ඇමේසන් වනයේ අබිරහස් වානර මිනිසා!

reuse

Well-known member
  • May 10, 2009
    849
    2,744
    93
    Kita ku
    www.youtube.com
    08429E78-D288-4B71-A5B4-BDECCD28011E.jpeg


    ලෝකයේ දැනට ඉතිරිව ඇති විශාලතම වන ගහනය දකුණු ඇමරිකාවේ පිහිටි ඇමේසන් (Amazon) වනාන්තරයයි. වර්ග අක්‌කර කෝටි ගණනක්‌ පුරා පැතිර ඇති මේ වන ගහනය තුළ මිනීමස්‌ කන නිරුවත් ගෝත්‍රිකයන් අදටත් සිටින බව විශ්වාස කෙරෙනවා. මිනිසුන් හා නොගැටුණු ප්‍රදේශ වඩාත් බහුලව පවත්නා වනය ලෙස සැලකෙන්නේත් ඇමේසන් ගහනයයි. ඇමේසන් වනාන්තරයේ කොටසක්‌ බ්‍රසීලයටත් අයිතියි. 1930 දී එම වනාන්තර කොටසින් අල්ලා ගත් බව කියෑවුණු වානර මිනිසකුගේ ඡායාරූප සමූහයක්‌ 1937 දී Het Leven නමැති ඕලන්ද සඟරාවේ පළවූණ. එකල සිටි ජනයා මේ පින්තූර දැක සන්ත්‍රාසයෙන් ඇලලී ගොස්‌, සංචාරක කණ්‌ඩායම් ලෙස වනාන්තරය තුළට ඇතුළු වුණා. මෙසේ ගිය අයගෙන් අඩක්‌වත් ආපසු ආවේ නැහැ. ඇමේසන් වනය තුළට මිනිසකු යනවා යෑයි කියන්නේ කාන්තාරයකට ඉදිකටුවක්‌ වැටුණා හා සමාන වැඩක්‌. එය සොයාගැනීsමට ලෙහෙසියෙන් හැකි වන්නේ නැහැ. ටික කලකට පසු මේ ගැන මිනිසුන් තුළ තිබූ උනන්දුව අතුරුදන් වුණා. එම පින්තූර දැක සන්ත්‍රාසයට පත් වූ පරම්පරාව ක්‍රමයෙන් වියපත්ව මිය ගියා. එකල ළමා වියේ සිටි, අද මහල්ලන් බවට පත්ව ජීවතුන් අතර සිටින කිහිපදෙනකුගේ මතකය තුළ ඡායාවන් ලෙස පමණක්‌ වානර මිනිසා ඉතිරි වූහ.

    මේ කතන්දරයේ දෙවැනි යුගය පටන් ගන්නේ පසුගිය සතියේදී. Het Leven සඟරාවේ පළවු ඇමේසන් වානර මිනිසාගේ වසර 82 ක්‌ පැරැණි ඡායාරූප කිහිපය අන්තර් ජාලය ඔස්‌සේ ප්‍රකාශයට පත්වීමත් සමගම ඒ දෙවන යුගය පටන් ගන්නවා. ඒ අතර Facebook වැනි සමාජ ජාල අතර ඒ පින්තූර බෙදා හදා ගනු ලබනවා. පින්තූර අධ්‍යයනය කළ විද්වතුන්ගේ මතය වී ඇත්තේ ශතවර්ෂයකට කිට්‌ටු කාලයක්‌ ලොව රැවටීමට එම පින්තූරවලට හැකිවූ බවයි. වානර මිනිසාගේ දෙතොල දක්‍ෂ Makeup ශිල්පියකු විසින් කෘත්‍රිමව සකස්‌ කරන්නට ඇති බව විද්වතුන් කියනවා. වානර මිනිසාගේ නළල සම්පූර්ණයෙන්ම කෙස්‌වලින් වැසී තිබෙන හැටි මේ ඡායාරූපවලින් ඔබට පෙනෙනවා ඇති. නළල කෘත්‍රිමව ඉදිරියට ගෙනා බව නොපෙන්වීම සඳහා ඒ කෙස්‌ වැස්‌ම යොදාගෙන ඇති බවත් විද්වතුන් සඳහන් කරනවා.

    ඒ අතර තවත් කෙනකුගේ මතය වී තිබෙන්නේ මේ මිනිසා වානරයකු නොව විකෘති වූ ශරීරාංග සහිතව උපන් මානවයකුම බවයි.

