මෙරට අප්‍රකට ප්‍රකෝටිපතියන් මෙන්ම කළු සල්ලි ජාවාරම්කරුවන්ව හොඳට අන්දවා රුපියල් බිලියන ගණනාවක් වංචා කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසුවී දැන් බන්ධනාගාරයේ සිර මැදිරියකට වී කල් ගෙවන තිලිණි ප්‍රියමාලිගේ තවත් සඟයන් දෙදෙනකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් ඉකුත් සතියේදී අත්අඩංගුවට ගත්තේය. ඒ අපේ රටේ අන්ධ භක්තියෙන් මිථ්‍යාව පසු පස හඹා යන අහිංසක බොදු ජනතාව හොඳට අන්දමින් රහත් වෙස් ගෙන මඩිය තරකර ගත් තවත් එක් භික්ෂුවක් වන බොරැල්ලේ සිරි සුමන හිමියන්ව සහ සමාගම් අධ්‍යක්ෂවරියක වූ ජානකී සිරිවර්ධන නැමැත්තියවය.
කඩවත වෑබඩ ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි භාගයක අරහත්තක සමාධි ආරණ්‍ය නැමැති විහාරස්ථානයක් ඉදි කරගෙන එහි දිව්‍යලෝකයක්ද තනාගෙන වැඩ වාසය කරන සිරිසුමන නම් වූ මෙම භික්ෂුව සමාජය හමුවේ පෙනී සිටියේ මාර්ගඵල ලැබූ රහතුන් වහන්සේ නමක් ලෙසිනි. ලක්ෂ ගණන් වටිනා සම පැහැපත් වන ආලේපන ගල්වමින් කිරි පාටට බැබළෙමින් සිටි මෙම භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නේ ද තිලිණි ප්‍රියමාලි විසින් කළ දැවැන්ත මූල්‍ය වංචාවේ උන් වහන්සේ ද එක් අංකුරයක් බව විමර්ශන වලින් අනාවරණය වීමත් සමඟිනි.
මෙම භික්ෂුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොටුවන්නේ තිලිණි ප්‍රියමාලිට එරෙහිව මෙතෙක් පැමිණිලිකර ඇති අතළොස්සක් අතර සිටින ව්‍යාපාරිකයකු විසින් ලබාදී ඇති සාක්ෂියක් පදනම් කර ගනිමිනි. තිලිණිට එරෙහිව මෙතෙක් ලැබී ඇති පැමිණිලි අතරෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් ඇය වංචාකර ඇත්තේ යැයි කියැවෙන්නේ මෙම ව්‍යාපාරිකයාටය. එම ගණන සුළු පටු නැත. රුපියල් කෝටි 75කි. ඉන්දියානු නිෂ්පාදනයක මෙරට අලෙවි නියෝජිතයා ලෙසද ක්‍රියාකරන මෙම ව්‍යාපාරිකයා ආචාර්ය උපාධිධාරියෙකි. පරම්පරාගත ධනවතෙක් වන මෙම ව්‍යාපාරිකයාට ප්‍රියමාලිව මුණ ගස්සන්නේ යැයි කියැවෙන්නේ මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක මෙරට ප්‍රධාන විධායක නිලධාරිනිය බව කියැවෙන ජානකී සිරිවර්ධන නැමැත්තියයි. බලවන්තියක් බව කියැවෙන ඇය මඟින් දැන හඳුනාගත් ව්‍යාපාරිකයාව ප්‍රියමාලි අන්දවා මුළු සේසතම හූරා ගන්නේ මුලින්ම ඔහුට නයෙක් පෙන්වමිනි. ඒ ඇය දිනක් එම ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ගමන් මල්ලක ඔබා ගෙන රැගෙන ගිය නයෙක් පෙන්වා ඒ එම ව්‍යාපාරිකයාගේ පියා යැයි පවසමිනි. ඇය එහිදී රඟපාන්නේ තමාට මළ ගිය ප්‍රාණකාරයන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ බලයක් ඇති තැනැත්තියක් ලෙසිනි. එවැනි දේවල් තදින්ම විශ්වාස කරන්නෙක් වූ මෙම ව්‍යාපාරිකයා ප්‍රියමාලිගේ ගැටයට හොඳටෝම අසු වුණේය.
