උපදින හැම ආත්මෙකම ගිණි අරගෙන මිය යනවා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මේ කතාව බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච ඇත්තම කතාවක්..
    කතාව තියෙන්නේ ධම්මපද අට්ඨකථාවේ..
    දවසක් ස්වාමින් වහන්සේලා පිරිසක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා හරි අපූරූ කතාවක් කියනවා..
    ""ස්වාමිනී අද අපි වඩිනකොට දැක්කා පිදුරු ගොඩකට ගිණි ගහලා තියෙනවා..
    ඒ වෙලාවේ ඒ ගිණි ගොඩ ලගින් අහසේ කපුටෙක් පියබලා ගියා.. අර ගිණි ගොඩේන් ගිණිගත්ත පිදුරු කෑල්ලක් එක පාරම අහසට ගිහින් අර කපුටගේ ඇගේ වැදුනා..
    අනේ ස්වාමිනී අර කපුටා එක පාරම ගිණි ගන්න පටන ගත්තා..
    සම්පූර්ණයෙන්ම ගිණි ඇරගෙන මැරිලා එහෙම්ම බිමට වැ‍ටුනා..
    ස්වාමිනී භාගය්වතුන් වහන්ස..අපිට හිතා ගන්න බෑ ඒ මොකක් ද උනේ කියලා.."""
    ඒ වෙලාවේ භාගයවතුන් වහන්සේ අර කපුටගේ සසරේ කතාව දේශනා කලා..
    මේ කපුටා ඉස්සර මනුස්සයෙක්.. ගොවියෙක්.. දවසක් මේ මනුස්සයාගේ හරකා කුඹුරට බැහැලා ගොයම විනාස කරලා දැම්මා..
    මේකට අර හරකත් එක්ක යකා නැග්ග මනුස්සයා.. හරකගේ අත් කකුල් බැදලා පිදුරු ටිකක් ඇගට දාලා ගිණි තිබ්බා.. හරකගේ කතාව එතනින් ඉවර උනා..
    අහෝ සසරක හැටි..අර මනුස්සයා මැරිලා නිරයේ යනවා.. ඊට පස්සේ උපදින හැම ආත්මෙකම ගිණි අරගෙන මිය යනවා..
    මේ ගිණි අරගෙන මිය යන්නේ සසරේ පස්වන වතාවට කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා..
    ඕක තමයි සසරේ හැටි..ගිණි තියන්න ලේසියි..මරපං කියන්න ලේසියි...හැබැයි සසර පුරා ඒ කර්මය පස්සෙන් එනකොට විදවන එක ලේසී නෑ.. බේර ගන්න කවුරුත් නෑ..
    දේශපාලුවන්ගේ ගෙවල් ටික එකපාර ගිණි ගත්ත එක එයාලා සසරේ එකට කරපු කර්මයක විපාකයක් වෙන්න ඇති.. ඒ ගිණි තිබ්බ එක හරිද වැරදිද කියලා මං කියන්න යන්නේ නෑ.. මේක කියෙව්වම තෙරෙයි ඒක හරිද වැරදි ද කියලා..
    හැබැයි අපි කරන දේවල් අපේ පස්සෙන් එනවාමයි දවසක..
    ඒ නිසා ‍රැල්ලට යන්න එපා.. අමාරු කාලේ අමාරුවෙන් හරි හිත ‍රැක ගන්න බලන්න.!
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ දේශපාලකයෝ ටික සසරේ පව් කරලා නැද්ද කොහේද... මේ ආත්මේ ඉඳන් ද කොහේද පව් කරන්න පටන් අරන් තියෙන්නේ..
     

