වෙච්ච දෙයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච සිද්ධියක්.දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි කෝච්චියේ ආවා. සූ ගාලා සෙනග. ඔක්කොම කෝච්චියට නගින්න පොර කනවා. ඔක්කොම නගින්න පොර කන්නේ පිටිපස්සේ පෙට්ටි වලට ඉස්සරහා පෙට්ටි වල කට්ටිය අඩුයි කවුරුත් නගින්නෙත් නෑ . මන් ගිහින් ඉස්සරහ පෙට්ටියට නැග්ගා.කාකි ඇඳුම ඇඳ ගත්තු නිළධාරියෙකුත් හිටියා දොර ගාව. මට ඒක ගාණක් තිබ්බේ නෑ. සීට් දෙක තුනක් හිස් තිබ්බා. ඒත් වයසක ආච්චිලා දෙතුන් දෙනෙකුත් බිම ඉඳන් හිටියා. සීට් තියෙද්දි මොකට බිම ඉඳ ගන්නවාද දන්නේ නෑ කියලා හිතලා මන් ගිහින් සීට් එකෙන් ඉඳ ගත්තා. ටික වෙලාවක් යද්දි මට වෙනසක් තේරුණා සීට් තිබ්බෙත් අනිත් පෙට්ටි වල වගේ නෙමේ ලැප් ටොප් එකක් වගේ තියාන්න පුලුවන් වෙන්න සීට් ඉස්සරහින් කොටසකුත් තියෙනවා.ඒ පෙට්ටිය ඇතුලේ අනිත් පෙට්ටි වල වගේ සීට් ඉරිලා කුරුටු ගාලා එහෙමත් නෑ ලස්සනට තියෙනවා. කවුරුත් කකුල් සීට් උඩ තියාගෙන ඉඳගෙනත් නෑ. වැඩිය සද්ද බද්දත් නෑ. ඉඳගෙන ඉන්න ඔක්කොම මිනිස්සු හෙන ජැන්ඩියට ඇඳගෙන ඉන්නවා. වැඩිය හිනා වෙන්නේ කතා බහ කරන්නේ නෑ කාත් එක්කවත්.අර බිම ඉඳගෙන ඉන්න ආච්චිලා විතරක් දුප්පත් පාට.අනිත් අය ඔක්කොම ලොකු ලොකු ඔෆීස් වල වැඩ කරන ගෑනු සහ පිරිමි වගේ පෙනුනේ. මාත් වැඩ ඇරිලා එන ගමන් නිසා ඔෆීස් ඇඳුම නිසා ජාමේ බේරුණා නැත්තන් ඔක්කොම ජැන්ඩියට ඇඳලා මාත් අර ආච්චිලා 3 දෙනා වගේ ඉන්න තිබ්බා. ඔහොම කෝච්චිය ටික දුරක් ගියා. එක ස්ටේෂමක නැවැත්තුවාම කාකි ඇඳුම් ඇඳගත්තු නිළධාරීයෙක් අපේ පෙට්ටියට නැග්ගා.

    එතකොට තමයි මට වෙලා තියෙන දේ තේරුණේ. මම නැගලා තියෙන්නේ 1st class හරි 2nd class හරි පෙට්ටියකට. මීට කලින් කෝච්චියේ Classes ගැන අහලා තිබ්බට 2nd class කොහෙද තියෙන්නේ 1st class කොහෙද තියෙන්නේ කියලා එහෙම අවබෝධයක් තිබ්බේ නෑ. දැන් අර නිළධාරියා කොච්චි පෙට්ටිය ඇතුලේ හෙමීට ඇවිදගෙන යනවා. අවිදින ගමන් එක එක්කෙනා දිහා විමසිලිමත්ව බලනවා.හරියට ඉස්කෝලෙක විනය භාර ගුරුතුමා කොන්ඩේ රැවුල් ඇඳුම් පරීක්ෂා කරනවා වගේ. මට දැන් තමයි තේරුණේ අර ආච්චිලා 3 දෙනාට වෙලා තියෙන වැඩේ. හැබැයි ඒ නිළධාරියා කාගෙන්වත් ටිකට් ඉල්ලන්නේ නෑ. පෙනුම විතරයි වගේ බලන්නේ. 3rd class පෙනුමක් වගේ තිබ්බොත් ටිකට් ඉල්ලනවා ඇති.මගේ කටේ කෙළත් හිඳිලා. මාට්ටු වෙලා බිම ඉඳගෙන එන්න වුනොත් මාර ලැජ්ජාව කෙල්ලොත් ඉන්නවානේ. අරූ මගේ ළඟට ටික ටික ඇදෙනවා මන් බැලුවා අනිත් මිනිස්සු ඉන්න විදිහ. හරියට බංකොලොත් වෙච්ච වලව්කාරයෝ වගේ. මාත් උන් දිහා බලලා සීට් එකෙ පොඩ්ඩක් කෙලින් වෙලා උරහිස් කෙලින් තියාගෙන වැදගත් විදිහට ඉඳ ගත්තා.ශේප් එකේ ජනේලෙන් එළිය බලාගෙන මූණට ටිකක් බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගත්තා. මට දැන් තේරෙනවා අර නිළධාරියා මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. මූට සැක හිතිලාවත්ද කියලා මට බය හිතුනා. මන් හෙමීට මිනිහා දිහා බලලා අර බැරෑරුම් මූණ එහෙම්මම තියාගෙන ඔලුව ඉහළ පහළ වැනුවා මිනිහාත් හිනා වෙලා යන්න ගියා.අම්මෝ ඒ වෙලාවේ තමයි ලේ ටිකක් ඉනුවේ.