“ අම්මා මට කියනවා මේ ගෙදර සල්ලි ගොඩගහගෙන ඉන්නවා කියල. ඒ සල්ලි සාපයක්ලු. ගෙදරින් අයින් කරන්න කියනවා. තාත්තගේ ආත්මයටත් සහනයක් නැහැ කියනවා“ ඇය ආවේශ වෙමින් ව්‍යාපාරිකයා හමුවේ පවසන්නට වූවාය.
ප්‍රියමාලි මෙහි දෙවැනි පියවර තබන්නේ බොරැල්ලේ සිරිසුමන හිමියන් මෙම නිවෙසට ගෙන්වා ගෙනය. එය සිදුවන්නේ ඊට දින කිහිපයකට පසුවය. ඒ සාපයෙන් ගැලවෙන්නට මඟක් සොයා දෙන්නැයි ව්‍යාපාරිකයා ප්‍රියමාලිගෙන් කළ ඉල්ලීමකට අනුවය.
ඇඟ ගැල්වූ විලවුන්වල සුවඳ විහිදුවමින් බොරැල්ලේ සිරිසුමන හිමියන් මෙම ව්‍යාපාරිකයාගේ නිවසට එන්නේ ප්‍රියමාලිගේ ආරාධනාවකට අනුවය. ඒ පැමිණි උන්වහන්සේ පොඩි වේලාවක් භාවනායෝගීව ද සිටියහ. අනතුරුව උන්වහන්සේ ආරූඪයකින් නිවසේ හැම අස්සක් මුල්ලක් නෑර ම පරීක්ෂා කරමින් සක්මන් කරන්නට වූයේ උන්වහන්සේගේ ජංගම දුරකතනයට ප්‍රියමාලි විසින් විටෙන් විට යොමු කරන කෙටි පණිවුඩ ඔස්සේ තැන් තැන් වලට යමිනි. ඊට පෙර කිසිදු දිනක මෙම නිවසට පය නොතැබූ සිරිසුමන හිමි නිවෙසේ හැම අස්සක් මුලක් නෑරම යන්නට වූයේ ප්‍රියමාලි විසින් දුරකතනයට ලබාදෙන පණිවුඩ ඔස්සේය. ඒ බව දැන සිටියේ උන්වහන්සේත් ප්‍රියමාලිත් පමණි. එබැවින් උන්වහන්සේ ව්‍යාපාරිකයා හමුවේ රඟ දක්වන්ට වූයේ භාවනාවෙන් චිත්ත ශක්තිය දියුණු කරගෙන සිටින බැවින් තමන් වහන්සේට හැම දෙයක්ම පෙනෙන බව හඟවමිනි.
සැබෑ ලෙසම උන්වහන්සේට භාවනාවෙන් ඥානයක් පහළ වී තිබුණි නම් ප්‍රියමාලි වංචාකාරියක් බව මෙන්ම ඇය සමඟ තමන් වහන්සේට ද යම් දවසක හිරේ විලංගුවේ වැටීමට සිදුවූ බවක් පෙනෙන්නට තිබුණු වාර ගණන අපමණය. දැන් ඉතින් වැඩේ වරද්දා ගෙන හමාර බැවින් යම් දිනක හිරෙන් එළියට ඇවිත් , පෙර කළ අකුසලයක් තමන් වහන්සේට පටිසන් දුන් බව කියන්නට ද බැරිකමක් නැත.
එදා මේ කෝටිපති ව්‍යාපාරිකයාගේ ගෙයි හැම අස්සක් මුල්ලක් නෑරම ඇවිදිමින් උන්වහන්සේ අවසානයේදී ව්‍යාපාරිකයාව අන්දවන්නේ නිවෙසට ශාපයක් වැදී ඇති බව පැහැදිලි කරමිනි. එම සාපයෙන් ගැලවෙන්නට නම් නිවෙසේ ඇති මුදල් හා දේපොළ අතහැරිය යුතු බව ද උන්වහන්සේ ව්‍යාපාරිකයාට දේශනා කළහ. එසේ නොවුණොත් ලොකු විනාශයක් සිදු වන බව දෙසා බාන්නට වූයේ ව්‍යාපාර පවා බිඳ වැටී හිඟන්නෙක් ලෙස මහ මඟට ඇද වැටෙනු ඇතැයි කියා බිය ගන්වමිනි.