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    අනේ මන්ද බන් මේව. ඕව ඇත්ත නම් සත්තු මරන උන් කොච්චර ඉන්නවද? වෙන මුස්ලිම් රටවල් වල, china, vietnam , korea etc . උන් ඔක්කොම නිරයෙ තමයි මේ විදියට බැලුවොත්
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,081
    712
    113
    etakota minisse arenne loke inne hama sathekma pau kaarayo budu haamudurownta anuawa. mon pachada bun owa.
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක
    මේකට අර හරකත් එක්ක යකා නැග්ග මනුස්සයා.. හරකගේ අත් කකුල් බැදලා පිදුරු ටිකක් ඇගට දාලා ගිණි තිබ්බා.. හරකගේ කතාව එතනින් ඉවර උනා..
    ඉතින් හරකත් උගේ කර්මේ ගෙවන්න ඇති.
    හරකාගේ කර්මේ පල දෙන්න දායක උන මිනිහ ට මොකටද දඩුවම්.. ??? 🤭
     
    • Haha
    • Like
    Reactions: Cypress and Ozone4

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඉතින් හරකත් උගේ කර්මේ ගෙවන්න ඇති.
    හරකාගේ කර්මේ පල දෙන්න දායක උන මිනිහ ට මොකටද දඩුවම්.. ??? 🤭
    ehema thamayi karmaye haeti. ekkenek karmaya gewanakota thawa kenek aluth ekaka hada gannawaa


    ------ Post added on Oct 28, 2022 at 2:57 PM
     
    • Like
    Reactions: kinkon and Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,783
    165,482
    113
    එකමත් එක රටක
    ehema thamayi karmaye haeti. ekkenek karmaya gewanakota thawa kenek aluth ekaka hada gannawaa
    ඉතින් ඒක නේ. ඔය කියන විදියට හරකා ගිනි ගත්තේ උගේ කර්මය පල දෙන්න.
    ඔය කර්මය , හරි වැරැද්ද , දඩුවම තීරණය කරන සාධකය මොකක් උනත් ඒක තමයි තීරණය කරන්නේ හරකා ගිනි අරගෙන මැරෙනවා කියලා.
    ඒකට එතැනදී තෝරාගන්නවා මිනිහව. ඌට කියල හරකට පෙර කල කර්මෙට දඩුවමක් දෙනවා.
    ඉතින් ඒ මිනිහා මොනව කරන්නද ???? ඌ ව ගත්තේ හරකට දඩුවම් දෙන්න නේ. 🥴
    එහෙම කරල ඌට ඒකට තව දඩුවමක් දෙනවා.

    ඒක හරියට මිනිස්සුන්ව එල්ලලා මරන්න අලුගොසුවෙක් ට රස්සාව දීලා, ඌ ඒක කරාම මිනිමැරුම් චෝදනාවට අලුගෝසුව වත් එල්ලනවා වගේ වැඩක්. .. ඒ අලුගොසුවාව මරන්න තොර ගන්න අලුගෝසුව ටත් මිනි මැරුම් චෝදනා දානව 🤭

    ඔය උඩ කපුටා ගැන අහපු අයට අතීත කතාව කිව්වම , හරකාට එහෙම උනේ ඇයි කියලා අහන්න අමතක වෙලාද ??
     
    • Like
    Reactions: Cypress

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඉතින් ඒක නේ. ඔය කියන විදියට හරකා ගිනි ගත්තේ උගේ කර්මය පල දෙන්න.
    ඔය කර්මය , හරි වැරැද්ද , දඩුවම තීරණය කරන සාධකය මොකක් උනත් ඒක තමයි තීරණය කරන්නේ හරකා ගිනි අරගෙන මැරෙනවා කියලා.
    ඒකට එතැනදී තෝරාගන්නවා මිනිහව. ඌට කියල හරකට පෙර කල කර්මෙට දඩුවමක් දෙනවා.
    ඉතින් ඒ මිනිහා මොනව කරන්නද ???? ඌ ව ගත්තේ හරකට දඩුවම් දෙන්න නේ. 🥴
    එහෙම කරල ඌට ඒකට තව දඩුවමක් දෙනවා.

