හාස්කම් පිරුණ කිරි අම්මා දිය උල්පත

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,049
    8,047
    113
    M-Town
    හාස්කම් පිරුණ කිරි අම්මා දිය උල්පත - මාතලේ 😍🙏💕✨🌼🌱

    අපේ පුංචි රටේ ඉතාමත් සුන්දර තැන් බොහෝමයක් තියෙනවා,අපේ රටඇතුලේ නිතර දකින සොදුරු තැන් වගේම නිතර ඇසට හසු නොවන සුන්දර තැනුත් අප්‍රමාණයි.ඉතිං ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ නැති තවත් සුන්දර වගේම දේව හාස්කම් වලින් පිරුණ තැනක් ගැනයි මේ සටහන.ඒ මාතලේ කිරි අම්මා දිය උල්පතයි.

    මෙම උල්පත නැරඹීමට යන ගමන් මාර්ගය ගැන මුලින්ම බලමු.මාතලේ නගරයේ සිට දඹුල්ල පාරේ නාඋලට පැමිණ නාඋලින් මොරගහකන්ද පාරේ ගිස් ලග්ගලට යා යුතුයි.ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පල්ලේගම ගමේ මේ කිරි අම්මා දිය උල්පත ස්වභාව සෞන්දර්‍යෙන් පිරිපුන්ව පිහිටා තිබෙනවා.
    වනාන්තරය ඇතුලට වන්නට පිහිටා තිබෙන මෙමෙ ස්ථානයට බොහෝ පිරිසක් භාරහාර පිදීමට පැමිණෙන්නේ මිනිසුන් අතර පවතින දැඩී විශ්වාසය හා මෙහි ඇති දේව හාස්කම් නිසාවෙනි.
    ශ්‍රි ලංකාවේ අපිට ඕනෑ තරම් දිය උල්පත් උරුමව තිබෙනවා උණු දිය උප්ලතුත් ඕනෑ තරම්.නමුත් මෙහි සුවිශේෂි ලක්ෂණයක් තිබෙනවා.ස්වාභාවිකව ඇති වූ දියෞල්පතක් ලෙසයි මෙය දක්වන්නේ.

    මේ පල්ලේගම ගම්මානය දාගැබිල්ල ලෙසත් හදුන්වනවා.අතීතයේ සිටම මේ ගම්මානය පත්තිනි මෑණියන් වෙසෙනා පින්බිමක් ලෙසට ගම්වාසීන් පිළිගනු ලබනවා.මේ විශ්වාසය මත ගම්වාසීන් එදා පටන් අද දක්වා මේ ස්ථානයේ පුද පූජා පවත්වනවා.මේ කිරිඅම්මා දිය උල්පත ආශ්‍රිතව ජනශ්‍රැති පවතිනවා.

    ගම්වාසීන් කියන්නේ කිරිඅම්මා උල්පතේ කලකට පෙර අතීතයේ විශාල ආදෙකු ජීවත් වුන බවයි.ගම්මු මේ ආදාව අල්ලා යාගෙන ආහාරයට ගෙන තිබෙනවා,මේ ආදා අහාරයට ගත් නිවාස 12 ක ගම්වාසීන් ලේ අතීසාරය සෑදී මිය ගොත් තිබෙනවා.

    තවත් කතාවක් නම් ගම්වාසින් මෙතනට විත් දේව කන්නලව්වක් කර ගොයම් කැපීමට දෑකැති ඉල්ලූ විට ගල්තලාව මත ඕනෑතරම් දෑකැති දකින්නට ලැබෙන බවයි.ගොයම් කපා අවසානයේ නැවත දෑකැති එම ස්ථානයට ගෙනවිත් තැබිය යුතු බවද කියවේ.මෙම දෑකැති රිදී ඒවාය.දිනක් මෙම දෑකැත්තක් ගොවියෙකු විසින් හොරකම් කිරීම නිසා යලිදු කිසි දිනක එම හාස්කම සිදු නොවුන බව ගමේ වැඩිහිටියන් පවසයි.

    තවත් හාස්කමක් වන්නේ මේ ස්ථානය අසලින් ගමන් මාර්ග සැකසීමට ගෙනන යන්ත්‍ර කාර්මික දෝෂයන්ට ලක් වීමයි,නැවත නැවත යන්ත්‍ර ගෙන ආවද ඒ සියලු යන්ත්‍ර කැඩී දෝෂයන්ට ලක් වේ.අද වනතුරුත් මෙහි කිසිදු ඉදිකිරීමක් සිදු කල නොහැකි බැවින් මෙහි ඉදිකිරීම් සිදු නොකිරීමට බලධාරීන් තිරණය කර තිබෙනවා.මෙම පුද බිම තුල කිසිදු කපු මහතෙකු හෝ පිංපෙට්ටි ආදිය දකින්නට නොලැබීන මෙහි තවත් විශේෂයකි.

    පුද පූජ සදහා පැමිණෙන අයවලුන් පත්තිනි මෑණියන් උදෙසා භාරහාර වී භක්තියෙන් කටයුතු කරයි.තමන් ප්‍රාර්තනා කළ දෑ ඉටු වීමෙන් පසු එම භාරය ඔප්පු කිරීමද භක්තිමත්ව සිදුකිරීමට මෙහි පැමිනෙන අයගෙන් දැකිය හැකිය.
    ඒ වගේම තමන් සිදු කරන ප්‍රාර්ථනාව ඉටුවෙන්නේ දැයි දැනගැනීමේ හැකියාවක් මෙහි තිබෙනවා.

