අසිරිමත් ලංකාවේ ව්‍යාපාරිකයින්ට ලොවපුරා සේවාලාභීගෙන් හෝ පාරිභෝගිකයින්ගෙන් පේපෑල් හා තවත් ගෙවීම් ක්‍රම බොහොමයක් හරහා මුදල් සෘජුව පිළිගැනීමට 2චෙකවුට් ගෙවීම් ද්වාරය නීත්‍යානුකූලව භාවිතා කිරීමට හැකිය.
ලුහුඬු සටහන: මෙම සේවාව භාවිතා කිරීමට සුදුසුකම් ලබන්නේ කවුරුන් ද?
ලියාපදිංචි ව්‍යාපාරයක, සමාගමක හෝ මෙතෙක් ලියාපදිංචි නොකළ ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් මෙම සේවාව ඔබට සුදුසුයි. ඔබ අද පටන්ගත් ව්‍යාපාරයකට වුවද ගැටළුවක් නැහැ හෝ ෆ්‍රීලාන්ස් කටයුතු කුඩා ව්‍යාපාරයක් මෙන් සිදු කරනවා නම් එවැනි අයට ද උචිතයි.
2චෙකවුට් ඉන්කෝපරේෂන් යනු වෙරිෆොන් සිස්ටම්ස් නම් වූ විද්‍යුත් වානිජ සේවා සැපයුම්කරුවෙකුට අයත් සමාගමකි. මෙය අපට වැදගත් වන්නේ පේපෑල් ගිණුමක් ආරම්භ නොකර ඕනෑම පුද්ගලයෙකුට, ආයතනයකට හෝ සමාගමකට සරලව මිල සඳහන් කළ සබැඳියක් (ලින්ක්) ලබා දීමෙන් ක්‍ෂණිකව පේපෑල් ගෙවීමක් සෘජුව පිළිගැනීමට නිත්‍යානුකූල පහසුකමක් සපයන නිසා පමණක් බව මතක තබා ගන්න. තවද තම තමන්ගේ ව්‍යාපාරවල ස්වභාවයට ගැළපෙන පරිදි සංකීර්ණ වෙනස්කම් වලට භාජනය කිරීමේ හැකියාව පවතින අතර ඒ සඳහා අතිරේක ගාස්තුවක් අය වන්නේ නැහැ. එමෙන්ම මෙම සේවාව භාවිතයෙන් ලොවපුරා වෙනත් ගෙවීම් ක්‍රම 48 කින් පමණ මුදල් පිළිගැනීමට හැකියි.
මට තෙරෙන්නේ නැහැ.
මෙය ලංකාවේ පේහියර්, කොමර්ෂල්, සම්පත්, සෙලාන්, HNB ආදියෙන් සපයන ගෙවීම් ද්වාර සේවාවලට සමානයි. පේහියර් මෙන් මෙම සමාගම ද ලියාපදිංචි නොකළ ව්‍යාපාර සඳහා ඉඩ ලබා දෙනවා.
මෙම සේවාව භාවිතා කරන්නේ කවුරුන්ද?
මම, බිට්ඩිෆෙන්ඩර්, මැල්වෙයාබයිට්ස්, අයිඕබිට්, මෙනිකැම්, නීරෝ බර්නින්, ග්ලැරිසොෆ්ට්, වන්ඩර්ෂෙයාර්, ඔන්ලිඔෆිස්, මොවාවි,.. ආදී 20,000 කට අධික විවිධාකාර ක්‍ෂේත්‍රවල ව්‍යාපාරිකයින්.
මෙයින් කිසියම් භාණ්ඩයක් හෝ නිෂ්පාදනයක් විකිණීමට විතරද පුළුවන්?
එහෙම නැහැ. තාක්‍ෂණික ක්‍ෂේත්‍රය මූලික කරගෙන සිටින නිසා මතුපිටින් එසේ පෙනේවි.
මෙයට ලියාපදිංචි වීමට, සකස් කර ගැනීමට, මාසික, වාර්ෂික හෝ නඩත්තු ගාස්තු අය කරනවා ද?
නැහැ.
මෙය ශ්‍රී ලාංකිකයින්ට නීත්‍යානුකූල ද?