    ඒක හරියට මිනිස්සුන්ව එල්ලලා මරන්න අලුගොසුවෙක් ට රස්සාව දීලා, ඌ ඒක කරාම මිනිමැරුම් චෝදනාවට අලුගෝසුව වත් එල්ලනවා වගේ වැඩක්. .. ඒ අලුගොසුවාව මරන්න තොර ගන්න අලුගෝසුව ටත් මිනි මැරුම් චෝදනා දානව 🤭

    ඔය උඩ කපුටා ගැන අහපු අයට අතීත කතාව කිව්වම , හරකාට එහෙම උනේ ඇයි කියලා අහන්න අමතක වෙලාද ??
    කර්මය මිනිහව තොර ගනව නෙමේ, මිනිහා තමන්ගේ තියෙන අවිද්යාව /දර්මය නොදන්න කම නිස එකට පටලෙනවා. එක තමයි ලොඅකයෙ ස්වභාවය. කෙනෙක් කරමය ගෙවන කොට තව කෙනෙක් අලුතෙන් කරමය සකස් කර ගන්නවා

    අතීත හරකට උනත් එහෙම වෙන්නේ කලින් කරපු අකුසලයක් නිසා7




    කර්මය යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි කාර්යයක් කිරීමයි. එම ක්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵලය කර්ම විපාකය වශයෙන් හඳුන්වයි. මිනිසුන් විසින් කරන ගොවිතැන් කටයුතු වෙළඳාම් රජයේ රැකියාවන් ආදී ක්‍රියාවන්ගෙන් ද එල ලැබෙයි. එහෙත් කර්ම යන වචනයෙහි එයට එහා ගිය දාර්ශනික අර්ථයක් ඇත. මෙයින් ගම්‍ය වන්නේ යහපත් සහ අයහපත් (කුසල් සහ අකුසල්) ක්‍රියාවන් වෙයි. මේ සියල්ලටම මුල් වන්නේ චේතනාවයි. චේතනා යනුවෙන් අදහස් කරන්නේ ද චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වයයි. හැඟීම්, සිතිවිලි නොමැතිව කරන ක්‍රියාවන්හි විපාක දීමට සමත්කමක් නැත. විපාක දෙන කාල වශයෙන් බුදු දහමෙහි කර්ම හතරක් දක්වා ඇත. එනම් 1. දිට්ඨධම්මවේදනීය කර්ම. 2. උප්පජ්ජවේදනීය කර්ම. 3. අපරාපරියවේදනීය කර්ම. 4. අහෝසි කර්ම යනුවෙනි. මේවා අතරින් වර්තමාන ජීවිතයේදීම විපාක ලබා දෙන කර්ම දිට්ඨධම්මවේදනීය කර්ම වෙති. දෙවැනි භවයේ දී විපාක දෙන කර්ම උපප්ජවේදනීය කර්ම වෙයි. තුන්වැනි භවයෙහි පටන් නිවන් දක්නා ආත්මය දක්වා ඉඩත් ලැබෙන අවස්ථාවක විපාක දෙන කර්ම අපරාපරියවේදනීය කර්ම වශයෙන් හඳුන්වයි. කිසියම් කාලයකවත් විපාක ලබා නොදී අහෝසි වී යන කර්ම අහෝසි කර්ම වශයෙන් හඳුන්වයි.

    ගොවිතැන් කටයුත්තක් කරන පුද්ගලයා සතියකින් නැතහොත් දෙකකින් එහි අස්වැන්න ලබා ගත හැකි නම් වඩාත් කැමති වනු ඇත. එසේ වුවත් එය සිදු නොවන දෙයකි. බීජ පැළ වී, වර්ධනය වී, මල් හටගෙන කරල් හට ගෙන ඒවා පැසී අස්වනු නෙළා ගැනීමට කාලයක් ගත වෙයි. එමෙන්ම කර්මය කළ විගසම එහි විපාක නොලැබෙන අවස්ථාවන් ඇත. එම කර්ම ද පැසී මේරීමට පත්ව විපාක ලබා දීමට කාලයක් ගතවනු ඇත. යම්තාක් කල් අකුසලය විපාක නොදෙයි ද, ඒතාක් අනුවණයා එය මී පැණි මෙන් මිහිරි කොට සිතයි. කිසියම් කලෙක අකුසල කර්මයට විපාක දෙයි ද, එවිට එම අනුවණයා බලවත් දුකට පත් වෙයි. කර්ම විපාක ලබා දීම පිළිබඳ සිතන විට එය ඉතා සංකීර්ණ වූ දෙයකි. එය එක්තරා නිශ්චිත නියමයකට අනුව ද සිදු නොවේ. එසේ නියතියකට අනුව සිදු වන්නේ නම් එක හා සමාන කර්මයක් කළ දෙදෙනකුට එක හා සමාන විපාකයන් ලැබිය යුතුය. එහෙත් එලෙස සිදු නොවේ. උපත ලබා සිටින භවය, ආත්ම ප්‍රතිලාභයේ ස්වභාවය, උපත ලැබු ජනක කර්මයේ විපාක ශක්තිය, අකුසල හෝ කුසල කර්මය සිදු කරන අවස්ථාවෙහි පුද්ගල මනස ක්‍රියා කළ ආකාරය, වැනි ප්‍රබල සාධක රැසක් විපාක දීමේ ක්‍රියාවලියේදී බලපානු ලබයි. එබැවින් එක සමාන අකුසලයක් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුට එක සමාන විපාක නොලැබෙන බව පැහැදිලිය.

