උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමට පොහොට්ටු මන්ත්‍රී රිමාන්ඩ්. පොහොට්ටු ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් ?

monson

Well-known member
  • May 7, 2007
    26,156
    29,956
    113
    පොහොට්ටුවේ උන් සම්බන්ධ නිසා රට ජාතිය බේරගන්න ඉන්න උන් මීක් නැහැ :lol:

    කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා හා තවත් පුද්ගලයෙකු අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය පැවසීය.

    කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය පසුගිය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි.

    ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළේය.

    එහි ප්‍රතිඵලයක් ලෙස දුෂාන්ත නම් අයෙක් කෑගල්ලේදී පළමුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිෆෙන්ඩර් රථයක් ද සමගිනි.

    සැකකරු අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථයෙන් කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයට ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණි.

    පසුව ප්‍රසාද් සංජීව නම් සැකකරුවකු ද විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ආනාවරණ වී ඇත්තේ, කුණ්ඩසාලේ, මහවල නම් ප්‍රදේශයේ පිහිටි රොෂාන් කඳනගේ නම් පුද්ගලයෙකුගේ නිවසට සඳගල රැගෙන ගිය බවය.

    එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන සාලිය පෙරේරා සඳගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිට කුණ්ඩසාලේ, මහවල ප්‍රදේශයට රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවද පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

    කෙසේවෙතත් රොෂාන් කඳනගේ නම් පුද්ගලයා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සැඟව සිටි අතර ඔවුන් දෙදෙනා ඊයේ දිනයේදී තෙල්දෙණිය අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

    මේ අතර සැකකරුවන් සඳගල රැගෙන යාම සඳහා භාවිත කළ බූම් ට්‍රක් රථය, ටිපර් රථය හා සැකකරුවන් පැමිණි බවට සැකකෙරෙන ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

    නමුත් මේ වන තෙක් සඳගල සොයා ගැනීමට හැකිවී නොමැත.

    - https://sinhala.adaderana.lk/news/177177/සඳගල-සොරාගැනීමේ-සිද්ධියට-ප්‍රා-ස-මන්ත්‍රී-රිමාන්ඩ්

    කුණ්ඩසාලේ ඓතිහාසික සඳගල සොරා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් අද12 දහවල් පල්ලෙකැලේ පොලිසියට භාර වී තිබේ.​

    භාරවී ඇත්තේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කුණ්ඩසාලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු ය.
    මෙම ව්‍යාපාරිකයා සතුව තිබූ බවට සැකකරන ලොරි රථය සහ බූම් යන්ත්‍රය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.

    මෙම ව්‍යාපාරිකයා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සතුව තිබූ බූමි යන්ත්‍රයක් ලබා ගත් බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

    සැකපිට පොලිස් භාරයේ සිටින මෙම ව්‍යාපාරිකයා රුපියල් කෝටි ගණන් මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයෙක් බවද දැනගන්නට තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    - https://lankasara.com/si/පුවත්/සඳගල-නාඩගම-ඇරඹෙයි-සැකකරු/

    ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්!​

    sandagala
    සොරකම් කළ දැවැන්ත පුරා ස්මාරකය... සොරකම් කිරීමට පෙර

    කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතය තුළ තිබුණු ඓතිහාසික සඳගල සොරකම් කරගෙන ගොස් එහි ඇතුළත ඇති මුතු මැණික් සොයා ගැනීමේ මිත්‍යාවෙන් එය විනාශ කර ඇති බවට සැක කරන අපරාධය මෙහෙයවා ඇත්තේ මහනුවර සිටින රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සෙල්ලක්කාර පුතෙක් බව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණ්‍ය කරගෙන ඇතැයි වාර්තා වේ.​