බොරැල්ලේ සිරිසුමන හිමියන් ආරූඪයෙන් කී මේ දේවල් නිසා මෙම ව්‍යාපාරිකයාට හීන් දහඩිය පවා දැම්මේය. “ අපි මේකට මොකද කරන්නේ“ බොරැල්ලේ සිරි සුමන හිමියන්ගෙන් ඔහු මෙසේ අසන්නේ සාපයෙන් ගැලවෙන්නට මඟක් උන්වහන්සේගෙන්ම දැන ගැනීමේ අධිටනින්ය. එහිදී උන්වහන්සේ ව්‍යාපාරිකයාටත්, නිවෙසටත් සෙත් ශාන්තියක් කරමින් ඔහු සතුව ඒ වන විට නිවසේ ගොඩ ගසාගෙන සිටි මුදල් පිරවූ ගමන් මල්ලකට ද පූජාවක් පවත්වන්නේ තාවකාලික විසඳුමක් ලෙස සිදු කරන ශාන්ති කර්මයක් බව පෙන්වමිනි. අවසානයේදී බොරැල්ලේ සිරි සුමන හිමියන් මෙම ව්‍යාපාරිකයාව පොළඹවන්නේ ඔහු සතුව ඇති සියලු දේපොල විකුණා ඒ මුදල් තිලිණිගේ ව්‍යාපාරවල ආයෝජනය කරවීමටය.
ඒ වන විට හොඳටෝම රැවටීමට ලක්ව සිටි මෙම ව්‍යාපාරිකයා කෝටි 75ක්ම තිලිණිගේ ව්‍යාපාරයන්හි ආයෝජනය කරන්නට වූයේ සාපයෙන් ගැලවෙනවාත් එක්කම ලොකු ලාභයක්ද ඒ තුළින් ඇය ලබාදෙන බව කියන්නට වූ බැවිනි. අවසානයේදී ඔහුට සිදු වන්නේ සිරි සුමන හිමිගේ උපදෙස් පිළිපදින්නට ගොස් සියල්ලම අහිමිකරගෙන මහ පාරට වැටෙන්නටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තිලිණිට එරෙහිව පැමිණිලි කිරීමට ඇඹරෙමින් සිටි මෙම ව්‍යාපාරිකයා අවසානයේදී පැමිණිල්ල කිරීමට ඉදිරිපත් වන්නේ ඔහුට සාධාරණයක් පතා වෙන කරන්නට කිසිවක් ඉතිරි නොවූ තැනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මෙම ව්‍යාපාරිකයා විසින් කළ පැමිණිල්ලෙහි සඳහන් වන්නේ තමාට අයත් වාහන, ඉඩකඩම් ඇතුළු දේපොළ සියල්ල විකුණා දමා ඒ මුදල් සියල්ලක්ම ප්‍රියමාලිට ලබා දුන් බවය.
ප්‍රියමාලි ඉතා ලස්සනට බොරැල්ලේ සිරිසුමන හිමියන් සමඟ එක්ව අප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු අසරණයකු බවට පත් කරනු ලැබුවේ එසේය. ඒ ඔහුව මහ පාරට ඇද දමමිනි. අඩුම තරමින් දෙනවා යැයි කී ඉහළ ලාභාංශ කෙසේ වෙතත් ආයෝජනය කළ මුදලින් කොටසක් වත් ලබා දෙන්නට තරම් තිලිණි කාරුණික නොවූවාය.
“ මේ දවස්වල රටේ ආර්ථික තත්ත්වය හොඳ මදි. ඔයා බය වෙන්න එපා. සිරිසුමන හාමුදුරුවෝ ගාව මගේ රත්තරන් ගොඩක් තියෙනවා. ඒවා විකුණන්න කෙනෙක් මේ දවස්වල හොයනවා. රත්තරන් ටික විකුණපු ගමන් මම ඔයාගේ සල්ලි ඩබල් කරලම දෙන්නම්“ යැයි හැම තිස්සේම ඇය ඔහුට කියන්නට වූයේ තවදුරටත් ඔහුව අන්දවන්න සිතාගෙනය.
