මිලේනියම් සිටි - අපකීර්තිමත් පාවාදීම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මිලේනියම් සිටි - අපකීර්තිමත් පාවාදීම

    තමන්ගේ රට වෙනුවෙන් අප්‍රමාණ කෑපකීරීම් කරමින් සිටි හමුදා බුද්ධි කණ්ඩායමකට කිසියම් පිරිසකගේ වුවමනාව මත පොලිස් නිලධාරියෙක් කල මහා විනාශය. මිලේනියම් සිටි සිද්ධිය බොහෝ දෙනෙක් දන්නවා. ඒත් එම වෑටලීමෙන් පසු සිදු වූ විනාශය සහ කොමිසම් මගින් දුන් තීන්දු පිලිබදව බොහෝ දෙනෙක්ට අවබෝධයක් නෑ. මේ ලිපි මගින් ඒ ගෑන අදහසක් ගන්න පුලුවන්.


    https://roar.media/sinhala/main/features/infamous-betrayal-of-the-army-history-millenium-city/



    හමුදා බුද්ධි අංශ සාමාජිකයන් හා නිල නොලත් හමුදා සාමාජිකයන් ලෙස කටයුතු කළ බුද්ධි අංශයේ ද්‍රවිඩ ඔත්තුකරුවන්ව 2002 වසරේ සිට කොටි ටොසි(TOSI) බුද්ධි අංශයේ ඇසට හසුවී LTTE පිස්තෝලකරුවන් විසින් එක පෙළට ඝාතනය කරනු ලබනවා.
    ශ්‍රී ලංකාවේ අපකීර්තිමත්ම යුද්ධ හමුදා පාවා දීම ලෙස අධිකරණය විසින් නම් කරන ලද ‘මිලේනියම් සිටි’හි ස්ථානගතව සිටි දුරදිග විහිදුම් බළකා බුද්ධි අංශයේ අනන්‍යතාවය දේශපාලන ඕනෑ එපාකම් මත දුරදිග නොබලා හෙලිකිරීම ඉහත දැක්වූ ඝාතන පෙළට බලපෑ හේතුව විය. මෙම පාවාදීමෙන් හමුදා බුද්ධි අංශය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් කොටි ත්‍රස්තයන් අතට ගිය අතර බුද්ධි අංශය විශාල අනාරක්ෂිත තාවයකට පත් වෙනවා. ඒ හේතුවෙන් බුද්ධි අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් කොටි වෙඩි උණ්ඩයට බිලිවෙන අතර තවත් ප්‍රමාණයක් දිවි බේරා ගැනීම සඳහා විදෙස් රටවලට පලා යනවා.
    හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට හා බුද්ධි අංශ ද්‍රවිඩ ඔත්තුකරුවන්ට මෙවැනි ඉරණමක් අත්කර දුන් මිලේනියම් සිටි පාවා දීම ගැන අපි සොයා බලමු.



    අතුරුගිරියේදී කළ වැටලීම



    2002 ජනවාරි 2වන දින රාත්‍රියේදී මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වූ කුලසිරි උඩුගම්පොළ නම් පොලිස් නිළධාරියා ප්‍රමුඛ පොලිස් භට පිරිසක් අතුරුගිරියට පැමිණෙන්නේ එවකට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාට කිසිම ආකාරයෙන් දැනුම් දීමක් නොකරමින්. එම රාත්‍රියේ මෙම කණ්ඩායම විසින් ඉතාමත්ම රහසිගතව පවත්වාගෙන ගිය මිලේනියම් සිටි යුද්ධ හමුදා බුද්ධි අංශය වටලනු ලබනවා.
    යුද්ධ හමුදා බුද්ධි අංශය මිලේනියම් සිටිහි ස්ථානගත වීම නිත්‍යානුකූලව ඔප්පු කරන ලෙසත් එහි අවි ගබඩාවේ ඇති ගිනිඅවි වල නිත්‍යානුකූල බව ඔප්පු කරන ලෙසත් මිලේනියම් සිටි බුද්ධි අංශයේ කපිතාන් නිලම් ප්‍රමුඛ පිරිසට දන්වනවා. මෙලෙස අත් අඩංගුවට පත්වෙන කපිතාන් නීලම් ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් හයදෙනා මහනුවරට රැගෙන ගොස් කටුගස්තොට පොලීසියේ රඳවනවා. දින කිහිපයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරනු ලැබුවත් ඒ වන විට දිගු දුර විහිදුම් බළකා බුද්ධි සාමාජිකයන්ගේ සියළු තොරතුරු මාධ්‍ය මගින් හෙළි වී තිබුණි.


    දේශපාලනික අත්අඩංගුවට ගැනීමක් බව සනාථ කරන සාධක


    කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දාවිතාරණ හා එවකට යුද්ධ හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශයන් සහකාර පොලිස් අධිකාරී උඩුගම්පොළ විසින් පිළිගන්නේ නෑ. එසේම මිලේනියම් සිටි වැටලීමට තමන් පැමිණියේ අධිකරණ නියෝගයක් රැගෙන බව පැවසූවත් එවැනි නියෝගයක් පෙන්වීමට ඔහු අපොහොසත් වෙනවා. අත්අඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම සතු යුද්ධ අවි වල නිත්‍යානුකූල බව යුද්ධ හමුදාව විසින් ලිඛිත ලියවිල්ලකින් සනාථ කළහොත් කණ්ඩායම හැකි ඉක්මණින් නිදහස් කරන බව උඩුගම්පොළ විසින් පැවසුවත් යුද්ධ හමුදාව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල පිළිබඳව ඔහු සළකා බලන්නේ නෑ.අතුරුගිරියේ මිලේනියම් සිටි වැටලීම මාධ්‍යයට වාර්තා කිරීමට මහනුවර ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවෙක් උඩුගම්පොළ විසින් රැගෙන ඒම මගින් මෙම වැටලීම ඉතා සැළසුම් සහගතව කළ එකක් බවට හෙළි වෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් නොනැවතුණු උඩුගම්පොළ එවකට සිටි යුද්ධ හමුදාපතිවරයාට හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනවා. ඒ අනුව යුද්ධ හමුදාපතිවරයාට හා පොලිස්පතිවරයාට නොමැති බලයක් ඔහු භාවිතා කළ බව පෙනෙනවා.
    තොරතුරු හෙලිවීමේ විපාක


