දේශපාලනයට එනවා කියන්නෙම ජීවිතේ පුද්ගලිකත්වය සෑහෙන්න අඩු වෙනවා.
මම විශාඛාත් එක්ක යාළු වුනේ කැම්පස් එකේ දෙවෙනි අවුරුද්දේ. ඒ අවුරුදු 2 පුරාවට මම එයාගෙන් 6 පාරක් කැමැත්ත ඇහැව්වා. බෑ බෑ කියලා අවුරුදු 2 ක් ගිහින් තමයි හා කිව්වේ.
ඒ හා කියව ගත්තෙත් Division 2 match එකක 50 ක් ගහනවා කියලා පොරොන්දු වෙලා. එයා සෙනසුරාදා දාක රෑ කැමතියි කියලා මෙසේජ් එකක් එවලා තිබුනා. ඒ සෙනසුරාදා අපේ කොළඹ යුනිවර්සිටි ටීම් එක ටිකක් ප්‍රභල ටීම් එකකින් පරදින්න හිටියේ. ඒක දවස් දෙකේ මැච් එකක්. පළවෙනි දවසේ පළවෙනි ඉනිමේ අපි අඩු ගාණකට අවුට්. ආපහු දෙවැනි ඉනිම ගහන්න අපිටම දුන්නා. පහුව දා මම ගිහින් දවසම not out ඉඳලා ලකුණු 76 ක් ගහලා මැච් එක බේරුවා. එදා රෑ අපි පළවෙනි පාරට ගෝල්ෆේස් එකේ අත්දෙක අල්ලගෙන ගියා.
කැම්පස් එක ඩිග්‍රිය ඉවර වෙන්න මාස 7 යි තිබුනේ. මම කිව්වා මම යුද්දෙට යන්න ඕනේ කියලා. එයා මාව නැවැත්තුවේ නෑ. " මම ඔයාගේ බාධාව වෙන්නේ නෑ, ඔයාගේ ජීවිතේ තීරණය ඔයා ගන්න" - එයා එහෙම කිව්වා. මම හමුදාවට ගියා. යුද්දේ 2009 මැයි 18 ඉවර කරලා ඇවිත් මැයි 22 අපි කසාද බැන්දා.
2010 අපි දෙන්නම සිංගප්පූරුවේ ගියා. අවුරුදු 4 කට පස්සේ ඇය ලංකාවට ආවා. ඒ විශේෂඥ වෛද්‍ය වරියක් වෙන්න ඉගෙන ගන්න. 2015 දී ඒ ඇතුලත් වීමේ විභාගේ ඇය පාස් උනා. එදා ඉඳන් ඇය නිර්වින්ධන වෛද්‍ය වරියක් වෙන්න දිවා රෑ වෙහෙසුනා. මම උදව් උනා.
2015 දී මම ඇයට කිව්වා මම දේශපාලනයට යනවා. මේ රට හදන්න වෙන්නේ අපිටම තමයි. ඒකත් යුද්ද කලාට දෙවැනි වෙන්නේ නෑ. මම මගේ වෛද්‍ය වෘත්තීය අතාරින බව කිව්වා. ඇය ටිකක් කල්පනා කලා. දීපු උත්තරේ කළින් එක වගේමයි. " ඔයාගේ ජීවිතේ, ඔයාට කැමති විදියට ගෙවන්න, මාව බාධාවක් කර ගන්න එපා. හැබැයි සතුටින් ඉන්න, හිතට කැමති දේ කරන්න."
2020 අපි සතු සියල්ල වියදම් කරලා ගම්පහින් ස්වාධීනව ඡන්දය ඉල්ලුවා. මට තිබුන වාහනේ විකුණුවා. අතේ සල්ලි ඉවර වෙනකං වියදම් කළා. බැංකුවෙන් ණයකුත් ගත්තා.
ඇයගේ තිබුනේ එකම ඉල්ලීමයි. මගේ දේශපාලන වැඩ වලින් ඇයගේ වෘත්තීය ඉදිරි ගමනට බාදාවක් වෙන්න බෑ. ඇයට මේ රටේ ඈත රෝහලක සේවය කරන්න තියෙන ආශාව ඉටු කර ගන්න ඕනේ.
2015 ඉඳලා 2019 වෙනකං තියෙන්නේ දේශීය පුහුණුව. ඇය ඒක සම්පූර්ණ කළා. ඊළඟට තියෙන්නේ විදෙස් පුහුණුව. ඒකට එංගලන්තයට යන්න ඕනේ. ඒ ගමන කොරෝනාවයි මගේ ඡන්දයයි නිසා ටිකක් පරක්කු උනා. ඡන්දය ඉවර උනාම අපි පවුල පිටින් එංගලන්තයේ ගියා.
