වත්තට පොලොන්ඟු එන එක නතර කරන්න දෙයක්

nastaya

Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    ලඟකදි ඉදන් අපේ පැත්තෙ ගෙවල් වල අය පොලොන්ඟු දැකල ගොඩක් එක එක වෙලාවල් වල. සමහර අය මරල තිබුනලු පුලුවන් උන වෙලාවල් වලට. මේ දවස් වල රස්නෙ නිසාද දන්නෙ නෑ. බයයි ගේ ඇතුලට එහෙම රින්ගුවොත් කියල. පොලඟනෙ.

    මොකක් හරි කෙමක් වගේ කරන්න දෙයක් තියේද වත්තට එන්න බැරි වෙන්න? විස සතා උනත් මම මරන්න කැමති නෑ. පවුනෙ.
    ඒත් ගෙදර අයට මොකක් හරි දෙයක් වෙයි කියල බයයි. නිකම්ම වත්ත ලගට එන්නවත් හිතෙන්න නැති වෙන්න කරන්න දෙයක් තියෙද?

    බල්ලෙකුයි පූසෙකුයි ඉන්නවා. හැබැයි මම හිතෙන්නෙ නෑ උන්ට මොකක් වත් කරගන්න පුලුවන් කියල. බයයි අනික උන් දෙන්නටත් කෑවොත් කියල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    ලඟකදි ඉදන් අපේ පැත්තෙ ගෙවල් වල අය පොලොන්ඟු දැකල ගොඩක් එක එක වෙලාවල් වල. සමහර අය මරල තිබුනලු පුලුවන් උන වෙලාවල් වලට. මේ දවස් වල රස්නෙ නිසාද දන්නෙ නෑ. බයයි ගේ ඇතුලට එහෙම රින්ගුවොත් කියල. පොලඟනෙ.

    මොකක් හරි කෙමක් වගේ කරන්න දෙයක් තියේද වත්තට එන්න බැරි වෙන්න? විස සතා උනත් මම මරන්න කැමති නෑ. පවුනෙ.
    ඒත් ගෙදර අයට මොකක් හරි දෙයක් වෙයි කියල බයයි. නිකම්ම වත්ත ලගට එන්නවත් හිතෙන්න නැති වෙන්න කරන්න දෙයක් තියෙද?

    බල්ලෙකුයි පූසෙකුයි ඉන්නවා. හැබැයි මම හිතෙන්නෙ නෑ උන්ට මොකක් වත් කරගන්න පුලුවන් කියල. බයයි අනික උන් දෙන්නටත් කෑවොත් කියල.
    Pawilla wadi nisa...
     
    • Like
    Reactions: NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,018
    26,452
    113
    Kandy
    https://mahamegha.lk/2018/02/02/siyalu-wisa-nasana-diwya-ousadaya/

    නිවන අවබෝධ කිරීම අතිශයින් දුෂ්කර දෙයක්. නිවන් අවබෝධ කරනවා කියන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම යි. ඒ සඳහා සත්පුරුෂ ගුණධර්ම ඕනෑ. සත්පුරුෂ ගුණධර්මවලින් මෝරා යෑම නෙළුමක් මෝරනවා වගෙයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ නමැති හිරුමඬල පහල වෙලා ශ්‍රී සද්ධර්මය නැමැති රශ්මිය විහිදුවද්දී සත්පුරුෂ ගුණයෙන් මෝරාපු කෙනා පිපෙන්න බලන් හිටපු නෙළුමක් වගේ විකසිත වෙන්ට පටන් ගන්නවා. ධර්මය අවබෝධ වෙන්ට පටන් ගන්නවා. ඒත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මනාව ඇසෙද්දිත්, උවමනාව තියෙද්දිත් අපට ධර්මාවබෝධයට යන්න කොයිතරම් අමාරු ද? සිල් ගුණදම් වඩාගෙන ගමන පටන් ගන්ට සූදානම් වෙද්දි ම එක්කෝ අසනීපයක් පාත් වෙනවා. එක්කෝ හෙනහුරෙක් වගේ අමනුෂ්‍යයෙක් කඩා පනිනවා. මොකක් හරි දේකින් ආයෙත් සංසාරේ යන දේක ම පැටලෙනවා. ඉතින් සරණ බලවත් වුණේ නැත්නම් භාරයක් හාරයක් වෙලා හරි, පඬුරක් ගැට ගහලා හරි, පොල් ගෙඩියක් ගහලා හරි යන දේවාලයක ගිහින් මොන භූතයාගෙන් හරි විසඳුමක් හොයනවා. ඇතැම් අය ඉස්පිරිතාලෙ ම මනුස්ස ආයුෂ ගෙවා දානවා. තෙල් බෙහෙත්වලින් නාගෙන ඉන්නවා. හිතටත් තොරතෝංචියක් නැතිව විස්සෝප එනවා. ඉතින් මේ සියල්ල මැද්දේ තිසරණය රැකගෙන මේ ගමන යනවා කියන එක නම් හිතන තරම් ලේසි නැහැ.