    එක් එළු දෙනකගේ හිස සිඳු තැනැත්තියකට එම එළු දෙනගේ ලොම් ගණනට හිස සිදුම් කැමට සිදු වු බව ලෝවැඩ සඟරාවේ සඳහන් වෙයි. චක්කුපාල තෙරුන් ආත්ම පන්සියයකට පෙර සිදු කළ අකුසලයක් නිසා උන් වහන්සේගේ නෙත් අන්ධ වු බව සඳහන් වෙයි. එඩ්ගා කේසි වැනි මනෝ විද්‍යාඥයන් කරන ලද පරීක්ෂණ වලදී පෙර ආත්මයක සිරකරුවන් පිරිසකගේ ඇස් අන්ධ කළ පුද්ගලයකු මේ ආත්මයේදී උපතින්ම නෙත් අඳ පුද්ගලයකු බවට පත් විය. කර්ම විපාක පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් මේවා මගින් ලබා ගත හැකිය. යමෙක් ප්‍රාණඝාතය සිදු කරන්නේ නම් එහි විපාක වශයෙන් මතු ආත්ම වල දී ඔහු බෙලහීන, අංග විකල, ඔත්පල පුද්ගලයකු වශයෙන් උපත ලබා ඔහුගේ මුළු ජීවිත කාලයම දුක් විඳින්නකු බවත් පත් වෙයි. මෙවැනි අකුසල කර්ම වලට ආත්ම සිය දහස් ගණනක් විපාක ලැබිය හැකිය. එයට හේතුව නම් සතුන්ගේ මාංස ආහාරයට ගැනීමෙන් සහ එම මස් අලෙවි කර එමගින් සිය සිරුර පෝෂණය කිරීමේ විපාක වශයෙනි. ඇතැම් විට ඔවුන් මව් කුස තුළදීම අකර්මණ්‍ය අංග විකල පුද්ගලයන් වශයෙන් සිට උපත ලැබිය හැක. තමන් ඝාතනය නොකළත්, වෙළෙඳපොළෙන් මිලයට ගෙන මස් මාංස අනුභව කළ ද නරක විපාක ලැබිය හැක. මක් නිසාද යත්, එයින් සත්ත්ව ඝාතනයට අනුබලයක් ලැබෙන නිසාය. ඒ නිසාම නොකළ යුතු වෙළඳාම් පහට මාංස වෙළෙඳාම ද ඇතුළත්ව ඇත. එහෙත් ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නොවිය හැක. මක් නිසාද යත්, ප්‍රාණඝාත අකුසලයක් සිදු වීමට තිබිය යුතු කරුණු පහක් ඔහුගෙන් සිදු නොවන බැවිනි.