ශ්‍රී ලංකාවේ පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනය, සෞඛ්‍යය අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍ය කොලීජිය තමයි මේවා සම්බන්ධීකරණය කරන්නේ. ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබන සෑම වෛද්‍ය වරයෙක්ම විදෙස් පුහුණුව වසරක් හෝ දෙකක් ලබා ගැනීම අනිවාර්යයයි. 100% හැමෝම ඒකට රට යනවා. බොහෝ විට පවුල් පිටින්. බහුතරයක් යන්නේ එංගලන්තයට, කොටසක් ඕස්ට්‍රේලියාවේ , සිංගප්පූරුවේ වගෙත් හොයා ගන්නවා. ගිහින් ඒක සම්පූර්ණ කරලා ආවහම තමයි විශේෂඥ වෛද්‍ය ලියාපදිංචිය ලැබෙන්නේ. මේ පුහුණුව යන අතර තුරෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැටුප් ලැබෙනවා. මේ ශිෂ්‍යත්ව නෙවෙයි. මේවට දේශපාලන බලපෑම් අවශ්‍ය නෑ. හැමෝටම ලැබෙනවා. ඒක පුහුණුවෙම කොටසක්. හැමෝගෙම. ඔබ මීට පෙර විශේෂඥ වෛද්‍ය වරයෙක් හමුවෙලා තියෙනවා නම් ඒ හැමෝම ගිහින් ආපු අය.
විශාඛා ට ලැබුනේ ඔක්ෆර්ඩ් සරසවියට සම්බන්ධ ජෝන් රැඩ්ක්ලිෆ් රෝහල. ඇය එහේ ඉන්න ගමන් බර්මිංහැම් නුවර ක්වීන් එලිසබෙත් රෝහලටත් ගියා අක්මා බද්ධය ඉගෙන ගන්න. ඇය වසර 2 ක් මහන්සි වෙලා රෝහල් 3 ක තමන්ගේ පුහුණුව කර ගත්තා. බ්‍රිතාන්‍ය රාජකීය නිර්වින්ධන වෛද්‍ය වරුන්ගේ කොලිජීයේ ලොකු විභාගේ ( FRCA ) පාස් උනා. එකේ ප්‍රසිද්ධ සමීක්ෂණ සහ පරීක්ෂණ වලට සහභාහී උනා. ඒ ගමන් ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්වවිද්‍යාලයේ Research ගැන masters එකක් කලා. ඇයගේ සමීක්ෂණ ප්‍රසිද්ධ ජර්නල් වල පළ උනා. වසර දෙකකින් ඇයගේ පුහුණුව අවසන් වෙලා එන්න හදන කොට ඒ රෝහල් දෙකෙන්ම ඇයට දිගටම ඉන්න රැකියාව පිරිනැමුවා.
නමුත්, අර මාර්ටින් වික්‍රමසිංහ ගේ ගම්පෙරළියේ කියනවා වගේ "සූර්‍යා දෙසට හැරුණ සූර්‍යකාන්ත මලක් වගේ" ඇය ඉන්නේ ලංකාව දිහා බලාගෙන. ඇය පුහුණුව අවසන් කරලා ලංකාවට ආවා. අලුත් පත්වීම කෙළින්ම අනුරාධපුර මහ රෝහලට. ඔක්ෆර්ඩ් සිට කෙළින්ම අනුරාධපුරයට. අපි කාලෙක ඉඳලා ඉන්න පෙරුම් පුරපු තැනක්. මේ ඉස්පිරිතාලෙටම දැනට ඉන්නේ නිර්වින්ධන විශේෂඥ වෛද්‍ය වරු දෙන්නයි.
මගේ දේශපාලන ගමන ඇයට බාදාවක් වෙයි කියලා අපි දන්නවා. ඒකට මුහුණ දෙන්න මම ඇයව සූදානම් කරලා තියෙන්නේ. නමුත් මට යුතුකමක් තියෙනවා ඒ ගැන කියන්න.
මඩ ගහන්න මට.
පුලුවන් නම් ඇයව ඈත් කරලා තියන්න.
මට ඇය ගැන ආඩම්බරයි
මම ආඩම්බරයෙන් ඇයව හඳුන්වා දෙනවා.
Dr Vishaka Kerner
MBBS ( University of Colombo )
MD - Anaesthesiology ( Sri Lanka )
FRCA ( United Kingdom )
MSc ( University of Sterling )
පැතුම් කර්නර්
#පැතුම්ගේ_කතාව