    මෙම සිදුවීම හේතුවෙන් සියළුම රහස්‍ය ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළි වූ අතර කොටි වෙබ් අඩවි වල පවා මෙම සිදුවීම පිළිබඳව වාර්තා පළ වෙනවා. ටොසි ඔත්තු සේවය ඔස්සේ පැමිණෙන කොටි පිස්තෝලකරුවන්ගේ ගොදුරු බවට බුද්ධි සාමාජිකයන් පත්වන්නේ කොළඹ, යාපනය මඩකලපුව හා ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වලදීයි.
    වැටලීමෙන් හරියටම දින 18කට පසු තම ගොදුරු සොයා යන LTTE පිස්තෝලකරුවන් 2002 ජනවාරි 20 වන දින විද්‍යාදරන් හෙවත් නිති ව ඝාතනය කරනවා. 2002 පෙබරවාරි 9වන දින ක්‌ලාරි හෙවත් ගඩාපිද, 2002 ජුලි 22 වන දින අරින්ජාන් හෙවත් සමින්දරාජන්ද, 2002 දෙසැම්බර් 11වන දින ගනේශ්මූර්ති හෙවත් තිලක රාජාද, 2003 ජනවාරි 03දින කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසාද, 2003 මාර්තු 18 දින රගුපති හෙවත් රගුද, 2003 අප්‍රේල් 13දින රංජන් හෙවත් වර්ධන්ද, 2003 අප්‍රේල් 26 දින අශෝක්‌ දේවරාජාද, 2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්ද, 2002 අගෝස්‌තු 14දින දේවදාස්‌ද ඝාතනය කරනවා.
    ඉන් නොනැවතෙන කොටි පිස්තෝලකරුවන් 2002 දෙසැම්බර් 02 දින අයිස්‌, 2003 අප්‍රේල් 23 දින යශෝධරන්, 2003 මැයි 19 දින සූරියන්, 2003 අගෝස්‌තු 03 දින රිල්වාන්, 2003 අගෝස්‌තු 08 දින ශන්මුගරාසා, 2003 සැප්තැම්බර් 14 දින සබාරත්නම්, 2004 ජනවාරි 31 දින යෝගරාසාද ඝාතනය කරනවා. එලෙස ඉහත දැක්වූයේ කොටින් විසින් ඝාතනය කළ බුද්ධි කණ්ඩායමේ කිහිපදෙනෙක්.
    බුද්ධි අංශයේ ප්‍රබලයන් වන කර්නල් තුවාන් මුතාලිෆ් හා කර්නල් මිඩින් කොළඹදී ඝාතනය වීමත් මෙහි ප්‍රතිඵලයක්.
    මෙම ඝාතන රැල්ලත් සමඟ අනාරක්ෂිත වූ කපිතාන් නිලම් ඇතුළු සාමාජිකයන් පිරිසක් විදෙස් රටවලට පලා යනවා.
    පොලිස් කොමිසම හමුවේ හෙළි වූ දෑ

    නිදහස්‌ වූ පසු දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට යනවා. ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ දැඩි බලපෑම් වලට හසුවෙන මෙම කණ්ඩායමට 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දෙනවා. ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කරන අධිකරණය සෑම අයෙකුටම රුපියල් 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කරන අතර උඩුගම්පොලගේ මෙම වැටලීම අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌ කරනවා. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන අතර 2005 මාර්තු 23 වැනිදා ඔහුව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනවා.
    පොලිස් කොමිසම හමුවේ සාක්ෂි දෙන ජනමාධ්‍ය ලේකම්වරයා මෙම වැටලීම වීඩියෝගත කරන ලද්දේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ අවසර මත බව පවසනවා. මෙහිදී හෙළිවූ තවත් කරුණක් වන්නේ හමුදාවේ මේජර් ජනරාල් වරයෙක්, ලුතිනන් කර්නල්වරයෙක්,කර්නල්වරයෙක් හා මේජර්වරු තිදෙනෙක් මිලේනියම් සිටි වැටලීම පිළිබඳව කලින් දැනගෙන සිටි බවයි. තවද එදා පැවැති රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් කණ්ඩායමේ ප්‍රධානී කපිතාන් නීලම් ඇතුළු පිරිසට බලපෑම් එල්ලකර ඇතිබව හෙළිවෙනවා.
    ජාතික පොලිස්‌ කොමිසම විසින් චෝදනා 20 ක්‌ යටතේ චෝදනා පත්‍ර ගොනුකර මූලික විමර්ශන ලිපි ගොනුද සමග 2006 පෙබරවාරි 28 වැනිදා පූර්ණ වාර්තාවක් පළ කරන අතර “ජාතියට සිදුකළ සම්පූර්ණ පාවාදීමක් හා ඒකාන්ත ද්‍රෝහී ක්‍රියාවක්” ලෙස එහි මෙම සිදුවීම හඳුන්වා තිබෙනවා. හමුදාව සමඟ සම්බන්ධතා පැවැත්වූ 80කට අධික පිරිසක් මිලේනියම් සිටි පාවාදීම නිසා ඝාතනය වුණා.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    https://www.facebook.com/groups/804276106323782/permalink/3001758719908832/
    සිද්ධිය
    2002 ජනවාරි 2 වන දින, ශ්රී ලංකා පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් (විශේෂ මෙහෙයුම්, මහනුවර දිස්ත්රික්කය), කුලසිරි උඩුගම්පෝලගේ නායකත්වයෙන්, මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි ශ්රී ලංකා හමුදාවේ හමුදා බුද්ධි අධ්යක්ෂ (Directorate of Military Intelligence (DMI)) විසින් නඩත්තු කරන ලද ආරක්ෂිත නිවසකට කඩා වැදුණි. (මිලේනියම් සිටි නිවාස යෝජනා ක්රමය, අංක 844, කඩුවෙල පාර, අතුරගිරිය. )එම ස්ථානය සෙවීමට ඔවුන්ට අධිකරණ නියෝගයක් නොතිබුණි. කෙසේ වෙතත්, ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කපිතාන් (කපිතාන් ෂාහුල් හමීඩ් නිලම්, මහසොහොන් බලකාය නමින් හැදින්වෙන යුධ හමුදා දිගු දුර විමර්ෂණ ඒකක ප්රධානී) සහ එක් පැරාමිලිටරි සාමාජිකයෙකු, දෙමළ ඊලම් විමුක්ති කොටි (L.
    1f62d.png
    T.T.E) හි හිටපු සාමාජිකයෙකු ඇතුළු හමුදා සෙබළුන් පස් දෙනෙකු පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බිම් බෝම්බ, සැහැල්ලු ටැංකි නාශක ආයුධ (LAW), ප්රහාරක රයිෆල්, තාප ගතික ආයුධ(Thermobaric weapons) සහ එල්ටීටීඊ නිල ඇඳුම් 66 ක් ඇතුළු හමුදා උපකරණ තොගයක් ද ඔවුන් සොයා ගෙන තිබේ. පොලිස් අධිකාරී උඩුගම්පල වහාම ප්රාදේශීය මාධ්යවලට ආරාධනා කර පොලිස් සොයාගැනීම් ඉදිරිපත් කළේය.

    මහජන සන්ධාන රජය පරාජය කරමින් එක්සත් ජාතික පෙරමුණ බලයට පත්වූ 2001 දෙසැම්බරයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මෙම ගැටුම සිදුවිය. ආරක්ෂිත නිවස ජනමාධ්ය වෙත ඉදිරිපත් කරනු ලැබුවේ එවකට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් ,ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව පවසමිනි . මෙම චෝදනාව මුලින්ම ඉදිරිපත් කළේ 2001 නොවැම්බර් මාසයේ දී මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂ සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල විසිනි. එක්සත් ජාතික පක්ෂ මැතිවරණ රැස්වීමකදී ඒවා භාවිතා කිරීම සඳහා උතුරේ මෙහෙයුම් ප්රදේශවලින් පානළුව හමුදා පරීක්ෂණ පරාසය වෙත තාප අවි ආයුධ ගෙනැවිත් ඇති බවට ඔවුහු චෝදනා කළහ. නමුත් පසුව මෙම චෝදනාව අසත්ය බව ඔප්පු විය.
    තත්වය වළක්වා ගැනීමට උත්සාහ කිරීම
    වැටලීමෙන් ඉක්බිතිව, ශ්රී ලංකා යුද හමුදාපති ලයනල් බලගල්ල , හමුදා බුද්ධි අධ්යක්ෂ බ්රිගේඩියර් කපිල හෙන්දවිතාරණ එම ස්ථානයට පිටත් කර හැරියේය. වහාම ඔහු පොලිස්පති ලකී කොඩිතුවක්කු අමතා තත්ත්වය පැහැදිලි කළේය. පසුව බ්රිගේඩියර් හෙන්දවිතාරණ පොලිස්පතිවරයා අමතා එස්පී උඩුගම්පලට තත්ත්වය පැහැදිලි කළේය. යුද හමුදා බුද්ධි අංශ ප්රධානියා පවසන දේ සැලකිල්ලට ගන්නා ලෙස පොලිස්පතිවරයා නිලධාරියාගෙන් ඉල්ලා සිටියේය. පසුව එස්.පී. උඩුගම්පල මහතා අභ්යන්තර කටයුතු අමාත්ය ජෝන් අමරතුංග මහතා අමතා තත්ත්වය විස්තර කළේය. ඇමතිවරයා නියෝජ්ය පොලිස්පති ලාල් රත්නායක මහතා එම ස්ථානයට පිටත් කර හැරියේය. ඉන් අනතුරුව පොලිස් අධිකාරී උඩුගම්පල සොල්දාදුවන් අත්අඩංගුවට ගෙන ආයුධ තොගය අල්ලාගෙන නාරහෙන්පිට හමුදා පොලිස් මූලස්ථානය වෙත ගෙන ගියේය.

