සිංහල එවුන්ට කෙලවෙනව ලෙසටම

elajani

Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    සේතුසමුද්දම් ඔකේ.. නො more ships
    13 ඔකේ රට බෙදෙනවා නියමයි දෙමළුන් සේතුසමුද්දම් වාසිය ගනියි...
    සමාජවාදී පිස්සු රජයක් එයි
    සිංහල එවුන්ට මෙහෙට වෙල සමාජ සාධාරණත්වය..... රාවණා.... අපි යක්කු කිය කිය ඉන්න පුළුවන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,848
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ස 69කුත් ලැබිලා
    තුනෙන් දෙකත් ලැබිලා

    තව මොනවද ඕන රට බේරගන්න 😄

    ජෙප්පො ඉන්න එක තමා බන් අවුල.
    ඔය ඔක්කොම තිබුණට වැඩක් නෑ ලපහාමුගෙ ලපෙයි, පුංචම්මයි නිසා කිසිදෙයක් කරගන්න බෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලංකාවත් යාපනේ කොනේ වරායක් ගැහුවොත් කොහොම ද ආතල් එක
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,497
    5,684
    113
    ලන්කාවේ උතුර බෙදෙනවට ඉන්දියාව පට්ට අකමැත්යී.
    මොකද ඊලග මාසෙම ඉන්දියාවෙ දකුණත් බෙදන්න ඔය යක්කු හදනවා, දෙමල රටක් ලෝක්යේ කොහෙවත් එනවට වැඩියම අකමැති ඉන්දියාව....
    වැඩිය ආවොත් චීනෙට කියල ගහනවා වරයන් 2ක් ඔතන, ගල කඩලා හාරල වරයවල් ගහන්න අපි දක්ශනේ, පස්සෙ උන්ට දෙන එක වෙනම වැඩක් :P :angry: :angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    තව මොනව කෙලවෙන්නද?සිංහල විරුවෙක්ම කෙලෙව්ව මදිද රට අවුරුදු 20කට අාපස්සට යන්න?😆
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    සේතුසමුද්දම් ඔකේ.. නො more ships
    13 ඔකේ රට බෙදෙනවා නියමයි දෙමළුන් සේතුසමුද්දම් වාසිය ගනියි...
    සමාජවාදී පිස්සු රජයක් එයි
    සිංහල එවුන්ට මෙහෙට වෙල සමාජ සාධාරණත්වය..... රාවණා.... අපි යක්කු කිය කිය ඉන්න පුළුවන්
    ඒ වෙනකොට කොහොමත් මේකෙ සිංහලු නෑ. 😅
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සියලු ජනකොටස්වලට අයත් ජනතාවගේ ප්‍රශ්න විසඳමින් සියලුදෙනා එකට ජීවත්වන ‍රටක් ගොඩනැඟීම වෙනුවෙන් සමාජ සාධාරණත්ව කොමසම ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පස්වරුවේ යාපනය දුර්ගා ශාලාවේ පැවති ජාතික තෛපොංගල් උත්සවය අමතමිනි.

    නල්ලුර් ශිවම් කෝවිලේ පැවති තෛපොංගල් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු ජනාධිපතිවරයා ජාතික තෛ‍පොංගල් උත්සවයට එක් විය.

    දෙමළ සංස්කෘතික පෙරහැරකින් උත්සව භූමිය වෙත කැඳවාගෙන එනු ලැබූ ජනාධිපතිවරයා හින්දු චාරිත්‍රාණුකූලව පිළිගැනිණි. විචිත්‍ර දමිළ සංස්කෘතිකාංග කිහිපයකින් ද උත්සවය වර්ණවත් විය.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියලු ජාතීන් එකට ජීවත්වන සහ ආර්ථික සමෘද්ධිය උදාකරගත් රටක් ගොඩනැඟීමට මීට වසර 75කට පෙර ඩී.එස් සේනානායක මැතිතුමා ඇති කළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා යළි අප ගමන් කළ යුතු බවයි.

    සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ ප්‍රකාශයක් පෙබරවාරි මාසයේ දී රටට ප්‍රකාශ කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා අදහස් විමසීමට පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ දී කැඳවන බව කියා සිටියේය.

    අතුරදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට සහනයක් ලබා දීම සඳහා සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

    පළමුවෙන්ම සියලුදෙනාටම සුබ තෛපොංගල් මංගල්‍යයක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම තෛපොංගල් උත්සවය ජාතික උත්සවයක්. අප අතීතයේ දී කෘෂිකර්ම රාජ්‍යයක්ව පැවතුණා. වාර්ෂික අස්වැන්න ලබාගැනීමෙන් පසුව අපි දෙවිවරුන්ට පිං පමුණුවා, මේ චාරිත්‍ර ඉටු කළා.

    අද මේ උත්සවයේ දී විචිත්‍රවත් ඉදිරිපත් කිරීමක් සිදු කළ රාමනාදන් සෞන්දර්ය පීඨයේ ශිෂ්‍යයින්ට මම මගේ ප්‍රශංසාව පළ කරනවා. එය උසස් මට්ටමේ නාට්‍යයක් කියලා මම කියන්න කැමතියි. නාදසලාම් තූර්ය වාදන කණ්ඩායමත් සාම්ප්‍රදායික දැනුම අනුව තම ඉදිරිපත් කිරීම් කළා. ඒ සියලුදෙනාටත් මම මගේ ස්තූතිය පිරිනමනවා.

    මේ කණ්ඩායම් දෙකම ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත් කළ හැකි මට්ටමේ සිටිනවා. ඒ පිළිබඳ ශ්‍රී ලාංකිකයින් ලෙස අපි ආඩම්බර විය යුතුයි. අද දහවල් අපි තීරණය කළා ගාල්ලේ පැවති කලා උළෙල වගේ එකක් යාපනයේදීත් පැවැත්වීමට. අපි අලුත් දෙමළ සංස්කෘතියක් බිහි කර තිබෙනවා. අපි එය ලෝකයට පෙන්විය යුතුයි. මේ උළෙලේ සංස්කෘතිකාංග අවසන් වුණේ සිංහිඳියාවෙන්.

    සංහිඳියාව මේ රටට අවශ්‍යයි. වසර 30 ක් පැවති යුද්ධය සහ කැරලි මෙන්ම, බෙදුම්වාදී, ජාතිවාදී, ආගම්වාදී සහ බංකොළොත් දේශපාලනයෙන් අපේ රට බෙදිලා තිබෙන්නේ. අපි සියලුදෙනා එක් රටක ජීවත් විය යුතු නිසා සහ ආර්ථිකය ගොඩනැංවිය යුතු නිසා මීට වසර 75කට පෙර ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතිකළ ශ්‍රී ලාංකේය අනන්‍යතාව කරා අපි නැවත ගමන් කළයුතුයි.

    මම දුටුවා මේ තෛපොංගල් උත්සවය පැවැත්වෙන වේදිකාවේ ගින්න මත තබා ඇති මුට්ටියට වතුර දානවා, කිරි දානවා, හාල් දානවා, හකුරු දානවා පොංගල් එනවා. ඉතින් මේ උණුසුම් වෙලාවේ අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් එකම බදුනකට දාලා ශ්‍රී ලාංකීය අනන්‍යතාවක් අරගනිමු.

    උතුරේ සහ දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳ අපි සාකච්ඡා කරමින් සිටිනවා. මම පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සියලුදෙනා කැඳවලා කිව්වේ අපි මේ රට එකට එක් කරන්න වැඩකරමු, සංහිඳියාව යළි ඇතිකරමු කියලා. මම පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරු සමඟත් සාකච්ඡා කළා. ඒ වගේම රට තුළ සංහිඳියාව ඇති කිරීමට රජය ගන්නා පියවර පිළිබඳ පෙබරවාරි මාසයේදී රටට ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. එම තීරණය ගන්නා ලෙස මම පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා වගේම ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ලබන සතියේ පක්ෂ නායක හමුවක් කැඳවා තිබෙනවා.