    එහෙත් මේ වනවිට අදාල ඇමති පුතා උක්ත අපරාධයෙන් මුදා ගැනීමේ අශිෂ්ට මෙහෙයුමක් එළිපිටම ක්‍රියාත්මක වෙමින් ඇති බව විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
    ටොන් එකකට වඩා වැඩි බරකින් යුතු මෙම පුරාවස්තුව සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම හඳුනා ගන්නේ අරුප්පොල ප්‍රදේශයේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙකි. නුවර ප්‍රබල ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කරන ඔහු සිය ඩිෆෙන්ඩර් රථය යොදාගෙන මෙම සොරකමට ආරක්ෂාව සලසා තිබිණි. පසුව කළ විමර්ශන වලදී මෙම පුරාවස්තුව ගැලවීම සඳහා යොදා ගත් බූම් ට්‍රක් රථය ද මෙම පුද්ගලයාට හිමි එක්ක බව හෙළි විය. අනතුරුව ට්‍රක් රථය ද පොලිස් අත්අඩංගුවට ගත්තේය.
    Untitled-1-24.jpg
    සඳගල ගෙනියන හොරු… ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය…
    මේ වනවිට පුරාවස්තුව නුවරින් පිට කිරීම සඳහා යොදාගත් වාහනය හා රියදුරුත්, තවත් පුද්ගලයෙකුත් අත්අඩංගුවේ පසුවේය.
    මෙතෙක් සිදුකළ විමර්ශන අනුව මෙම පුරාවස්තු කොල්ලය සඳහා ඇමති පුතා විසින් යොදවා ඇති ප්‍රධානම පුද්ගලයා වී ඇත්තේ අරුප්පොල පදිංචි ව්‍යාපාරික සම්බන්ධීකරණ ලේකම්වරයා බව හෙළි වී ඇත.
    අදාල විමර්ශනය නුවරින් ගැලවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුණ අවස්ථාවේ සිට මෙම තැනැත්තා අරුප්පොල නිවසින් අතුරුදහන්ව සිටියේය.
    අද බුද්ධි අංශ වාර්තා කර ඇත්තේ දැනට ඔහු ඉන්නේ ඇමතිවරයා සමග ඇමතිවරයාගේ රැකවරණයේ බවය.
    පුරාවස්තු කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ මෙම ව්‍යාපාරිකයාත් , ඔහුව මෙම අපරාධයේ යෙදවූ ඇමතිවරයාගේ සෙල්ලක්කාර පුත්‍රයාත් ගලවා ගැනීමේ සැලසුමක් සහිතව බොහෝ දුරට මෙම තැනැත්තා හෙට හෝ අනිද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වීමේ සූදානමක් ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
    ඒ සඳහා කොළඹින් පිට පොලිස් ප්‍රධානීන් කීප දෙනෙකුගේ මගපෙන්වීම හා උපදෙස් ලැබී ඇතැයි ද වාර්තා වේ.

    - https://lankasara.com/si/පුවත්/ගෙදර-නෑ-කී-ප්රධාන-සැකකාර/
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ලපයගෙ නොතේරෙන කතා අහන්නැතුව මේවා බලපන්. පොහොට්ටු පල් හොරු වැඩ පෙන්නලා @2osama
     
    • Sad
    • Haha
    Reactions: Cypress and NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    26,156
    29,956
    113

    අත්අඩංගුවේ සිටින සඳගල කොල්ලයේ සැකකාර පොලීකරුට කොල්ලයට නම ගෑවුන ඇමති පුතා සහ ඔහුගේ මව කෝටි 09ක් පොලී කරන්න දීලා…​

    පල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ ඓතිහාසික සඳගල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින ප්‍රධාන සැකකරුවෙක් වූ මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයා වෙත එම සොරකම සම්බන්ධව සැකයකට ලක් වී සිටින ප්‍රබල ඇමතිවරයාගේ පුත්‍රයා සහ ඔහුගේ මව වන ඇමති බිරිය විසින් පොලී කිරීම සඳහා රුපියල් නව කෝටි හතලිස් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බව අනාවරණය වී ඇත.​

    මෙම මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයා සහ ඇමති පවුල ඉතාම සමීප සම්බන්ධතාවයක් සහිත බව ද එම ඇමති බිරිය රුපියල් කෝටි අටක් ද ඇමැති පුතා විසින් එක් කෝටි හතලිස් ලක්ෂයක් ද පොලී කිරීම සඳහා ඔහුට ලබා දී ඇතැයි ද වාර්තා වේ.