    තිසරණ සරණ ගිය ශ්‍රාවකයාට බාහිර ව පැමිණෙන අනේකප්‍රකාර උවදුරුවලදී ඒවාට එක එක විදියට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක කරන්න ඕන තිසරණය රැකගෙන. එනිසා තමයි පහන් සිත් ඇති ශ්‍රාවකයෙකුට කර්ම විපාකයෙන් එන උවදුරු හැර අනෙකුත් ආපදාවලින් රැකවරණය ලබා ගන්න මේ පිරිත් ආරක්ෂාවල් ගැන කියා දෙන්නේ. මේ විස්තර ඔබට ඉගෙන ගන්න ලැබීම පුදුම ලාභයක්. අතීතයේ තිසරණ සරණ ගිය ශ්‍රාවකයෝ තමාගේ ආරක්ෂාවට නිතර භාවිත කළ රතන සූත්‍රය, අංගුලිමාල පිරිත, මෝර පිරිත ආදී සක්වළ කෝටියක ආනුභාවය පැතිරෙන ආරක්ෂාවන් ගැන ඔබ ඉගෙන ගත්තා. ඔබේ හිත ඒ ගැන පැහැදිලා නම් මේ වන විටත් ඒ සූත්‍ර පිරිත් කටපාඩම් කරගෙන ඇති. අද ඉගෙන ගන්න පිරිත බොහෝ දෙනෙකුට පාඩම්. ඒ ගැන වැඩි විස්තර ටිකක් මේ ලිපියේ තියෙනවා. ඒ ඛන්ධ පිරිත ගැනයි. පැරණි පිරිත් පොත්වල ඛන්ධ පිරිත හඳුන්වන මාතෘකා ගාථාවල තියෙන්නේ විෂ නසන දිව්‍ය ඖෂධය කියලයි.
    මේ පිරිත දේශනා කරන්න පසුබිම් වුණේ සැවැත්නුවර ජේතවනාරාමයේදී ඇතිවූ සිද්ධියක් නිසා. එදා එක්තරා භික්ෂුවක් ගිනිහල් ගෙට දර පලමින් සිටියා. එතකොට ඒ දර කොටයේ සැඟවී හිටපු විෂඝෝර සර්පයෙක් උන්වහන්සේට දෂ්ට කළා. ඒ හේතුවෙන් උන්වහන්සේ අපවත් වුනා. මේ කාරණය භාග්‍යවතුන් වහන්සේට සැලවෙද්දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ භික්ෂුව සතර සර්පරාජ කුලවලට මෙත් සිත් වැඩුවා නම් ඔය කරදරය නොවන බවයි. සර්පයා දෂ්ට කිරීමෙන් අපවත් නොවන බවයි. ඒ අවස්ථාවේ පෙර අතීතයේ සිදු වූ විස්තරයක් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඒ ජාතකයේ නම ඛන්ධවත්ත ජාතකය. එහි සඳහන් ගාථා තමයි අපි ඛන්ධ පිරිත විදිහට භාවිත කරන්නේ.

    ගොඩාක් ඉස්සර කාලෙක බ්‍රහ්මදත්ත නම් රජෙක් බරණැස් නුවර රාජ්‍යය කළා. ඔය කාලේ මහාබෝධිසත්වයෝ කසී රටේ බ්‍රාහ්මණ පවුලක ඉපදිලා වයසින් මුහුකුරා ගියාට පස්සේ කාමයන් අත්හැර ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ධ්‍යාන සමාපත්ති අභිඥා ආදිය උපදවා ගත්තා. හිමාලයට ගොහින් ගංගා නම් ගඟ අසබඩ කුටියක් කරගෙන වාසය කළා. බෝසත් තාපසයාගෙන් උපකාර ලබාගැනීම පිණිස එහි පැමිණ කුටි සෙනසුන් සාදාගෙන සෑහෙන තාපස පිරිසක් වාසය කළා. ඔය කාලේ ගංගා ඉවුරේ නා නා ප්‍රකාර සර්පයෝ සිටියා. ඔවුන්ගෙන් තපස්වීන් වහන්සේලාට සෑහෙන්ට කරදර වුණා. බොහෝ සෙයින් ම ඍෂිවරු මිය ගියේ සර්පයන් දෂ්ට කිරීමෙනුයි.