    මේ සියලු දේ අතර වානර මිනිසුන්ගේ පැවැත්ම ගැන පිළිගන්නා පිරිසකුත් සමාජයේ සිටිනවා. 20 වැනි සියවසේදී මෙබඳු මිනිසුන් ගැන “වනකතා” පැතිර ගියා. 21 වැනි සියවසේදී එම වානර මිනිසුන් ගැන පර්යේෂණ කිරීමට විද්වතුන් ඉදිරිපත් වුණා. ස්‌විස්‌ ජාතික ධනවතකුවූ භූගෝල විද්‍යාඥ ඩින්සිස්‌ ඩී ලොයිස්‌ (Francois De Loys) 1917 සි 1920 කාලය තළ දකුණු ඇමරිකාවේ කොළොම්බියාව සහ වැනිසියුලාව අතර දේශ සීමාවේ ගවේෂණ සංචාරයක්‌ සංවිධානය කළා. 1920 දී මේ දේශසීමාව අසල තාරා නමැති නදිය අසල ඔහු ඇතුළු පිරිස කඳවුරු බැඳ සිටියදී වානර මිනිසුන් දෙදෙනකු දැක ගන්නට ඔහුට හැකි වුණා. මේ වානරයන් අඩි 4-5 ක්‌ පමණ උසයි. උන්ගේ විලාසය දැක බියපත් වූ කණ්‌ඩාමේ අය වානරයන් දෙදෙනාගෙන් එකකුට වෙඩි තැබුවා. එම සතාගේ මළසිරුර පරීක්‍ෂා කිරීමේදී ඩිලොයිස්‌ ඇතුළු පිරිසට තේරුම් ගිය කාරණය වූයේ තමන් ඉතාම දුර්ලභ සත්ත්ව වර්ගයක්‌ අභියසට පැමිණ සිටින බවයි. මේ වානරයාට වළිගයක්‌ තිබුණේ නැහැ. කටේ දත් 32 ක්‌ තිබුණා. සාමාන්‍යයෙන් දකුණුq ඇමරිකාවේ වඳුරකුට දත් 36 ක්‌ තිබෙනවා. වානරයාගේ පින්තූර කිහිපයක්‌ ගත් ඩි. ලොයිස්‌ එම සතා හම ගසා හිස්‌ කබළත් සමග වෙන් කර ගත්තා. එහෙත් පසුව ඩි ලොයිස්‌ගේ වන සංචාරය සම්පූර්ණයෙන්ම අවුලක්‌ වුණා. වනය මැද අතරමං වූ ඔවුන් ඉන් එළියට ආවේත් ඉතා අමාරුවෙන්. මේ අතර වානරයාගේ හිස්‌කබල සහ සම අස්‌ථාන ගත වුණා.

    පසුව යුරෝපයට පැමිණි ඩි ලොයිස්‌ මේ සිදුවීම ගැන කිසිදු පුද්ගලයකු සමග වචනයක්‌වත් කතා කළේ නැහැ. එහෙත් 1929 දී භූගෝල විද්‍යාඥ ඩි ලොයිස්‌ සතුව තිබූ වානරයාගේ ඡායාරූප කිහිපයක්‌ ඔහුගේ මිතුරකු සහ මානව විද්‍යාඥයකු වූ ජෝර්ඡ් මොන්ටැන්ඩන් (George Montandon) ට හමුවුණා. පින්තූරවල පරිමාණය ගණන් බැලූ මොන්ටැන්ඩන්ගේ අදහස වූයේ මේ වානරයා අඩි 4 කට වඩා උසින් අඩු බවයි. මේ ඡායාරූප කිහිපය මානව විද්‍යාඥයන් කිහිපදෙනකුගේම අතට ගිය අතර ඒ සතාගේ පපුව සෙසු වානරයන්ට වඩා වෙනස්‌ බවත් නළලත අන් සෑම වානර වර්ගයකම නළලකට වඩා උස්‌ බවත් ඔවුන් කියා සිටියා. ඇමේසන් වනයේ මකුළු වඳුරන් හෙවත් Spider Monkey යනුවෙන් වඳුරු විශේෂයක්‌ සිටිනවා. සාමාන්‍යයෙන් එම කලාපයේ වානරයන් ගැන පර්යේෂණ කරන විද්වතුන් මකුළු වඳුරා නිර්නායකයන් හැටියට ගන්නවා. එහිදී විද්‍යාඥයන්ගේ මතය වූයේ මකුළු වඳුරා සහ ඩි ලොයිස්‌ගේ වානරයා අතර කිසිම ආකාරයක සම්බන්ධයක්‌ නැති බවයි. එනම් ඒ සත්ත්වයා වඳුරකු නොවූ බවයි.

    මනුෂ්‍ය ස්‌වරූපයට සමාන වූ වානරයන් පිළිබඳ කතන්දර ලොව පුරා හැම රටකම තිබෙනවා. හනුමාන් නමැති වානරයා දෙවියෙක්‌. ඕස්ට්‍රේලියාවේ ආදි වාසීන්ගේ කතන්දරවල යෝවි (Yovie) නමැති වානර චරිතයක්‌ තිබෙනවා. යෝවිගේ උස අඩි 5 යි.

    පිටසක්‌වල ඇති දේ පවා හෙළිකරගත් නූතන විද්‍යාඥයන්ට ඇමේසන් වනගහනයේ තිබෙන රහස්‌ කිහිපයක්‌ හෙළි කර ගන්නට බැහැ. එයින් ප්‍රධානතම රහස වන්නේ එහි සිටින වානර මනුෂ්‍යයන් ගැන කතාවයි.
    Copied
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,054
    113
    ආශ්චර්යමත් රටක

    මට මෙහෙම කියන එකා 👇🏼



    Link එහෙම තියෙනවා නම් ඔසී @shenat ට හොයලා දීපල්ලා අතේ පාරක් ගහල නිදා ගන්න


    “ඇමේසන් වනයේ අබිරහස් වානර මිනිසා!” ගැන දාපු ත්‍රෙඩ් එකේ වානර මිනිහගෙ ගැට දෙක දැකලා පිස්සු වැටුණ හැටි 👇🏼😱😆😆😆😹😹😹😹



    ගැට දෙක අම්මෝ 🙄

    @2osama මුලු මිනිස් සංහතියටම නින්දාවක් යකෝ උබ 🤮🤮
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,095
    72,234
    113
    මාලඹේ

    ට මෙහෙම කියන එකා 👇🏼




    “ඇමේසන් වනයේ අබිරහස් වානර මිනිසා!” ගැන දාපු ත්‍රෙඩ් එකේ වානර මිනිහගෙ ගැට දාක දැකලා පිස්සු වැටුණ හැටි 👇🏼😱😆😆😆😹😹😹😹

    අම්මෝ වද වේශිට රිදිලා 🤣🤣🤣
    Link එකක් ඉල්ලගෙන අතේ ගහලා නිදා ගනින් බං 🤣🤣
     
    • Haha
    Reactions: Kolama