අනුරාදපුර හෙළ බෞද්ද ජාන වැඩ පෙන්නයි

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    https://sri.lankahotnews.com/Biz/left/25/02/

    බිරිඳට ලිංගික වධ දී ඇප ලැබූ නාවික සෙබළා ඇයව ඝාතනය කර සිරුර පුළුස්සයි.

    තම බිරිඳට අමානුෂික ලෙස වධ හිංසා පමුණුවමින් කෲර ලිංගික හිංසනයකට ලක් කිරීමේ චෝදනාව මතරක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරිය නාවික හමුදා සෙබළෙකු විසින් ඇයව ඝාතනය කර සිරුරට ගිනි තැබීමේ අතිශය ඛේදනීය පුවතක් අනුරාධපුර, පරසන්ගස් වැව ප්‍රදේශයෙන් වාර්තා වේ. 41 හැවිරිදි තම බිරිඳව ගසක බැඳ, මිරිස් කුඩු ගසා, පොල් මලක් යොදාගෙන ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාවට මාසයකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ මෙම 39 හැවිරිදි සැකකරු, පසුගිය 09 වනදා දැඩි ඇප කොන්දේසි මත නිදහස් වී දින කිහිපයකට පසු මෙලෙස ඇයගේ ගෙළ සිර කර ඝාතනය කර පලාගොස් ඇත.

    මෙම කෲර අපරාධයෙන් අනතුරුව අධිකරණය සහ පොලිසිය මගහරිමින් දින 11ක කාලයක් සැඟවී සිටි සැකකරුට එරෙහිව අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබූ අතර, ආරක්ෂක අංශ ඔහුව සෙවීමේ මෙහෙයුම් දියත් කර තිබියදී ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පරසන් ගවැව පොලිසියට භාර වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩී. එල්. සමරසිංහ මහත්මිය, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර නාවික සෙබළාව පැය 48 ක කාලයක් රඳවාගෙන පුශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී ඇත
     
    • Wow
    Reactions: Jihadi john