May 6, 2022 at 9:00 pm | lanka C news
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරයෙන් ඉල්ලා අස් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.
අද පස්වරුවේ පැවති විශේෂ කැබිනට් හමුවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.
කැබිනට් ඇමතිවරු පිරිසක් ද ජනාධිපතිවරයා ගේ ඉල්ලිමට සහයෝගය දක්වා තිබේ.
ඒ අනුව තමන් සදුදා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බව අගමැතිවරයා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.
අගමැතිවරයාද මීට පෙර සඳහන් කරන ලද ජනාධිපතිවරයා විසින් ඉල්ලා සිටියහොත් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවයි.
කෙසේ වෙතත් අගමැති මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි කිසිදු ඉල්ලීමක් කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කරන ලද බවයි.