    ප්රතික්රියා
    මෙම සිද්ධියට මිශ්ර ප්රිතික්රියා එල්ල විය. එක්සත් ජාතීන්ගේ නායකයින් ඝාතනය කිරීමට හමුදාව සැලසුම් කර ඇති බවට මුලදී මහජන විරෝධයක් එල්ල විය. කෙසේ වෙතත්, ඒකකය පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් පසුව, රාජ්ය රහසක් හෙළි කිරීම පටහැනි බවට පොලිසියට චෝදනා එල්ල විය. "බරපතල ජාතික ආරක්ෂාව අනතුරේ හෙලීම "වැළැක්වීමට නොහැකි වීම සම්බන්ධයෙන් හමුදා නායකත්වයට ද දොස් පැවරුණි. LRP කණ්ඩායම මුලින් කොහුවල හමුදා කඳවුරේ නවාතැන් ගෙන සිටි නමුත් 2001 දෙසැම්බර් මාසයේදී අතුරුගිරියාවට ගෙන යන ලදී. මෙම ඒකකයේ සත්ය ස්වභාවය හෙළි කරමින් ප්රසිද්ධ ප්රකාශයක් නිකුත් කිරීමට යුද හමුදාපති අණදෙන නිලධාරී ලයනල් බලගල්ල ට සිදුවිය. ජනාධිපති චන්ද්රිකා කුමාරතුංග විසින් අභියාචනාධිකරණයේ විශ්රාමලත් විනිසුරු ඩී. ජයවික්රමගේ ප්රධානත්වයෙන් කොමිසමක් පත් කරන ලදී. 2003 දෙසැම්බරයේ නිකුත් කරන ලද වාර්තාවේ උදුගම්පෝලගේ ක්රියාව “නීති විරෝධී හා දුරාචාරමය” බව සඳහන් විය. ඔහු සහකාර පොලිස් අධිකාරී තනතුරට පහත හෙලනු ලැබීය. 2004 ජනවාරියේ දී ශ්රෙෂ්ඨාධිකරණ තීන්දුවක් මගින් සොල්දාදුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති අතර ඒඑස්පී උඩුගම්පලට එස්.ආර්. නිලම්, පී. ආනන්ද උදලගම, එච්. එම්. නිශ්ශංක හේරත්, අයි. එදිරිසිංහ ජයමන්න සහ එච්. මොහොමඩ් හිල්මි යන LRP සාමාජිකයන්ට රු. 750,000 බැගින් ගෙවන ලෙස නියෝග කෙරිණි.
    සිය රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වූ ශ්රී ලංකා හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට දඩුවම් නියම විය. ඔවුන් අතර සිටින ඉතා ඉහල නිලයක් දරූ නිලධාරි මේජර් ජෙනරාල් අයිවන් දසනායකට සේවයෙන් විශ්රාම ගන්නා ලෙස නියෝග කරන ලදී. මෙම වැටලීම “ජාතියට සම්පුර්ණයෙන්ම පාවාදීම සහ නිරපේක්ෂ ද්රෝහිකම” බව වාර්තාව තවදුරටත් සඳහන් කරයි. පසුව සහකාර පොලිස් අධිකාරී උඩුගම්පල 2005 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

    ඉක්බිතිව
    සිද්ධිය වූ වහාම අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ වෙනත් නාලිකා හරහා අනාවරණය වූයේ ආරක්ෂිත නිවස අන් කිසිවෙක නොව ඉහළ රහසිගත හමුදා ආයතනයක් බවයි. කෙසේ වෙතත්, ඒ වන විට LRP සම්බන්ධ වැදගත් තොරතුරු මාධ්යයට කාන්දු වී තිබුණි. ආරක්ෂක අමාත්ය තිලක් මාරපනගේ නියෝගය මත ජනවාරි 9 වන දින දක්වා කටුගස්තොට පොලිස් ස්ථානයේ රඳවා සිටි LRP හි ක්රියාකාරීන් නිදහස් කරනු ලැබීය. අත්අඩංගුවට ගත් එල්ටීටීඊ කාර්ය මණ්ඩලය නිදහස් කරනු ලැබුවේ 11 වනදා පමණ ය . ඔවුන් සියල්ලන්ගෙන් ප්රශ්න කර ඇත. වැඩි කල් යන්නට මත්තෙන්, LTTEය LRP සාමාජිකයන් සහ ඔවුන්ට සහාය වනු ඇතැයි සැක කරන අය තුරන් කිරීමේ ව්යාපාරයක් ආරම්භ කළේය. එල්ටීටීඊ බුද්ධි අංශ ප්රධානී ෂන්මුගලිංගම් සිවශංකර් නොහොත් පොට්ටු අම්මාන් පෞද්ගලිකව මඩකලපුව බලා ගියේ “ද්රෝහීන්” තුරන් කිරීම අධීක්ෂණය කිරීම සඳහා ය. මෙය නැවැත්වීම සඳහා රජය සැලකිය යුතු ක්රියාමාර්ගයක් නොගත් අතර සටන් විරාමයට එය බලපානු ඇතැයි යන පදනම මත , මෙම දඩයම මැඩපැවැත්වීමට රාජ්ය බුද්ධි අංශ විසින් කරන ලද ඉල්ලීම් නිහඩව යටපත් කරන ලදී.
    සන්ඩේ ටයිම්ස් (2004 පෙබරවාරි 1) විසින් LRP ක්රියාකාරීන් , සමඟ සමීපව සම්බන්ධ වූ බුද්ධි අංශ ක්රියාකාරීන් සහ සිවිල් තොරතුරු සපයන්නන්ගේ තොරතුරු අනාවරණය කළේය. ආරක්ෂිත මන්දිරයේ පැවැත්ම ප්රසිද්ධියට පත්වීමෙන් පසුව ඔවුන් සියල්ලන්ම කොටි ගරිල්ලන් විසින් ලුහුබැඳ ගොස් ඝාතනය කරන ලදී.

    LRRP ක්රියාකාරීන් ඉක්බිතිව
    සිද්ධියෙන් පසුව LRP හි අණදෙන නිලධාරී කපිතාන් එස්. එච්. නිලම් සහ ඔහුගේ පවුලේ අය අතුරුදහන් වූ බව වාර්තා විය. පසුව ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ඉන්දුනීසියාවේ ශ්රී ලාංකික තානාපති කාර්යාලයට යවා ඇති බව අනාවරණය විය. 2007 දී ඔහු සහ ඔහුගේ පවුල ඉන්දුනීසියාවෙන් අතුරුදහන් විය.

    එතැන් පටන් එල්ටීටීඊය විසින් ශ්රී ලංකා හමුදාවේ දෙමළ තොරතුරු හා බුද්ධි අංශ නිලධාරීන් 80 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇත. එල්ටීටීඊයේ වසංගතයට ගොදුරු වූ දෙමළ තොරතුරු සපයන්නන් 24 දෙනෙකුගේ නම් 2004 පෙබරවාරි මාසයේ සන්ඩේ ටයිම්ස් ආරක්ෂක තීරු රචක විසින් හෙළි කරන ලදී. 2002 ජනවාරි 16 වන දින පැහැරගෙන ගොස් දින හතරක් තිස්සේ වධහිංසා පැමිණවීමෙන් හා දැඩි ප්රශ්න කිරීම්වලට ලක් කිරීමෙන් පසු ඝාතනයට ලක්වූ වී. විද්යර්තන් නොහොත් විද්යා නොහොත් නිඩි නොහොත් මයික් ඔවුන්ගෙන් වඩාත්ම වැදගත් ය. ඔහු සිද්ධියට පෙර කපිතාන් නිලම් සමඟ කෙලින්ම කටයුතු කළේය. මයික් අනෙක් අතට, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල එක් වරක් ගරිල්ලා සාමාජිකයින් ඇතුළු මෙහෙයුම්කරුවන්ගේ ජාලයක් හා තොරතුරු සපයන්නන් සමඟ සම්බන්ධ වී සිටී. එතැන් සිට ඝාතනයට ලක්වූ ජ්යෙෂ්ටතම නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ය. ඔහු 1 වන හමුදා බුද්ධි බලකායේ අණදෙන නිලධාරියා වූ අතර සිද්ධිය සිදුවන විට කපිතාන් නිලම් යටතේ දෙවන Commanding officer ලෙස සේවය කළේය. තවත් ප්රධාන තොරතුරු සපයන්නෙකු වන කන්දියා යෝගරාසා නොහොත් ප්ලොට් මොහාන් 2004 ජූලි මාසයේදී එල්ටීටීඊය විසින් වෙඩි තබා ාතනය කරන ලදී.


    96081129_246857420060351_2281540095683067904_n.jpg
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    https://www.facebook.com/Ranaviruwa/posts/1637479643226126/