ඔව්. හොරවැඩ කරන්න හදන්න එපා. ඔබ සියළු ලේඛන, ව්‍යාපාරයේ විස්තර සහ ආදායම් ලබන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සැපයූ විට ඒවා ඔවුන් අතින් සමාලෝචනය කිරීමෙන් පසුවයි සේවාව භාවිතා කිරීමට ඉඩ දෙන්නේ. අඩුපාඩුවක් ඇත්නම් ඔවුන් ඔබට උපදෙස් දෙනවා.
තහනම් ව්‍යාපාරික පිළිවෙත්, ක්‍රමවේද සහ නිෂ්පාදන ලේඛනය. ඔබගේ ආදායම් මාර්ගය මෙයට අයත් නම් මෙම සේවාව භාවිතා කිරීමට නොහැකිය.
https://www.2checkout.com/legal/acceptance/
ලියාපදිංචි වීමට ඉදිරිපත් කළ යුතු දෑ.
ඔබ සතුව ලියාපදිංචි නොකළ ව්‍යාපාරයක් ඇත්නම් තනි පුද්ගලයෙකු ලෙස ඉදිරිපත් වීමට හැකිය.
- ජාතික හැඳුනුම්පත (සිංහල) හෝ ගුවන් ගමන් බලපත්‍රය
- ගිණුම තිබෙන බැංකුවෙන් බැංකු ප්‍රකාශනයක්
- පෞද්ගලික හෝ ව්‍යාපාරික ස්ථානයේ ලිපිනය තහවුරු කෙරෙන ලේඛනයක් (සිංහල) (මෙම ලිපිනය අඩවියේ දිස්විය යුතුය)
- ඔබගේ ව්‍යාපාරය, අලෙවි කරන දෑ හෝ සපයන සේවා පිළිබඳව පහසුවෙන් තේරුම් ගැනීමට හැකි රූපසටහන්, විස්තර සහ මිල ගණන් පැහැදිලිව සඳහන් ගුණත්‍වයෙන් යුත් වෙබ් අඩවියක්
- ඔබගේ අඩවියෙහි රහස්‍යතා ප්‍රතිපත්තිය (privacy policy), බාරදීමේ ප්‍රතිපත්තිය (delivery policy); එනම් අලෙවි කරන දෑ හෝ සපයන සේවාව මිලදී ගත් පසු ලැබෙන්නේ කෙලෙස ද පිළිබඳව, මුදල් ආපසු දීමේ ප්‍රතිපත්තිය (දෙන හෝ නොදෙන බව)(refund policy) පැහැදිලිව සඳහන් විය යුතු අතර ඒවා ඉදිරිපත් කළ යුතුය.
- ලියාපදිංචි නම්, සමාගමෙහි ලේඛන හා බදු ලේඛන. හැඳුනුම්පත ලබා දෙන පුද්ගලයාට සමාගමෙන් අවමව 10% ක හිමිකාරිත්‍වයක් තිබිය යුතුය.
https://verifone.cloud/docs/2checkout/Onboarding/Activate-and-set-up-your-2Checkout-account
සැ.යු.: වරක් යොමු කළ පසු පිළිතුරක් ලැබීමට දවස් 2-3 ක් ගතවෙනවා. සහාය සේවාව මෙන් පැය 24ක් ඇතුළත ප්‍රතිචාර දක්වන්නේ නැහැ.
ලියාපදිංචි වන ආකාරය
ඔබ මෙම සමාගමේ මුල් පිටුව https://www.2checkout.com බැලුවහොත් සරල අවබෝධයක් ලබා ගැනීමට හැකිය. නමුත් අපහසුතාවයට පත් නොවීමට හා කාලය ඉතිරි කර ගැනීමට පහත විස්තර කියවන්න. ඔබට අත්‍යාවශ්‍ය තොරතුරු පමණක් සඳහන් කර ඇත.
මෙහි ලියාපදිංචි වීමේදි ඔවුන් ලබා දෙන සැලසුම් තුනෙන් එකක් තොරා ගත යුතුයි. එම සැලසුම් යටතේ ලැබෙන පහසුකම් කියවා බලන්න. https://www.2checkout.com/pricing දැනටමත් දන්නා සේවාවක් උදාහරණයට ගෙන අය කිරීමේ ක්‍රමවේදය කෙටියෙන් පැහැදිලි කිරීම ආරම්භ කළහොත් උදා. https://www.payhere.lk/fees මෙන් එක් එක් සැලසුමකට අදාළව පාරිභෝගිකයින්ගෙන් ලද හැකි මුදල් සීමාවක්, මාසික සීමාවක් නැහැ හෝ ඔබගෙන් අයවන මාසික ගාස්තුවක් නැහැ.