    මේ ප්‍රශ්න පැත්තකට දාලා, කල් දාලා පාපන්දු ගහල විසඳන්න බැහැ. විසඳුම රටටත්, පාර්ලිමේන්තුවටත් කිව යුතුයි. ඒකයි පළමුව පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සිදු කරන්නේ. අපි ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කර තිබෙනවා. අතුරදන්වුවන්ගේ පවුල්වල ඥාතින්ට සහනයක් ලබා දෙන්න, සත්‍ය සොයා ගන්න, මොකක්ද වුණේ කියලා හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම මේ පිළිබඳ සොයා බලන්න සත්‍ය සහ සංහිඳියාව කොමිසමේ කටයුතු කඩිනම් කරනවා.

    මීට සති 03කට පෙර මම හමුදාපතිවරයාගෙන් ඇහුවා සත්‍ය සහ සංහිඳියාව කොමිසම ඇති කරන්න යනවා මොකක්ද ඔබලගේ අදහස කියලා. ඒක හදන්න සර් එතකොට අපට තිබෙන චෝදනාවලටත් පිළිතුරු දෙන්න පුළුවන් කියලා කිව්වා හමුදාපතිවරයා කිව්වා. මේ පිළිබඳ කාගෙවත් විරුද්ධත්වයක් නැහැ.

    ඒ වගේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අපි නව නීතියක් ගේනවා. සමහරු කියනවා මේ පනත උතුරට විරුද්ධව යොදවනවා කියලා. එහෙම නෙවයි, අපි මේක යොදවන්නේ රටේ ස්ථාවරභාවය ඇති කරන්න. මට පසුගිය වසරේ මේක දකුණට යෙදවීමට තිබුණා. ඒ වගේම අපි නව නීති ගේනවා.

    ඊළඟට තිබෙන්නේ ඉඩම් ප්‍රශ්නය. වනජීවි දෙපාර්තමේන්තුව සම්බන්ධව ඇති වී තිබෙන ප්‍රශ්න අද අපි සාකච්ඡා කරනවා. ඒ වගේම යාපනයේ ඉඩම් නැවත ලබාදීම පිළිබඳවත් අපි සාකච්ඡා කරනවා.

    යුද්ධය පැවති කාලයේ දී මේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න ඕන නිසා යුද හමුදාව අක්කර 30,000ක් පමණ තමන්ගේ යටතේ පවත්වාගෙන ගියා.

    අද ආරක්ෂක හමුදාව යටතේ ඉතිරිවෙලා තිබෙන්නේ අක්කර 3,000යි. එයිනුත් තව කොටසක් භාරදීමට හමුදාව කැමැත්ත පළ කර තිබෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරනවා.

    අපේ රදගුරුතුමා ප්‍රකාශ කළ පරිදි අපි එම කතෝලික සහ හින්දු දේවස්ථාන හදලා දෙන්න පියවර ගන්නවා. අවුරුදු සිය ගණනක සිට පැවැත්වු පූජා තිබෙනවා, අලුතින් ආරම්භ කළ ඒවා තිබෙනවා. අපි ඒ සියල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතුයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ පමණක් නොවෙයි දකුණේ මහ ඇමතිවරුන් පවා එය ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිනවා අපි ඒ කටයුතු ඉදිරියට කරගෙන යනවා. ඊළග වස‍ර දෙකේ දී අපි මේ වැඩ කොටස ක්‍රමානුකූලව කරගෙන යමු. අද දිළිදුකම, බඩගින්න, විරුකියාව සිංහල අයටවත්, දෙමළ අයටවත් සීමා වෙලා නැහැ, අපි සියලුදෙනා දුක් විඳිනවා. අපි සියලුදෙනා එක්වෙලා මේ අභියෝග ජය ගත යුතුයි.

    උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවේ. තවත් ප්‍රශ්න තිබෙනවා සාකච්ඡා කරන්න. මේ රැස්වීමෙන් අනතුරුව මම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුනුත්, පාර්ලිමේන්තු පක්ෂ නායක‍යින් කැඳවා එම සාකච්ඡාවල දෙවන වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සමාජයට සම්පූර්ණයෙන් අන්තර්ගත කරලා ඔවුන්ටත් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව භුක්තිවිදින අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දෙනවා. රටට විදේශ විනිමය උපයන මේ විශාල කණ්ඩායම කොන් කරන්න බැහැ. අනිත් අය සමඟ එක් කළ යුතුයි.

    මුස්ලිම් මන්ත්‍රීවරු සහ පක්ෂ නායකයින් කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ඒ නිසා ඒ අයත් ගෙන්වා ඒ ප්‍රශ්න සාකච්ඡා කර විසඳුම් ලබා දිය යුතුයි. දෙමළ, මුස්ලිම් අයට පමණක් නොවෙයි සිංහල අයටත් ප්‍රශ්න තිබෙනවා. කොන් වුණ ගම්මාන තිබෙනවා. සමහර තැන්වල කුල භේදය බලපා තිබෙනවා. දුප්පත් ජන කොටස් කොන් වී තිබෙනවා. තමන‍්ගේ ආරක්ෂාව ගැන ක්‍රිස්ත්‍රියානි ජනතාව බියෙන් පසුවෙනවා. ඒවා ගැන කතා කරන්න සමාජ සාධාරණ කොමිසමක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේවා ගැන කතා කරලා ශ්‍රී ලාංකීය අනන්‍යතාව තවදුරටත් තහවුරු කරමු කියලා මම සියලුදෙනාට කියනවා.

    ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, කුලසිංහම් තිලීපන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, උතුරු පළාත් පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු සහ රාජ්‍ය නිලධාරීහු ‍උත්සවයට එක්ව සිටියහ.
     
    • Like
    Reactions: Draco Malfoy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,362
    19,476
    113
    Colombo
    ලක්ස 69කුත් ලැබිලා
    තුනෙන් දෙකත් ලැබිලා

    තව මොනවද ඕන රට බේරගන්න 😄
    තරුණ නායකත්වයක් තිබුනෙ නැහැනේ
    ඔය සේරමත් එක්ක තරුණ නායකත්වයකුත් ඕන කියලා කියන්නෙ :P :P
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඒ වෙනකොට කොහොමත් මේකෙ සිංහලු නෑ. 😅
    සිංහල පකයෝ නැති වෙන එකම තමා බං හොද පහන තියලා අල්ලපු ගෙදර එකාගේ දියුනව බලාගෙන ඉන්න බැරුව කොඩ්වින කරන සක්කිලි , තව එකෙක්කට ගරු කරන්න දන්නැති මාන්නයෙන් ඉන්න මානසික ලෙඩ්ඩු, තමන්ගේම එකාට කපන උන් වගේ බේසිකයෝ ඉන්නකං මේ රට කවදාවත් දියුනු වෙන්නේ නැ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    සිංහලුන්ට වැලි දාලා පුකේ ඇරියේ නම් ගූටා තුමා. තව අරින්න දෙයක් ඉතුරු වෙලා නෑ.

    kade gihin puka pala gaththu ponnaya missing
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    සිංහලුන්ට වැලි දාලා පුකේ ඇරියේ නම් ගූටා තුමා. තව අරින්න දෙයක් ඉතුරු වෙලා නෑ.
    උඹට මේ දවස්වල වැලි දාලා අරින්නෙ පොනිල් තුමා නේද
     
    • Haha
    Reactions: SLK_sri