    ~ මිලේනියම් සිටි පාවාදීම ~
    අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන යනුලැබූ ආරක්ෂිත නිවස්නය දිගුදුර විහිදුම් බළකා සාමාජිකයන් පිරිසක් සමග මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරී කුලසිරි උඩුගම්පොල විසින් වැටලීමයි.ඒ හමුවේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සතුරාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාමාජිකයින් විසි අටදෙනකුටම LTTEයේ ගොදුරු බවට පත්ව ජීවිත පුදන්නට සිදු වූහ.
    සතුරන්ගේ (LTTE ) ත්‍රස්‌ත ක්‍රියාකාරකම් දැනගැනීමේ අරමුණින් ස්‌ථාපිත වූ මෙම හමුදා බුද්ධි සේවාවේ ආරම්භක ප්‍රධානියා හිටපු හමුදාපති ලයනල් බලගල්ලේය. එදා සිට වසර 16 ක්‌ ගතවන අවස්‌ථාවේ හමුදා බුද්ධි සේවාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇත. 2002 ජනවාරි 2 දා මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පොළ පොලිස්‌පතිගෙන් අවසර නොලබා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට ගොස්‌ අතිශයින් රහසිගත දිගුදුර විහිදුම් බළකායේ රහසිගත නිවාසය වැටලීම තුළින් ආරක්‍ෂක රහස්‌ කොටි ත්‍රස්‌තවාදීන්ට හෙළිවිය.
    අතිශයින්ම රහසිගත මෙම දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම උඩුගම්පොල නමැත්තාගේ ක්‍රියාදාමය නිසා මුළුමනින්ම හෙළි විය. මේ සම්බන්ධයෙන් පැවැති ජනාධිපති විමර්ශන කොමිසමේ සාක්‍ෂි විමසීම පවා පළ කිරීමෙන් ඇතැම් මාධ්‍ය වැළකී සිටියේය.
    එවකට ජනමාධ්‍ය ලේකම්ව සිටි කුමාර් අබේසිංහ කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් තමා අතුරුගිරිය සිදුවීම වීඩියෝගත කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දුට අමතා යුද හමුදාව ඉදිරියේ එය සිදු කිරීමට අවසරය ගත් බව කියා සිටියේය. එහෙත් මේ කිසිම නිලධාරියකු මෙවන් ප්‍රචාර නිසා ජාතික ආරක්‍ෂාවට හානි සිදුවන බව අදහස්‌ කළේ නැත.
    කුලසිරි උඩුගම්පොලගේ මේ පාවාදීම සාධාරණීයකරණය කිරීමට මෙරට මාධ්‍ය පාර්ශ්වයන් දෙකක්‌ දැඩි ලෙස උත්සාහ කරනු ලැබීය. ඉන් එක්‌ පාර්ශ්වයක්‌ වූයේ රජයේම සති අන්ත පුවත්පතකි. උඩුගම්පොළගේ ඥතියකු අන්වර්ථ නම් භාවිත කරමින් දිගුදුර විහිදුම් බළකාය වැටලීම සාධාරණීයකරණය කරනු ලැබීය. 2002 ජනවාරි 2 වැනිදා රාත්‍රියේ කුලසිරි උඩුගම්පොල අතුරුගිරියට පැමිණියේ එම ප්‍රදේශයේ කිසිම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකුට නොදන්වමිනි. කපිතාන් නීලම් ඇතුළු කණ්‌ඩායම මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගත වූයේ නීත්‍යනුකූලව යැයි හමුදා බුද්ධි අංශ නායක කපිල හෙන්දාවිතාරණ හා හමුදාපති ලයනල් බලගල්ලේ කළ ප්‍රකාශය ද උඩුගම්පොල පිළිගත්තේ නැත.
    අතුරුගිරිය සිද්ධිය පුවත්පත්වලට හෙළි කිරීම සඳහා ඔහු මහනුවර සිට හිටපු උප සේවා පොලිස්‌ කොස්‌තාපල්වරයකු වූ ප්‍රාදේශීය වාර්තාකරුවකු ද ගෙන ආවේය.
    එවකට සිටි පොලිස්‌පතිවරයා ද උඩුගම්පොලගේ මෙහෙයුම සමයේ අසරණ තත්ත්වයට පත් විය. ඔහු කොළඹ මුත්තයියා පාරේ හමුදා බුද්ධි අංශයට ගොස්‌ ලිපිගොනු ද ලබාගනු ලැබීය. ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ තවදුරටත් අනාවරණය වූයේ යුද හමුදාවේ මේජර් ජනරාල්වරයෙක්‌, කර්නල්වරයෙක්‌, මේජර්වරු තිදෙනකු හා කෝප්‍රල්වරයෙක්‌ මෙම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වටලන බව දැන සිටි බවයි.
    දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල නමැත්තා ඔවුන් මහනුවරට ගෙනගොස්‌ කටුගස්‌තොට පොලිසියේ රඳවනු ලැබීය. එවකට ආරක්‍ෂක ඇමැතිව සිටි මාරපන මහතා එකී කණ්‌ඩායම නිදහස්‌ කරන ලෙස කළ නියෝගය ද ක්‍රියාත්මක වූයේ දින කීපයකට පසුවය.
    මේ හමුදා කණ්‌ඩායම අත්අඩංගුවට ගත් උඩුගම්පොල එතැනින් නතර වූයේ නැත. ඔහු හමුදාපති හා බුද්ධි අංශ ප්‍රධානියාට එරෙහිව නඩු පවරනු ලැබීය. මේ සිද්ධිය බලා සිටි කොටි අතිශයින්ම ප්‍රමෝදයට පත්ව අත්පොළසන් දුන්හ. එකල කොටි වෙබ් අඩවියක මෙලෙස සඳහන් විය. ද්‍රවිඩයන් ඝාතනය කිරීමට යොදවා තිබූ කණ්‌ඩායමක සුලමුල දැන් අනාවරණය වී ඇත.
    මේ අතර නිදහස්‌ වූ දිගුදුර විහිදුම් බළකායේ කණ්‌ඩායම තම මානව හිමිකම් අහිමි වූ බව දක්‌වමින් අධිකරණය හමුවට ගියහ. මෙකී මානව හිමිකම් නඩුව ඉල්ලා අස්‌කර ගන්නා ලෙස දන්වමින් එකී කණ්‌ඩායමට දැඩි බලපෑම් එල්ල වුවත් ඔවුහු ඊට එකඟ නොවූහ. 2004 ජනවාරි 30 වැනිදා අධිකරණය විසින් තීන්දුවක්‌ දුන්නේය. දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි තීරණය කළ අධිකරණය සෑම පාර්ශ්වකරුවකුටම රුපියල් 7,50,000 ක්‌ බැගින් ගෙවිය යුතු යැයි නියම කළේය. උඩුගම්පොල ද රුපියල් 50000 බැගින් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කරනු ලැබීය. මෙහිදී උඩුගම්පොලගේ ක්‍රියාදාමය අධිකරණය විසින් දැඩි දෝෂාරෝපණයට ලක්‌විය. මෙම අධිකරණ නියෝගයෙන් පසු ජාතික පොලිස්‌ කොමිසම විසින් උඩුගම්පොලව අනිවාර්ය නිවාඩු යවන්නැයි එවකට පොලිස්‌පතිව සිටි ඉන්ද්‍රා ද සිල්වා වෙත නියෝග කරනු ලැබීය. 2005 මාර්තු 23 වැනිදා කුලසිරි උඩුගම්පොළව විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස්‌ විය.
