ඩොලරයේ අගය තවත් ඉහළට⬆️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රු.350 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

    මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ රු. 327. 20 ක් ලෙස පැවති අතර එය අද දිනයේදී රු. 332.06ක් ලෙස සටහන් වුවා. ඩොලරයේ ඊයේ දිනයේ විකිණුම් මිල රු. 346.37 ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේ සඳහන් වුයේ රු.351.51ක් ලෙසයි.

    මේ අතර සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ ගැනුම් මිල රු. 335ක් සහ විකුණුම් මිල රු. 355ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ද අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රු.335ක් සහ විකිණුම් මිල රු.355ක් ලෙස සටහන්ව තිබෙනවා.

    කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ දිනයේ දී රු. 332.96ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු.331.58ක් ලෙස පහත වැටී තිබුණා. කෙසේ වුවත් ඊයේ ඩොලරයේ විකුණුම් මිල රු. 351.50ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු. 355ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

    මේ අතර සෙලාන් බැංකුවේ ඊයේ ඩොලරයේ ගැනුම් මිල රු.325ක් ලෙස සටහන්ව තිබු අතර එය අද දිනයේදී රු.329ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේදී ඩොලරයේ විකිණුම් මිල රු. 346ක් ලෙස සදහන්ව තිබු අතර එය අද දිනයේදී රු.351ක් ලෙස ඉහළ ගොස් තිබුණා.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටකට කෙලවෙද්දී සතුටු වෙන්න ඕනේ නැහැ

    අපිට අඩුම තරමේ 350 වත් නතර කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්

    රටේ නිෂ්පාදන වැඩි නොකර බලෙන් රටට කෙලවපු එවුන් ආණ්ඩුවක් කරද්දී රටේ මහජනයා සාමුහික ප්‍රයත්නයක් දෙන්නේ නැහැ කියන එක උන්ට තේරුනත්

    බලය අතහරින්න උන් බයයි
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ වැඩේ නිසා මිනිස්සු බහුතරයක් මහ බැංකුව ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි රටට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    රටේ නිෂ්පාදන වැඩි නොකර බලෙන් රටට කෙලවපු එවුන් ආණ්ඩුවක් කරද්දී රටේ මහජනයා සාමුහික ප්‍රයත්නයක් දෙන්නේ නැහැ කියන එක උන්ට තේරුනත්
    මොකා ආණ්ඩු කරත් සිංහලු එහෙම සාමුහික ප්‍රයත්න දෙන්නේ නෑ දිගු කාලිනව. කෙටි කාලින ආතල් නම් දෙනවා.
    එහෙම නැත්නම් ඉතින් තමන්ගේ වාසියට තමයි වැඩ
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ වැඩේ නිසා මිනිස්සු බහුතරයක් මහ බැංකුව ගැන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන් නැති වෙනවා. ඒක එච්චර හොද දෙයක් නෙමෙයි රටට.
    ඔව් මේ නන්දලාල් ගොබ්බයා දේශපාලකයොන්ට වඩා ගොන් ආතල් දෙනවනේ. :no:
    ගියසතියේ කියපු බයිලා අමතකවෙලා වගේ දැන් අලුත් බයිලා කියනවා.
     
    • Like
    Reactions: Cypress and iworld