Who is the monk in this video ?

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    අභිධර්මයේ තයෙනවා ඒක.

    දියණිවරුන්ම ලබන මුසාවාද කර්මය...
    පරමාර්ථප්‍රදීප නම්
    - අභිධර්මාර්ථ සංග්‍රහය -
    විස්තර භාව සන්නය-
    - 1931 -
    ------ Post added on May 26, 2022 at 9:56 AM
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    අභිධර්මයේ තයෙනවා ඒක.

    දියණිවරුන්ම ලබන මුසාවාද කර්මය...
    පරමාර්ථප්‍රදීප නම්
    - අභිධර්මාර්ථ සංග්‍රහය -
    විස්තර භාව සන්නය-
    - 1931 -
    ------ Post added on May 26, 2022 at 9:56 AM

    මේ කොටස කියවන්න මට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: TechnWeb

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,263
    7,118
    113
    අභිධර්මයේ තයෙනවා ඒක.

    දියණිවරුන්ම ලබන මුසාවාද කර්මය...
    පරමාර්ථප්‍රදීප නම්
    - අභිධර්මාර්ථ සංග්‍රහය -
    විස්තර භාව සන්නය-
    - 1931 -
    ------ Post added on May 26, 2022 at 9:56 AM
    මේවට කතා කලොත් දැන දැන අත පුච්චගන්න වෙන්නෙ.ඒක නිසා මුකුත් නොකිය ඉන්න එක තමා හොද,
    මේ සුදු රැවුලනම් මේලෝකෙ ප්‍රතිපත්තියක් නැති අපතයෙක්..ඔක එක වසරෙ දහම්පාසල් පොත්වත් කියවල නැතිව ඇති.
    හාමුදුරුවොත් බුදුබණ නොකිය අසපු බණ කියන්න ගිහින් නිකන් කක්ක කර ගන්නව
     
    • Like
    Reactions: TechnWeb

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura
    අභිධර්මයේ තයෙනවා ඒක.

    දියණිවරුන්ම ලබන මුසාවාද කර්මය...
    පරමාර්ථප්‍රදීප නම්
    - අභිධර්මාර්ථ සංග්‍රහය -
    විස්තර භාව සන්නය-
    - 1931 -
    ------ Post added on May 26, 2022 at 9:56 AM
    Godak ayata laukika samma dittiya nathi nisa hamadema gana radicalwadiwa hithanne
    E nisa oyata monawa kiuwath ganan ganna epa
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,327
    5,439
    113
    මේ කොටස කියවන්න මට ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
    පොත ගන්න වෙයි ඔන්ලයින් නම් දැක්කේ නෑ.

    283970938_10228171786309342_6210533837566567915_n.jpg
    283669426_10228171786749353_1257380918190129795_n.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඉතිං අැත්තනේ..කෙල්ලො හම්බවෙන උන් පව්කාරයි තමා..දැන් බලපං කෙල්ලෙක් ඉන්නකොට කොයි වෙලෙත් අැලට් ඵකෙන් ඉන්න ඕන මොකෙක් ඵක්ක උකා ගනියිද කියල..මම දන්න කෙල්ලො ඉන්න පවුල් නැත්තටම නැති වෙලා තියෙනව උන්ගෙ වැඩ නිසා..අපේ පැත්තෙ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක් හිටිය.හොඳට සල්ලි තිබ්බ පොරට.උගේ දුව ඕලෙවල් කරල ගෙදර ඉන්න කාලේ වෙසක් පෝය දවසේ කඩේක බඩු කිරන කොල්ලෙක් ඵක්ක පැනල ගියා..අර වඩු බාස් කාරයා නැත්තට නැති වුනා ඊට පස්සෙ මානසිකව වැටිල..වෙනද උදේම වඩු වැඩ පටන් ගන්න ඵකා ඊට පස්සෙ උදේ ඉඳන් බොන බේබද්දෙක් වුනා..අන්තිමට උෟ මළා..දැන් ඒ ගේත් විකුණල උගෙ ගෑණියි අනිත් ළමයයි වෙන පැත්තකට ගියා..තව මම දන්න පවුලක දුව බැන්ඳට පස්සේ වයසක අම්මගෙ ඔක්කොම කෝටි ගාණක දේපල ලියාගෙන මිනිහට කියල චණ්ඩි පාට් දාලා ගෙදරිනුත් ඵළෙව්වා..දැන් ඒ වයසක කෙනා වෙන ගේක ඉන්නේ..කෙල්ලො කියන්නේ මහ පව්කාරම ජාතියක්..නියම වාසනාවන්ත පිරිමින්ට දුවල හම්බවෙන්නේ නෑ පිංවත් පුත්තු තුන් හතර දෙනා තමා හම්බවෙන්නේ..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    වෙනරබල් ග්ලෝරි හෝල්වම මරන් කන්න නොහදා ඔය මනස්ගාත බුද්ධ භාෂිතයෙම තියෙන මුල් අදහසක්ද කියන එක හොයාබලන එක වැදගත් මන් හිතන්නෙ. ඇත්තටම එහෙමද? මන් සිරාවට දන්නෙ නෑ. බුදු සමයෙ මිසෝජනිස්ටික් අදහස් තියෙන්න බැරි නෑ ඉතින්. තියෙනවනම් ඒව විවෘතව කතා කරන එක සෞඛ්‍යයට හොඳයි. යට ගහන්න නෙමේනෙ උන්නාන්සෙ දේශණා කරල තියෙන්නෙ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,394
    16,052
    113
    අඩෝ මේ හාමුදුරුවෝ නිසා නළලේ තියන් හිටිය කෙල්ලොන්ගේ ගෑස් බහියි නේද දැන්.. :D :D :D
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පොත ගන්න වෙයි ඔන්ලයින් නම් දැක්කේ නෑ.