    ප්‍රාණඝාතය වනාහී බරපතළ අකුසල කර්මයකි. ඉහත සඳහන් ආකාරයට දිට්ඨධම්මවේදනීය වශයෙන් මේ ජීවිතයේදීම පළ දෙන අකුසල කර්මයකි. උපන් හැම ආත්මයකම අල්පායුෂ ලැබෙන අකුසලයකි. මේ පිළිබඳ මහා ධර්මපාල ජාතකය වැනි කතා වලත් චුල්ලකම්මවිභංග වැනි සූත්‍ර වලත් කරුණු පැහැදිලි කර ඇත. ඇතැම් මිනිස්සු කිසිදු සත්ත්ව කරුණාවක් නොමැතිව පරපණ නසති. සකලවිධ ප්‍රාණීන් ෙකරෙහි කරුණාව, මෛත්‍රිය, දැක්වීම උතුම් මිනිසුන්ගේ ලක්ෂණයකි. සත්ත්ව ඝාතනය කරන පුද්ගලයෝ හැම අතින්ම පරිහාණියට පත් වෙති. ඔවුන්ගේ ජීවිත කාලයටම සතුටක් ලැබෙන්නේ නැත. මහත් දුකක් අත් විඳ මිය ගිය පසුව ද සුගතියක් නොලබති. ඔවුනට හිමි වන්නේ දුගතියමය. උපන් කිසිඳු ආත්මයක දිර්ඝායුෂ නොලබති. ඉතා අඩු වයසින් මරණයට පත් වෙති. මෙවැනි දෙයට උදාහරණ අප ජීවත් වන මෙම සමාජය තුළින් දැක ගත හැකිය. එහෙත් මේවා ගැන අවධානය යොමු කරන පිරිස් අල්පය. කුමන සතකු වුවද කුමන ආකාරයෙන් හෝ ඝාතනය කර අනුභව කිරීමට තරම් මිලේච්ඡ මිනිසුන් අප සමාජයේ වෙසෙති. ඔවුනට මේ ජීවිතයේදී එවැනි අකුසල් වල ප්‍රතිවිපාක අත් විඳීමට සිදු වෙයි. මෙම කරුණු වලට කදිම නිදසුනක් නම් හීං අප්පාගේ කථා පුවතයි.


    හීං අප්පා යනු ඔහුගේ නියම නම නොවේ. කුඩා කළ සිටම නිවැසියන් ඔහු ඇමතුවේ එම නමිනි. උතුරු මැද පළාතට අයත් පිටිසර ගම්මානයකට විසූ ඔහු කුඩා කළ ලබා ගත යුතු පාසල් අධ්‍යාපනය නොලැබූ නිසා අකුරු ශාස්ත්‍රයද හරි හැටි නොදත් පුද්ගලෙයකි. ඒ නිසා හෙතෙම අණක් ගුණක් නැති පුද්ගලයකු වශයෙන් කටයුතු කළේය. කසිප්පු නමැති මත් වතුරට ඇබ්බැහි වූ හෙතෙම දවස පුරාම ගත කෙල් බමණ මතිනි. කසිප්පු වලට ඇබ්බැහි වූ ඔහුට තුන් වේලටම මසක් හෝ මාළු අවශ්‍ය විය. කර දඬු උස් වූ ඔහු අඹුවක් ද කැඳවා ගෙන ආවේ ය. වැවක් ආසන්නයේ පැල්පතක් අටවා ගෙන එහි විසු ඔහු මසුන් මරා අලෙවි කිරීම රැකියාව වශයෙන් කරන ලදි.
    මසුන් මැරීම සඳහා දැල් දැමූ පසු වැවෙහි සිටින ඉබ්බන් ද ඔහුගේ දැළට පැටලුණි. එසේ දැලට පැටලෙන ඉබ්බන් පණ තිබියදී පැල්පතට රැගෙන එන හෙතෙම ඉතා අමානුෂික අයුරින් ඉබ්බන් ද ඝාතනය කර, ආහාරයට ගත්තේය. ඔහුගේ පැල්පත අවට ඉබි කටු ගොඩවල් තිබුණි. දරුවන් දෙෙදනකු සිටි ඔහු ඉබ්බන් ඝාතනය කළේ‍ දරුවන් ද ඉදිරිපිටදීය. ඉබ්බන් නඟන හඬ ඈතට අැසුණත් බොහෝ දෙනකු හිතන්නේ එය දරුවන් හඬන හඬ වශයෙන්ය. මෙම අපරාධ නතර කිරීමට බිරිය කොතරම් උත්සාහ කළත් සාර්ථක නොවුණි. අවසන ඇය දරු දෙදෙනා ද රැගෙන මහ ගෙදරට ගියාය. හුදකලාව විසූ හීංඅප්පා තම දිවි පෙවත සුපුරුදු අයුරින්ම ගෙන ගියේය.

