ඕක හොඳ ප්‍රශ්නයක් බන්, ප්‍රොෆෙසර් ජේමි ෆොක්ස් පවා කියල තියෙනවා මුළු විශ්වයේම වටිනාම ස්ථානය පොළොව කියල. මොකද තවම වෙන කොහෙවත් ජීවාක් තියෙනවා කියල හොයාගෙන නැහැ, රේඩියෝ සංඥා නැහැ. ඉතින් අපි දන්නා තරමින් ජීවය පරිනාමය වෙලා බුද්ධිමත් ජීවීන් හැදුනු එකම තැන මෙතන. ඒ වුනාට පරිනාමය කියන එක නිකම්ම අහක දාන්න බෑ බන්. අවුරුදු බිලියන 4ක් කියන්නේ මහා විශාල කාලයක්. ඔය කාලය ඇතුලත හිමාලේ කඳුකරයට වඩා විශාල කඳු හැදිලා ඒවා හේදිලා ගිහිල්ලත් ඉවරයි, දෙසරයක්ම එහෙම කඳු හැදිලා විනාශ වුනා කියල සාක්ෂි තියෙනවා. ඊළඟට නූතන සාක්ෂි තියෙනවා පරිසරය වෙනස් වුනහම පරිනාමය වෙන හැටි ගැන. මම කියන්නේ සතුන් පරිනාමය වෙන්න පවා මනුෂ්‍ය හැසිරීම දායක වුනු හැටි ගැන සාක්ෂි තියෙනවා.
උඹ දන්නවද මනුස්ස කටහඬ ඇහුණාම වනාන්තරවල ඉන්න සත්තු පැනල යනවා. ලෝකේ ඕනෑම තැනක මේක පරීක්ෂණ කරලා ඔප්පු කරලා තියෙනවා, මහා ඝන වනාන්තර වල වුනත් එහෙමයි. එත් මොකද එහෙම වෙන්නේ, එකට හේතුවක් තියෙනවා, අවුරුදු මිලියනයක ඉඳල මෑත අතීතයේ අවුරුදු 5000ක කාලයක් තිස්සේ මනුෂ්‍යයා සතුන් දඩයම් කරලා තියෙනවා. මේ කාලේ ඇතුලත මානවයන් දඩයමක් වුනහම ඉතිරි මානවයන් ඇවිල්ල තමන්ගේ එකා මරපු සතා හොයාගෙන මරල තියෙනවා. මේක නිසා ඉතුරු වෙලා තියෙන්නේ මනුෂ්‍ය කටහඬක්, ඉවක් දැනුනහම පැනල ගියපු සතුන්ගෙන් පැවතෙන සතුන් විතරයි. මනුෂ්‍යයාට තියෙන භය උන්ගේ ජානවලම තියෙනවා. මේක වෙලා තියෙන්නේ අවුරුදු මිලියනයක් ඇතුලේ. අවුරුදු මිලියනයක් කියන්නේ බිලියනයෙක් 1000න් කොටසක්. බිලියනයේ ඒවා 4ක් ගත වෙලා තියෙනවා. මේ කාලේ ඇතුළත මහා නෂ්ඨවීම් 4ක් සිදුවෙලා තියෙනවා.