    View attachment 172890View attachment 172891

    මේව වදාළ ධර්මය ලෙසම සලකන්න පුලුවන්ද මචන්? පසුව එකතු උන අභිධර්ම කොටස් තියෙනව නේද (මේවා canon, මේවා ඌන පූරණ වශයෙන් පැහැදිලිව වෙන් කරන්න හැකියාවක් බෞද්ධ විද්‍යාර්ථීන් සතුව තියෙනවද දන්නෙ නෑ).

    @greenthunder මොකද කියන්නෙ?
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    පසුව එකතු උන අභිධර්ම කොටස් තියෙනව නේද (මේවා canon, මේවා ඌන පූරණ වශයෙන් පැහැදිලිව වෙන් කරන්න හැකියාවක් බෞද්ධ විද්‍යාර්ථීන් සතුව තියෙනවද දන්නෙ නෑ).@greenthunder මොකද කියන්නෙ?

    යම් ධර්ම කාරණයක "ඕතන්ටිසිටිය" විසඳීමේදී සූත්ත (ත්‍රිපිටක), සූත්තනුලෝම, ආචරියවාද (අටුවා) සහ අත්තනෝමති (ස්වමත හෝ ගුරුකුල මත) යන අනුපිලිවෙලට ධර්මය විසඳීම කලයුතුයි යන්න සම්ප්‍රදායානුකූල මතවාදයයි. පලමු ධර්ම සංඝායනාවෙදි විනය, සූත්‍ර සහ අභිධර්ම (කථාවත්තුව සහ එහි අටුවාව ඇරෙන්න) පිටක සහ ඒවායේ අටුවා සමග සංඝායනාවුනා කියන එක තමා සාම්ප්‍රදායික මහාවිහාර පිලිගැනීම.

    ඒ වගේම වර්ථමානයේ මුල් බුදුසමය (Ealry Buddhism, Early Buddhist Texts) කියලා දැනට හඳුනාගෙන ඇති පොත් සහ සූත්‍ර තිබෙනවා. මේ හඳුනාගැනීම් ථෙරවාද ත්‍රිපිටකය, චීන ආගම ආදී අනෙකුත් පිටක සමග සැසඳීමත්, භාශා හැසිරවීමෙ වෙනස්කම් සහ ව්‍යාකරණ නීතිරීති පදනම්ව සිද්ධ වෙනවා. EBT නැඹුරුවක් තිබෙන අය ත්‍රිපිටකයම පිලිගන්නවා අඩුයි. බොහෝදුරට සම්පූර්ණ අභිධර්ම පිටකයත්, අටුවාවත්, ඛුද්ධක නිකායෙ එන ජාතක, විමානවත්තු පේතවත්තු, බුද්ධවම්ස ආදී ග්‍රන්ථත් පසුකාලීන ලෙස සලකා බුද්ධ වචනයම නොවන බව සඳහන් කරනවා. මතවාද හරිම ඩයිවර්ස් මෙතනදි. මේ ක්‍රමය යටතෙ සමහර සූත්‍රත් සූත්‍ර අන්තර්ගතත් ප්‍රතික්ෂේප වෙන අවස්ථාත් තිබෙනවා.

    මේ ආකාරයට සැලකුවහොත් ඕපී එකේ කාරණා සඳහන් පොත් බොහෝදුරට අභිධර්ම, ජාතක, අටුවා, ටීකා ආදී ග්‍රන්ථ. EBT නැඹුරුවක් තිබෙනවානම් පසුකාලීන එකතු ලෙස ප්‍රතික්ශේප කරන්න පුලුවන්. මහාවිහාර සම්ප්‍රදායට අනුව ගතහොත් ජාතක සහ අභිධර්මය බුද්ධභාශිත ලෙස සලකන්න පුලුවන්.

