මහනුවර රීජන්සි පුද්ගලික පාසලේ සිසුසිසුවියන්ට වද දුන් විදුහල්පති සහ ගුරුවරු 6 ක් රිමාන්ඩ්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Principal-and-6-teachers-remanded-for-harassing-students-of-Kandy-REGENCY-Bording-School

    මහනුවර බොක්කාවල මොරන්කන්දේ පිහිටි ‘රීජන්සි බෝඩිං පාසල‘ REGENCY Bording School නමැති නේවාසික පුද්ගලික පාසලේ සිසුන්ට ලබාදී ඇති අමානුෂික හිංසනයක් නිසා එහි විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩයේ සය දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.
    පෙරේදා (12) රාත්‍රී සිදුවීමකින් පසු සිසුසිසුවියන් එහි විදුහල්පතිවරයා හා ගුරුවරියන්ගෙන් පහර කෑමෙන් පසුව සිසුවියන් තිදෙනෙක් ඊයේ අලුයම පාසලෙන් පළාවිත් මහනුවර දළදා මාළිගාවට පැමිණ එහි මුරපොලේ නිලධාරීන්ට තමන්ගේ දුක්ගැනවිල්ල පැමිණිලිකර ඇතැයි වාර්තාවිය. ඔවුන් සිසුවියන්ගේ ආරක්ෂාව සලකා ඒ ගැන පොලිසියට දන්වා ඇත.
    ඒ අනුව මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව පොලිසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

    සිසුවියන් පස් දෙනෙකුට සහ සිසුන් පස් දෙනෙකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම පාසලේ විදුහල්පතිවරයාත් ගුරුවරියන් තිදෙනෙක් සහ ගුරුවරයෙකු මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවයි.

    උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ඊට පහළ විභාග සදහා දුර්වල හෝ නිවසේ සිටියදී අධ්‍යාපනයට උනන්දු නොවන සිසුන් නේවාසිකව රඳවාගෙන මුදලට අධ්‍යාපනය ලබාදීමේ ආයතනයක් ලෙස මෙම ආයතනය කලෙක සිට පවත්වාගෙන එන්නකි. බොහෝ විට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ‘රිවිෂන්‘ නේවාසික පාඨමාලාව එහි ප්‍රසිද්ධ බව කියැවේ.


    පහරදීම් සහ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව මෙම පාසලේ නේවාසිකව සිටින දරුවන් පළායන්නට ආසන්නම හේතුව වී ඇත්තේ 12 වෙනිදා රාත්‍රී කාලයේ සිසුන් පස් දෙනෙක් කාන්තා නේවාසිකාගාරයට ගොස් සිසුවියන් පස් දෙනෙක් සමඟ කථාබහ කරමින් සිටියදී ඊට උරණව එම සිසුන්ටත් සිසුවියන්ටත් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් විසින් පහරදීමය.
    මෙම අමානුෂික පහරදීම අවස්ථාවේ සිසුන් තිදෙනාගේ දෑත් පිටුපසට තබා ගැටගසා හිස බූ ගා ඇති බවද හෙළිවී තිබේ. එම සිසුන් පස් දෙනාව කළුවර කාමරයක දමා තිබියදී බේරාගෙන ඇත්තේ ඊයේ අලුයම එහි ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමයි.

    තවත් සිසුවියන් දෙදෙනෙකුව එසේ කළුවර කාමරයද දමා සිට ඇති අතර ඒ අයවද පොලීසිය මුදාගෙන ඇත.
    මෙම පාසලේ සිසුන්ට කෘර ලෙස සලකන බවත් පහරදීම් සහ අඩත්තේට්ටම් කිරීම් ද බොහෝ සිදුවන බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ. සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු විදුහල්පති ඇතුළු ගුරුවරුන් 06 දෙනෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර නියෝග කළේය..

    පහරදීමෙන් තුවාල සිදුවූ සිසුසිසුවියන් 10 දෙනෙකු මහනුවර රෝහලට ඇතුළත්කර ඇති බවද වාර්තා විය. පොලිසිය පවසන්නේ අමානුෂික වදය ඉවසන්නට බැරිව එක් දරුවෙකු සියදිවිනසාගන්නට උත්සාහයක්ද වැළැක්වූ බවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය නිවේදනය පහතින් එම පාසලේ ඡායාරූප හා ප්‍රසිද්ධ කර ඇති දැන්වීම් කිහිපයක් ඒ සමග පළවේ.
    5009gossiplanka-down.jpg




    5010gossiplanka-down.jpg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,311
    20,884
    113
    ඔයින් ගියා ඇති ළමයෙක්ට අනතුරක් නොවී. මේ building එකේ ඉඳන් අමුතු feeling එකක් එන්නේ. Film එකක් හදන්න පුළුවන් story එකක්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔයින් ගියා ඇති ළමයෙක්ට අනතුරක් නොවී. මේ building එකේ ඉඳන් අමුතු feeling එකක් එන්නේ. Film එකක් හදන්න පුළුවන් story එකක්.

    Ow nikan Ara religious cult ekak wage feel ekak enawa
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,311
    20,884
    113
    Ow nikan Ara religious cult ekak wage feel ekak enawa
    ඔව් එහෙම vibe එකකුත් තියෙනවා. මේ වගේ කොටු වෙච්ච වෙන building එකක් ලංකාවේ දැකලා නෑ. මේක හදපු perpose එක මුල ඉඳන්ම ළමයි ඔය වගේ හිර කරලා තියා ගන්න එක නම්....😳 එකේ වෙනම කතාවක් තියෙනවා. මේ story එකම ඇති ෆිල්ම් එකකට