    තාපසවරු මේ කාරණාව බෝධිසත්වයන්ට සැල කළා. බෝධිසත්වයෝ ඒ පළාතේ සිටිය සියලු ම තාපසවරුන්ව රැස් කෙරෙව්වා. “ඉදින් ඔබ සර්පරාජ කුල සතරට මෙත් සිත පතුරා තිබුණා නම් ඔය සර්පයන්ගේ දෂ්ට කිරීමට ලක්වෙන්නේ නෑ. ඒ නිසා මෙතැන් පටන් මෙන්න මේ ආකාරයෙන් සර්පරාජ කුලයන් සතරට මෙත්සිත වඩන්ට ඕනෑ” කියලා මේ ගාථාවන් පැවසුවා.

    (1) විරූපක්ඛේහි මේ මෙත්තං – මෙත්තං ඒරාපථේහි මේ
    ඡබ්‍යාපුත්තේහි මේ මෙත්තං – මෙත්තං කණ්හාගෝතමකේහි ච
    විරූපාක්ෂ සර්ප රාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
    ඒරාපථ සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
    ඡබ්‍යාපුත්ත සර්පරාජ කුලය වෙත මාගේ මෙත් සිත වේවා
    කණ්හාගෝතමක සර්පරාජ කුලය වෙත
    – මාගේ මෙත් සිත වේවා

    (2) අපාදකේහි මේ මෙත්තං – මෙත්තං දිපාදකේහි මේ
    චතුප්පදේහි මේ මෙත්තං – මෙත්තං බහුප්පදේහි මේ
    පා කිසිවක් නැති සියලු සතුන් වෙත
    – මාගේ මෙත් සිත වේවා
    දෙපයින් යුතු වූ සියලු සතුන් වෙත
    – මාගේ මෙත් සිත වේවා
    පා සතරක් ඇති සියලු සතුන් වෙත
    – මාගේ මෙත් සිත වේවා
    බොහෝ පාද ඇති සියලු සතුන් වෙත
    – මාගේ මෙත්සිත වේවා

    (3) මා මං අපාදකෝ හිංසි – මා මං හිංසි දිපාදකෝ
    මං මං චතුප්පදෝ හිංසි – මා මං හිංසි බහුප්පදෝ
    පාද රහිත වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
    දෙපයින් යුතු වූ කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
    පා සතරක් ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා
    බොහෝ පාද ඇති කිසිම සතෙක් මා හට හිංසා නොකෙරේවා

    (4) සබ්බේ සත්තා සබ්බේ පාණා – සබ්බේ භූතා ච කේවලා
    සබ්බේ භද්‍රානි පස්සන්තු – මා කඤ්චි පාපමාගමා
    ලොවේ සියලු ම සත්වයෝ, ලොවේ පණ ඇති සියල්ලෝ
    ලොවේ ඉපදී සිටින්නා වූ යම්තාක් වූ සත්වයෝ
    සියල්ලෝ යහපත දකිත්වා!
    – කිසිම දුකකට පත් නොවෙත්වා!

    අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ, අප්පමාණෝ සංඝෝ
    අපමණ ගුණ ඇති සේක් ම ය බුදුරජාණෝ
    නවලොව්තුරා සදහම් අපමණ ගුණයෙන් යුතු ම ය
    උතුම් බුදු සව්වෝ අපමණ ගුණෙන් යුතු වූවෝ
    පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා
    සතපදි උණ්ණානාභි සරබූ මූසිකා
    සියලු ම සර්පයෝ ද ගෝණුසුවෝ ද
    පත්තෑයෝ ද මකුළුවෝ ද සිකනැල්ලෝ ද මීයෝ ද
    කෙලෙසුන්ගෙන් සීමා වී ඇති හෙයින් ප්‍රමාණ සහිතයෝ ය.
    කතා මේ රක්ඛා, කතා මේ පරිත්තා
    පටික්කමන්තු භූතානි. සෝහං නමෝ භගවතෝ
    නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානං’ති.