    මේ වන විට සඳගල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන දහ අට වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
    සඳගල ගලවා ගැනීමට යොදා ගත් බූම් යන්ත්‍රය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුගෙන් කුලියට ගනු ලැබූ බව කියන්නේ මෙම පොලීකාර ව්‍යාපාරිකයා ය.

    කෙසේ වෙතත් සඳගල කොල්ලය පසුපස සිටින බවට දැනට හෙළි වී ඇති ඇමති පුතා සහ මෙම සඳගල කොල්ලය ඍජුව ගලපා ගත හැකි සාක්ෂිකාරයා වන කුලියට දුන්නා යැයි කියන බූම් ට්‍රක් රථය හිමි සම්බන්ධීකරණ ලේකම්වරයා තවම පොලිස් අත්අඩංගුවට පත් වී නැත.

    මෙම කොල්ලයේ දී කොල්ලය සදහා ගෙනඑන ට්‍රක් රථයට ආරක්ෂාව සපයමින් පැමිණෙන ඩිෆෙන්ඩර් රථය මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශකයින් විසින් කරන ලද මූලික විමර්ශනවල දී ඔවුන් අනුමාන කර ඇත්තේ මෙම පුරාවස්තුව ගලවාගෙන පැමිණ තැන්පත් කරනු ලබන්නේ අරුප්පල මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවසේ බවය.

    දුරකථන ජාලවිමර්ශන සහ සීසිටීවී සාධක ඇතුළු සාක්ෂි ගණනාවක් විශ්ලේෂණයෙන් අනතුරුව විමර්ශකයන්ට පෙනී ගොස් ඇත්තේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ නිවසේ දින දෙකකට ආසන්න කාලයක් තිබූ සඳගල ඇමති පුතා පැමිණ කොළඹ ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ගොස් ඇති බවය.

    ඒ කාලය පුරාම පල්ලේකැලේ පොලිසිය මෙම ස්ථානය පරීක්ෂා කරන්නේ හෝ අදාල ඉදිරි පියවර කිසිවක් ගන්නේ නැත. වාර්තාවන පරිදි පල්ලෙකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා පත් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම හදන්නේ මෙම සම්බන්ධීකරණ ලේකම්වරයාය.

    විමර්ශන නියම මගට යොමුකරගෙන පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය තැනැත්තා වූ එම සම්බන්ධීකරණ ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇත්තේ ඔහු ඇමතිවරයාගේ පූර්ණ රැකවරණය යටතේ පසුවන නිසා බව වාර්තා වේ.

    - https://lankasara.com/si/පුවත්/අත්අඩංගුවේ-සිටින-සඳගල-කො/
     
    • Like
    Reactions: U-tag

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    රට බංකොලොත් කරන්න ඉන්දියාව ඵක්ක ඵකතු වෙලා පාස්කුවට බෝම්බ ගස්සලා, බිලියන ගාණක් හොරා කාපු මහ බැංකු හොරා අරගල කරලා ජනපති වෙලා ඉන්න ඵකේ ඕක නම් මොකක්ද..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහෙද ඉතින් පො.…ක් ජනාධිපත් වෙලා ….හුප් හුප් 🤭
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43

    KR ge puthada?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,684
    113
    රට බංකොලොත් කරන්න ඉන්දියාව ඵක්ක ඵකතු වෙලා පාස්කුවට බෝම්බ ගස්සලා, බිලියන ගාණක් හොරා කාපු මහ බැංකු හොරා අරගල කරලා ජනපති වෙලා ඉන්න ඵකේ ඕක නම් මොකක්ද..
    රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
     
    • Haha
    Reactions: shenat and Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    59,088
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කිරිමට ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ගත් තිරණය නිවැරදි තිරණයක් බව මේ වන විට වැටහි ඇති බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

    @monson trans පොන්නයෝ මෙන්න පොනිලව පත් කරගත්තෙ පෝට්ටු හොරු සෙට් එකලු 🤣🤣🤣
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads