දකුනේ ඈයෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    කොපි පේස්ට් ෆ්‍රොම් ෆේස්බුක්

    දකුණේ භාෂාව කියවලා දැනගන්න..!

    ඇහැකි - පුළුවන්
    මායම- තැවරී ඇති ස්වල්පය
    තැරවෙනවා- ගෑවෙනවා
    ඩිංගිත්ත- ස්වල්පය
    හින්නික්කිතර - චුට්ටක්
    හිච්චිකිතර - මදක්
    හීන් - පොඩි / පුංචි
    හිච්චි - මද, මධ්‍යම
    මහවට - ලොකුවට
    ඩිංගක් - ටිකක්
    පොඩිත්ත - ⁣පොඩ්ඩක්
    ඇහිරෙනවා - රැස්වෙනවා
    අනේ කවුද්දං - අනේ මන්ද
    ඔහේ/ ඔයැයි - ඔයා
    මෙයැයි - මෙයා
    ඇතෙයි - ඇතිද
    දෑවා - දැම්මා
    පුංචෑයො - පොඩි ළමයි
    මහගෙ - හාමිනේ
    හින්නා - කුඩා කූඹියා
    කඩියා - විශාල කූඹියා
    අපදං කොරනවා -අපතේ හරිනවා
    සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ
    මක්කයි - මොනවද
    මක්කටෙයි - මොනවටද
    මොටෝ? - මොකටද
    මක්ක? - මොකක් ?
    මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්
    මහන්තත්තෙ - ආඩම්බර කම
    පොළොත්ත - පොල් කටුව
    යතුරු කටුව - හැට්ට කටුව
    අඹවනවා - එළවනවා
    වෑංජන - එළවළු කරි
    වතු මොයිය- කෙසෙල් මුව
    මාළු - පිහිනා යන මාළු , fish 😂
    කරිජ්ජ - කරදිය
    මිරිජ්ජ - මිරිදිය
    තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
    හිරේ - කසාදෙ
    පිත්තම - රහසඟ #@%$&
    බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය
    ගාය- වේදනාව/ අමාරුව
    ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න
    මූට්ටු කරනවා - පූට්ටු කරනවා
    අහිනවා - රහිනවා
    ලොවනවා - ලෙවකනවා
    ආත්තා - ආච්චි
    ජූල් - දිවුල්
    පත්තක්කා - කොමඩු
    ගොබලු - කුරුම්බැට්ටි
    වෑවර - කුරුම්බා
    තිත්ත ගෙබලි - ඉතා ළපටි
    නෙට්ටිය - වලිගය
    පාඩ - වයිරම්
    රෑණ - කඹය
    කරෝල - කරවල
    ⁣කොයිබෙයි - කොතනද
    සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ
    ලතෝනි දෙනවා - විලාප දෙනවා
    හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..
    කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..
    නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්‍රත්‍ය "නොවැ" යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..

    තව තියේ...පස්සෙ දාන්නම්...

    දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
    මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..

    වැරදි තියෙනවා නම් හදන්න...
    අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...
    ඔයාල දන්න ඒවත් කියන්න..
    (ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)

    උපුටා ගැනීමක් 🙏
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මටසිළුටු තේරෙයි දකුනෙ කෙල්ලෙක්ගෙන් බනුමක් ඇහුවා නම්
    නැද්ද @Kalegana 🤣🤣
    හැ? :oo:

    එහෙම අවුලක් වෙලා නෑ නේ බං මෙච්චර කාලෙකට.. මං දැන් ඉන්නේත් දකුණේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    දකුණේ නෙවි එත් මේ වචන අපිත් පාවිච්චි කරනවා

    ඇහිරෙනවා
    කඩියා - කඩියා කියල වෙනම කුබියෙක් ඉන්නවා දිමියෙක් සයිස් කලුපාටයි ඌ විද්දම විසයි
    වෑංජන - එළවලු මස් මාළු උනත් උයපුවම ව්‍යංජන තමා.
    මාළු - මාළු තමා ඉතිං කුරුල්ලන්ට මාළු කියන්නය ඉතිං
    කරිජ්ජ
    මිරිජ්ජ
    තැම්බ
    බඩකඩුත්තුව
    අලවංගුව
    මූට්ටු කරනවා
    අහිනවා
    වෑවර
    ලතෝනි දෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    හැ? :oo:

    එහෙම අවුලක් වෙලා නෑ නේ බං මෙච්චර කාලෙකට.. මං දැන් ඉන්නේත් දකුණේ.
    ඒ උනාට දෙන්නෙ ඉතින් කුරුදුවත්තෙ ටොක්සි.. අනෙ අනේ ගස් බල්ලො