    මා විසින් ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ වූ ගුණය සිහි කිරීමෙන් තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලද්දේ ය. මා හට රැකවරණ සලසා ගන්නා ලද්දේ ය. මා කෙරෙහි අහිතවත් වූ භූතයෝ බැහැරට යත්වා! ඒ මම් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරමි. ඵුස්ස, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප යන සත්බුදුවරයන් වහන්සේලාට නමස්කාර කරමි.

    මෙසේ නමස්කාර කරමින් අතීතයේ වැඩ සිටි සත්බුදුවරයන් වහන්සේලාගේ ගුණ සිහි කරව්” කියා මහාබෝධිසත්වයෝ එදා රැස්වූ තාපස පිරිසට අවවාද කොට මේ ඛන්ධ පිරිත කියා දුන්නා. බෝධිසත්වයන්ගේ අවවාදය පිළිගත් තාපසවරු මේ විදිහට මෙත් පතුරා බුදුගුණ සිහිකරන්ට පටන් ගත්තා. බුදුගුණ සිහි කරද්දී සිහි කරද්දී සර්පාදීන් ඒ ප්‍රදේශය අත්හැර වෙනත් ප්‍රදේශ බලා ගියා.

    මේ විස්තර ’නුවණ වැඩෙන බෝසත් කතා 21’ පොතෙන් සවිස්තරව ඔබට කියවන්න පුළුවන්.

    මේ උතුම් ඛන්ධ පිරිත අපූරු ආරක්ෂාවක්. සිංහලෙන් අර්ථ විමසන්න. සිත පහන් වෙනවා. සිත මෛත්‍රී සහගත වෙනවා. මෛත්‍රියේ ආනිශංස ලැබෙනවා. සුව සේ නිදාගෙන සුවසේ අවදි වෙන්න පුළුවන්. සතුටින් ඉන්න පුළුවන්. විශේෂයෙන් අර්ථ විමසා ඛන්ධ පිරිත නිතර සිහිකරන කෙනාට වස විස ගිනි උවදුරු එන්නේ නැහැ. ආරක්ෂාව සැලසෙනවා.

    ඛන්ධ පිරිතේ මූලික ව ම ආරක්ෂාව සර්පයන්ගෙන් උවදුරු නොවීම යි. සර්පයෝ දෂ්ට නොකරයි. සර්ප විෂ ශරීරගත වූවත් නොමැරෙයි. විෂ නො නගියි. සර්ප විෂ වැදුන විට ඛන්ධ පිරිතෙන් විෂ බැස්සවිය හැකියි. තමා ම සිහි කොට බලවත් විශ්වාසයෙන් විෂ භංග වීම සිදු වෙයි. දෙහි අත්තේ පිරිත් කර විෂ බැස්සවීම, නටන උණුවතුර වීදුරු බෝතලයකට දමා ඒ වතුර ඉවත් කොට බෝතලය රස්නේ පිට සර්පයා කෑ මුඛයේ තබා ඉවත් කොට ඛන්ධ පිරිත කියමින් බෝතලයට විෂ ඇද්දවීම ආදිය අපිත් දැකලා තිබෙනවා. ලෙඩා බේරා ගැනීමට නො හැකි ම තැන ඛන්ධ පිරිත එක ම දිව්‍ය ඖෂධය බව අප විමසූ විට විෂ වෛද්‍යවරු පවා අප හට ම කී අවස්ථා මතක යි. විෂ වෛද්‍යවරු විෂ නසන බෙහෙත් වර්ග, තෙල් වර්ග ඛන්ධ පිරිතෙන් පිරිත් කර ගන්නවා. ඛන්ධ පිරිතෙන් බොහෝ වාර පිරිත් කොට තැඹිලි ආදිය බීම ශරීරගත විෂ නැති වීමට උපකාරයි. ලේ විෂ වීම, බඬේ විෂ ඇති වීම ආදියේදී ඛන්ධ පිරිතෙන් පිරිත් කොට දින කීපයක් තැඹිලි බීම හොඳයි. විෂට පුදුම ආරක්ෂා පිරිතක්.