    මට තියෙන ප්‍රශ්නේ අර නිළධාරියා පෙනුමෙන් මිනිස්සු මැනපු විදිහ. මන් හිතන්නේ නෑ හැම නිළධාරියෙක්ම එහෙම කරනවා ඇති කියලා ඔක්කොගෙන්ම ටිකට් ඉල්ල ඉල්ල බලාගෙන යනවා ඇති. හැබැයි මගේ හොඳ වෙලාවට මේ නිළධාරියා මිනිස්සු මනින්නේ ටිකට් එකෙන් නෙමේ පෙනුමෙන්
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    මං තමා ඒ බිම ඉදගෙන ගියපු ආච්චි
    අම්මට හුඩු අඳුන ගන්න ලැබීම සතුටක්. දැන් වයස 100 ත් පන්නලා ඇති එහෙනම්

    2nd class වෙන්නැති බං ටිකට් එකක් අරං යමං 1st class a/c
    A/C නම් තිබ්බේ නෑ වගේ තමයි මතක
    ------ Post added on Aug 5, 2022 at 1:19 PM
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    එහෙමද? එහෙම එකක් දැක්කේ නෑනේ
    ඉදලා ඉදලා කෝච්චිවල යන්න ගත්තම ඔහොම තමා
    මේ දවස් වල ඉන්නව ඔයි වගේ ඕනෙ තරම් තෙල් නැතුව වාහනේ ගෙදර දාලා වැඩට යන උන්
    වැඩිය ඕනෙ නෑ නෝමල් ටිකට් අරන් ඉන්ටර්සිටි කෝච්චියෙ යන්න හදන්නෙ :rofl: :baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    ඉදලා ඉදලා කෝච්චිවල යන්න ගත්තම ඔහොම තමා
    මේ දවස් වල ඉන්නව ඔයි වගේ ඕනෙ තරම් තෙල් නැතුව වාහනේ ගෙදර දාලා වැඩට යන උන්
    වැඩිය ඕනෙ නෑ නෝමල් ටිකට් අරන් ඉන්ටර්සිටි කෝච්චියෙ යන්න හදන්නෙ :rofl: :baffled:
    ඒ දවස් වල වැඩට ගියේ බස් එකේනේ. ඉඳලා හිටලා වෙනසකට කෝච්චියේ ගියා. දැන්නම් වැඩට යන්නේ නෑ

    ප්ලේන් වලත් ඕක තියෙනවානේ. ලංකාවේ විතරක් නෙමේ.ඒත් කැතම වැඩේ කියන්නෙ ඇඳුමෙන් පැළඳුමෙන් පෙනුමෙන් මිනිස්සු මනින එක
    ------ Post added on Aug 5, 2022 at 1:30 PM

    Mama thama ticket check kare... Mu phone eken elakiri bala bala hitiye... Mama dana gatta anathayek kiyala... Paw nisa giya....
    අඩෝ.... එළ එළ බොක්ක. තෑන්ක්ස් ඈ...
    ------ Post added on Aug 5, 2022 at 1:32 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,991
    67,303
    113
    ඒ දවස් වල වැඩට ගියේ බස් එකේනේ. ඉඳලා හිටලා වෙනසකට කෝච්චියේ ගියා. දැන්නම් වැඩට යන්නේ නෑ


    ප්ලේන් වලත් ඕක තියෙනවානේ. ලංකාවේ විතරක් නෙමේ.ඒත් කැතම වැඩේ කියන්නෙ ඇඳුමෙන් පැළඳුමෙන් පෙනුමෙන් මිනිස්සු මනින එක
    ------ Post added on Aug 5, 2022 at 1:30 PM
    British colony wala nan kotchara quality ekata andath wedak ne bn muna brown nan.
     
