui28_suzuki-fire-motogp-2018-sepang_625x300_01_November_18.jpg

    පසුගිය පැය 48 ඇතුලත අපේ රට ඇතුලේ වගේම හුටපට ගොඩක් සුසුකි හෙඩ් ඔෆිස් එකේ වෙලා තියෙනවා...

    ඒ වෙච්ච එව්වයේ ප්‍රථිපල හැටියට සුසුකි MotoGP වලින් ඉවත් වීමට තිරණය කිරීම, BSB, MXGP, EWC ඉසව් වලින් ඉවත් වීමට තීරණය කිරීම ප්‍රධානම කාරනා වෙනවා... මේ ඔක්කොටම හේතුව විදිහට දැනට දැනගන්න ලැබෙන්නේ සුසුකී නිෂ්පාදනය කරන එයාලගේ කාර් මොඩල්ස් කීපයක වාහන 22,000කට අධික ප්‍රමාණයකට නීත්‍යානුකූල නොවන ඩිවයිස් එකක් සවි කිරීමට වැරදිකාරයෙක් වෙන්න ඔන්න මෙන්න යන එකයි.

    මේ ඩිවයිස් එක මගින් වායු විමෝචනය පාලනය අවම කරලා Performance වැඩි කරලා දෙනවා කියලයි කියන්නේ. ඉතින් එමිශන් ස්ටෑන්ඩ් ගැන සෑහෙන්න හොයල බලන යුරෝපානු රටවල් කීපයක දැනටත් සුසුකිලට නඩු පවරලා තියෙන්නෙ ඒ අතර ජර්මනිය ඉතාලිය සහ හංරියාව ඉන්නවා. මෙන්න මේ වගේ තත්වයකට මීට කාලෙකට කලින් Volkswagen සමාගමටත් මූන දෙන්න උනා නමුත් Volkswagen Group සහ Suzuki කියන්නේ Revnue එක අතින් අහසයි පොලවයි වගේ කම්පනි දෙකක්. මෙන්න මේ නඩු වලට වියදම් කරන්න බජට් එක ඉතුරු කරගන්න තමා සුසුකි මේ වෙනකොට ඉතාම සාර්ථකව තරඟ කරන ඉසව් වෙන MotoGP, පසුගිය වසර 2 සහ මේ වසරේ ශූරතාවය දිනාගත් World Endurance Championship සහ BSB මෙන්ම MXGP ඇතුලු සියලුම රේසිං ඉසව් වලින් වත් වෙන්න තීරණය කරලා තියෙන්නේ. (හරියට අපේ ස' කපුටා එක්ක කරන්ට් කපලා වාහන ගෙන්නන එක නවත්තලා එක එක නාඩගම් නැටුවා වගේ)

    මීට අමතරව වසර ගණනාවකින් නව යතුරුපැදියක් කරළියට ගෙන ඒමට නොහැකි වීම, 10% පමණ බයික් අලෙවිය අඩු වීම, මොටෝජිපි සඳහා ප්‍රධාන අනුග්‍රහකයෙකු (Lenovo, Redbull, Monster Energy වැනි) නොමැති වීම වගේ කාරණාත් නිසා තමා සුසුකි මොටොජිපි වලට සමු දෙන්න යන්නේ.

    කොහොම උනත් සුසුකි මේ වෙනකොට ඩොර්නා ස්පොර්ට් එක්ක 2026 වෙනකම් ගිවිසුම් ගත්වෙලා ඉන්න නිසා තනි කැමත්තට මොටොජිපි වලින් ඉවත් වෙන්න බැහැ. සුසුකි රෙසින් ඩිරෙක්ටර් සුසුකි ඩිරෙක්ටර් බෝඩ් එකට නාහෙන් අඩලා මොටොජිපි ටීම් එක දුවන්න හැදුවත් ඒකට ඇපෘවල් හම්බෙල්ලත් නෑ...

    2012 දී බංකොලොත් වෙන්න ගිහින් නූලෙන් බෙරුන සුසුකි මේ සැරේ කොහොම ගැලවෙයිද කියලා තාම අදහසක් නැහැ...