    හීං අප්පා ඉඳ හිට ලොකු සතුන් දඩයම් කළේය. ඔහු කෙසේ හෝ බෙහෙත් කොටන තුවක්කුවක් සොයා ගත්තේය. බෙහෙත් කොටන තුවක්කු යනු වෙඩි බෙහෙත් සහ උණ්ඩ මූනිස්සං දමා තමාම සකස් කර ගත් වෙඩිල්ලක් සතාට එල්ල කර වෙඩි තබන තුවක්කුවකි. ඝාතනය කරන සතාගේ ප්‍රමාණයට එම වෙඩිල්ල සකස් කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් ඝාතනය කරන්නට බලාපොරොත්තු වනුයේ සාවකු වැනි කුඩා සතකු නම් එයට සරිලන අයුරින් සහ ඌරකු මුවකු වැනි ලොකු සතකු නම් එයට ගැළපෙන අයුරින් වෙඩිල්ල සකස් කර ගත හැකිය. දිනක් ලොකු සතකු මරා ගැනීමට අදහස් කළ හීං අප්පා ලොකු වෙඩිල්ලක් කෙටුවේය.

    එසේ සූදානම් කර ගත් තුවක්කුව රැගෙන වැව අසලට ගොස් ගස් දෙබලක වාඩි වී මධ්‍යම රාත්‍රිය තෙක් බලා සිටියේ ඌරු රංචුව දිය බීමට වැව් මංකඩට එන තෙක්ය. ඔහුගේ බලාපොරොත්තුව සපල කරමින් ඌරු රංචුව වැවට ගෑටුවේය. හෙතෙම රංචුවේ සිටි ලොකුම ඌරාට ඉල්ලක්කය ගත්තේය. කොකා ගැස්සුවේය. මහා හඬ නංවමින් වෙඩිල්ල පත්තු විය. තුවක්කුව ද ගැස්සුණි. ගැස්සුණ වේගය කොතෙක් ද යත් හිං අප්පා ද ගස් දෙබලෙන් පහතට වැටුණි. වැටුණ වේගය නිසා ඔහුගේ හිස පොළොවෙහි වැදීමෙන් ගෙල කැඩී ගියේ ඔහුට කිසිඳු හඬක් නොනැගිය හැකි පරිද්දෙනි. ඔහුගේ ඉඳිමුණ සිරුර දැකීමට හැකි වුයේ පසු දින සවස් භාගයේය. ඒ වන විටත් මිය ගිය ඌරාගේ සිරුර සහ පව්කාරයාගේ සිරුර නරක් වෙමින් තිබුණි. දුර්ගන්ධය හමමින් තිබුණි. මෙයින් පැහැදිලි වන්නේ ඔහු කරන ලද අකුසල් වලට විපාකය මේ ජීවිතයේදීම ලැබුණ බවයි. සත්ත්ව ඝාතනය මහා පාප කර්මයකි
    ------ Post added on Oct 29, 2022 at 1:05 PM
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඉතින් හරකත් උගේ කර්මේ ගෙවන්න ඇති.
    හරකාගේ කර්මේ පල දෙන්න දායක උන මිනිහ ට මොකටද දඩුවම්.. ??? 🤭
    ඒක තමයි කර්මය භයානක
    අපේ කර්මය ගෙවන ගමන් අනෙක් අයට බෙදනවා.... සමහර සිද්ධි බලන්න
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ඉතින් හරකත් උගේ කර්මේ ගෙවන්න ඇති.
    හරකාගේ කර්මේ පල දෙන්න දායක උන මිනිහ ට මොකටද දඩුවම්.. ??? 🤭


    ඉතින් හරකත් උගේ කර්මේ ගෙවන්න ඇති.
    හරකාගේ කර්මේ පල දෙන්න දායක උන මිනිහ ට මොකටද දඩුවම්.. ??? 🤭

    ------ Post added on Nov 17, 2022 at 3:41 AM