දෛවයේ සහෝදරියන් තිදෙනා - Τhe Three Sisters of Fate

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දෛවයේ සහෝදරියන් තිදෙනා
    Τhe Three Sisters of Fate

    IMG_2358.jpeg

    අද ඉදන් පුලුවන් වෙලාවට ග්‍රීක පුරාවෘත්ත වල එන එක එක කතා ගැන කියන්න හිතුවා. එ අනුව පලවෙනි එක විදියට දෛවයේ සහෝදරියන් තිදෙනා හෙවත් මොයිරේ (Moirae) ගැනයි මේ කියන්න යන්නේ.



    ග්‍රීක පුරාවෘත්ත අනුව මිනිස්සුන්ගේ හා දෙවි වරුන්ගේ දෛවය තීරණය කරනු ලබන්නේ මොයිරේ (Moirae) කියන මේ සොහොයුරියන් තුන්දෙනයි. පුරවෘත්ත වලට අනුව මිනිස්සුන්ටවත් දෙවි වරුන්ටවත් මෙයාලගේ තීරණ වලට බලපෑම් කරන්න බැහැ කියලා තමයි සදහන් වෙන්නේ. එයාලගේ නම් තමයි ක්ලෝතෝ (Clotho) , ලැකසියස් (Lachesis) හා ඇට්‍රොපස් (Atropos).


    ක්ලෝතෝ (Clotho)

    IMG_2362.jpeg


    මෙයා තමයි සහෝදරියන් තුන්දෙනාගෙන් බාලම සහෝදරිය. ජීවයේ නිර්මාණකරු විදියට සැලකෙන මෙයා මිනිස්සුන්ගේ උපතතීරණය කරනවා. ඒ කියන්නේ ජීවය කියලා හදුන්වන නූල වියන ආකාරයට තමයි මිනිස්සුන්ගේ උපදීම තීරණය වෙන්නේ.



    ලැකසියස් (Lachesis)

    IMG_2361.jpeg

    සහෝදරියන් තිදෙනාගෙන් දෙවෙනියා තමයි ලැකසියස් විදියට හැදින්වෙන්නේ. මිනිස්සුන්ගේ ජීවිත කාලය තුල ඔවුන්ගේ දහසකුත් දෛවයන් අතරින් මොන ආකාරයේ දෛවයක් ලැබිය යුතුද කියලා තීරණය කරනු ලබන්නේ මේ ලැකසියස් කියන දෙවෙන සහෝදරියයි.

    මිනිසෙක් ඉපදෙන විට ක්ලෝතේ විසින් වියන ජීවය කියන නූල ලැකසියස් එයාගේ ලග තියන සැරයටියෙන් මනින විදිය අනුව මිනිසුන්ගේ දෛවය තීරණය වෙනවා කියලා තමයි පුරාවෘත්ත වල කියවෙන්නේ.


    ඇට්‍රොපස් (Atropos)

    IMG_2360.jpeg


    තුන්වෙනි සහෝදරිය විදියට සැලකෙන මෙයා මිනිසුන්ගේ මරණය තීරණය කරනු ලබනවා.

    ක්ලෝතෝ විසින් වියන ලද ජීවය කියන නූල ලැකසියස් විසින් තම සැරයටියෙන් මැනීමෙන් පසු ඇට්‍රොපස්ගේ කතුරෙන් කපලාදානවා. ඒ අනුව මිනිස්සුන්ගේ මරණය කෙසේ සිදු වේ දැයි ඇට්‍රොපස් විසින් තීරනය කරනු ලබන බවයි පුරාවෘත්තයේ සදහන්වෙන්නේ.


    සටහන @chatura_CN

    මීලග කතාවෙන් අපි නැවත හමුවෙමු


    පොඩි ඉල්ලීමක් තියනවා. elakiri එකේ දාන මේ වගේ threads ගෙඩි පිටින් උස්සන් ගිහින් මේකේ ඉන්න Facebook page කාරයෝ උන්ගේ page වල post කරනවා. එ වගේ ශුක්රාණු වැඩ නම් කරන්න ලෑස්ති වෙන්න එපා :angry: .

     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Adsense blog niggas right now

    Bugs Bunny Money GIF by Looney Tunes



    Good post bro. Tfs
    Thanks. :)
    Credit වත් දෙන්නෙ නැතුව එහෙම post උස්සලා දැම්ම ගොඩක් ඒවා දැකලා තියනවා මචං. මහ සක්කිලි වැඩ :(


    සුපිරි දිගටම යමු!

    Good One
    Need More
    Bump

    Thanks 🙏🏼:)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පට්ට බන්
    මම මේ සීන් එක අද දන්නේ

    අර උඩ රූපේ තුන්දෙනා කොහොමද ඉන්න පිලිවෙල මචං?