    කැලයේ ලන්දේ යන විට අතීතයේ ගැමියා පවා ඛන්ධ පිරිත කිය කියා යෑම පෙර සිරිතයි. සියලු සතුන්ගෙන් හේන රැක ගන්නේ ඛන්ධ පිරිතෙන්. සතුන්ගෙන් වන උවදුරුවලදී, සර්ප උවදුරුවලදී ඛන්ධ පිරිත ම භාවිත කරන්න. පිරිත් පැන් ඉසීම, දුම් ඇල්ලීම, නිතර සජ්ඣායනා කිරීම උවදුරු දුරු කරයි. එම පිරිතේ ම ඇති පරිදි අපා, දෙපා, සිව්පා, බහුපා සියලු සතුන්ගෙන් ආරක්ෂාවයි. සර්පයෝ, ගෝනුස්සෝ, පත්තෑයෝ, මකුළුවෝ, සිකනලෝ, මීයෝ ආදී සියලු සතුන්ගෙන් වන උවදුරු දුරු කරයි. බලන්න මේ පිරිතේ අවසානයට තුනුරුවන්ගේ අප්‍රමාණ ගුණ සිහිකර තමන් ආරක්ෂා වී ඇතැයි කියයි. එනිසා සියලු භූතයෝ බැහැරට යත්වායි ආඥාවක් වෙයි. එතකොට තුනුරුවන් ගුණ සිහි කිරීම කොයිතරම් ආරක්ෂාවක් ද..! තිසරණ සරණ ගිය, තුනුරුවන් ගුණ සිහි කරන ශ්‍රාවකයා හට මේ ඛන්ධ පිරිත පුදුම ආරක්ෂාවක්. සියලු අමනුෂ්‍ය උවදුරු බැහැර වෙයි. තමා වටා පුදුම ආරක්ෂාවක් ඇති වෙයි. ඒ වගේ ම සත්බුදු වන්දනාව තමාට ආරක්ෂාව පිණිස සිහි කිරීම මේ පිරිතේ සඳහන් වන අයුරු අපූරුයි. සත්බුදු වන්දනාව කොයි තරම් ආනුභාව සම්පන්න ද! බාහිර සියලු උවදුරු බැහැර කිරීමට ඛන්ධ පිරිතේ බලානුභාවය පවතියි. බලවත් පිරිත් ආරක්ෂාවක්. භාග්‍යවතුන් වහන්සේ ම වදාළ දෙයක්.

    භවබෝගවලට සතුන්ගෙන් හිංසා එද්දී පිරිත් පැන් ඉසීම, දුම දීම, නූල් බැඳීම කෙම් ක්‍රම යි. ඛන්ධ පිරිත තඹ පත් ඉරුවේ ලියා පිරිත් කොට සතර කොණ වැළලීම ගෙවතු ආරක්ෂාවක් වගේ ම සතුන්ගෙන් ද ආරක්ෂාවයි. පැරැණ්නෝ පිරිත් වැලි ඉඩමට ඉසිනු ලැබුවා. නාග බැල්මෙන් උවදුරු එන අයට මේ පිරිත ආරක්ෂාව සපයයි. අමනුෂ්‍ය බැල්ම බැහැර වෙයි. වෙනත් පිරිත් වගේ ම සියලු ආරක්ෂාව පිණිස ඛන්ධ පිරිත භාවිත වෙයි. අද ලංකාවේ විෂ සර්පයෝ නැති තරම්. සර්ප විෂෙන් මිය යන අයත් අඩුයි. වෙනදාටත් වඩා නිතර ඛන්ධ පිරිත හැමතැන ම ඇසීම එයට බලපාන්නට ඇති…!

    ගොවිතැනේ එන සියලු බෝග උවදුරු ඛන්ධ පිරිතෙන් දුරු කරයි. පිරිත් පැන් ඉසීම හොඳ යි. වස විස නැති ගොවිතැනේ අතීත මහා ඖෂධය වුනේ ඛන්ධ පිරිතයි. ඛන්ධ පිරිතෙන් පිරිත් කළ තෙල් බෝතලයකට වෙඩි තැබුවත් වෙඩි නොවැදුනු බව ඇසින් දුටු තෙරනමක් අප හට කීවා මතකයි. ඛන්ධ පිරිත් ආරක්ෂාව ඇති කෙනාට වෙඩි සැර නොවදියි. අනෙක් උවදුරු ගැන කවර කතා ද…! බෝධීන් වහන්සේලා ගිලන් වෙද්දී, කෘමි උවදුරු එද්දී ඛන්ධ පිරිතෙන් පැන් ඉසීම, පිරිත් කළ දුම් ඇල්ලීම ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයි.

    ඛන්ධ පිරිතේ මාතෘකා විස්තර ගාථාවක් වෙයි.