    දැන් රාජ්‍ය රහස්‌ පනත යටතේ උඩුගම්පොළට එරෙහිව නඩු පැවරී තිබේ. “අතුරුගිරිය මිලේනියම් සිටි සිද්ධියේ කනගාටුදායක පැත්ත මෙයයි. මේ විශේෂ කණ්‌ඩායම අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට සහාය වූ බුද්ධි චරපුරුෂයන් කවුරුන්දැයි කොටින්ගේ ටොසී බුද්ධි සේවාවට වාර්තා විය. ඒ අනුව කොටි ගැන තොරතුරු සපයන ද්‍රවිඩ බුද්ධි චරපුරුෂයන් ඝාතනයවීම ආරම්භ විය.
    🔫 කොටි විසින් ඝාතනය කළ බුද්ධි කණ්‌ඩායම.
    🔫2002 ජනවාරි 20 – විද්‍යාදරන් හෙවත් නිති, 🔫2002 පෙබරවාරි 9 – ක්‌ලාරි හෙවත් ගඩාපි, 🔫2002 ජුලි 22 – අරින්ජාන් හෙවත් සමින්දරාජන්,
    🔫2002 දෙසැම්බර් 11 – ගනේෂමූර්ති හෙවත් තිලක රාජා,
    🔫2003 ජනවාරි 03 – කැෂියර් හෙවත් පුලේන්ද්‍රරාසා,
    🔫2003 මාර්තු 18 – රගුපති හෙවත් රගු,
    🔫2003 අප්‍රේල් 13 – රංජන් හෙවත් වර්ධන්,
    🔫2003 අප්‍රේල් 26 – අශෝක්‌ දේවරාජා
    🔫2003 මැයි 21 මාස්‌ටර් හෙවත් කුමාර් පෙරුමාල්,
    🔫2002 අගෝස්‌තු 14 – දේවදාස්‌,
    🔫 2002 දෙසැම්බර් 02 – අයිස්‌,
    🔫2003 අප්‍රේල් 23 – යශෝධරන්,
    🔫 2003 මැයි 19 – සූරියන්,
    🔫2003 අගෝස්‌තු 03 රිල්වාන්,
    🔫2003 අගෝස්‌තු 08 ශන්මුගරාසා,
    🔫 2003 සැප්තැම්බර් 14 – සබාරත්නම්,
    🔫2004 ජනවාරි 31 – යෝගරාසා හෙවත් ප්ලොට්‌ මොහාන්.
    දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ වුවත් සටන් විරාමය නිසා ඔවුන්ට මෙරට රැඳී සිටීම අනතුරුදායක විය. මේ නිසා ඔවුහු පිරිසක් විදේශගත වූහ.
    මෙම අතිශයින්ම රහසිගත හමුදා බළකාය අල්ලා ගැනීමට නීති විරෝධී මෙහෙයුමක්‌ දියත් කළ කුලසිරි උඩුගම්පොල නමැත්තා එදා සිටි පොලිස්‌පති, හමුදාපතිටත් ඉහළින් කටයුතු කළ බව මෙහිදී සනාථ විය.මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම පරීක්‍ෂණ පටන් ගැනීමත් සමගම උඩුගම්පොලට මිලේනියම් සිටි නිවස ගැන තොරතුරු සැපයූ බව කියන පුද්ගලයා ද අබිරහස්‌ ලෙස මියගොස්‌ ඇතැයි අනාවරණය විය.
    එසේම දිගුදුර විහිදුම් බළකාය රැඳී සිටි නිවස වැටලීමට තමා පැමිණියේ අධිකරණ නියෝගයක්‌ මත යෑයි උඩුගම්පොල පැවසූ නමුත් එම නියෝගය ඔහු කිසිවිටෙක පෙන්නුම් කළේ නැත.මේ හැර යුද හමුදාව මෙකී කණ්‌ඩායමේ හා අවි ආයුධවල නීත්‍යනුකූලතාවය ගැනද ලියවිල්ලකින් සනාථ කරන්නේ නම් දිගුදුර විහිදුම් බළකාය නිදහස්‌ කරන බවද උඩුගම්පොල පවසා තිබිණි.එවැනි ලිපියක්‌ යුද හමුදාව විසින් ගෙනවිත් උඩුගම්පොලට බාරදුන්නත් ඔහු ඒ ගැන තැකීමක්‌ කළේ නැත.
    විශේෂ ජනාධිපති කොමිසම හමුවේ හෙළිවූ තවත් කරුණක්‌ නම් ඇතැම් හමුදා නිලධාරීන් සෘජුව සහ වක්‍රව උඩුගම්පොලගේ මේ වැටලීම දැන සිටි බවයි. ඔවුන් නම් ලුතිනන් කර්නල් පත්මසිරි උඩුගම්පොල (උඩුගම්පොලගේ සොහොයුරු), මේජර් ජනරාල් අයිවන් දසනායක, කර්නල් කේ. එච්. ධර්මරත්න, මේජර් ඒ. සී. සොයිසා, මේජර් ඒ.එස්‌. පොඩිඅප්පුහාමි, මේජර් කේ. යූ. ජයනෙත්ති, මේජර් නජිත් කරුණාරත්න, කෝප්‍රල් ඡේ. එච්. සිල්වා, කෝප්‍රල් එම්. වී. පීරිස්‌.
    එදා පැවැති එ.ජා.ප. රජයේ දේශපාලකයන් තිදෙනකු හා රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක්‌ විසින් දිගුදුර විහිදුම් බළකා කණ්‌ඩායමේ ප්‍රධානී කපිතන් නීලම් ඇතුළු පිරිසට දැඩි බලපෑම් එල්ල කළත් එකී කණ්‌ඩායම ඊට හිස නැමුවේ නැත.
    විශේෂ ජනාධිපති කොමිසම සිය වාර්තාවේ මෙලෙස ද දක්‌වා ඇත. 2001 මහා මැතිවරණයට පෙර මෙම රහසිගත නිවසේ ලිපිනය දැනගැනීමට කර්නල් පරාක්‍රම දසනායක උත්සාහ කළ බවට තදබල සාක්‍ෂි ඇත. දසනායක නමැත්තා මෙහිදී කියා සිටියේ තමා මාලඹේ ඉදිකරන නිවස සඳහා සහාය ලබාගැනීමට කපිතන් නීලම්ට ඇමතීමට අවශ්‍ය බවයි.
    මිලේනියම් සිටි දිගුදුර විහිදුම් බළකා සිද්ධිය මෙරට යුද හමුදා ඉතිහාසයේ සිදුවූ ද්‍රොහීමය ක්‍රියාදාමයකි.එහිදී දේශපාලන පොලිස්‌ නිලධාරියකු වූ කුලසිරි උඩුගම්පොල ක්‍රියා කළ ආකාරය මුළු පොලිස්‌ දෙපාර්තමේන්තුවටම සිදුවූ අවමානයකි.උඩුගම්පොල බේරාගැනීම සඳහා හිටපු නෝවීජියානු ආධාරකාරියක්‌ වූ මාධ්‍යවේදිනියක්‌ ද උඩුගම්පොලගේ ඥතියකු වන අයෙක්‌ විසින්ද ගත් උත්සාහයද අසාර්ථක විය.
    49669527_1637479613226129_5787478992684580864_n.jpg
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    2018 June 18

