දකුනේ ඈයෝ

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    දකුණේ
    250px-Scaly_ant_eater_by_Dushy_Ranetunge_2.jpg
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    දකුණට ආවේනික කුණුහරුප නැද්ද දන්නෙ නෑ... :P
    ඒවා ඒකදේශික ඇති :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Stimulus mind

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,665
    5,992
    113
    @ගෙදර
    කොපි පේස්ට් ෆ්‍රොම් ෆේස්බුක්

    දකුණේ භාෂාව කියවලා දැනගන්න..!

    ඇහැකි - පුළුවන්
    මායම- තැවරී ඇති ස්වල්පය
    තැරවෙනවා- ගෑවෙනවා
    ඩිංගිත්ත- ස්වල්පය
    හින්නික්කිතර - චුට්ටක්
    හිච්චිකිතර - මදක්
    හීන් - පොඩි / පුංචි
    හිච්චි - මද, මධ්‍යම
    මහවට - ලොකුවට
    ඩිංගක් - ටිකක්
    පොඩිත්ත - ⁣පොඩ්ඩක්
    ඇහිරෙනවා - රැස්වෙනවා
    අනේ කවුද්දං - අනේ මන්ද
    ඔහේ/ ඔයැයි - ඔයා
    මෙයැයි - මෙයා
    ඇතෙයි - ඇතිද
    දෑවා - දැම්මා
    පුංචෑයො - පොඩි ළමයි
    මහගෙ - හාමිනේ
    හින්නා - කුඩා කූඹියා
    කඩියා - විශාල කූඹියා
    අපදං කොරනවා -අපතේ හරිනවා
    සොම්බක්වත් නෑ - චුට්ටක් වත් නෑ
    මක්කයි - මොනවද
    මක්කටෙයි - මොනවටද
    මොටෝ? - මොකටද
    මක්ක? - මොකක් ?
    මක්කදේ එක - "මෙව්ව එක" වගේ අදහසක්
    මහන්තත්තෙ - ආඩම්බර කම
    පොළොත්ත - පොල් කටුව
    යතුරු කටුව - හැට්ට කටුව
    අඹවනවා - එළවනවා
    වෑංජන - එළවළු කරි
    වතු මොයිය- කෙසෙල් මුව
    මාළු - පිහිනා යන මාළු , fish 😂
    කරිජ්ජ - කරදිය
    මිරිජ්ජ - මිරිදිය
    තැම්බ - පිඬ (ගොම තැම්බ, කෙළ තැම්බ)
    හිරේ - කසාදෙ
    පිත්තම - රහසඟ #@%$&
    බඩකඩුත්තුව - කාන්තාවන්ගේ මාස් රෝගය
    ගාය- වේදනාව/ අමාරුව
    ඇලවංගුව - අලවංගුව/ ගල් ඉන්න
    මූට්ටු කරනවා - පූට්ටු කරනවා
    අහිනවා - රහිනවා
    ලොවනවා - ලෙවකනවා
    ආත්තා - ආච්චි
    ජූල් - දිවුල්
    පත්තක්කා - කොමඩු
    ගොබලු - කුරුම්බැට්ටි
    වෑවර - කුරුම්බා
    තිත්ත ගෙබලි - ඉතා ළපටි
    නෙට්ටිය - වලිගය
    පාඩ - වයිරම්
    රෑණ - කඹය
    කරෝල - කරවල
    ⁣කොයිබෙයි - කොතනද
    සබ්බද්දියංවාරෙ - පැත්ත පළාතෙ
    ලතෝනි දෙනවා - විලාප දෙනවා
    හත්වලාමේ/වලාමේ/හද්දෙයියනේ/හත්තිසිවලාමේ/විසිවලාමේ/හත්තුකේ - ( my God, oh my God, my Godnes) පුදුමය දැනවීමට ද, කතා බහේදී ආධාරක පදයක් ලෙසද, "දෙවියනේ" යන යෙදුමට සමානවද භාවිතා වේ..
    කෑවයි? බිව්වයි? නෑවයි? ආදී ලෙස "යි" ප්‍රත්‍ය ප්‍රශ්නාර්ථයේ "ද" වෙනුවට භාවිතා වේ..
    නැහැනො,, ඇත්තනො ආදි "නො" ප්‍රත්‍ය "නොවැ" යන ප්‍රත්‍ය වෙනුවට යෙදේ..

