මේ රටේ ඡන්ද දිනන බලය තියෙන්නේ එක්තරා පිරිසක් ලඟ වෙන්න පුළුවන්.
කලෙකට ජාතිවාදය අවුස්සලා ඒ අය ලඟට ගන්න පුළුවන්. කලෙකට ජාතික ආරක්ෂාව කියලා ගන්න පුළුවන්.
තව කලෙකට හොරු අල්ලමු කියලා ගන්න පුළුවන්.
ඒ පිරිසට ගෝචර වන සරළම භාෂාවෙන් යමක් ඒත්තු ගන් වන්න පුළුවන් නම්, ඒ පිරිස හැරෙනවා නිකම්ම. ඒ පිරිස ඉලක්ක කරලා තමයි ගොඩක් දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. ඒ අය දිනා ගන්න පුළුවන් උනොත්, ඡන්දය දිනන්න පුළුවන්.
ඉතිං කාලෙන් කාලෙට ඒවා මතු වෙන එක සාමාන්‍ය දේශපාලන කතන්දර වලට අයිතියි.
ශ්‍රී ලංකාවේ ආගමික අවකාශය නියාමනයකට ලක් වෙන්නේ නෑ. ඕන කෙනෙකුට බණ කියන්න, දේශනා කරන්න, දේශන පවත්වන්න නිදහස තියෙනවා. තව ආගමකට අපහාස කරහම තමයි ගොඩක් වෙලාවට නීතියට අහු වෙන්නේ.
ඒත් ආගමික අන්තවාදය මේ මගීන් පැතිරෙන්න පුළුවන්. ඒක ලෝකයේ වෙලා තියෙනවා මීට පෙර. එම නිසා ඇතැම් ආගමික දේශකයන් නිරීක්ෂණයට ලක් කිරීම හා ඔවුන්ට ප්‍රසිද්ධ දේශනා කිරීමට ඇති හැකියාව නියාමනයකට ලක් විය යුතුයි. උදාහරණයක් ලෙස භාෂණයේ නිදහස තිබ්බ අපිට ඕනෑම චිත්‍රපටියක් හදලා පෙන්වන්න බෑ. ඒවා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ censorship එකකට යටත් වෙනවා. සමහර රට වල ආගම් වලටත් එවන් නියාමන තියෙනවා.
සමහර රටවල මිනිස්සු ආගමික අදහස් වලට බහුලව නැඹුරු වෙන්නේ නෑ. ඒ රටවල ආගමික අවකාශය එතරම් නියාමනය අවශ්‍ය නෑ. හේතුව තමයි, එවන් දේශනා මගින් සමාජයට හානියක් කිරීමට නොහැකි වීම. ඒත් ආගම බොහෝම බැරෑරුම්ව සළකන අපි වගේ රටකට යම් නියාමනයක් අවශ්‍ය වෙනවා. එසේ තිබීම එකිනෙකා අතර මොන ආගමික විශ්වාසය තිබුනත්, ඒවා රටේ සාමයට බාදාවක් කර නොගෙන රට පවත්වා ගෙන යෑමට අත්‍යාවශ්‍යයි.
මේ ගැන තව ගැඹුරින් සාකච්ඡා කරමු.
ඔබේ අදහස් කියන්න.
පැතුම් කර්නර්
#හරිත