    https://divaina.com/daily/index.php/puwath-2/13022-19-39


    මිලේනියම් සිටි පාවාදීමට සම්බන්ධ හමුදාවේ අයට ඩබල් බෝනස්‌


    මිලේනියම් සිටි මහා පාවාදීම හමුවේ එවකට පැවැති ජනාධිපති කොමිසමක්‌ මගින් වරදකරුවන් කර ඉදිරිපත් කළ නිර්දේශ අනුව යුද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ හමුදා නිලධාරින් කණ්‌ඩායමක්‌ යළි සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

    මෙහිදී සේවයෙන් පහ කර සිටි ඇතැම් හමුදා නිලධාරීන්ට හිඟ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් ලක්‌ෂ ගණනින් මුදල් ලබාදීමට ද යුද හමුදාව කටයුතු කර ඇත.

    එවකට යුද හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරිව සිටි කර්නල්වරයකු හා යුද හමුදා පොලිසියේ රාජකාරි කළ උසස්‌ නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් පිරිසකට මෙම වරප්‍රසාදය හිමි වී තිබේ.

    මෙම පිරිස සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමේදී එදා සිට අද දක්‌වා කාලය තුළ ඔවුන්ට හිමි උසස්‌වීම් පවා ලබාදී විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇතැයි යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    මිලේනියම් සිටි පාවා දීමට සම්බන්ධ හමුදා නිලධාරීන් යළි සේවයේ පිහිටුවා මෙලෙස විශ්‍රාම ගැන්වීමේදී එක්‌ නිලධාරියකුට විදේශ තානාපති සේවයේ ඉහළ ධුරයක්‌ ලබාදීමටද රජය පියවර ගෙන ඇත.

    ඉකුත් 2002 වසරේදී සිදුවූ "මිල්නියම් සිටි" මහා පාවාදීම හේතුවෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් රාශියක්‌ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබිණි.


     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    2018/6/19

    http://nethgossip.lk/article/30882


    බුද්ධි අංශය කොටින්ට පාවා දුන් මිලේනියම් සිටි පාවාදීමේ වැරදිකරුවන්ට උසස් වීම් - තනාපති තනතුරුත් දීලා, රජයෙන් ආන්දෝලනාත්මක තීරණයක්!



    ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්‍රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තොරතුරු ප්‍රසිද්ධ කිරීමට ඉඩ දීම හරහා මෙම පාවාදීම සිදුව තිබුනා. එම බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ප්‍රසිද්ධ වීමත් සමග මෙම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමටද කොටි ත්‍රස්තවාදීන් ක්‍රියා කළා. මෙම පාවා දීම සදහා ආරක්ෂක අංශයන්හිම ඇතැම් නිළධාරීන් සම්බන්ධව සිටින බවටද හෙළිවුනා.
    මෙම මිලේනියම් සිටි මහා පාවාදීම හමුවේ එවකට පැවැති ජනාධිපති කොමිසමක්‌ මගින් වරදකරුවන් කර ඉදිරිපත් කළ නිර්දේශ අනුව යුද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ හමුදා නිලධාරින් කණ්‌ඩායමක්‌ යළි සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන බවට වාර්තා වේ.
    මෙහිදී සේවයෙන් පහ කර සිටි ඇතැම් හමුදා නිලධාරීන්ට හිඟ විශ්‍රාම වැටුප් ලෙස රුපියල් ලක්‌ෂ ගණනින් මුදල් ලබාදීමට ද යුද හමුදාව කටයුතු කර තිබෙන බවට සදහන්. එවකට යුද හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරිව සිටි කර්නල්වරයකු හා යුද හමුදා පොලිසියේ රාජකාරි කළ උසස්‌ නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් පිරිසකට මෙම වරප්‍රසාදය හිමි වී තිබේ.
    මෙම පිරිස සේවයේ පිහිටුවා විශ්‍රාම ගැන්වීමේදී එදා සිට අද දක්‌වා කාලය තුළ ඔවුන්ට හිමි උසස්‌වීම් පවා ලබාදී විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා. මිලේනියම් සිටි පාවා දීමට සම්බන්ධ හමුදා නිලධාරීන් යළි සේවයේ පිහිටුවා මෙලෙස විශ්‍රාම ගැන්වීමේදී එක්‌ නිලධාරියකුට විදේශ තානාපති සේවයේ ඉහළ ධුරයක්‌ ලබාදීමටද රජය පියවර ගෙන තිබෙන බවට සදහන්.
    පසුගිය 2002 වසරේදී සිදුවූ මෙම "මිල්නියම් සිටි" මහා පාවාදීම හේතුවෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් රාශියක්‌ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    UNP එකේ එවුන් කරන තරමක් කරේ මේ වගේ ගොං තක තිරූ වැඩ. දැන් කථා කරන හැටි බලන්න ඕනේ . පුදුම දේශ හිතෛෂීන් .
    UNP එකේ තරම රට ගැන තියෙන කැක්කුම බලන්න ඕනේ TV එකෙන්
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    විද්‍යාදරන් වගේ සමහර අයව කොටි පෑහෑරගෙන අරන් ගිහින් දවස් ගණන් අමානුෂික වද දීලා මරලා තියෙන්නේ. මුන් ඒ මිනිස්සුන්ව පාවලා දුන්නා. ඕකට සම්බන්ධ එවුන් පණුවෝ ගහලා විදවලා මෑරෙන්න ඕනේ
     
    • Like
    Reactions: Tharaka25 and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    කවද හරි දවසක රනිල් හමුදාවේ සේනාධිනායක වෙනවට බයේ ඉරිසියාවට ලියපු හෑලි
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ehema thibilath mainda maaththiya yudde dinuwa ne. amathaka karanna epa ethimawa. pamper thiyala wandinna ona.