    ඒ ක්‍රමය නම් බුලත් කොළයක් උඩ පඩුරු තබා දිය උල්පතේ බුබුළු දමන ස්ථානයේ තැබූ විට පඩුර සමග බුලත් කොළය දිය බුබුල තුලට ඇදගන්නවා නම් ප්‍රාර්ථනාව ඉටු වන බවත්,බුලත් කොළය පාවී පහලට යනවා නම් එම ප්‍රාර්ථනාව ඉෂ්ඨ නොවන බවත් පැවසේ.මේ විශ්වාසය නිසාම බොහෝ දෙනා මෙම ස්ථානයට පැමිණේ.මෙලෙස ඇද ගන්නා බුලත් කොළ හා පඩුරු වලට කුමක් වෙනවාදැයි මේ වනතුරු කිසිවෙක් දැනුවත් නැත.

    මෙම කිරි අම්මා දිය උල්පත කිසිදු දිනක නොසිදෙන බවද ගම්වාසීන් පවසනවා.
    මෙම භූමියට පැමිණීමේදී හාස්කම් දැඩි බැවින් බැතිමතුන් පේවී ආ යුතු බව දක්වනවා.
    නිර්මාංශව පේවී පැමිණ තමන්ගේ ප්‍රාර්තනා සිදු කිරීමෙන් ප්‍රතිඵල ලාබා ගත හැකි බව විශ්වාසයක් පවතිනවා.ඕනෑම ලෙඩක් දුකක් සදහා,ගැටලු සදහා දරුවන් නොමැති අයවලුන් සදහා භාරහාර වන මෙහි භාර ඔප්පු කිරීමේ ක්‍රමයක්ද පවතිනවා.මේ සදහා
    හිරු දෙවියන්ට කිරි ඉතිරවීම සිදු කළ යුතුය,මෙම භූමියේ එසේ ලිප් බැද තිබෙනවා දැකිය හැකිය.පත්තිනි මැණියන් ප්‍රමුඛව මෙහි වැඩ සිටියත් කතරගම,විශ්ණු,සමන්,දෙවොල් දෙවියන්ගේ ආශිර්වාදයද මෙහිදී ලැබෙන බව විශ්වාස කරනවා.

    මාතලේ දිස්ත්‍රික්කයේ වියළි කලාපයට අයත් ලග්ගල ද නියඟයෙන් බැටකන ප්‍රදේශයක්. ලග්ගල කිරිඅම්මා උල්පත නියඟයටවත් නොසිඳෙන බැවින් එම දිය උල්පතට ගැමියෝ පැමිණ, එහි ජලය අරන් කිරි උතුරවා යාතිකා කර, ඊට පසු එම කිරි කුඹුරුවලට ඉසීමට රැගෙන යනවා. එම කිරි රැගෙන යන අතරම වැස්ස ලැබෙන බව තමයි ඔවුන් විශ්වාස කරන්නේ.

    වැස්ස පමාවන බවට සොබාදහමේ නිමිතිවලින් ද නුවර කලාවියේ ගොවියා දැනගන්නවා. කිරල්ලු වැවේ ජලය රඳන කොටසේ බිත්තර දමන්නේ නම්, වඩු කුරුල්ලා වැව් තාවුල්ලේ කුඹුක් ගස්වල පහළ අතුවල කූඩු තනන්නේ නම් වැස්ස පමා වෙනවා. අහසේ වැහි වලාකුළු (වැහි බිත්තර) රවුම් හැඩයට පැතිරේ නම් වැස්ස හිඟ යි. වැහි වලාකුළු දිගවී නම් වර්ෂාව නිසැක යි.

    වසර පුරාම දිය උල්පත බුබුළු දමමින් පවතින අතර මෙහි පැමිණීමේදී පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසට ගම්වාසීන් ඉල්ලා සිටිනවා.පරිසරය දැඩි හානියකට ලව ඇති බැවින් මෙය සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා,අපේ රටේ සුන්දර තැන් රැකගනිමින් කටයුතු කිරිම ඔබ සතු මනුසත්භාවය පිරිපුන් කරයි.

    මේ පැත්තෙ යනවනම් නවාතැන් ගන්න පුලුවන් ලස්සන තැනක් තමයි Lakegala Resort එක. යනවනම් එයාලව Contact කරගන්න පුලුවන් ඔයාලට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,345
    21,991
    113
    Gotland
    මෙම භූමියට පැමිණීමේදී හාස්කම් දැඩි බැවින් බැතිමතුන් පේවී ආ යුතු බව දක්වනවා. :ROFLMAO:
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787

    "දිනක් මෙම දෑකැත්තක් ගොවියෙකු විසින් හොරකම් කිරීම නිසා යලිදු කිසි දිනක එම හාස්කම සිදු නොවුන බව ගමේ වැඩිහිටියන් පවසයි."

    boruwa wahanna gahapu boruwa
     
    • Like
    Reactions: chathura414

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    ඔය වග‍ේ ස්ථාන ජනාකීර්න නොවී පවතින තරමට හ‍ොදයි . නැතිනම් කාලකන්නි හැත්ත ගිහින් විනාශ කරනවා ...