    ඒ වගේම EBT නැඹුරුවක් තිබෙන අය බුද්ධ භාෂිත ලෙස සලකන සූත්‍ර තුලත් පේට්‍රියාකල් හෝ මිසෝජනිස්ටික් ලෙස සැලකිය හැකි තැන් තිබෙනවා. මට ඔය ගැන කියන්න තිබෙන දේ මම වෙනත් ත්‍රෙඩ් එකක දැම්මා මම ඒකම මෙතනත් දාන්නම්.

    මුලින්ම කියන්න ඕනෙ ඔය මහමෙව්නා හාංදුරුවො ඔයවගේ කෑලි කියන්න හරි දක්ශයි. අගක් මුලක් තැනක් නොතැනක් නොදැන ඔහේ කියවනවා. ඊටවඩා ඒ ගැන යමක් කියන්න සූදානමක් නෑ දැනට.

    දෙවනුව, ධර්මයේ තිබෙන සමහර කාරණා පොලිටිකලි කරෙක්ට් නැහැ. ඉගලටේරියන් අජෙන්ඩා තියෙන අයට ඒවා නොගැලපෙන දේවල් විදිහට පේනවා. ඒකට හේතුව ඒ අයට ඕනෙ "හැමෝම සමානයි" කියන යුටෝපියානු සමාජයක් හදන්න. නමුත් කාලයේ තාලය වෙනස් වෙනවා. කාලයෙන් කාලයට සමාජයේ අරමුණු වෙනස් වෙනවා. ඒ ඒ අරමුණු අනුව නිර්වචන, ඉගැන්වීම්, පිළිගැනීම් වෙනස් වෙනවා.නමුත් ධර්මයේ අරමුණ නිර්වාණය. අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් එය එසේම විය යුතුයි.


    මේව වදාළ ධර්මය ලෙසම සලකන්න පුලුවන්ද මචන්?

    ටෙක් න් වෙබ් කෝට් කරලා තියන ග්‍රන්ථය මම පරිහරණය කරලා නැහැ. මම දැනට කියවා ඇති පරිදි අභිධම්මත්ථ සංග්‍රහය පරිවාර ග්‍රන්ථයක් විදිහට තමා සලකන්නෙ. මේ ග්‍රන්ථය අභිධම්මත්ථ සංග්‍රහය පැහැදිලි කරන්න ලියවුනු එකක් කියලා තමා මට හැඟෙන්නෙ? (සමහරවිට @TechnWeb ට පුලුවන් වෙයි ඒ ගැන වැඩි යමක් කියන්න) ඕපී කෝට් කරන සිංහල පරිවර්තනය කවුරු විසින් කරන ලද්දක්ද, පිලිගැනීමක් සහිත පරිවර්තනයක්ද කියන්න මම දන්නේ නැහැ. ඒ වගෙම ඒ පිටු දෙක කියවා බැලුවම චේතිය ජාතකය වැනි ජාතක කතාවලින් ආභාශය ලබපු බවකුත් පෙනෙන්නට තිබෙනවා. චේතිය ජාතකය ගැන කතා කළහොත්, එහිදි බුදුන් කරන්නෙ අතීත ප්‍රවෘත්තියක් භික්ශූන්ට පැවසීම. එහිදී තිබෙන්නේ කපිල තාපසයන්ගේ ප්‍රකාශයන්. කපිල තාපසයන් "සම්මාසම්බුද්ධ" නොවන බව අපි මතක තබගත යුතුයි.

    දෙවනුව, ඔය ගැහැණු පිරිමි උප්පත්තිය සඳහන් වෙන තැනක් තමා ධම්මසංඝනිය (අභිධර්මය) සහ ධම්මසංඝනී අටුවාව (අට්ඨසාළිනී). නමුදු එහීදී සඳහන් වෙන්නෙ ස්ත්‍රී පුරුෂ "ඉන්ද්‍රියෙහි" උස් පහත් බවක් විනා ස්ත්‍රීයගේ හෝ පුරුෂයාගේ උස් පහත් බවක් ගැන නොවෙයි. අනෙක් කාරණය එතන පැහැදිලිවම සඳහන් වෙනවා ස්ත්‍රී ඉන්ද්‍රියත් හටගන්නේත් පුරුෂ ඉන්ද්‍රියක් හටගන්නේත් කුසල කර්මයකින්ම බව. වඩාත් බලවත් කුසල කර්මයකින් පුරුෂ ඉන්ද්‍රියත් ඊට අඩු කුසලකර්මයකින් ස්ත්‍රී ඉන්ද්‍රියත් වන බව තමා සඳහන් වෙන්නෙ. එහෙම නැතිව අකුසල කර්මයක් නිසා ගැහැණු බවක් ලැබෙනවා කියා නැහැ.


    (චේතිය ජාතකය අලලා එලිකිරියට පෝස්ට් එකක් දාන්නත් හිතිලා තිබෙනවා. නමුත් ගොඩක් ලියන්න වෙනවා. ඒ නිසා කල් දදා ඉන්නවා...)

    Edit - further clarification, grammar
     
    Last edited:
    • Like
    Reactions: lovethebomb