    • Sad
    Reactions: B.Chat

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    British colony wala nan kotchara quality ekata andath wedak ne bn muna brown nan.
    එහෙම එකකුත් තියෙනවා නේද. එතකොට එහෙ මූන දුඹුරු උන්ට ටිකට් දෙන්නෙත් නැද්ද. මොකද ටිකට් එකක් ගත්තට පස්සේ මූණ දුඹුරු නෙමේ කට්ට කලු උනත් එළවන්න බෑනේ

    අපේ රූට් එකේ 3ර්ඩ් ක්ලාස් පෙට්ටි විතරනෙ තියෙන්නෙ..
    ඒ රූට් එකේ 1st class, 2nd class ගන්න පොහොසත් උන් නැතුව ඇති. මේකත් මන් හිතන්නේ 2nd ක්ලාස් වෙන්න ඇති. මේ රූට් එකෙත් 1st class නැද්ද දන්නේ නෑ
    ------ Post added on Aug 5, 2022 at 1:41 PM
     
    • Like
    Reactions: B.Chat

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේක අවුරුදු ගාණකට කලින් වෙච්ච සිද්ධියක්.දවසක් වැඩ ඇරිලා ගෙදර එද්දි කෝච්චියේ ආවා. සූ ගාලා සෙනග. ඔක්කොම කෝච්චියට නගින්න පොර කනවා. ඔක්කොම නගින්න පොර කන්නේ පිටිපස්සේ පෙට්ටි වලට ඉස්සරහා පෙට්ටි වල කට්ටිය අඩුයි කවුරුත් නගින්නෙත් නෑ . මන් ගිහින් ඉස්සරහ පෙට්ටියට නැග්ගා.කාකි ඇඳුම ඇඳ ගත්තු නිළධාරියෙකුත් හිටියා දොර ගාව. මට ඒක ගාණක් තිබ්බේ නෑ. සීට් දෙක තුකන් හිස් තිබ්බා. ඒත් වයසක ආච්චිලා දෙතුන් දෙනෙකුත් බිම ඉඳන් හිටියා. සීට් තියෙද්දි මොකට බිම ඉඳ ගන්නවාද දන්නේ නෑ කියලා හිතලා මන් ගිහින් සීට් එකෙන් ඉඳ ගත්තා. ටික වෙලාවක් යද්දි මට වෙනසක් තේරුණා සීට් තිබ්බෙත් අනිත් පෙට්ටි වල වගේ නෙමේ ලැප් ටොප් එකක් වගේ තියාන්න පුලුවන් වෙන්න සීට් ඉස්සරහින් කොටසකුත් තියෙනවා.ඒ පෙට්ටිය ඇතුලේ අනිත් පෙට්ටි වල වගේ සීට් ඉරිලා කුරුටු ගාලා එහෙමත් නෑ ලස්සනට තියෙනවා. කවුරුත් කකුල් සීට් උඩ තියාගෙන ඉඳගෙනත් නෑ. වැඩිය සද්ද බද්දත් නෑ. ඉඳගෙන ඉන්න ඔක්කොම මිනිස්සු හෙන ජැන්ඩියට ඇඳගෙන ඉන්නවා. වැඩිය හිනා වෙන්නේ කතා බහ කරන්නේ නෑ කාත් එක්කවත්.අර බිම ඉඳගෙන ඉන්න ආච්චිලා විතරක් දුප්පත් පාට.අනිත් අය ඔක්කොම ලොකු ලොකු ඔෆීස් වල වැඩ කරන ගෑනු සහ පිරිමි වගේ පෙනුනේ. මාත් වැඩ ඇරිලා එන ගමන් නිසා ඔෆීස් ඇඳුම නිසා ජාමේ බේරුණා නැත්තන් ඔක්කොම ජැන්ඩියට ඇඳලා මාත් අර ආච්චිලා 3 දෙනා වගේ ඉන්න තිබ්බා. ඔහොම කෝච්චිය ටික දුරක් ගියා. එක ස්ටේෂමක නැවැත්තුවාම කාකි ඇඳුම් ඇඳගත්තු නිළධාරීයෙක් අපේ පෙට්ටියට නැග්ගා.

    එතකොට තමයි මට වෙලා තියෙන දේ තේරුණේ. මම නැගලා තියෙන්නේ 1st class හරි 2nd class හරි පෙට්ටියකට. මීට කලින් කෝච්චියේ Classes ගැන අහලා තිබ්බට 2nd class කොහෙද තියෙන්නේ 1st class කොහෙද තියෙන්නේ කියලා එහෙම අවබෝධයක් තිබ්බේ නෑ. දැන් අර නිළධාරියා කොච්චි පෙට්ටිය ඇතුලේ හෙමීට ඇවිදගෙන යනවා. අවිදින ගමන් එක එක්කෙනා දිහා විමසිලිමත්ව බලනවා.හරියට ඉස්කෝලෙක විනය භාර ගුරුතුමා කොන්ඩේ රැවුල් ඇඳුම් පරීක්ෂා කරනවා වගේ. මට දැන් තමයි තේරුණේ අර ආච්චිලා 3 දෙනාට වෙලා තියෙන තියෙන වැඩේ. හැබැයි ඒ නිළධාරියා කාගෙන්වත් ටිකට් ඉල්ලන්නේ නෑ. පෙනුම විතරයි වගේ බලන්නේ. 3rd class පෙනුමක් වගේ තිබ්බොත් ටිකට් ඉල්ලනවා ඇති.මගේ කටේ කෙළත් හිඳිලා. මාට්ටු වෙලා බිම ඉඳගෙන එන්න වුනොත් මාර ලැජ්ජාව කෙල්ලොත් ඉන්නවානේ. අරූ මගේ ළඟට ටික ටික ඇදෙනවා මන් බැලුවා අනිත් මිනිස්සු ඉන්න විදිහ. හරියට බංකොලොත් වෙච්ච වලව්කාරයෝ වගේ. මාත් උන් දිහා බලලා සීට් එකෙ පොඩ්ඩක් කලින් වෙලා උරහිස් කෙලින් තියාගෙන වැදගත් විදිහට ඉඳ ගත්තා.ශේප් එකේ ජනේලෙන් එළිය බලාගෙන මූණට ටිකක් බැරෑරුම් පෙනුමක් ආරූඩ කරගත්තා. මට දැන් තේරෙනවා අර නිළධාරියා මන් දිහා බලාගෙන ඉන්නවා වගේ. මූට සැක හිතිලාවත්ද කියලා මට බය හිතුනා. මන් හෙමීට මිනිහා දිහා බලලා අර බැරෑරුම් මූණ එහෙම්මම තියාගෙන ඔලුව ඉහළ පහළ වැනුවා මිනිහාත් හිනා වෙලා යන්න ගියා.අම්මෝ ඒ වෙලාවේ තමයි ලේ ටිකක් ඉනුවේ.

    මට තියෙන ප්‍රශ්නේ අර නිළධාරියා පෙනුමෙන් මිනිස්සු මැනපු විදිහ. මන් හිතන්නේ නෑ හැම නිළධාරියෙක්ම එහෙම කරනවා ඇති කියලා ඔක්කොගෙන්ම ටිකට් ඉල්ල ඉල්ල බලාගෙන යනවා ඇති. හැබැයි මගේ හොඳ වෙලාවට මේ නිළධාරියා මිනිස්සු මනින්නේ ටිකට් එකෙන් නෙමේ පෙනුමෙන්
    අඩේ උඹද එදා ටිකටි නැතුව ගිය එකා...
    ආයේ අහුවෙයකෝ... දෙනවා දඩයක් පොලියත් එක්කම...😡



    මීට කාකි ඇඳුම ඇඳං හිටපු එකා...😂
     
    • Haha
    Reactions: animation and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    අඩේ උඹද එදා ටිකටි නැතුව ගිය එකා...
    ආයේ අහුවෙයකෝ... දෙනවා දඩයක් පොලියත් එක්කම...😡



    මීට කාකි ඇඳුම ඇඳං හිටපු එකා...😂
    ආපහු ක්ලාස් තෝර තෝර ලංකාවේ කෝච්චි වල යන්න හම්බෙන එකක් නෑ ටිකට් අන්කල්. දැන් වහලේ උඩත් යනවානේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,470
    4,471
    113
    toilet ekata gihin dora wahaganna epai
    ඌ ආවට පස්සේ නැගිටලා යන්න ගිහින් දැක්කානම් සැක හිතනවා කොහොමත්
     
    • Like
    Reactions: Glitch

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    ආපහු ක්ලාස් තෝර තෝර ලංකාවේ කෝච්චි වල යන්න හම්බෙන එකක් නෑ ටිකට් අන්කල්. දැන් වහලේ උඩත් යනවානේ
    ඒත් අදාල එකේ යන්න ඕන හිටගෙන ගියත්🥴 1st හැම ට්‍රේන් එකේම නෑ.
     
    • Like
    Reactions: NRTG and geeko

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අවිස්සාවේල්ල නෙ?
    Puttalama

    ඒ රූට් එකේ 1st class, 2nd class ගන්න පොහොසත් උන් නැතුව ඇති. මේකත් මන් හිතන්නේ 2nd ක්ලාස් වෙන්න ඇති. මේ රූට් එකෙත් 1st class නැද්ද දන්නේ නෑ
    Gamanata yana welawa adu hinda wenna athi.
    ------ Post added on Aug 5, 2022 at 2:05 PM