මෙවර නම් ඔහු ප්‍රියමාලිට ඇන්දුණේ නැත. ප්‍රියමාලි මේ කියන කිසිවක් ඔහු විශ්වාස කරන්නට ගියේ නැත. ඒ ඇය තමාව ඒ වන විටත් හොඳටම අන්දවා ඇති බව ඔහුට ටිකෙන් ටික වැටහෙන්නට ගත් බැවිනි. දිගින් දිගටම මුදල් ඉල්ලා ඔහු ප්‍රියමාලිට කරදර කරන විට ඇය ඔහුව දිනක් රැගෙන යන්නට වූයේ සිරිසුමන හිමියන්ගේ රාජ භවනටය. ඒ එහි ඇති රත්තරන් පෙන්වන්නටය. එහිදී සිරිසුමන හිමියන් මෙම ව්‍යාපාරිකයාට කාමරයක් විවර කර පෙන්වන්නේ එහි පුරවා ඇති රත්තරන් පොලු ගොඩකි.
“ ඔය මහත්තයා කිසිදේකට බය වෙන්න එපා. මේ ඔක්කොම රත්තරන්.“ යැයි එහිදී උන්වහන්සේ කියන්නට වූයේ ව්‍යාපාරිකයාව අලුත් විදිහකට රැවටීමකට ලක්කරවමිනි.
“මේ හැම දෙයක්ම රත්තරන් වලින් හදල තියෙන්නේ“ යැයි උන්වහන්සේ කියමින් කාමරය පුරා ඇති රන් පැහැති නිර්මාණ ව්‍යාපාරිකයාට පෙන්වමින් පවසන්නට වූහ. ඒ එක් තැනකින් රන් පැහැති තහඩු කැබැල්ලක් අහඹු ලෙස කඩා ගන්නවා මෙන් පෙන්වමින් එය ව්‍යාපාරිකයා අතට තබමින් සිරි සුමන හිමියන් පවසන්නට වූයේ “ මහත්තයාට සැක නම් ගිහින් චෙක් කරල බලන්න.“ යැයි කියමිනි.
රන් යැයි කියා තමා අතට පත් කළ ඒ තහඩු කැබැල්ල රන්කරුවකුට දී පරීක්ෂා කිරීමට ද ව්‍යාපාරිකයා මෙහිදී අමතක නොකළේය. ඒ තවදුරටත් ඔවුන්ගේ රැවටීමට හසු නොවීමට වග බලා ගනිමිනි. එම පරීක්ෂාවේදී එය සැබෑ පිරිසිදු රත්තරන් කැබැල්ලක් බව තහවුරු වීමත් සමඟ නැවත වරක් මෙම ව්‍යාපාරිකයා ප්‍රියමාලිගේ සහ සිරිසුමන හිමියන්ගේ ගැටයට හසු වූයේය. කවදාහරි දවසක තමාට මුදල් ලැබේවි යැයි සිතා ඒත් එක්කම ව්‍යාපාරිකයා සැහැල්ලුවෙන් සිටින්නට පටන් ගත්තේය.
තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හසුවන්නේ ඔය අතර තුරදීය. ව්‍යාපරිකයාගේ බඩ පපුවේ ගින්න ද පත්තුවන්නේ ඒත් එක්කමය. ප්‍රියමාලිට එරෙහිව ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ම පැමිණිලි කළත් මෙම ව්‍යාපාරිකයා පස්ස ගසන්නට ගත්තේ ප්‍රියමාලි ඔහුව ඒ වන විටත් බ්ලැක්මේල් කරගෙන සිටි බැවිනි. ඒ ගැන මෙම ව්‍යාපාරිකයා දින දෙක තුනක් තිස්සේම ගැඹුරින් සිතා බැලුවේය. ඒ දැන් තමා කළයුත්තේ කුමක්දැයි කියාය. අවසානයේදී ඔහු තීරණය කරනුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට යන්නටය.
ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලියැවෙන ශක්තිමත්ම සාක්ෂිය වන්නේ මෙම ව්‍යාපාරිකයාගේ පැමිණිල්ලය. ඒ තුළින් බොරැල්ලේ සිරි සුමන හිමියන්ටද ගැලවිල්ලක් නොවීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායමක් පසුගිය 01 වෙනිදා කඩවත වෑබඩ පිහිටි දිව්‍ය මාලිගාවට ගොස් උන්වහන්සේව අත්අඩංගුවට ගන්නේ එම සාක්ෂිය පදනම් කරගෙනය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ උන්වහන්සේ නම් පවසන්නේ ප්‍රියමාලි යනු විහාරස්ථානට එන යන උදව් පදව්කරන දායිකාවක් පමණක් බවය. ඇය සමඟ තමන් වහන්සේට නිසිදු මුදල් ගනුදෙනුවක් නොතිබුණු බවද සඳහන් කරති. උන්වහන්සේ සිය ගැලවිල්ලට එසේ කීවත් හැම පැත්තෙන්ම තමන් වහන්සේ කොටුවී ඇති බව දැනෙන්නේ බන්ධනාගාරගත වූ පසුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් මේ වන විට හෙළි වෙමින් ඇති තොරතුරුවලට අනුව තිලිණි ප්‍රියමාලි මෙසේ මළ ගිය ප්‍රාණකාරයන් සමඟ කතා බස් කරමින් රැවටීමට ලක්කර ඇත්තේ මෙම ව්‍යාපාරිකයාව පමණක් නොව, එම ලැයිස්තුවේ තවත් ව්‍යාපාරිකයන් රැසක්ම සිටිති. ඇය මෙසේ මළගිය ප්‍රාණකාරයන් සමඟ සන්නිවේදන කටයුතු කිරීමට ඥානය උපදවා ගත්තේ යැයි කියැවෙන්නේ ද බොරැල්ලේ සිරිසුමන හිමියන්ගෙනි. ඇයට උන්වහන්සේ කියා දී ඇත්තේ මළවුන්ගේ ආත්මවලට පුද පූජා කළ විට ඒ අයගේ හඬ ඇසෙන්නට ලැබෙන බවකි. ඒ අනුව උන්වහන්සේ කියා දුන් විදිහට ඇය මළවුන් සමඟ කතාබහ කරන්නට ගන්නේ පුද පූජා පවත්වමිනි. ඒ වෙනුවෙන්ම ඇය කොළඹ තරු පන්තියේ හෝටලයක මහා මුහුදට මුහුණලා ඇති ජනේලයක් ඇති කාමරයක්ද වෙන් කරගෙන කාලයක්ම එහි රැඳී සිටියාය. ඒ සිරිසුමන හිමියන්ගේ ගුරුහරුකම් ලබමින් මළවුන් සමඟ කතා කිරීමට ඥානය වඩවා ගැනීමේ පූජා පවත්වමිනි.
ඒ හැරුණු කොට ප්‍රියමාලි බලි තොවිල් හා හදි හූනියම් කෙරෙහිද යම් විශ්වාසයකින් සිටි තැනැත්තියක් බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙනී ගියේය.
ඇය මේ දේවල් වැඩි හරියක් කරගත්තේ බාලවයස්කාර පිරිමි දරුවන් අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවකට ලක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වූ මැටරඹ කපුවා ගෙනි. එම කපුවාවද විමර්ශන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රියමාලි හා ඔහු අතර ඇති සම්බන්ධකම ගැන පවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබුණේය. එහිදී ඔහු හෙළි කරනුයේ ඇය සිය ව්‍යාපාර දියුණුව වෙනුවෙන් වරක් තොවිලයක් නටා සෙත් ශාන්තියක් තමාට කියා කර ගත් බවය. ඔහු පවසන්නේ ඒ වෙනුවෙන් තමා රුපියල් ලක්ෂ 08ක ගාස්තුවක් අයකර ගත් බවය. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නම් විශ්වාස කරන්නේ එකී මුදල මෙන් විසි තිස් ගුණයක් ඔහු විසින් ඇගෙන් කඩාගෙන ඇති බවය.
ප්‍රියමාලිගේ මේ ගුප්ත වැඩ ගැන කියන්නේ ඇය විසින් සිය සැමියා යැයි කියා සමාජය හමුවේ පෙන්වනු ලැබූ ඇගේ පෙම්වතා වූ ඉසුරු බණ්ඩාරය. දැන් ඔහුත් සිටින්නේ හිර ගෙදරය.
ගයාන් කුමාර වීරසිංහ
Silumina
-LCN-