හිර ගෙදර මිනී හොද්ද 🤮🤮

2osama

Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    හිරගෙදර හොද්දකට වැටී හිරකාරයෙක් මිය යයි..

    12-2.jpg



    අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවකු එහි මුළුතැන්ගෙයි විශාල හොදි භාජනයකට වැටී පිළිස්සීමෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
    මෙම සිරකරු මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී වසර 25 ක් බන්ධනාගාර ගතව සිටි අයෙකි. ලබන 2028 වර්ෂයේ මොහු නිදහස ලැබීමට නියමිතව සිට ඇති බව බන්ධනාගාරය පවසයි.
    ඉකුත් මස 26 වැනිදා දහවල් මොහු අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිට ඇත. මෙම සිරකරු තවත් අයකු සමග එක්ව විශාල බත් කල්දේරමක් ඔසවාගෙන යද්දී පය ලිස්සා අසල තිබූ හොදි භාජනයකට වැටී තිබේ.

    ඒ අවස්ථාවේ බත් කල්දේරම ඔහුගේ සිරුර මතට වැටී හොදි භාජනයේ ඔහු සිරවී ඇත. එහිදී අධික ලෙස පිළිස්සුම් තුවාල ලැබූ සිරකරු තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

    ප්‍රතිකාර ලබමින් සිටි සිරකරු දින 10 කට පසු ඉකුත් 06 වැනිදා මියගොස් ඇත. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර පාලනඅධිකාරිය විමර්ශනයක් පවත්වා ඇත.

    මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිරකරු පය ලිස්සා යෑමෙන් හොදි කල්දේරමකට වැටී පිළිස්සී තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි.

    මෙම මරණය හදිසි අනතුරකින් සිදු වූවක් බව මරණ පරීක්‍ෂණයේ දී අනාවරණය වූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.

    නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා
    – Divaina
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මැරුන එකත් අවුලක් නහැ. තල්ලු කරපු එක අවුලකුත් නැහැ. ඔය මැරුන බාජනේම ඔකේ ඉන්න උන්ට ආපහු කෑම හදල දෙන එකම ඇති යකෝ මිහිපිට අපාය මතක් වෙන්න. අම්මෝ බන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,886
    113
    සේදවත්ත
    රංජන් පුසෙක් මැරිලා කෑම දුන්නා කිව්වම බැන්නා . දමිතා කිව්වමත් බැන්නා දැන් ඇත්තටම එකෙක් වැටිලා මලාම බයි නඩේ කිඹුල් කදුලු සලාගෙන විලාප දීගෙන ත්‍රෙඩ් දානව.
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    අගුනුකොලේ සීන් ඒකක් ඒලියට ආව‌ා සී සී ටී වී වලින් මතකද ? තනි වදකාගාර ඔ්වා මානව හිමිකම් ක‌ේස් අදින්න ඔන අන්න ඒවට.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,233
    113
    මාලඹේ
    තල්ලු කරන්න ඇති බන්. :eek:
    හැබැයි දවස් දහයක් හොස්පිටල් එකේ හිටියා කියලා තියෙනවා
    කොහොමත් ඉතින් මුත් මිනිහෙක් මරලා ඇතුලත ට ගියපු එකෙක්
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    හැබැයි දවස් දහයක් හොස්පිටල් එකේ හිටියා කියලා තියෙනවා
    කොහොමත් ඉතින් මුත් මිනිහෙක් මරලා ඇතුලත ට ගියපු එකෙක්
    විදවන්න ඇති දවස් 10ක්. ඇගම පිච්චුනට පස්සේ ගොඩ ගන්න බැහැ
    තුවාල පිටින් ඉන්නවා කියන්නේ බන්
     

    Similar threads