    සබ්බාසිවිස ජාතීනං – දිබ්බ මන්තාගදං විය
    යං නාසේසි විසං ඝෝරං – යේසං චාපි පරිස්සයං
    ආණක්ඛෙත්තම්හි සබ්බත්ථ – සබ්බදා සබ්බපාණිනං
    සබ්බසෝපි විනාසේති – පරිත්තං තං භණාමහේ

    මේ ගාථා විස්තරයට අනුව ඛන්ධ පිරිත සියලු විෂවලට දිව්‍ය ඖෂධයක් බඳු යැයි විස්තර වෙයි. සියලු විසත් දුක් පීඩාත් දුරු කිරීමට සැමදා මෙය සැම තැනකදී ම බලපවත්වන බුද්ධ ආඥාවක් ලෙස අතීතයේ සිට පැවතගෙන එනවා.

    බල්ලන් කෑවාට, වසංගත රෝග බෝවනවාට පිරිත් පැන්, නූල්, ඖෂධ භාවිත කෙරෙනවා. බෙහෙත් විස වෙනවාට ඛන්ධ පිරිත ආරක්ෂාවයි.

    කර්මයෙන් වැසී නැත්නම්, සිත ද පහන් වී ඇත්නම්, ඒ කියන්නේ නීවරණයන්ගෙන් සිත කිලිටි නොකරගෙන පිරිත් කියනවා නම්, විශ්වාසය බලවත් නම් සියලු දෙවිවරු එක්ව සියලු විෂ නැසීමට තමාට දුන් මහා දිව්‍ය ඖෂධයක් සේ ඛන්ධ පිරිත පිරිවහන්නට පිළිවනි. එනිසා උදේ සවස නිතර ඛන්ධ පිරිත කියන්න. අමනුෂ්‍යයෝ ද තමාගෙන් බැහැරට යත්. තිසරණයේ සරණ ද ලැබෙත්. ඔබ සියලු දෙනාට ඛන්ධ පිරිතේ අනන්ත ආනුභාව බලයෙන් සෙත් වේවා!

    (මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Paw :(

    පෑවිල්ලට වතුර හොයන් එන්නෙ.

    ගෙ වටෙ වතුර හට්ටි ටිකක් තියපන්. එක බීල යයි. ගෙට එන එකක් නෑ.

    තව ඕන නන් දොර ලග පූස ගැට ගහල තියපන්.
    බල්ල කාමරෙට දාල වහපන්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,018
    26,452
    113
    Kandy
    Paw :(

    පෑවිල්ලට වතුර හොයන් එන්නෙ.

    ගෙ වටෙ වතුර හට්ටි ටිකක් තියපන්. එක බීල යයි. ගෙට එන එකක් නෑ.

    තව ඕන නන් දොර ලග පූස ගැට ගහල තියපන්.
    බල්ල කාමරෙට දාල වහපන්.
    puso koheda gata gahala hadanne :baffled::mad:
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    ලාම්පුතෙල් දාපු කුප්පි තියපන් මූඩිය ඇරලා දොරවල් ලගින්. වත්ත වටේට ලාම්පුතෙල් එක්ස්ප්රේ කරපන් තැනින් තැන ලාවට
     
    • Like
    Reactions: NRTG and zid2021

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,706
    27,225
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පොලොඟු නම් ඉතින් වෙන විකල්පයක් නෑ.
    නයෙක් වගේ නම් අල්ලන්නවත් පුළුවන්.
    මුන් practice එකක් නැතුව අල්ලන්නත් බෑ.
     
    • Like
    Reactions: NRTG

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    603
    1,205
    93
    Gampaha
    muhudu weli ihapan watta maima wate
    අඩේ මේක ඇත්තද? මම අදයි ඇහුවෙ
    ලාම්පුතෙල් දාපු කුප්පි තියපන් මූඩිය ඇරලා දොරවල් ලගින්. වත්ත වටේට ලාම්පුතෙල් එක්ස්ප්රේ කරපන් තැනින් තැන ලාවට
    මම දන්නවා ගැරඩියාට නයාට ඔය ලාම්පුතෙල් ගද දැනුනාම එන්නෙ නෑ කියල. පොලොන්ඟුත් එහෙමද? මාත් ඕක තමා කරන්න හිතාගන හිටියෙ. මේ රස්නෙත් එක්ක දාන ලාම්පුතෙල් ටික පට ගාල වාශ්පවෙලා යයි නේද? එහෙම ඉතින් හැමදාම ගහන්නත් වෙයිනෙ. වියදමත් සැර වෙයි.

    ඕකුන් නම් පැන පැන හපනවා ගහලා මාරපන්
    වතුර හොයාගෙන එන්නේ
    ඔවු පැන පැන කන එක ඇත්ත. ඒත් මරන්න හිතෙන්නෙ නෑ බන්. පවු.