    තව තියේ...පස්සෙ දාන්නම්...

    දකුණේ භාෂාව ප්‍රාදේශීයව උප භාෂාවන්ට අනුව වෙනස් වන අතර රත්ගම බලපිටිය ප්‍රදේශවල වාග් විලාශය ලතාවකට උසුරුවනු ලැබේ..
    මාතර බස සරල මටසිළුටු මිහිරියාවක් සහිතය..

    වැරදි තියෙනවා නම් හදන්න...
    අඩුපාඩු ඇත්නම් පෙන්වන්න...
    ඔයාල දන්න ඒවත් කියන්න..
    (ආච්චි, සීයා කෙනෙක්ගෙන් අහගන්න.. ඒක හරිම රසවත්..)

    උපුටා ගැනීමක් 🙏
    TFS machan 👍හත්වලාමේ කාට කියන්නද මේවා ඉතිං :(

    උබලට පොඩි තව ට්‍රික් එකක් කියන්නම්.මේ ලිස්ට් එකේ තියනවනේ.දෑවා කියල එකක් ඒ කියන්නේ දැම්මා.

    ඒක කිව්වා කියන්නේ ගොවියාපාන පාලමෙන් එහා කෙනෙක් තමයි :yes:
    පාලමෙන් මෙහා ඉන්නත් පුලුවන් ඉතා හින්නික්කිතර ප්‍රතිශතයක් :rofl:
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය ඉස්සර ලංකාවේ උන් කතා කරපු භාෂාව 1930 ගණනවල. හරි හමන් අද්‍යාපනයක් නැති උන් ඉතිං ආතල් ගන්නවා. උබලගෙ ආච්චිලා සීයලත් ඔහොම තමයි කතා කරන්න ඇත්තෙ. 🤭
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,370
    5,814
    113
    ගෙදර/බෝඩිමේ
    Godak ewa wena palath walath kiyanawa, samahara ewwa ahuweth ada :D

    ගාල්ල රත්ගම පැත්තෙ කතා කරන විදියත් පොඩ්ඩක් හොයල දාපන්, අපේ සෙට් එකක් එහෙ මල ගෙදරක ගිහිං ඒ මිනිස්සු කතා කරන විදිය ඇහිල පට්ට ගේමක් දීල හිනාව නවත්තං ඉඳල තියෙන්නෙ, ඒ මිනිස්සු හොඳයි කිව්ව හැබැයි..
    ------ Post added on Apr 27, 2023 at 6:56 AM
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,665
    5,992
    113
    @ගෙදර
    Godak ewa wena palath walath kiyanawa, samahara ewwa ahuweth ada :D

    ගාල්ල රත්ගම පැත්තෙ කතා කරන විදියත් පොඩ්ඩක් හොයල දාපන්, අපේ සෙට් එකක් එහෙ මල ගෙදරක ගිහිං ඒ මිනිස්සු කතා කරන විදිය ඇහිල පට්ට ගේමක් දීල හිනාව නවත්තං ඉඳල තියෙන්නෙ, ඒ මිනිස්සු හොඳයි කිව්ව හැබැයි..
    ------ Post added on Apr 27, 2023 at 6:56 AM
    ඒ හැටියක් මචං
    කාලයක් උබ එහේ හිටියොත් නොදැනීම උබත් ඒ dialact එකට පුරුදු වෙනවා.අන්තිමට උබට තේරෙන්නේත් නෑ :D