බොඩිය
පොල් කැඩුමෙන් තමන්ගේ දිවි සරි කරන
මිනිහෙක් වීය නූගත් තරමක් අමන
හැන්දෑවට යකෙකි මත්වීලා බමන
තම හාමිනේ හට අල්ලාගෙන තලන
සුමනා ඔහුගේ බාරිය හරි අහින්සකයි
කෙරුවත් නිතර ගෝරිය ඇයනම් ඉවසයි
කීවත් හඩින් මිහිරිව ඔහු නම් නොඅසයි
හවසට ඇවිත් බීගෙන අඩි පොලවෙ ගසයි
දසවසරක්ම ඇය මේවා ඉවසාලා
දවසක් තරහ ගියේ ඇයගේ ඉහවහලා
පොල් උල අරන් එකවරටම ලෙලවාලා
එකපහරින්ම උගෙ ඉරනම විසඳාලා
පොලීසියට ඇය දිවගෙන ගියාය
සිදුවුන සීදුවීම සැකවින් කීවාය
රාලහාමි පැමිනිල්ලක් ලීවේය
බොඩිය දැන් කොහෙද කියල ඇහුවේය
අනේ රාලහමි මට නිච්චියක් නැත
කලබලයෙන් ආමි බොඩියක් ඇන්දෙ නැත
නෑ නෑ යෝදියේ බොට තේරුනේ නැත
මම ඒ බොඩිය ගැනනම් විමසුවේ නැත
අනේ රාලහමි මා හට වෙන්න සමා
මාහට බොඩි තිබෙන්නේ නම් දෙකක් තමා
එකක් පෙට්ටගමේ තිබුනා දෙකට නමා
අනෙක වැලේ ඇත මා වේලෙන්න දමා
පැතුම් ද සිල්වා
. Comments
පොල් කැඩුමෙන් තමන්ගේ දිවි සරි කරන
මිනිහෙක් වීය නූගත් තරමක් අමන
හැන්දෑවට යකෙකි මත්වීලා බමන
තම හාමිනේ හට අල්ලාගෙන තලන
සුමනා ඔහුගේ බාරිය හරි අහින්සකයි
කෙරුවත් නිතර ගෝරිය ඇයනම් ඉවසයි
කීවත් හඩින් මිහිරිව ඔහු නම් නොඅසයි
හවසට ඇවිත් බීගෙන අඩි පොලවෙ ගසයි
දසවසරක්ම ඇය මේවා ඉවසාලා
දවසක් තරහ ගියේ ඇයගේ ඉහවහලා
පොල් උල අරන් එකවරටම ලෙලවාලා
එකපහරින්ම උගෙ ඉරනම විසඳාලා
පොලීසියට ඇය දිවගෙන ගියාය
සිදුවුන සීදුවීම සැකවින් කීවාය
රාලහාමි පැමිනිල්ලක් ලීවේය
බොඩිය දැන් කොහෙද කියල ඇහුවේය
අනේ රාලහමි මට නිච්චියක් නැත
කලබලයෙන් ආමි බොඩියක් ඇන්දෙ නැත
නෑ නෑ යෝදියේ බොට තේරුනේ නැත
මම ඒ බොඩිය ගැනනම් විමසුවේ නැත
අනේ රාලහමි මා හට වෙන්න සමා
මාහට බොඩි තිබෙන්නේ නම් දෙකක් තමා
එකක් පෙට්ටගමේ තිබුනා දෙකට නමා
අනෙක වැලේ ඇත මා වේලෙන්න දමා
පැතුම් ද සිල්වා
. Comments