ඔබ එකවර ගෙවීමක් ලෙස කිසියම් සේවාලාභියෙක් හෝ පාරිභෝගිකයෙකුගෙන් පේපෑල් ඇතුළුව පහත ගෙවීම් ක්‍රම යටතේ මුදල් ලබා ගන්නවා නම් 2සෙල් (2sell) සැලසුම යටතේ ලියාපදිංචි වීම සුදුසුය. https://verifone.cloud/docs/2checkout/Documentation/03Billing-and-payments/Payment-methods
ජේසීබී, වීසා, වීසා ඉලෙක්ට්‍රෝන්, මාස්ටර් කාඩ්, මාස්ටෙරෝ, ඇමරිකන් එක්ස්ප්‍ර්‍ස්, ඩිස්කවර්, එලෝකාඩ්, හයිපර්කාඩ්, පේපෑල්, පේපෑල් එක්ස්ප්‍රස්, වයර්/බෑන්ක් ට්‍රාන්ස්ෆර් (සෙපා හා නොවන රටවල් සඳහා), බොලේටෝ බැංකාරියෝ.
මෙහිදී ක්‍ෂුද්‍ර ගනුදෙනු (10$ ට අඩු) සඳහා $0.6 ක ගාස්තුවක් ද; ඔබ ගෙවීම ලබා ගන්නා පාරිභෝගිකයා හෝ සේවාලාභියා සිටින්නේ ඔබගේ රටේ නම්, 3.5% + 0.35$ ක ගාස්තුවක් ද; දේශ සීමාවෙන් බැහැරව නම් 5.5% + 0.35$ ක ගාස්තුවක් ද අය කෙරේ.
ඔබ වාරික ගෙවීම් ආකාරයට සහ මෙම සේවාව සහාය දක්වන අනෙකුත් ගෙවීම් ක්‍රම හරහා මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම් 2සබ්ස්ක්‍රයිබ් හෝ 2මොනෙටයිස් සැලසුම තෝරා ගත යුතුය. එහිදී ඊට අදාළ අවම ගාස්තු අයවන අතර රුපේ, ස්ක්‍රිල්, නෙට්ටෙලර්, වෙබ්මනි, සොෆෝර්ට් බෑංකින්, අයිඩියල්, ජිරෝපේ, නෝර්ඩියා, ට්‍රස්ටි, ඊ-චෙක්/ACH, යුනියන්පේ, අලිපේ, වීචැට්පේ, ආදී තවත් ක්‍රම භාවිතා කිරීමට හැකිය. පහත සබැඳි බලන්න
සහාය දක්වන ගෙවීම් ක්‍රම
https://www.2checkout.com/global-payments
https://verifone.cloud/docs/2checkout/Documentation/03Billing-and-payments/Payment-methods
පාරිභෝගිකයින් වෙත යන ස්වයංක්‍රීය වි-තැපැල් මාගේ ව්‍යාපාරයට ගැළපෙන්නේ නැහැ.
ඔබගේ ගිණුමට ඇතුළු වූ පසු සහාය ලබා ගැනීමේ විකල්පය හරහා හේතුව සඳහන් කර වි-තැපැල් අච්චු තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමට අවශ්‍ය බව දන්වන්න. https://verifone.cloud/docs/2checkout/Documentation/11Emails/Email-Editor
මුදල් මෙරටට ලබා ගන්නා ක්‍රම
(අ) වයර් ට්‍රාන්ස්ෆර් - අවමය $50 (බැංකුවට එක් වරක් ලබා ගැනීමේ දී $15 ක ගාස්තුවක් අය වේ)
(ආ) පේයනර්
මිල ගණන්, නිෂ්පාදන සැකසීම හා අභිරුචිකරණයට උපකාරී වන උපදෙස්
https://verifone.cloud/docs/2checko...d_charge_scenarios/06Advanced-pricing-options
https://verifone.cloud/docs/2checkout/Onboarding/Product-set-up-flow
https://verifone.cloud/docs/online-payments/pay-by-link
https://verifone.cloud/docs/2checkout/Shopping-cart-integration
https://verifone.cloud/docs/2checkout/API-Integration
#පේපෑල් #2චෙකවුට් #paypal #2checkout

Last edited: