📛වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තෙක් ගෝඨාභයට තායිලන්තයේ රැඳී සිටීමට අවසර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තෙක් ඔහු තායිලන්තය තුළ රැදී සිටින බව එරට අග්‍රාමාත්‍ය ප්‍රෙයුට් චන්ග්ඕ චා පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිවරයාට තාවකාලිකව තායිලන්තය තුළ රැඳී සිටීමට අවසර ලබාදී ඇති බවයි.

    88B66fz.png


    ඉකුත්දා පැවති මහජන විරෝධතා හමුවේ මාලදිවයිනටත් පසුව සිංගප්පූරුවටත් ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද තායිලන්තයට පැමිණෙනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ, ඔහුගේ සිංගප්පූරු වීසා කාලය අවසන්වීම හේතුවෙන්.

    මානුෂීය හේතූන් මත ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිවරයාට තායිලන්තයට පැමිණීමට එරට අග්‍රාමාත්‍යවරයා අවසර ලබාදුන් බවයි ඔහු උපුටා දක්වමින් “බැංකොක් පෝස්ට්” පුවත් පත වෙත පවසා ඇත්තේ. එමෙන්ම වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තෙක් තම රට තුළ සිටින කාලය තුළ කිසිදු දේශපාලන කටයුත්තක් සිදු නොකරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දුවූ බවද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි අයෙකු බැවින් ඔහුට දින 90 ක් සිය රට තුළ රැඳී සිටිය හැකි බව තායිලන්ත විදේශ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මෙම සංචාරයට ශ්‍රී ලංකා රජය විරුද්ධ නොවූ බවත්, තම රජය ගෝඨාභය රාජපක්ෂ මහතාට නවාතැන් පහසුකම් ලබානොදෙන බවයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණේ.

    http://nethnews.lk/article/97717

    https://www.bangkokpost.com/thailan...n-president-will-temporarily-stay-in-thailand
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    පාරෙදී දැක්කොත් ගලක් හරි ගහන්න ඕන
    හරි බන්, ගල් දෙකෙකින් හරි ගහලා මෙහාට ගෙන්න ගමු.
    මේකා සරණාගතයෙක් වගේ ලෝකේ වටේ යද්දී අපිටමයි ලජ්ජා
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    හරි බන්, ගල් දෙකෙකින් හරි ගහලා මෙහාට ගෙන්න ගමු.
    මේකා සරණාගතයෙක් වගේ ලෝකේ වටේ යද්දී අපිටමයි ලජ්ජා
    දැන් මාස දෙකක තුනක ඉඳන් ඔෆිස් එකේ එවුන් අහනව ලංකාවේ තත්වෙ (නිව්ස් වල දැකල)
    දැන් මේ යකා ආවට පස්සේ තවත් එවුන් අහන දෙවල් වලට කියන්න දේකුත් නැහැ ලොල්
     
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    මූට යන්න තිබ්බේ මියන්මාරයට
    සල්ලි + ඩිප්ලොමැටික් පාස්පෝර්ට් තියන එකා කොහේ ගියත් හොඳට ඉන්නව බන්
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    දැන් මාස දෙකක තුනක ඉඳන් ඔෆිස් එකේ එවුන් අහනව ලංකාවේ තත්වෙ (නිව්ස් වල දැකල)
    දැන් මේ යකා ආවට පස්සේ තවත් එවුන් අහන දෙවල් වලට කියන්න දේකුත් නැහැ ලොල්
    ඔව් ඔව්..
    අපෙනුත් අහනවා.. ලැජ්ජවට කියනවා ඉතින් අවුලක් නැහැ කියලා..
    මේවා දැක්කම තව නොන්ඩී
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan

    ai monada me.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තෙක්
     
    • Like
    Reactions: lasankandy

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔන්න ඔය පිස්සව මෙහෙ ගෙන්නගන්න ඕන.
    වටේ ගිහින් අපිවත් ලජ්ජා කරනවා
    ඕනේ නැහැ බන්.
    ගත්තු ණය ගෙවන්න ඕනේ රාජපක්ෂලා තමයි ලංකාවේ මිනිස්සු නෙමයි බව ලෝකේ දැන ගන්න ඕනේ.
    උන් ගත්තු ණය උන් ගෙවපු දෙන් අපි පුරවැසියෝ ණයත් නැහැ බයත් නැහැ.

    ඔව් ඔව්..
    අපෙනුත් අහනවා.. ලැජ්ජවට කියනවා ඉතින් අවුලක් නැහැ කියලා..
    මේවා දැක්කම තව නොන්ඩී
    කෙලින්ම කියපන් !
    ලංකාව ලෝකෙට ණය රටක් නෙමයි, ඔන්න ණයකාරය ඉන්නවා, උගෙන් ණය ටික බෙර ගනින්, අපි පුරවැසියෝ ණයත් නැහැ බයත් නැහැ කියල.
    ------ Post added on Aug 11, 2022 at 4:06 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    ඕනේ නැහැ බන්.
    ගත්තු ණය ගෙවන්න ඕනේ රාජපක්ෂලා තමයි ලංකාවේ මිනිස්සු නෙමයි බව ලෝකේ දැන ගන්න ඕනේ.
    උන් ගත්තු ණය උන් ගෙවපු දෙන් අපි පුරවැසියෝ ණයත් නැහැ බයත් නැහැ.


    කෙලින්ම කියපන් !
    ලංකාව ලෝකෙට ණය රටක් නෙමයි, ඔන්න ණයකාරය ඉන්නවා, උගෙන් ණය ටික බෙර ගනින්, අපි පුරවැසියෝ ණයත් නැහැ බයත් නැහැ කියල.
    ------ Post added on Aug 11, 2022 at 4:06 PM
    අපි එහෙම කියනවා මචන්. හැබැයි මෙහෙම රටින් රටින් පනින එක රටක් විදියට අපිට හරි නැහැ.
    ලෝකය ඕක දකින්නේ සිනහවෙන්
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මූ රටට ලැජ්ජා කරන්න හිගන්නා වගේ රටවල් ගානේ ඇවිදීනවා සරනාගතයා වගේ. මු නම් පිස්සෙක්ම තමයි
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අපි එහෙම කියනවා මචන්. හැබැයි මෙහෙම රටින් රටින් පනින එක රටක් විදියට අපිට හරි නැහැ.
    ලෝකය ඕක දකින්නේ සිනහවෙන්
    ඉතින් මු අපේ citizen නෙමයි නේ බන්.
    මු American citizen නේ බන්. මුව America වල liability එක.
    මුව දැන් අපිට අදල නැහැ.
    මු US citizenship එක අයින් කර ගෙන තිබුණ නැහැ චන්දෙට ඉල්ලන කොට.
    ඉතින් මුගේ පත්වීම නීතියට පටහැනියි.
    ඔය ටික ඔක්කොම තේරුම් කරලා දීපන් සුද්දට.

    මූ රටට ලැජ්ජා කරන්න හිගන්නා වගේ රටවල් ගානේ ඇවිදීනවා සරනාගතයා වගේ. මු නම් පිස්සෙක්ම තමයි
    ඇමෙරිකාවට තමයි බන් ලැජ්ජාව. මු අපේ citizen නෙමයි.
    ------ Post added on Aug 11, 2022 at 5:34 PM
     
    • Like
    Reactions: Walter White